බුලුගන් හෙවත් බුලුඛන් යනුවෙන් හැඳින්වෙන්නේ මොංගෝල කුමරියක සහ යුවාන් අධිරාජ තෙමූර් ඛාන්ගේ (රාජ්‍ය. 1294–1307) වල්ලභ අධිරාජිනියයි. බයා’උත් ගෝත්‍රයට අයත් වූ ඇය සිංඝිස් ඛාන්ට සේවය කළ තුලිගුස්ගේ දියණිය වූවා ය.

1305 ජූනි මස බුලුගන් විසින් ඇගේ පුත් ටෙෂෞ සිහසුනේ උරුමකරු බවට පත්කරන ලදී. පුත්‍රයාගේ අනුප්‍රාප්තිය සුරක්ෂිත කිරීමට ඇය මාලිගයේ ඔහුට තර්ජනයක් විය හැකි එදිරිවාදීන් සියල්ල ඉවත් කරන්නට කටයුතු යෙදුවා ය. දර්මබාලාගේ පුත් අයුර්බර්වාදා හොනාන් වෙත පිටත්කර යැවුණේ හුවායි-නිංහි කුමරු ලෙසයි.[1] නමුත් 1306 ජනවාරියේ දී ටෙෂෞ මියගියේ ය.

1307දී තෙමූර් ඛාන් මියයන විට බුලුගන් විසින් ඛුංගිරාඩ් රැකවරණය ලද ඛයිෂාන් සහ අයුර්බර්වාදා සොයුරන් ඈත් කිරීමට කටයුතු යෙදූ අතර, තෙමූර්ගේ ඥාති සොහොයුරකු වූ මුස්ලිම් අනන්දා සමීප කරගත්තා ය. ඛුංගිරාඩ් පක්ෂය විසින් කුමන්ත්‍රණයක් මගින් අනන්දා සහ බුලුගන් සිරභාරයට ගත් අතර, හෙනාන් සිට අයුර්බර්වාදා සහ දාගි නැවත කැඳවන ලදී. අනතුරුව ඛයිෂාන් විසින් සිය මුත්තණුවන් වූ කුබ්ලයි ඛාන්‍ සේම මෞලි මංගල්‍යය ෂැංඩුහි පැවැත්වීමට තීරණය කළ අතර, සිය හමුදාව ආධාරයෙන් දකුණු ප්‍රදේශය වෙත ගමන් කරන ලදී. ඛාන් පදවිය අත්හැරි අයුර්බර්වාදා විසින් ඔහුව පිළිගත් අතර, අනුතරුව සිහසුනට පත්කරන ලදී. ඔවුහු අනන්දා, බුලුගන් සහ ඔවුන්ගේ සහචරයනට මරණ දඬුවම ලබාදුන්හ.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. The Cambridge History of China: "Alien regimes and border states, 907-1368", p.505
පූර්වප්‍රාප්තිකයා
නම්බුයි
යුවාන් වල්ලභ අධිරාජිනිය
1295–1307
අනුප්‍රාප්තික
චෙන්ගේ
"https://si.wikipedia.org/w/index.php?title=බුලුගන්&oldid=659081" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි