බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021-22

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරඟ දෙකකට ක්‍රීඩා කිරීම සඳහා 2021 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.[1][2] මුලින් 2022 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇත,[3] පසුව මෙම සංචාරය 2021 අයිසීසී පිරිමි වි20ජා ලෝක කුසලානයෙන් පසුව ක්‍රීඩා කිරීමට ඉදිරියට ගෙන එන ලදී.[4] ටෙස්ට් තරඟ 2021-2023 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසක් විය.[5][6] ටෙස්ට් තරඟාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කොළඹදී සිව්දින පෙරහුරු තරඟයක් පැවැත්වීමට නියමිතව තිබුණා.[7][8] කෙසේ වෙතත් වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ නොයවා තරගය අතහැර දැමුණා.[9]

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021
ශ්‍රී ලංකාව
බටහිර ඉන්දීය කොදෙව්
දින වකවානුව 2021 නොවැම්බර් 21 – 2021 දෙසැම්බර් 3
නායකයන් දිමුත් කරුණාරත්න ක්‍රේග් බ්‍රැත්වේට්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු දිමුත් කරුණාරත්න (278) න්ක්රුමා බොනර් (148)
වැඩිම කඩුළු රමේෂ් මෙන්ඩිස් (18) ජොමෙල් වොරිකන් (9)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව රමේෂ් මෙන්ඩිස්

පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 348ක ඉලක්කයක් හිමිව තිබුණද, සිව්වන දිනය අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 52කට සීමා විය.[10] ටෙස්ට් තරගයේ පස්වැනි දිනයේ දිවා විවේකයෙන් පසු පන්දුවට පහරදෙමින් සිටියද බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 160කට දැවී ගිය අතර එම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 187ක ජයක් හිමිවිය.[11] අවසන් කඩුල්ල බිඳ වැටී මඳ වේලාවකට පසු පිටියට මහ වැස්සක් පතිත විය.[12] දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දිවා ආහාරය වන විට කොදෙව්වන් 65/2 ක් ලබා සිටි අතර ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 232 ක් අවශ්‍යව තිබුණි.[13] කෙසේ වෙතත්, ඔවුන්ගේ අවසන් කඩුලු 8 ලකුණු 40කට දැවී ගිය අතර, මුළු ලකුණු 130කට සියලුදෙනා දැවී ගියහ. ශ්‍රී ලංකාව ලකුණු 164කින් තරගය ජය ගනිමින් තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තේය.[14]

සංචිත සංස්කරණය

ටෙස්ට්
  ශ්‍රී ලංකාව[15]   බටහිර ඉන්දීය කොදෙව්[16]
  • ක්‍රේග් බ්‍රැත්වේට් (නා)
  • ජර්මේන් බ්ලැක්වුඩ් (උප)
  • න්කෘමාහ් බොනර්
  • රොස්ටන් චේස්
  • රහීම් කෝන්වෝල්
  • ජෝෂුවා ද සිල්වා (කරැ)
  • ෂැනන් ගේබ්රියෙල්
  • ජේසන් හෝල්ඩර්
  • ෂායි හෝප්
  • කයිල් මේයර්ස්
  • වීරසාමි පර්මාල්
  • කෙමාර් රෝච්
  • ජේඩන් සීල්ස්
  • ජෙරමි සොලෝසානෝ
  • ජොමෙල් වොරිකන්

දෙවැනි ටෙස්ට් තරගයට පෙර දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, සුමින්ද ලක්ෂාන්, කමිල් මිෂාර සහ රොෂේන් සිල්වා යන සියලු දෙනාම ශ්‍රී ලංකා තේරීම් කමිටුව විසින් සංචිතයෙන් නිදහස් කර තිබේ.[17]

පුහුණු තරගය සංස්කරණය

2021 නොවැම්බර් 14-17
ලකුණු පුවරුව
  • කාසියේ වාසිය බැලුවේ නැත
  • වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි විය.

ටෙස්ට් තරගමාලාව සංස්කරණය

ප්‍රධාන ලිපිය: සෝබර් - තිසේරා කුසලානය

1 වන ටෙස්ට් තරගය සංස්කරණය

2021 නොවැම්බර් 21-25
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාවට ලකුණු 187ක ජයක් හිමිවිය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල
තරගයේ වීරයා:   දිමුත් කරුණාරත්න
විනිසුරුවන්:   කුමාර් ධර්මසේන සහ   රුචිර පල්ලියගුරුගේ
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් තෙවැනි දිනයේ තරගයට ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 38ක් පමණි.
  •   ජෙරමි සොලෝසානෝ ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
  •   ෂායි හෝප්,   ජෙරමි සොලෝසානෝ වෙනුවට බටහිර ඉන්දීය කොදෙව්වන් සඳහා කම්පන ආදේශකයක් ලෙස පත් කරන ලදී.[18]
  • ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: ශ්‍රී ලංකාව 12, බටහිර ඉන්දීය කොදෙව් 0.

2 වන ටෙස්ට් තරගය සංස්කරණය

2021 නොවැම්බර් 29 - දෙසැම්බර් 3
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාවට ලකුණු 164ක ජයක් හිමිවිය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල
තරගයේ වීරයා:   ධනංජය ද සිල්වා
විනිසුරුවන්:   කුමාර් ධර්මසේන සහ   රුචිර පල්ලියගුරුගේ
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් පළමු දිනය සහ 2 වැනි දින පිළිවෙළින් ඕවර 34.4 ක් සහ ඕවර 56.3 ක් පමණක් ක්‍රීඩා කිරීමට හැකි විය.
  •   චරිත් අසලංක ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
  •   වීරසාමි පර්මාවුල් ඔහුගේ පළමු, තරගයක ටෙස්ට් කඩුලු 5 දවා ගැනීම.[19]
  •   රමේෂ් මෙන්ඩිස් ඔහුගේ පළමු, තරගයක ටෙස්ට් කඩුලු 5 දවා ගැනීම.[20]
  • ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: ශ්‍රී ලංකාව 12, බටහිර ඉන්දීය කොදෙව් 0.

බාහිර සබැඳි සංස්කරණය

යොමු කිරීම් සංස්කරණය

  1. "Schedule for inaugural World Test Championship announced". International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
  2. "CWI names squads for Best v Best matches ahead of Sri Lanka Test tour". Cricket West Indies. සම්ප්‍රවේශය 25 October 2021.
  3. "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
  4. "Five T&T players for Sri Lanka tour trial matches". Loop News. සම්ප්‍රවේශය 25 October 2021.
  5. "ICC confirms details of next World Test Championship". International Cricket Council. සම්ප්‍රවේශය 21 September 2021.
  6. "Sri Lanka to host WI for two Tests in November-December 2021". CricBuzz. සම්ප්‍රවේශය 29 October 2021.
  7. "Best v Best: Hope hits 100 not out as Sri Lanka tour looms for Test team". Cricket West Indies. සම්ප්‍රවේශය 2 November 2021.
  8. "Charith Asalanka to lead Sri Lanka President's XI against West Indies". The Papare. සම්ප්‍රවේශය 13 November 2021.
  9. "Sri Lanka and Windies rely on spinners in First Test". Daily News. සම්ප්‍රවේශය 20 November 2021.
  10. "West Indies crumble against spin in pursuit of 348". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 November 2021.
  11. "Embuldeniya five-for helps Sri Lanka beat looming rain and West Indies". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 November 2021.
  12. "Embuldeniya wipes out Windies tail minutes before rain arrives". The Papare. සම්ප්‍රවේශය 25 November 2021.
  13. "Spin magic from Embuldeniya, Mendis guide Sri Lanka to series win". International Cricket Council. සම්ප්‍රවේශය 3 December 2021.
  14. "Mendis, Embuldeniya spin out West Indies for 2-0 series win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 December 2021.
  15. "Three uncapped players to feature in squad to face West Indies". The Papare. සම්ප්‍රවේශය 19 November 2021.
  16. "West Indies name squad for test tour of Sri Lanka - November 14 to December 3". Cricket West Indies. සම්ප්‍රවේශය 4 November 2021.
  17. "Five players released from Sri Lanka Test squad". The Papare. සම්ප්‍රවේශය 28 November 2021.
  18. "Jeremy Solozano suffers concussion after blow to head, Shai Hope replaces him as concussion substitute". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 November 2021.
  19. "Permaul's five-for headlines brilliant day for the visitors". International Cricket Council. සම්ප්‍රවේශය 30 November 2021.
  20. "West Indies take lead after Ramesh Mendis five-fer". CricBuzz. සම්ප්‍රවේශය 1 December 2021.