බෞද්ධ පුදබිම්, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත්

ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත්වල බෞද්ධ පුදබිම් ගණනාවක් මේ වන විට අපට විනාශවී ඇත. කාලිංග මාඝ රාජ රාජේන්‍ද්‍ර වැනි සොලී ආක්‍රමණ හේතුවෙන් රජරට හා උතුරු නැගෙනහිර තුබූ සිද්ධස්ථාන බොහොමයක් විනාශව ගොසිණි.තවද වර්තමානයේ දේශපාලනතන්ත්‍ර තුළ අන්තවාදීන්ගේ මැදිහත් වීමෙන් බෞද්ධ සිද්ධස්ථාන ඩෝසර් කිරීම් ආදිය හා භූමියෙන් අතුරුදන් කිරීම් ආදියෙන් විනාශ වෙමින් පවතී.

උතුරු පලාත

සංස්කරණය

පුන්කුඩතිව් දූපත

සංස්කරණය

වර්ථමාන පුන්කුඩතිව් දූපතේ අනුරාධපුර යුගය තුළ දහස් ගණනක් භික්ෂූන් වහන්සේ වැඩ විසූ බව මහා වංශයෙහ් සඳහන් වේග

පුන්කුඩතිව් දූපත

සංස්කරණය

සඟමිත් තෙරණිය ගොඩබට කන්කසන්තුරේ අසල දඹකොළ පටුන විහාරය තිබූ බවට සැකකරන ස්ථානයක් ඇතත් පැරණි නටබුන් හමුවී නැත.

කඳුරුගොඩ විහාරය

සංස්කරණය

යාපනයේ කන්ද රෝදේ යන ස්ථානයෙහි පිහිටි කඳුරුගොඩ විහාරයද අද දක්නට නැත වර්ථමාන චුන්නාකම් නගරය ඊට සැතපුම් තුනක් මෙපිටින් පිහිටා ඇත

මඩුකන්ද විහාරය

සංස්කරණය

වව්නියාවේ මඩුකන්ද විහාරයද

නැගෙනහිර පලාත

සංස්කරණය
  • ත්‍රිකුණාමළයේ ගිරිහඬු සෑය
  • සේරුවිල මංගල මහා සෑය (තිස්ස මහා විහාරය)
  • සේරුවිල විල්ගම්වෙහෙර මහා සෑය
  • දීඝවාපිය
  • ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර

ත්‍රිකුණාමළය ප්‍රදේශය පුරාණ බෞද්ධ සංස්කෘතියෙහි තෝතැන්න විය මාන්තොටද එසේමය ගෝකණ්ණතිත්ථ යනු ත්‍රිමකුණාමළය වරායයි එහි වූ ගෝකණ්ණ විහාරය පිහිටි තැන අද දක්නට ඇත්තේ හින්ඳු කෝනේශ්වරම් කෝවිලයි මේ පරිදි උතුරු - නැ‍ගෙනහිර පැරණි පුඳබිම් කඩා බිඳ ඉදිකළ අන්‍ය ආගමික සිද්ධස්ථාන රාශියකි මෑතක් වන තෙක් අප වැදුම් පිඳුම් පිණිස ආගිය යාපනයේ නාග විහාරය වව්නියාවේ මඩුකන්ද විහාරය සෙම්බුමලේ විහාරය ඇටඹගස්කඩ විහාරය'ත්‍රිකුණාමළයේ විහාරය සේරැවිල මඩකලපුව හා අම්පාරේ පිහිටි බුද්ධංගල දීඝවාපිය මූදුමහා විහාරය - ලාහුගල' කුඩුම්බිගල දිඹුලාගල කොට වෙහෙර තන්තිරිමලේ ආදී පුදබිම් රැසක්ද වෙයි පුදබිම් වලට අමකරව ලංකාවේ වඩාත් රමණිය වූ පරිසරයකින් හෙබි මහා ගල්ලෙන් රාශියක් උතුරු - නැගෙනහිර පිහිටා ඇත ජාතිවාදී ආගම්වාදී නොමිනුසුන් ඉපැරැණි බෞද්ධ උරුමයන් හාරා කඩා බිඳදමා ඒමත හින්දු කෝවිල් මුස්ලිම් පල්ලි පිහිටු වීම තවත් කරුණකි සිංහල බෞද්ධ බොහෝ දෙනා නිහඬව උකටලීව අකමැත්තෙන් වුවද මේවා ඉවසා සිටීම තවත් කරුණකි මෙකී තත්වනයක් යටතේ වේවා උතුරු නැගෙනහිර පුරාවස්තු හා මැතක් වනතුරු තිබූ විහාරාරාම පුදබිම් අද දක්නට නොතිබීම සංවේග ජනකය

 
කුඩුම්බිගල


ලෝ පතල පුරාවිද්‍යාඥයෙකු වු සී ඩබ් නිකලස්' මහතාගේ පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය නැමති ග්‍රන්ථයේ සඳහන් වන පරිදි යාපනය වව්නියාව මුලතිව් මන්නාරම යන දිස්ත්‍රික්කද පුත්තලම හා ත්‍රිකුණාමළය යන දිස්ත්‍රික්ක දෙකෙන් වැඩි කොටසක්ද අයත්ව තිබී ඇත්තේ රජරට රාජධානියටය එකළ මේ පෙදෙස්හි සිංහල මෙන්ම දෙමළ බෞද්ධයන්ද සිටියහ විල්ගම් විහාරයේ දෙමළ සෙල්ලිපිය ඊට කඳිම සාධකයකි මෑතක් වනතුරු බුදුදහම අනූව හැඩගැසුන දෙමළ ජනතාව මේ රටේ විසූහ සිංහල රජ දරුවන් රජරට රාජධානිය තුළ වෙහෙර විහාර දාගැබ් රාශියක් ඉදි කර ඇත වංශකතාවල හා සෙල්ලිපිවල ඒ බව දැක්වෙයි වසර දහස් ගණනක් ඈතට දිවයන සිංහල බෞද්ධ සංස්කෘතියෙහි නෂ්ඨාවශේෂ අදත් මුළු දිවයින පුරාම විසිර පවතී එහෙත් සිංහල විරෝධී - බෞද්ධ විරෝධී පිරිස් එම ඉපැරැණි සංස්කාතික උරුමයන් වනසමින් ගෙනයන ක්‍රියාවලිය නිසා දහස් ගණනක් වෙහෙර විහාර අද ‍‍මෙම භූමියෙන් අතුරු දහන් වෙමින් පවතී



මේ අතර සංකාවේ විශාලතම ගල්ලෙනද වෙයි එය බදුල්ලේ -මඩකලපුව පාරේ 67 වන සැතපුම් කනුවෙන් වයඹ දිගට සැතබුම් 6ක් දුරින් පිහිටි හෙන්නානේ ගල නම් පර්වතයයි මෙහි ක්‍රි පූ දෙවන හා තෙවන සියවස්වල කතරගම රජ පෙළපතේ මුල් රජුන්ගේ ලාංඡනය වශයෙන් සැලකුණු මාළුවෙකුගේ ලකුණින් යුත් දිගු සෙල්ලිපියක් වෙයි කසඹ නගර ගිරිතිශ ගම කරජිනිතිගම විලගම මාළුගම නුවරගල යන නාම එම සෙල්ලිපියෙහි සඳහන්වේ එහි මුදුනේ සද්ධාතිස්ස රජු විසින් කරවූ විහාරයක්ද වෙයි මේසා විශාල පූජනීය හා ඓතිහාසික වැදගත් කමකින් යුත් ප්‍රදේශ උතුරු - නැගෙනහිර පැතිර පැවතියද වෙනත් භාහිර වියවුල් හේතුවෙන් අපටත් මතු පරපුරටත් දැකබලා ගැනීමටත් වැදපුදා ගැනීමටත් නොහැකිය රටේ සෑම පුරවැසියෙකුම ගරුත්වුයෙන් එක හා සමාන කොට ජාතීන් අතර සමාදානය ඇති කිරීම තුළින් යලි මෙම පිංබිම් දැකබලා වැඳපුදා ගැන්මට ප්‍රස්ථාව සැලසෙයි

මේ අඩවිත් බලන්න

සංස්කරණය