පෝනි එක්ස්ප්‍රස් යනු, සෙන්ට් ජෝසප්, මිසූරි සිට මහා තැන්න හරහා, රොකී කඳු සහ සියරා නෙවාඩා මතින් පිළියවන ස්ථාන කිහිපයක් භාවිතා කරමින්අසු පිට ගොස්, සැක්‍රමෙන්ටෝ, කැලිෆෙෘ්ර්නියාව වෙත, පණිවුඩ, පුවත්පත්, තැපැල් සහ කුඩා පාර්සල් පවා ප්‍රවාහනය කල තැපැල් සේවාවකි. එය ක්‍රියාත්මකව පැවති මාස 18 තුලදී, අත්ලාන්තික් සහ ශාන්තිකර වෙරළවල් අතර පණිවුඩ යැවීමට ගත වන කාලය දින 10 කට පමණ සීමා කිරීමට එය සමත් විය.[1] ටෙලිග්‍රාෆ් සේවාව පිහිටුවීමට පළමුව, 1860 අප්‍රේල් 3 දින සිට 1861 ඔක්තොම්බර් මස දක්වා, ඇමරිකාවෙහි බටහිර ප්‍රදේශයෙහි නැගෙනහිර-බටහිර සන්නිවේදනය සඳහා වූ වඩාත් සෘජු ක්‍රමය එය වූ අතර, නව කැලිෆෝර්නියා ජනපදය රටෙහි අනෙකුත් පෙදෙස් හා සමග සම්බන්ධ කිරීමට මෙය අතිශයින් වැදගත් විය.

පෝනි එක්ස්ප්‍රස් දැන්වීම
පෝනි එක්ස්ප්‍රස් තැපැල් මුද්‍රාව – 1860, බටහිර දෙසට යැවෙන

ආශ්‍රිත සංස්කරණය

  1. බ්‍රැඩ්ලි, 1913 පිටු.25–29
"https://si.wikipedia.org/w/index.php?title=පෝනි_එක්ස්ප්‍රස්&oldid=290376" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි