බුද්ධඝෝෂ හිමි
බුද්ධඝෝෂ හිමි බු.ව. 10 වන සියවසේ (ක්‍රි.ව. 5 වන සියවසේ) විසූ පඬිවර භික්‍ෂුවකි. භාරත බෞද්ධ සාහිත්‍යයේ ග්‍රන්ථ කර්‍තෘවරුන් අතර බොහෝ විචාරකයන්ට ලක්වූ කීර්තිදරයෙකි.
බුද්ධඝෝෂ හිමි | |
---|---|
යුගය | 5වන සියවස |
ලක්දිව ගතකිරීම
සංස්කරණයබුද්ධඝෝෂ හිමියන් මහානාම රජ දවසේ (ක්‍රි.ව.407-429) ලංකාවට පැමිණී බව අනුමාන හැකි වූ නමුත් පාලි සාහිත්‍යය කෘතියේ බුද්දත්ත හිමියන් පවසන්නේ මෙසේය. "සිරිනිවාස නම් රජුගේ රාජ්‍යෝදයෙන් 20වැනි වර්ෂයෙහි විශුද්ධි මාර්ගය ලියන්නට පටන්ගෙන 21 වෙනි වර්ෂයේදී නිමකළ බවයි. බුද්ධඝෝෂ හිමියන්ගේ විනය අටුවාවෙහි මේ බව සඳහන් වන බව බුද්ධදත්ත හිමියන් පවසයි. මහාචාර්ය මලලසේකර මහතා පවසන්නේ සිරිනිවාස සිරිකුණ්ඩ නම මහානාම රජුටම භාවිතා කර ඇති බවය. මේ අනුව බුද්ධඝෝෂ හිමි ලංකාවට වැඩම කළ කාල සීමාව සැක සහිත වූ නමුත් ක්‍රි.ව.5 වැනි සියවසේ ලංකාවේ වාසය කළ බවට සාක්‍ෂි ඇත.
බුද්ධඝෝෂ හිමි විසින් රචිත / පාලි බසට පරිවර්ථනය කල ග්‍රන්ථ
මේ හිමියන් ත්‍රිපිටකයට අටුවා ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් රචනා කර ඇත. බුද්ධඝෝෂ හිමියන් මෙවැනි අටුවා රැසක් කෙලෙස ලීවාද යන්න පිළිබඳ පුදුම සහගත දෙයක් ලෙස කරුණු දක්වා ඇත.[1] බුද්ධඝෝෂ හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබුන බවට සාක්‍ෂි මහාවංශයේ ඇත.
ත්‍රිපිටක කොටස | පාලි අටුවාව |
---|---|
විනය පිටකය | සමන්තපාසාදිකා විනය අටුවාව |
ප්‍රාතිමෝක්‍ෂය | කංඛාවිතරණී අටුවාව |
දීඝ නිකාය | සුමංගලවිලාසිනී අටුවාව |
මජ්ඣිම නිකාය | පපඤ්චසූදනී අටුවාව |
සංයුත්ත නිකාය | සාරත්‍ථප්පකාසිනී අටුවාව |
අංගුත්තර නිකාය | මනෝරථපූරණී අටුවාව |
ඛුද්දක පාඨය | පරමත්ථජොතිකා අටුවාව |
ධම්මපද | ධම්මපදට්ඨකථාව |
සුත්තනිපාතය | පරමත්‍ථජෝතිකා අටුවාව |
ජාතක | ජාතකට්ඨකථාව |
ධම්මසංගිනී ප්‍රකරණය | අත්‍ථසාලිනී අටුවාව |
විභංග ප්‍රකරණය | සම්මොහවිනෝදනී අටුවාව |
කථාවත්‍ථු ප්‍රකරණය | |
පුග්ගලපඤ්ඤත්ති ප්‍රකරණය | |
ධතුකථා ප්‍රකරණය | පඤ්චප්පකරණට්ඨකථාව |
යමක ප්‍රකරණය | |
පට්ඨාන ප්‍රකරණය |
ඉහත සඳහන් කෘති ලිවීමට පෙර බුද්ධඝෝෂ හිමියන් ලංකාවට පැමිණි අවධියේම ලියන ලද කෘතිය වන්නේ විශුද්ධිමාර්ගයයි එයද අටුවා ස්වරූපයෙන් රචනා කර ඇත. ඉහත කෘති අතරින් ඇතැම් කෘතිවල කතෘ පිළිබඳ ගැටලු පැවතුන ද බොහෝදෙනාගේ පිළිගැනීම බුද්ධඝෝෂ හිමියන් මේ සියලු කෘති රචනා කළ බවය. බුද්ධඝෝෂ හිමියන් මුලින්ම සම්පාදනය කරන ලද විශුද්ධිමාර්ගය අනුරාධපුර විහාරවාසී ආචාර්ය සංඝපාල තෙරුන්ගේ ආරධනාවෙන් ලියා ඇත. අටුවා පාලි භාෂාවට පරිවර්ථනය කිරීමට පෙර බුද්ධඝෝෂ හිමියන්ගේ දැණුම පරික්‍ෂා කිරීමට මේ කෘතිය ලිවීමට පැවරූ බව සඳහන් වේ. මේ සඳහා
"සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො"
යන ගථාව ප්‍රස්තුතය වශයෙන් තබාගෙන මේ කෘතිය රචනා කර ඇත.
සමන්තපාසාදිකා විනයට්ඨකථාව
සංස්කරණයවිනය පිටකය සඳහා කරන ලඳ අටුවාව සමන්තපාසාදිකාව නම් වේ. සිරිනිවාස නම් රජුගේ විසිවෙනි රාජ්‍ය වර්ෂයේදී බුද්ධසිරි නම් තෙරැන් වහනසේගේ ආරාධනයෙන් මේ කෘතිය රචනා කර ඇත. මෙහි නිදාන කථාවේ බුද්ධ ශාසනයේ සංක්‍ෂිප්ත ඉතිහාසය සඳහන් සඳහන් වේ. ධර්ම සංගායනා තුන සිදු වූ ආකාරය, ලක්දිවට බුදු දහම ගෙනා සැටි අනුරාධපුර මහා විහාරය පිහිට වූ සැටි, ලාංකික භික්‍ෂු සංඛ්‍යාව අධික වීම සමඟ මිහිඳු හිමියන් ලාංකීය භික්‍ෂූන් හා ධර්ම සංගායනයක් පැවැත්වීම ආදී තොරතුරු එහි සඳහන්ය.
සුමංගලවිලාසිනී අට්ඨකථාව
සංස්කරණයමෙය දීඝ නිකායට කරන ලඳ අට්ඨකථාවයි. සුමංගල පිරිවෙනේ වාසය කළ දාඨානාග මහ තෙරුන්ගේ ආධනාවෙන් කරන ලදි. "සුමංගල පිරිවෙනේ නම මුල්කොට "සුමංගලවිලාසිනී" යැයි නම තැබුවා සේ පෙනේ"
පපඤ්චසූදනී අට්ඨකථාව
සංස්කරණයමජ්ඣිම නිකායට කරණ ලඳ අටුවාව පපඤ්චසූදනී යයි. මෙම කෘතිය ලිවීමට ආරධනා කරන්නේ බුද්ධඝෝෂ හිමියන් දඹදිව වැඩ වසන සමයේ මයුර රූප පටුනෙහි එක්තැනක විසූ බුද්ධමිත්ත නම් තෙරුන් වන්‍හසේය.
සාරත්‍ථප්පකාසිනී අට්ඨකථාව
සංස්කරණයසංයුත්ත නිකායට ලියන ලඳ අටුවාව සාරත්‍ථප්පකාසිනිය වන අතර ජොතිපාල නම් තෙරුන්ගේ ආරාධනාවෙන් මෙය ලියාඇත. මෙහි බණවර හැත්තෑ අටක් ඇත. මෙහි තෙරුන් වහන්සේලාගේ චරිත කථා සහ කොසොල් රජු අල්ලස් ගත් සැටි මෙහි අවසානයේ සඳහන් වේ.
මනෝරථපූරනී අට්ඨකථාව
සංස්කරණයඅංගුත්තර නිකායට ලියන ලඳ අටුවාවට ජෝතිපාල හිමියන්ගේ සහ ජීවක උපාසකයාගේ ආරාධනය ලැබී ඇත. මෙහි බණවර 84 කි.
පරමත්‍ථජෝතිකා අට්ඨකථාව
සංස්කරණයමෙය ප්‍රමාණයෙන් ඉතා කුඩා අටුවා ග්‍රන්ථයකි. මෙය ඛුද්දක නිකායට අයත් ඛුද්දකපාඨ ග්‍රන්ථයට සම්පාදනය කර ඇත. ඇතැම් පිරිස් මෙය බුද්ධඝෝෂ හිමියන්ගේ කෘතියක් නොවන බව කියයි.
ධම්මපදට්ඨකථාව
සංස්කරණයධම්මපදයට ලියන ලඳ අට්ඨකථාව ධම්මපදට්ඨකථාවයි. මෙහි අඩංඟු ගාථා 423 ට කථා වස්තු දෙසිය අනූනවයක් රචනා කොට ඇත. ධම්මපදය බෞද්ධයනගේ හස්තසාර ග්‍රන්ථයයි.
ජාතකට්ඨකථාව
සංස්කරණයබුද්ධමිත්ත තෙරුන් විසින් සහ මහිංසාසක නිකායෙහි බුද්ධදේව තෙරුන්ගේ ආරාධනාවෙන් මෙම කෘතිය ලියා ඇත. පන්සිය පනස් ජතකකථා හා එහි ගාථාවන් ඇතුලත් කරමින් ලියන ලඳ මෙය විශාම අටුවා ග්‍රන්ථයයි.
කංකාවිතරණී අට්ඨකථාව
සංස්කරණයප්රාතිමෝක්ෂය හෙවත් භික්‍ෂූන් වහන්සේලා සඳහා පණවා ඇති විනය ශික්‍ෂාපද විග්‍රහ කරමින් ලියන ලඳ කෘතිය කංකාවිතරණී අට්ඨකථාවය. මෙය සෝණ නැමති තෙර කෙනෙකුගේ ආරාධනාවෙන් ලියා ඇත.
අත්‍ථසාලිනී අට්ඨකථාව
සංස්කරණයධම්මසංගනී ප්‍රකරණයට ලයන ලඳ අටුවාව අත්‍ථසාලිනියයි. මහාචාර්ය බාපන් මහතා මෙය බුද්ධඝෝෂ හිමියන්ගේ කෘතියක් නොවන බව කියයි. මෙය බණවර විසිතුනකින් සමන්විතය.
සම්මෝහවිනෝදනී අට්ඨකථාව
සංස්කරණයවිභංගප්රකරණය සඳහා ලියන ලඳ අටුවාව සම්මොහවිනෝදනියයි මෙහි බණවර හතළස් එකක් ඇත.
පඤ්චප්‍රකරන අට්ඨකථා
සංස්කරණයකථාවත්ථු, පුග්ගලපඤ්ඤත්ති, ධාතුකථා, යමක, හා පට්ඨාන යන ප්‍රකරන ග්‍රන්ථ පහටම ලියන ලඳ අටුවාව පංචපකරණ අට්ඨකථාවය. මෙලෙස අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියන් ඉහත දැක්වූ අටුවා පරිවර්තනය කරමින තමන්ගේ අදහසක් ප්‍රකාශ කරනවා නම් "අයං පන මෙ අත්තනොමති" යනුවෙන් යොදා තමඅදහස ප්‍රකාශ කර ඇත.බුද්ධඝෝෂ හිමියන් අටුවා කරණයේදී ලක්දිව තමා වැඩි ස්ථාන රාජ්‍ය පාලනය පිළිබඳව ද අදහස් ඇතුලත්කර ඇත. විදේශිකයෙකු වූ බුද්ධඝෝෂ හිමියන් ලංකාවට පැමිණ තමා ලබා සිටි ත්‍රිවේද දැණුම, ත්‍රිපිටක දැණුම උපයෝගී කරගෙන ත්‍රිපිටකයෙන් අඩකටත් වැඩිය අටුවා රචනා කර ඇත. බුද්ධඝෝෂ හිමියන් සියලු පඬිවරුන් අගය කරන ශ්‍රේෂ්ඨ පඬිවරයා බවට පත් වූයේ මේ නිසාය.
අන්තික සටහන්
සංස්කරණය- කලුපහන, ඩි.ජේ, බෞද්ධ දර්ශන ඉතිහාසය, පියසිරි ප්‍රින්ටින් සිස්ටම්, නුගේගොඩ, 2003, පිටුව 213.
- ගුණසේකර, පද්මා, දෙදහස් පන්සිය වසරක බොදු සමය, සුනෙර, නුගේගොඩ, 2000,ලිටුව 213.
- ඌණපූර්ණ සහිතො මහාවංසො, ඒ.පි. බුද්ධදත්ත සංස්කරණ, කොළඹ, ගුණසේන සහ සමාගම, 1959, පිටුව 221
- ඌණපූර්ණ සහිතො මහාවංසො, ඒ.පි. බුද්ධදත්ත සංස්කරණ, කොළඹ, ගුණසේන සහ සමාගම, 1959, පිටුව 221
- ඌණපූර්ණ සහිතො මහාවංසො, ඒ.පි. බුද්ධදත්ත සංස්කරණ, කොළඹ, ගුණසේන සහ සමාගම, 1959, පිටුව 222
- ශ්‍රී බුද්ධදත්ත, පොල්වත්තේ, පාලි සාහිත්‍යය, රත්න පොත් ප්‍රකාශකයෝ, මරදාන පාර කොළඹ 10, 2002, පිටුව 145-146
- ශ්‍රී බුද්ධදත්ත, පොල්වත්තේ, පාලි සාහිත්‍යය, රත්න පොත් ප්‍රකාශකයෝ, මරදාන පාර කොළඹ 10, 2002, පිටුව146
- ශ්‍රී බුද්ධදත්ත, පොල්වත්තේ, ථෙරවාදී බෞද්ධාචාර්යෝ, කොළඹ, 1960, පිටුව 18.
- ශ්‍රී බුද්ධදත්ත, පොල්වත්තේ, පාලි සාහිත්‍යය, රත්න පොත් ප්‍රකාශකයෝ, මරදාන පාර කොළඹ 10, පිටුව 165.
මෙයද බලන්න
සංස්කරණයආශ්රිත ලිපි
සංස්කරණය
- ^ රීස් ඩේවිඩ්ස් සහ ඩී.ටී.බාප්ට්