මධ්‍යතන යුගය සහ පුනරුදය


මුල්ම මධ්‍යතන යුගයේදී (ක්‍රි.ව 400 – 1450) සාමභාව්‍ය සාහිත්‍ය පිළිබඳව ඇති දැනුමෙහි අඩු වීමක් දක්නට තිබුණි. මෙම කාලසීමාව තුළදී යුරෝපයෙහි මුල් යුග වල ඉතිහාසය පිළිබඳව දැනුම සහ වාර්ථා‍ එක්රැස් කර තබාගත් ස්ථානය වුයේ රෝමානු කතෝලික පල්ලිය තාපසවරුන්, පැවිද්දන් සහ පුජකවරුන් විසින් මෙම ඓතිහාසික කාලසීමාව මුල්ම නූතන චරිතාප්‍රදාන ලිවීම සඳහා භාවිතා කරන ලදී. මේ සඳහා ඔවුන් වස්තු බීජ කරගනු ලද්දේ පල්ලි වල පියවරුන්, ආගම වෙනුවෙන් කැපවූවන් පාප්වහන්සේ සහ අනෙකුත් ශාන්තු වරයන්ය. ඔවුන්ගේ මෙම කෘති පොදු ජනතාවගේ මහත් ප්‍රබෝධයට හේතු වු අතර ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ සංවාදයට මාතෘකාවක් වුණි. ශාන්තුවරයාගේ චරිතාප්‍රදානය බලන්න. මෙම කාලසීමාවේදි රචිත ඉහතින් සඳහන් කරන ලද ආකෘතියට සමාන නොවු චරිතාප්‍රදානයක් වනුයේ චාලිමේන් ගේ චරිතය අලලා ඔහුගේ අමාත්‍යයෙකු වු අයින්හාඩ් විසින් කල කෘතියකි.

මධ්‍යතන යුගයෙහි අගභාගය වන විට චරිතාපදාන ක්‍රිස්තියානි පල්ලි ආශ්‍රිතව රචනා වීම අවම වු අතර රජවරුන්, නයිට්වරුන් සහ කෲර පාලකයන් අරඹයා චරිතා ප්‍රධාන රචනාවීම ආරම්භ වුණි. මෙලෙස රචිත අතිශය ජනප්‍රිය චරිතාපදානයක් වනුයේ සර් තෝමස් මැලරි‍විසින් රචිත “Le Morte d’ Arthur” නම් කෘතියයි. මෙය ආතර් රජුගේ ජීවින වෘතාන්තය සහ ඔහුගේ රවුම් මේසයෙහි නයිට්වරුන් පිළිබඳව රචනා වූවකි.

මැලරිගෙන් පසුව පුනරුදය සමයේදී ඇති වු මානව වාදය පිළිබඳව වු අවධාරණයත් සමග චිත්‍ර ශිල්පීන් සහ කවියන් වැනි ලෞකික මාතෘකාවන් මත පදනම් ව ස්වභාෂාවෙන් චරිතාපදාන රචනා කිරීම ආරම්භ වුණි.ජොර්ජියෝ වසාරි ගේ Lives of the Artists (1550) නම් කෘතිය ලෞකික ජීවිත හා පදනම්ව රචනා කරන ලද චරිතාපදාන අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගනී. වසාරි විසින් ඔහුගේ ක්ෂේත්‍රයෙහි කිර්තිමත් පුද්ගලයින් නිර්මාණය කල අතර ඒවා ඉතාමත් ඉහළින් අලෙවි වු කෘතින් විය. මෙලෙස ඇති වු තවත් වර්ධනයන් දෙකක් සලකා බැලිය යුතුය. එනම් 15 වන ශත වර්ෂයේදී මුද්‍රණාගාර වල වර්ධනය වීමත් සාක්ෂරතාවයෙහි වු වර්ධනයත්ය.

ඉංගිසි භාෂාවෙන් සිදු කරන ලද චරිතාපදාන වල ආරම්භය සිදු වුයේ 8 වන හෙන්රි රජුගේ රාජ්‍ය කාලයේදීය. ජෝන් ෆෝක්ස්ගේ Acts and Monuments (1563) වඩාත් හොඳින් ප්‍රසිද්ධව ඇත්තේ Foxe’s Book of Martyrs ලෙසය. මෙය චරිතාපදාන වල මුල්ම ශබ්ද කෝෂය වු අතර එය පොදු ජන ජිවිතය පිලිබඳව අවධානය යොමු කල තෝමස් ෆුලර්ගේ The History of the Worthies of England (1662) නම් කෘතියට පසුව ඇති විණි.






References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Biography#Middle_Ages_and_Renaissance