බොම්බේ බේගම්ස්
ඉන්දියානු නාට්‍ය වෙබ් කතාමාලාව
බොම්බේ බේගම්ස් යනුවෙන් හැඳින්වෙන්නේ අලංකෘතා ශ්‍රීවාස්තව විසින් නෙට්ෆ්ලික්ස් සඳහා නිර්මාණය කළ ඉන්දියානු නාට්‍ය වෙබ් කතාමාලාවකි. එය ශ්‍රීවාස්තව, බෝර්නිලා චැටර්ජී සජ ඉති අගර්වාල් විසින් රචනාකොට තිබේ. මෙහි අධ්‍යක්ෂණය ශ්‍රීවාස්තව සහ චැටර්ජී විසින් සිදුකළ අතර, නිෂ්පාදනය කරන ලද්දේ ලොස් ඇන්ජලීස්-පාදක කරගත් චේර්නින් එන්ටර්ටේන්මන්ට් සහ එන්ඩිමොල් ශයින් ගෲප් විසිනි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ පූජා භාට්, ශහානා ගෝස්වාමි, අමෘතා සුභාෂ් සහ ප්ලාබිතා බෝර්ඨාකූර් විසිනි. මෙය ආධ්‍යා ආනන්ද් විසින් කථනය කරනු ලබයි. මෙය නිළි පූජා භාට්ගේ රංගනයෙහි නැවත ආගමනය සනිටුහන් කරයි.[2] මෙමඟින් මුම්බායි නගරයෙහි වෙසෙන කාන්තාවන් පස්දෙනකුගේ දිවිය නිරූපණය කෙරෙයි. 2021 මාර්තු 8 දින මෙය නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරිණි.[3]
බොම්බේ බේගම්ස් | |
---|---|
ප්‍රභේදය | නාට්‍ය |
රචනය කලේ | අලංකෘතා ශ්‍රීවාස්තව බෝර්නිලා චැටර්ජී ඉති අගර්වාල් |
අධ්‍යක්ෂණය කලේ | අලංකෘතා ශ්‍රීවාස්තව බෝර්නිලා චැටර්ජී |
රඟපෑම |
|
Narrated by | ආධ්‍යා ආනන්ද් |
තේමා සංගීත නිර්මාණකරු | සනී දත්තා |
Composer(s) | ආනන්ද් භාස්කර් |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 6[1] |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | අලංකෘතා ශ්‍රීවාස්තව |
සංස්කාරක(යන්) | චාරු ශ්‍රී රෝයි ඕම්කාර් උත්තම් සක්පාල් |
සිනෙමාරූපණය | අක්ෂේ සිංහ් |
නිෂ්පාදන සමාගම | එන්ඩිමොල් ෂයින් ඉන්ඩියා චේර්නින් එන්ටර්ටේන්මන්ට් |
බෙදාහරින්නා | නෙට්ෆ්ලික්ස් |
චරිත නිරූපණය
සංස්කරණය- පූජා භාට්, රාණි ඉරානි ලෙස; බොම්බේ රෝයල් බෑන්ක් හි ප්‍රධාන විධායක නිලධාරිනියයි
- ශහානා ගෝස්වාමි, ෆාතිමා වාර්සි ලෙස
- අමෘතා සුභාෂ්, ලිලී ලෙස
- ප්ලාබිතා බෝර්ඨාකූර්, අයේෂා ලෙස
- ආධ්‍යා ආනන්ද්, ශායි ලෙස
- මනීශ් චෞධරි, දීපක් සංඝවී ලෙස
- රාහුල් බෝස්, මහේශ් රාඕ ලෙස
- ඉමාද් ශා, රොන් ලෙස
- විවේක් ගොම්බර්, අරිජයි ලෙස; ෆාතිමාගේ සැමියායි
- දනිශ් හුසේන්, නෞශාද් ඉරානි ලෙස; රාණිගේ සැමියායි
- නෞහීද් සයිරුසි, පියා ලෙස
- විවේක් ටන්ඩන්, සයිරස් ඩාස්ටර් ලෙස
- දීපක් අඕනි, රාජ් පර්කාර් ලෙස
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ Jhunjhunwala, Udita (3 March 2021). "How 'Dil Hai Ke Manta Nahin' led to Pooja Bhatt being cast in 'Bombay Begums'". Scroll.in (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 3 March 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 March 2021.
- ^ Upadhyay, Karishma (4 March 2021). "In Pooja Bhatt's kingdom: the actor joins director Alankrita Srivastava to talk about 'Bombay Begums". The Hindu (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 5 March 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 5 March 2021.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;HindustanTimes-Inelegant-2021
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
බාහිර සබැඳි
සංස්කරණය- බොම්බේ බේගම්ස් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- බොම්බේ බේගම්ස් සඳහා රොට්න් ටොමැටෝස්හි ඇති ගිණුම