බෝධිපාක්‍ෂික ධර්ම
බුදු දහමේ ඇති ලෝකෝත්තර ඥාණයන් ලැබීමට උපකාරවන ධර්මයන් පොදුවේ බෝධි පාක්‍ෂික ධර්ම ලෙස හැඳින්වේ. මේවා 37ක්ඇති අතර කොටස් 7කට බෙදේ.
සතිපට්ඨානයසංස්කරණය
වැඩි විස්තර සඳහා සතිපට්ඨානය බලන්න.
සතිපට්ඨාන 4කි.
- කායානුපස්සනා සතිපට්ඨානය
- වේදනානුපස්සනා සතිපට්ඨානය
- චිත්තානුපස්සනා සතිපට්ඨානය
- ධම්මානුපස්සනා සතිපට්ඨානය
සම්මප්පධානසංස්කරණය
සතර සම්‍යක්ප්‍රධාන වීරිය යනු,
1.නූපන් අකුසල් නූපදවීමට කරන වීරිය 2.උපන් අකුසල් ප්‍රහාණය කිරීමට කරන වීරි ය 3.නූපන් කුසල් ඉපදවීමට කරන වීරිය 3.උපන් කුසල් වැඩිදියුණු කිරීමට කරන වීරිය
ඉඬිපාදසංස්කරණය
සතර ඉර්ධිපාද යනු,
ඡන්ද, චිත්ත, වීරිය, වීමංසා යන ඉර්ධිපාද වේ.
ඉන්ද්රියසංස්කරණය
ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා යනු පංච ඉන්ද්‍රිය ධර්ම වේ.
බලසංස්කරණය
ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා යනු පංච බල වේ.
බොජ්ඣංගසංස්කරණය
සති, ධම්මවිචය, වීරිය, ප්‍රීති, පස්සධි, සමාධි, උපේක්ඛා යනු සප්ත බොජ්ඣංග වේ
මග්ගංගසංස්කරණය
මාර්ගාංග අට/ආර්‍ය අෂ්ටාංගික මාර්ගය යනු,
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි.