පෝෂක ප්‍රදේශයක් යනු වැස්සෙන් සහ හිම දියවීමෙන් හෝ අයිස් පරිවාහයක් මගින් ලැබෙන ජලය පහළට ගලා ගොස් ගංගාවක්, විලක්, ජලාශයක්, පුනීල මෝයක්, තෙත්බිමක්, මුහුදක් හෝසාගරයක් වැනි ජල ස්කන්ධයක් වෙතට එක් වන භූමි ප්‍රදේශයකි. ජලය රැගෙන යන ඇළ සහ ගංගාවන් මෙන්ම මෙම දිය මං වෙත ජලය සපයන භූමි තලයන්ද මෙම පෝෂක ප්‍රදේශයන්ට අයත් වන අතර, මෙම එක් එක් ප්‍රදේශ අනුයාත ප්‍රදේශයන්ගෙන් වෙන් වන්නේ ජලවහන බෙත්මක් මගිනි.[1]

පෝෂක ප්‍රදේශයක නිදසුනක්. තිත් ඉරෙන් දැක්වෙන්නේ ජලමාන ද්‍රෝණියෙහි ප්‍රධාන ජල බෙත්ම වේ.

ජල ධාරා ප්‍රදේශය ප්‍රනීලයක් වැනිය. ජල ධාරාවට අයත් සියලු ප්‍රදේශ වල ජලය එක්රැස් කර ජල මාර්ගයකට බැස්ස වීම සෑම ජල ධාරාවකම භූමි ප්‍රදේශ අතර යාබද ජල ධාරා වලින් උස් වූ වැටියකින් වෙන් කෙරේ. එය ජලය ‍‍බෙදීම යනුවෙන් හැදින්වේ. එම සංකල්පයට විස්තර ‍කිරිමට යොදා ගත හැකි වෙනත් වචන වන්නේ වැහි වතුර එක්කාසු කරන ප්‍රදේශයයි.

කාර්මික අවබෝධයෙන් නම් දිය බස්නා ව එක් ජල බැස යාමේ ප්‍රදේශයක් වෙනත් ජල බැසයාමේ ප්‍රදේශයක් වෙන් කිරිමයි. කෙසේ වුවද එක්සත් ජනපදයේ හා කැනඩාවේ මෙම වචන බොහෝ විට යොදා ගන්නේ ජල ධාරාව හෝ ජලය එක්කරන ප්‍රදේශයට මයි. දිය බස්සා වෙනත් දියබස්සා වලට ගලා යයි. ලොකු ඒවා කුඩා ඒවා වලට ඇදී හෝ උප දියබස්නා වලට ජලය ගලා යයි. දිය බස්නා එක් නොකොට සම්බන්ධ කිරිම තේරැම් ගැනිමට ජෙමෝෆෝලොජජි තේරැම් ගැනීමට අවශ්‍ය.

අධෝසටහන් සංස්කරණය

  1. "ඩ්‍රෙනේජ් බේසින්". www.uwsp.edu. සම්ප්‍රවේශය 2008-02-21.
"https://si.wikipedia.org/w/index.php?title=පෝෂක_ප්‍රදේශය&oldid=120863" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි