බ්‍රිතාන්‍ය බෙන්කූලන්

බ්‍රිතාන්‍ය බෙන්කූලන් යනු, වර්තමානයෙහි බෙන්කුලු නගරය පිහිටා ඇති ප්‍රදේශය අවට වූ, සුමාත්‍රාවෙහි බ්‍රිතාන්‍ය සන්තකයක් විය. මෙහි වාසය සංස්ථාපනය කෙරුණේ 1685 වසරෙහිය.[1]

බෙන්කූලන් වාස ප්‍රදේශය
වාස ප්‍රදේශය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය
1785–1824
History
ඉතිහාසය 
• Established
1785
මාර්තු 1 1824
Succeeded by
ලන්දේසි නැගෙනහිර ඉන්දියා ප්‍රදේශ
Today part of ඉන්දුනීසියාව

මුලින් බ්‍රිතාන්‍ය ඉන්දියාව තුල පාලන ප්‍රදේශයක්වූ මෙය, 1785 වසරෙහිදී බෙන්කූලන් වාස ප්‍රදේශය බවට තත්ත්වයෙන් පහත හෙලා බෙන්ගාල් පාලන ප්‍රදේශය යටතෙහි පිහිටුවන ලදි.[2]

1817 ඔක්තොම්බර් 15 දිනදී, බෙන්කූලන් අග්‍රාණ්ඩුකාරවරයා ලෙසින් ස්ටැම්ෆර්ඩ් රැෆල්ස් පත් කෙරිණි. අග්‍රාණ්ඩුකාරවරයා ලෙසින් ඔහුගේ ධූර කාලය තුලදී, වහල් සේවය අවලංගු කිරීම මෙන්ම, ප්‍රදේශයේ නව වෙළෙඳ වරායක පහසුකම් සැපයීම සඳහා සිංගප්පූරුව සංස්ථාපනය කිරීම වැනි ප්‍රධාන ප්‍රතිසංස්කරණ කිහිපයක් රැෆල්ස් විසින් පනවන ලදි.

1823 වසරෙහිදී, බෙන්කූලන්හී බල පාලනය වෙතින් සිංගප්පූරුව ඉවත් කෙරිණි. [3]1824 වසරෙහි එංගලන්ත-ලන්දේසි ගිවිසුම තුලදී බෙන්කූලන් ප්‍රදේශය නෙදර්ලන්තයට පවරා දෙන ලදි. [4]

ආශ්‍රිත සංස්කරණය

  1. ඕල්සන් ජේඑස්, සේඩ්ල් ආර්, සංස්කාරකවරු. හිස්ටොරිකල් ඩික්ෂනරි ඔෆ් ද බ්‍රිටිෂ් එම්පයර්, වෙළුම 2. පිටුව 1074 (ඇට් එන්ට්‍රි ෆෝ සුමාත්‍රා). ග්‍රීන්වුඩ් ප්‍රකාශන සමූහය, 1996. ISBN 9780313293672
  2. http://www.worldstatesmen.org/Indonesia.htm#Bencoolen
  3. ද සිංගප්පූර් ලීගල් සිස්ටම් - කෙවින් වයිඑල් ටෑන්
  4. Roberts, Edmund (1837). එම්බසි ටු දි ඊස්ටර්න් කෝට්ස් ඔෆ් කොචින්-චයිනා, සියෑම්, ඇන්ඩ් මස්කට්. නිව්යොර්ක්: හාපර් සහ සහෝදරයෝ. p. 34.