මහනුවර ඔරලෝසු කණුව

ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ ශ්‍රී දළදා වීදිය, එස්. එබ්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ හිරගෙදර යන මාවත් එක්කරන අන්තර්මාරුව මධ්‍යයෙහි ඉදිකොට තිබෙන ඔරලෝසු කණුව, මහනුවර ඔරලෝසු කණුව ලෙස හැඳින්වෙයි. එය 1947 වසරේ අගෝස්තු මස කඩුගන්නාවේදී හදිසි අනතුරක් හේතුවෙන් මිය ගිය, මොහමඩ් සාකි ඉස්මයිල් නම් වූ සිය පුතණුවන් සිහිවීම පිණිස, 1950 වසරේදී හාජි මොහමඩ් ඉස්මයිල් විසින් ඉදිකරවන ලද්දකි.[1]

මහනුවර ඔරලෝසු කණුව
පිහිටීමමහනුවර, ශ්‍රී ලංකාව
සැලසුම්කරුෂර්ලි ද අල්විස්
ආරම්භ වූ දිනය1947
අවසන් කළ දිනය1950
විවෘත කළ දිනය1951
කැප කරන ලද්දේමොහොමඩ් සාකි ඉස්මයිල්, සිහිවීම පිණිස

ඔරලෝසු කණුව ඉදිකොට තිබෙන භූමිය මහනුවර මහනගර සභාවෙන් හිමි කර ගෙන තිබූ අතර, ඉදිකිරීම් සඳහා අවශ්‍ය වූ යන්ත්‍ර සූත්‍ර, ද්‍රව්‍ය සහ උපකරණ එක්සත් රාජධානියෙන් රැගෙන ආ බව සඳහන් වෙයි. ඉදිකිරීම් නිමවන ලද ඔරලෝසු කණුව, 1950 වසරේදී එවක ලංකා අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක සහ මහනුවර නගරාධිපති ඊ. එල්. සේනානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

මෙම ඔරලෝසු කණුවෙහි වාස්තු නිර්මාණය, එවක මෙරට සිටි දක්ෂ නිර්මාණ ශිල්පියෙකු ලෙස සැලකූ ෂර්ලි ද අල්විස් මහතා විසින් සිදුකර තිබෙයි. [2]

ආශ්‍රිත සංස්කරණය

  1. "ද කැන්ඩි ක්ලොක් ටවර්". සීඑන්එන්. සම්ප්‍රවේශය 10 මැයි 2014.
  2. ගුණරත්න, චරිත්. "කැන්ඩ් ග්රේට් ඉස්මයිල් ක්ලොක් ටවර්". සම්ප්‍රවේශය 10 මැයි 2014.
"https://si.wikipedia.org/w/index.php?title=මහනුවර_ඔරලෝසු_කණුව&oldid=304568" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි