බාලචන්ද්‍රන් ප්‍රභාකරන්

බාලචන්ද්‍රන් ප්‍රභාකරන් (01 ඔක්තෝම්බර් 1996 – 18 මැයි 2009) යනු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ ආරම්භකයා සහ නායකයා ලෙස ක්‍රියාකල, වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ තෙවන පුත්‍රයා වේ.

බාලචන්ද්‍රන් ප්‍රභාකරන්
උපතඔක්තෝම්බර් 01, 1996
මියගිය දිනයමැයි 18, 2009
ඥාතීන්වේළුපිල්ලේ ප‍්‍රභාකරන් (පියා)
මදිවදනී (මව)
චාල්ස් ඇන්තනී (සහෝදරයා)
දුවර්ගා ප්‍රභාකරන් (සහෝදරිය)

ඔහුගේ මරණය ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අවසන් අදියර වූ 2009 වර්ෂයේ මැයි මසදී සිදුවිය. ශ්‍රී ලංකා හමුදාව විසින් ඔහුගේ මරණය, යුද්ධය අතරතුර සිදුවූ වෙඩි හුවමාරුවකදී සිදුවූ බවට ප්‍රකාශ කරන ලදී. 2013 වසරේදී හෙළිදරවු කෙරූ ඡායාරූපයක බාලචන්ද්‍රන් ශ්‍රී ලංකා හමුදා භාරයේ වන්නට ඇතැයි සැකකෙරන ස්ථානයක [තහවුරු කර නොමැත]සිටින අයුරුත් තවත් ඡායාරූපයක පපුවෙහි වෙඩි සළකුණු පහක් සහිතව මියගොස් සිටින අයුරුත් දක්වා තිබුණි. ශ්‍රී ලංකාව යුධ අපරාධ කල බවට චෝදනා එල්ල කරමින් රට ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් කිරීමට බොහෝ අවස්ථාවල කුමන්ත්‍රණ පැවති අතර අදටත් සමහර ltte හිතවාදීන් ඒ සඳහා උත්සහ ගනිමින් සිටියි. ඔවුන් බොරු චෝදනා සිදු කරමින් අහිංසක දෙමළ ජනයා ජාතිවාදය වෙත තව තවත් ගෙන යමින් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගනිමින් සිටියි. [1][2]

මූලාශ්‍ර සංස්කරණය

  1. බන්කොම්බ්, ඇන්ඩෘ (18 පෙබරවාරි 2013). "හෑන්ඩඩ් අ ස්නැක්, ඇන්ඩ් දෙන් එක්සිකියුටඩ්". ලන්ඩන්: ඉන්ඩිපෙන්ඩන්ට් යූකේ. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2013.
  2. "බාලචන්ද්‍රන් ප්‍රභාකරන්: ශ්‍රී ලංකා ආමි ඇකියුස්ඩ් ඕවර් ඩෙත්". බීබීසී යූකේ. 19 පෙබරවාරි 2013. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2013.