පොන්නම්බලම් රාමනාදන්
ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් (1851 අප්‍රේල් 16 - 1930 නොවැම්බර් 30) යනු ශ්‍රී ලංකාවේ හිටපු දෙමළ දේශපාලඥවරයෙකි.
ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් | |
---|---|
Unofficial Member of the Legislative Council of Ceylon | |
තනතුර දරමින් 1879–1892 | |
තනතුර දරමින් 1922–1924 | |
ලංකා සොලිසිටර්-ජෙනරාල් | |
තනතුර දරමින් 1892–1902 | |
පූර්වප්‍රාප්තිකයා | ශ්‍රීමත් චාල්ස් පීටර් ලෙයාර්ඩ් |
අනුප්‍රාප්තිකයා | James Cecil Walter Pereira |
Member of the Legislative Council of Ceylon for Educated Ceylonese | |
තනතුර දරමින් 1911–1921 | |
Member of the Legislative Council of Ceylon for Valikamam North | |
තනතුර දරමින් 1924–1930 | |
පුද්ගලික තොරතුරු | |
උපත | අප්‍රේල් 16, 1851 |
විපත | November 30, 1930 | (වයස 79)
ජාතිය | ලාංකික (ශ්‍රී ලාංකික) |
Relations | ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් |
උගත් ශාස්ත්‍රාලය | රාජකීය විද්‍යාලය ජනාධිපති විද්‍යාලය |
රැකියාව | දේශපාලඥ, රජයේ අධිනීතීඥවරයා |
වෘත්තිය | නීතීඥවරයා |
මුල් අවධිය සංස්කරණය
පොන්නම්බලම් රාමනාදන්ගේ පියා අරුනාචලම් පොන්නම්බලම්ය. මව සෙල්ලච්චි අමියියාය. රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු හෙතෙම 1873 – 1886 වන තෙක් නීතිවේදියෙකු ලෙස කටයුතු කළේය.
දේශපාලනය සංස්කරණය
පොන්නම්බලම් රාමනාදන් 1879 සිට 1892 කාලය තුළ ද්‍රවිඩ භාෂාව කතා කරන ජනයා නියොජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවේ නිලනොවන සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. 1892 වර්ෂයේ ශ්‍රි ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් වූ අතර 1906 තෙක් එම තනතුර හෙබවිය. 1897 වික්ටෝරියා රැජිනගේ 50 වන සංවත්සරය සඳහා ශ්‍රී ලංකික නියෝජිතයා ලෙස රජය විසින් එංගලන්තයට යවනු ලැබුවේ පොන්නම්බලම් රාමනාදන්වය. එම උත්සවයේදී ඔහුට බ්‍රිතාන්‍ය රාජධානියේ පරිපූර්ණම දේශකයා වශයෙන් රැජිනගෙන් රන් සම්මානයක් හිමිවිය. 1911 වර්ෂයේදී ඔහු වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක මණ්ඩලයට තේරී පත්වුණි. ඔහු උඩුවිල් රාමනාදන් ගැහැණු පාසල හා යාපනයේ පරමේෂ්වරම් විද්‍යාලය ආරම්භ කරන ලද්දේද ඔහු විසිනි. 1917.12.04 දිනැති පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට අනුව නාච්චිදූවේ සිංහල පවුල් 50 ක් පදිංචි කිරීමට එරෙහිව එතුමා විරුද්ධ වුණි.
සිංහල මුස්ලිම් කැරැල්ල සංස්කරණය
1915 වකවානුවේදී ශ්‍රී ලංකාවේ ජාතිවාදී අරගලයක් ඇතිවිය. එහෙයින් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරතුමා පැමිණ මාර්ෂල් නීතිය දියත් කළේය. සිංහල නායකයන් අත්අඩංගුවට ගෙන සිරකරන ලෙස පොලීසියට හා හමුදාවට ඔහු අණ කළේය. ඔවුන් අතර ඩී.එස්. සේනානායක, ඩී.ආර්. විජේවර්ධන, දෝසතර නේසියස් පෙරේරා, ඊ.ටී. ද සිල්වා, එෆ්, ආර්, ඩයස් බණ්ඩාරනායක, එච්. අමරසූරිය, ඒ.එච්. මොලමුරේ හා තවත් කිහිප දෙනෙක් වුහ. ඒ අතරින් සමහර දෙනෙකුට මරණ දණ්ඩනය හිමිවිය. පී. රාමනාදන් එයින් නිදහස් වී පැමිණ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එරෙහිව සටන් කළේය.