පේන්ටර් ඔෆ් ද වින්ඩ්

පේන්ටර් ඔෆ් ද වින්ඩ් (කොරියානු바람의 화원; හන්ජා바람의畫員; ප්‍රරෝබරම්-උයි හ්වාවොන්) යනු 2008දී විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය මූන් ගියුන්-යොං සහ පාක් ෂින්-යැං විසින් සිදු කරයි. මෙය ලී ජුං-මියුං‍ විසින් රචිත ජනප්‍රිය ඓතිහාසික ප්‍රබන්ධ නවකථාවක් ඇසුරෙන් නිර්මාණය වූවකි. ජොසොන් චිත්‍ර ශිල්පියකු වූ ෂින් යුන්-බොක් නැමැත්තා සමහර විට කාන්තාවක් විය හැකි යැයි යන තර්කය මත පිහිටා[1][2][3] රචිත එය සිය පියාගේ මිනීමරුන් සොයායාමට පිරිමියකු මෙන් වෙස්වලා ගත් යුන්-බොක් නැමැති තරුණ සිතුවම් ශිල්පිණිය වටා ගෙතුණකි. ඇයට කිම් හොං-දෝ නැමැති විශිෂ්ට චිත්‍ර ශිල්පියා මුණගැසෙන අතර, ඔහු ඇයව ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියකු වීමට මෙහෙයවයි. ගුරුවරයා සහ ශිෂ්‍යයා ලෙස ඔවුන් දෙදෙනා අතර ප්‍රබල මිතුදමක් ගොඩනැගේ.[4][5][6]

පේන්ටර් ඔෆ් ද වින්ඩ්
පේන්ටර් ඔෆ් ද වින්ඩ් සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේThe Painter of Wind
Garden of the Wind
ප්‍රභේදයප්‍රේම කථා, නාට්‍ය, කාලාන්තර
මත පදනම්වලී ජුං-මියුංගේ පේන්ටර් ඔෆ් ද වින්ඩ්
රචනය කලේලී ඉයුන්-යොං
අධ්‍යක්ෂණය කලේජං තේ-යූ
ජින් හ්යුක්
රඟපෑමමූන් ගියුන්-යොං
පාක් ෂින්-යැං
සම්භව රටදකුණු‍ කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන20
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)ලී යොං-ජූන්
ස්ථානය(න්)කොරියාව
සිනෙමාරූපණයබේ හොං-සූ
ධාවන කාලයබදාදා සහ බ්‍රහස්පතින්දා 21:55ට (KST)
ප්‍රචාරණය
මුල් නාලිකාවසෝල් විකාශන පද්ධතිය
මුල් ධාවනය24 සැප්තැම්බර් 2008 (2008-09-24) – 4 දෙසැම්බර් 2008 (2008-12-04)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේWorking Mom
අනුගමනය වනුයේStar's Lover
බාහිර සබැඳි
වෙබ් අඩවිය
කොරියානු නම
හංගුල්바람의 화원
හන්ජා바람의
ප්‍රතිශෝධිත රෝමානුකරණයBaram-ui Hwa-won
මැකූන්–‍රයිෂවර්Paramŭi Hwawon

මෙම නාට්‍යය 2010 ෂැංහයි රූපවාහිනී උළෙලේ දී[7] ආසියානු රූපවාහිනී කතාමාලාවක් සඳහා වන විශේෂ සම්මානය ඇතුළු සම්මාන ගණනාවක්ම දිනා ඇත. 2008 SBS නාට්‍ය සම්මාන උළෙලේ දී නිළි මූන් ගියුන්-යොං ප්‍රධාන ත්‍යාගය මෙන්ම, 2009 බෙක්සං කලා සම්මාන උළෙලේ දී හොඳම රූපවාහිනී නිළිය සහ 2008 ග්‍රිමේ සම්මානය ද මෙහි රඟපෑම වෙනුවෙන් දිනාගත්තා ය.

කථාපුවත සංස්කරණය

1766දී සිත්තරකු මෙන්ම දොහ්වාසියෝ කලා පාසලේ ජ්‍යෙෂ්ඨ සමාජිකයකු යූ කං සු-හං මරාදමා ඇති බව දැනගන්නට ලැබේ. ඒ වන විට කිරුළහිමි කුමරුගේ පුත්‍රයා වූ අනාගත ජොංජෝ රජු (1752-1800, ජොසොන් රාජවංශයේ 22වන රජ) ඔහුට රහසිගත රාජකාරියක් භාර දී තිබිණි. එනම් කිරුළහිමි කුමරුගේ ආලේඛය සිතුවමක් ඇඳීම සඳහායි. කං සු-හංගේ මරණය පිළිබඳ විමර්ශනය කරන අතරතුර, දෝහ්වාසියෝහි තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වූ සියෝ ජිං ද මියයයි. මීට අමතරව, සියෝ ජංගේ බිරිඳ ඝාතනය වන අතර, දියණිය අතුරුදන් වේ. වසර දහයකට පසු, දොහ්වාසියෝහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන කිම් හොං-දෝ හට ෂින් යුන්-බොක් නැමැති නව ශිෂ්‍යයකු හමු වේ. යුන්-බොක්ගේ විශේෂ දක්ෂතාවය හඳුනාගන්නා හොං-දෝ, ඔහුව අවට සිටින තැනැත්තන්ගේ කුමන්ත්‍රණවලින් ආරක්ෂා කර ගැනීමට උත්සාහ දරයි. යුන්-බොක් දක්ෂතාව ජොංජෝ රජු ද හඳුනා ගනියි. සාමාන්‍ය ජනයා පිළිබඳ යතාර්ථය රජුට වටහා දෙන කිම් හොං-දෝ සහ ෂින් යුන්-බොක් රජුගේ දෙනෙත් ලෙස කටයුතු කරයි. කෙසේනමුත්, බලවත් මාලිග නිලධාරීන් මෙම සිත්තරුන් දෙදෙනාගෙන් මිදීමට කුමන්ත්‍රණ කරන අතර අවසානයේ ඔවුන් දෙදෙනා දොහ්වාසියෝවලින් නෙරපා හැරෙයි. අනතුරුව රජු ඔවුන් දෙදෙනාට වසර දහයකට පෙර කං සු-හං විසින් සිතුවම් කළ සිය පියාගේ ආලේඛය සිතුවම සොයාගැනීමට රහසේම නියෝග කරයි. සතුරන්ගේ බාධා ජයගන්නා කිම් හොං-දෝ සහ ෂින් යුන්-බොක් සිතුවම සොයා ගැනීමට සමත් වෙති. මෙම සිතුවම සොයාගැනීමත් සමග, සියෝ ජිංගේ මරණය පිටුපස ඇති අභිරහස ද අනාවරණය වේ. සැබැවින්ම සියෝ ජිං යනු ෂින් යුන්-බොක්ගේ පියායි. තමා සැබැවින්ම ෂින් යුන්-බොක්ට ප්‍රේම කරන බව කිම් හොං-දෝ වටහා ගනියි‍. කෙසේනමුත්, ඔහු ෂින්ගෙන් දුරස්වීමට උත්සාහ දරන්නේ මෙය අසම්මත සම්බන්ධයක් බැවිනි. නමුත් සැමදෙනාම විස්මයට පත්කරමින් ෂින් යුන්-‍බොක් යනු කාන්තාවක බව හෙළි වේ. ඇය පුරුෂයකු ලෙස වෙස්වලාගෙන, පුරුෂයන්ට පමණක් සීමා වූ දොහ්වාසියෝ වෙත ඇතුළු වන්නේ සිය පියාගේ මරණය පිළිබඳ අභිරහස හෙළි කරගැනීම සඳහායි.

චරිත නිරූපණය සංස්කරණය

කථාංග ඇගයුම් සංස්කරණය

දිනය කථාංගය දීපව්‍යාප්ත සෝල්
2008-09-24 1 11.6% (8වන) 11.7% (8වන)
2008-09-25 2 12.6% (9වන) 12.8% (9වන)
2008-10-01 3 10.7% (11වන) 10.6% (13වන)
2008-10-02 4 11.7% (11වන) 11.4% (10වන)
2008-10-08 5 12.7% (9වන) 12.7% (8වන)
2008-10-09 6 12.1% (9වන) 11.7% (10වන)
2008-10-15 විශේෂ 12.2% (8වන) 12.6% (7වන)
2008-10-16 විශේෂ 9.6% (15th) 10.0%

(11th)

2008-10-22 7 12.6% (8වන) 12.6% (8වන)
2008-10-23 8 16.1% (5වන) 15.8% (5වන)
2008-10-29 9 15.1% (5වන) 15.0% (5වන)
2008-10-30 10 15.0% (6වන) 15.2% (4වන)
2008-11-05 11 12.5% (8වන) 12.0% (7වන)
2008-11-06 12 15.0% (8වන) 15.0% (7වන)
2008-11-12 13 11.9% (9වන) 11.5% (10වන)
2008-11-13 14 14.4% (8වන) 14.1% (8වන)
2008-11-19 15 12.9% (11වන) 12.8% (10වන)
2008-11-20 16 13.0% (10වන) 12.1% (12වන)
2008-11-26 17 13.7% (9වන) 13.8% (8වන)
2008-11-27 18 13.4% (10වන) 12.7% (10වන)
2008-12-03 19 12.7% (11වන) 13.0% (9වන)
2008-12-04 20 14.7% (9වන) 15.2% (8වන)
සාමාන්‍යය 13.2% 13.1%

ප්‍රභවය: TNS මීඩියා කොරියා

සම්මාන සහ නිර්දේශ සංස්කරණය

වර්ෂය සම්මානය ප්‍රවර්ගය ලාභියා ප්‍රතිඵලය
2008
21වන ග්‍රිමේ සම්මාන
නිෂ්පාදනය සඳහා හොඳම සාධනය,
නාට්‍ය ප්‍රවර්ගය
බේ හොං-සූ
(සිනෙමාරූපක)
දිනාගති
හොඳම නිළිය මූන් ගියුන්-යොං දිනාගති
හොඳම අලෝකකරණ අධ්‍යක්ෂක සොං වූක් දිනාගති
16වන කොරියානු සංස්කෘතික සහ රසවින්දන සම්මාන
හොඳම නවක නිළිය (TV) මූන් චේ-වොන් දිනාගති
SBS නාට්‍ය සම්මාන
ප්‍රධාන ත්‍යාගය/දේසං මූන් ගියුන්-යොං දිනාගති
විශිෂ්ඨතම සම්මානය, නළුවා පාක් ෂින්-යැං නිර්දේශිත
විශිෂ්ඨතම සම්මානය, නිළිය මූන් ගියුන්-යොං නිර්දේශිත
විශේෂ නාට්‍යයක හොඳම සහාය නළුවා ර්යු සයුං-ර්යොං නිර්දේශිත
හොඳම තරු 10 මූන් ගියුන්-යොං දිනාගති
නවක තරු සම්මාන මූන් චේ-වොන් දිනාගති
බේ සූ-බින් දිනාගති
හොඳම යොවුන් නිළිය කිම් යූ-ජුං දිනාගති
හොඳම යුවල සම්මානය මූන් ගියුන්-යොං සහ මූන් චේ-වොන් දිනාගති
2009
45වන බෙක්සං කලා සම්මාන
හොඳම නාට්‍යය පේන්ටර් ඔෆ් ද වින්ඩ් නිර්දේශිත
හොඳම නිළිය (TV) මූන් ගියුන්-යොං දිනාගති
හොඳම නවක නිළිය (TV) මූන් චේ-වොන් නිර්දේශිත
වඩාත් ජනප්‍රිය නිළිය (TV) මූන් ගියුන්-යොං නිර්දේශිත
4වන සෝල් අන්තර්ජාතික නාට්‍ය සම්මාන
හොඳම කෙටි-කතාමාලාව පේන්ටර් ඔෆ් ද වින්ඩ් නිර්දේශිත
හොඳම නිළිය මූන් ගියුන්-යොං නිර්දේශිත
වඩාත් ජනප්‍රිය නිළිය මූන් ගියුන්-යොං දිනාගති
2010
43වන වර්ල්ඩ්ෆෙස්ට්-හූස්ටන් අන්තර්ජාතික චිත්‍රපට උළෙල
රිදී රෙමි සම්මානය පේන්ටර් ඔෆ් ද වින්ඩ් දිනාගති
16වන ෂැංහයි රූපවාහිනී උළෙල
ආසියාවු රූපවාහිනී කතාමාලාව විශේෂ සම්මානය පේන්ටර් ඔෆ් ද වින්ඩ් දිනාගති

සන්තතික දෝෂ සංස්කරණය

  • 09වන කථාංගයේ සං-ගුංවරිය හ්යේවොන් යන ලේඛන නාමය භාවිත කරයි... මෙය එම නාමය ලබාදීමට පෙර (කථාංගය 13) ඇය එම නාමය භාවිත කරයි.[11]
  • 15වන කථාංගයේ 56:28, නරක පුද්ගලයාගේ චරිතය නිරූපණය කරන්නේ අද්භූත මිනිසාගේ (බෙක් දොං-සූ) චරිතය නිරූපණය කරන නළුවාම ය.
  • ෂෂ්ඨමය චක්‍රයේ ගැටලු ඇත. එහි "දැන්" යනු 1777 = ජොං-යු 정유 වන අතර, එතැන්සිට "වසර දහයකට පෙර" යනු 1766 = බ්යොං-සුල් 병술 යන්නයි. එය බ්යොං-ජින් 병진 නොවේ. නමුත් කොරියානු නාදපථය ("සැමතැනම") සහ "රහස් පුස්තකාලය" (කථාංගය 14, 09:27) සඳහා චීන අක්ෂරවල විස්තර වන්නේ 丙辰年, එනම් 1796 යි.[12]

කලාත්මක අවසරය සංස්කරණය

මෙහි කථාංග විස්ස මගින් නිරූපිත සිදුවීම් 1777 (=වර්තමානය) සහ අතීතාවර්ජන 1766 (=වසර දහයකට පෙර) යන කාලයන්ට අයත් ය. මෙහි අන්තර්ගත සිත්තරුන්ගේ ඓතිහාසික තොරතුරු අනුව මෙම යුග දෙක අතර කලාත්මක අවසරයක් (artistic license) අවශ්‍ය වෙයි. මෙහි ඇති නිරවද්‍ය ‍විය යුතු තොරතුරු නම්:

  • යි මියොං-ගි සිත්තරා පිළිබඳ වාර්තා හමුවන්නේ 1791-1796 අතර කාලයේ ය. සියෝ ජික්-සු (කථාංගය 08) ගේ සිතුවම 1796දී සිතුවම් කළ එකකි.
  • චේ ජේගොං (කථාංගය 09) ගේ ආලේඛය සිතුවම 1792දී යි මියොං-ගි විසින් අඳින ලද්දකි. එය 1777දී කිම් හොං-දෝ සිතුවම් ක එකක් නොවේ.
  • ගං සේ-හ්වං ජීවත් වූයේ 1713-1791 අතර කාලයේ ය. එබැවින් ඔහු 1766දී ඝාතනය වූයේ නැත.
  • තේජෝ රජුගේ ආලේඛය සිතුවම වන තේජෝ ඉයොජින් යන්න 1872දී සිතුවම් කළ එකකි.
  • දාසන් ජොං යක්-යොං ජීවත් වූයේ 1762-1836 අතර කාලයේ ය. 1766දී ඔහු විසින් කිසිදු යන්ත්‍රයක සටහනක් ඇඳ නැත.
  • නම් ග්යේ-උ ජීවත්වූයේ 1811-88 අතර කාලයේ ය. ඔහුගේ සමනලුන් සිතුවම 1777 අවට සිතුවම් කළ එකක් නොවේ.

මෙවැනි කලාත්මක අවසරයන් හේතුවෙන් රචකයාට විස්තරාත්මකව ඒකාබද්ධතාවයකින් යුතුව කථාව ඉදිරිපත් කළ හැකි විය. මෙම කතාමාලාවේ සෑම කථාංගයක්ම ආරම්භ වන්නේ පෙරවදනකිනි. ඉන් කියැවෙන්නේ: "මෙම නාට්‍යයේ අන්තර්ගතය ඇතැම් ඓතිහාසික තොරතුරු සමග නොගැළපිය හැක" (පාඨයේ දකුණු පසින් ශෛලීකෘත තේමාව දක්වා ඇත)

පෙරවදන

මෙහි ඇතැම් ඓතිහාසික තොරතුරු විකෘති කොට තිබීම පිළිබඳ සමහර විද්වතුන් විවේචන සිදුකොට ඇත. එසේවුවද, මෙම කතාමාලාව මහජනයා අතර කලාත්මක තේමා පිළිබඳ උනන්දුව වැඩි කරලීමට සමත් විය. 2008 ඔක්තෝබර් 12 දින විවෘත කිරීමෙන් පසු සොංබුක්-දොංහි ගන්සොං කලා කෞතුකාගාරයේ වූ ප්‍රදර්ශනයට 200,000 පමණ නරඹන්නන් පිරිසක් ආකර්ෂණය වූ අතර, ඔවුහු ප්‍රදර්ශිත කලා නිර්මාණවල පිටපත් 2,000කට අධික සංඛ්‍යාවක් මිලට ගත්හ.[2]

විස්තරාත්මක සිතුවම් සංස්කරණය

මෙම කතාමාලාව තුළ තිහකට අධික සිතුවම් සංඛ්‍යාවක් විස්තර වන අතර, ඒ සෑම එකක් සඳහාම විස්තරයක් ද සපයා ඇත. හ්යේවොන් පුංසොක්දෝගේ සිතුවම් සඳහා මෙම කර්තව්‍යය බෙහෙවින් නිශ්ඵල වී ඇත්තේ මේවායේ වත්මන් තේමා නාමයන් එම සිතුවම් ඇඳ සියවසකට පමණ පසු වෙනත් පුද්ගලයින් විසින් තැබූ ඒවා නිසායි.

외유사생 (දිවියෙන් සිතුවම් කිරීමට චාරිකාවක්) කථාංගය 01 සංස්කරණය

ගං හුයි-අන් (1417-1464)
ගොසා.ග්වංසු
고사관수도
දිය අසල සිටින ශිෂ්‍යයා
ෂින් යුන්-බොක්
ගිදාලිම්
기다림
නැවතුම
කිම් හොං-දෝ
සොංහා.මේංහෝ
송하맹호도
ගස යට සිටින ව්‍යාඝ්‍රයා
කිම් හොං-දෝ
සොංහා.ච්විසෙං
송하취생도
ගස යට සිටින බේබද්දා
දිවියෙන් සිතුවම් කිරීමට චාරිකාවක් [외유사생]

장파형 (කුණාටුවට පෙර) කථාංගය 02 සංස්කරණය

හ්යේවොන් පුංසොක්දෝ
චුන්සෙක්.මන්වොන් 춘색만원
වසන්ත සිරියාව සියලු තැන් වසා ගනී
තිත් නවය, පහර සතර
හ්යේවොන් පුංසොක්දෝ
සොන්යොන්.ජොන්හොං 소년전홍
අසලියා මලක් නෙළන ළමයා
කුණාටුවට පෙර [장파형]

장파형수 (අත මිරිකීමේ දඬුවම) කථාංගය 03 සංස්කරණය

ෂින් යුන්-බොක්, ගිදාලිම් 기다림
දන්චොංසිල්-ආරේ සිතුවම්
අත මිරිකීමේ දඬුවම [장파형수]

군선도 (අමරණීයයන් දහනවදෙනාගේ සිතුවම) කථාංගය 04 සංස්කරණය

කිම් හොං-දෝ; ගුන්සොන්දෝ, 군선도, 1777
අමරණීයයන් දහනවදෙනාගේ සිතුවම

단오풍정 (දානෝ දිනයේ දර්ශනය) කථාංගය 05 සංස්කරණය

හ්යේවොන් යෝසොක්දෝ
ජංගොස්.ඉබ්‍යුන්.යෝඉන්
장옷 입은 여인
මාව හඳුනා නොගන්න !
හ්යේවොන් පුංසොක්දෝ
දානෝ.ජුංජොං
단오풍정
දානෝ දිනයේ දර්ශනය
කිම් හොං-දෝ
හ්වංම්යෝ.නොංජොප්
황묘농접
සමනලයකු දෙස බලාසිටින බළලා
දානෝ දිනයේ දර්ශනය [단오풍정]

동제각화 (එකම තේමාව, සිතුවම් ද්විත්වය) කථාංගය 06 සංස්කරණය

හ්යේවොන් පුංසොක්දෝ
ජුසා.ගෝබේ 주사거배
සුරාසලේ කුළුණු
දන්වොන් පුංසොක්දෝ
ජුමක් 주막
සුරාසලේ ජනයා
එකම තේමාව, සිතුවම් ද්විත්වය [동제각화]

정풍 (සාක්ෂි රැස්කිරීම) කථාංගය 07 සංස්කරණය

දන්වොන් පුංසොක්දෝ
දේජංගන් 대장간
යකඩකරුවන්
හ්යේවොන් පුංසොක්දෝ
මුන්යෝ.සින්මු 무녀신무
යකැදුරුවරියගේ නර්තනය
සාක්ෂි රැස් කිරීම [정풍]

어진화사 1 (රාජකීය ප්‍රධාන සිතුවම් ශිල්පියා) කථාංගය 08 සංස්කරණය

හ්යේවොන් පුංසොක්දෝ
ග්යේබොන්.ගාහ්වා 계변가화
දොළ අසල වීදියේ පුවත
දන්වොන් පුංසොක්දෝ
බල්රේ.තියෝ 빨래터
රෙදි ඇපුල්ලුම්පොල
යි මියොං-ගි, කිම් හොං-දෝ
서직수 초상
සියෝ ජික්-සු (1796) ගේ රුව
යුන් දු-සියෝ (1668-1715) ගේ ස්ව ආලේඛය සිතුවම
윤두서 자화상
ජොං ත්‍රිත්වය, පංච අක්
රාජකීය ප්‍රධාන සිතුවම් ශිල්පියා [어진화사 1]

어진화사 2 (රාජකීය ප්‍රධාන සිතුවම් ශිල්පියා) කථාංගය 09 සංස්කරණය

යි මියොං-ගි
채제공의 초상화
චේ ජේ-ගොං (1792) ගේ රුව
රාජකීය ප්‍රධාන සිතුවම් ශිල්පියා [어진화사 2]

어진화사 3 (රාජකීය ප්‍රධාන සිතුවම් ශිල්පියා) කථාංගය 10 සංස්කරණය

විවිධ සිත්තරුන් (1872)
තේජෝ ඉයොජින් 태조 어진
තේජෝ රජුගේ ප්‍රත්‍යාවලෝකන ආලේඛය
රාජකීය ප්‍රධාන සිතුවම් ශිල්පියා [어진화사 3]

어진화사 4 (රාජකීය ප්‍රධාන සිතුවම් ශිල්පියා) කථාංගය 11 සංස්කරණය

ගං සේ-හ්වං (1713–1791)
강세황의 자화상
ස්ව ආලේඛය (1784)
රාජකීය ප්‍රධාන සිතුවම් ශිල්පියා [어진화사 4]

봉심 (බොංගිස්ම් ඇගැයීම) කථාංගය 12 සංස්කරණය

(1862)
චොල්‍ජොං රජුගේ රුව
බොංගිස්ම් ඇගැයීම [봉심]

생과 사 (දිවිය සහ මරණය) කථාංගය 13 සංස්කරණය

නම් ග්යේ-උ (1811-88)
남계우 - 군접도
සමනලුන්
දිවිය සහ මරණය [생과사]

잃어버린 예진 (නැතිවූ යේජින් සෙවුම) කථාංගය 14 සංස්කරණය

ෂෙන් ක්වාන් (1682—1760)
පයින්, ප්ලම් සහ කොකුන්
(1759)
ඔකාදා බෙයිසන්ජින් (1744-1820)
ගසක් යට සිටින විද්වතුන්
හ්යේවොන් පුංසොක්දෝ
චොංගුම්.සංග්ර්යොන් 청금상련
ගෝමුන්ගෝ සංගීතය, නෙළුම් සුවඳ
නැතිවූ යේජින් සෙවුම [잃어버린 예진]

다섯개의 초상 (පංච උණබට සිතුවම) කථාංගය 15 සංස්කරණය

දන්වොන් පුංසොක්දෝ
මුදොං 무동
නටන ළමයා
කිම් හොං-දෝ
සන්සුහ්වා 김홍도 - 산수화
කඳු
හ්යේවොන් පුංසොක්දෝ
ගිබං.මුසා 기방무사
විවේක ගන්නා සෙබලා
කිම් හොං-දෝ
හාහ්වා-චොංජොං 하화청정도
නෙළුම් සහ බත්කූරන්
පංච උණබට සිතුවම් [다섯개의 초상]

얼굴없는 초상 (මුහුණ නොමැති රුව) E16 සංස්කරණය

මුහුණ නොමැති රුව
(යි ජේග්වන්ගේ අනුග්‍රහයෙනි)
හ්යේවොන් පුංසොක්දෝ, වෝල්හා.ජොංගින් 월하정인
සඳඑළිය යට පෙම්වතුන්

මැදියම් රැයේ,
සඳ අඳුරු විට,
දෙහදක් එක් වේ.
හ්යේවොන් පුංසොක්දෝ
සංචුන්.යාහ්‍යුං 상춘야흥
ප්‍රීතිමත් වසන්ත දිනය
මුහුණ නොමැති රුව [얼굴없는 초상]

십년전 여인 (වසර දහයකට පෙර සිට ආ දැරිය) කථාංගය 17 සංස්කරණය

ජෝස්ට අමාන් (1539-1591)
"Das Ständebuch (1568)".
කඩදාසි නිපදවීම
හ්යේවොන් පුංසොක්දෝ
යුග්වක්.ජේන්ගුං 유곽쟁웅
වෛශ්‍යා නිවසේ වීරයා
වසර දහයකට පෙර සිට ආ දැරිය [십년전 여인]

원수 (සතුරන්) කථාංගය 18 සංස්කරණය

හ්යේවොන් පුංසොක්දෝ
වොල්හා.මිල්හෝ 월야밀회
සඳ සෙවණේ රහස් සම්බන්ධය
ගාඕ ක්විපෙයි (1672-1734)
කකුළුවන් සහ කපුරු
හ්යේවොන් පුංසොක්දෝ
ඉබු.තම්චුන් 이부탐춘
වසන්තයේ ඉඩ දෙන මැතිණිය
සතුරන් [원수]

쟁투 (සටන) කථාංගය 19 සංස්කරණය

හ්යේවොන් පුංසොක්දෝ
සංගොම්.දේමු 쌍검대무
ද්විත්ව අසිපත් නර්තනය
දන්වොන් පුංසොක්දෝ
සිර්‍යුම් 씨름
මල්ලවපොරය
සටන [쟁투]

미인도 (රූමතියකගේ ආලේඛය) කථාංගය 20 සංස්කරණය

ෂින් යුන්-බොක්
මිඉන්දෝ 미인도
රූමතියගේ ආලේඛය
සිතුවමක අරුත,
අභිලාෂය සහ බලාපොරොත්තුව
නො වේ ද?

මූලාශ්‍ර සංස්කරණය

  1. චුං, ආ-යොං (9 ඔක්තෝබර් 2008). "මිස්ට්‍රියස් ආටිස්ට් රීසර්ෆසස් ඔන් මොඩර්න් කල්චර් සීන්". ද කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2012-11-18.
  2. 2.0 2.1 ලී, ඉයුන්-ජූ (31 ඔක්තෝබර් 2008). "ෆැක්‍ට් ඇන්ඩ් ෆික්ෂන් මෙල්ඩ් ඉන් ද ලයිෆ් ඔෆ් මිස්ට්‍රියස් ජොසොන් පේන්ටර්". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 2012-11-18.
  3. යැං, සුං-හී (25 ඔක්තෝබර් 2008). "ඉරෝටික් අයිකන්". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 2012-11-18.
  4. කං හ්යේ-රන්, ලී ඉයුන්-ජූ (10 සැප්තැම්බර් 2008). "අප්කමිං ඩ්‍රාමා පේන්ට්ස් ලයිව්ස් ඔෆ් ටූ ජොසොන් මාස්ටර්ස්". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 2012-11-18.
  5. හන්, සං-හී (23 සැප්තැම්බර් 2008). "කොරියා'ස් ස්වීට්හර්ට් මූන් බිකම්ස් මිස්ට්‍රියස් ආටිස්ට්". ද කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2012-11-18.
  6. ක්වොන්, මී-යූ (11 ජනවාරි 2008). "මූන් ගියුන්-යොං රිටන්ස් ටු ටීවී ස්ක්‍රීන්". ද කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2012-11-18.
  7. හොං, ලුෂියා (15 ජූනි 2010). "දපේන්ටර් ඔෆ් වින්ඩ් වින්ස් අවෝඩ් ඇට් ටීවී ෆෙස්ටිවල් ඉන් ෂැංහයි". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
  8. ගාසියා, කැතී රෝස් ඒ. (14 ඔක්තෝබර් 2008). "ඇක්ට්‍රස් බ්‍රේක්ස් නෝස්, ෆෝල්ස් ඉන්ටු වෙල්". ද කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2012-11-18.
  9. කං, මියොං-සොක් (6 මැයි 2010). "10ලයින්: ඇක්ට්‍රස් මූන් ගියුන්-යොං". 10Asia. සම්ප්‍රවේශය 2012-11-18.
  10. හන්, සං-හී (11 දෙසැම්බර් 2008). "පාක් බෑන්ඩ් ෆ්‍රොම් මේජර් ප්‍රොඩක්ෂන් කම්පනීස් වර්ක්ස්". ද කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2012-11-18.
  11. "පේන්ටර් ඔෆ් ද වින්ඩ් – සාරාංශය 9". ඩ්‍රාමාටොමි. 31 ඔක්තෝබර් 2008. සම්ප්‍රවේශනය 2013-04-30.
  12. "පේන්ටර් ඔෆ් ද වින්ඩ් – සාරාංශය 13". ඩ්‍රාමාටමි. 13 නොවැම්බර් 2008. සම්ප්‍රවේෂණය 2013-04-30.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පේන්ටර්_ඔෆ්_ද_වින්ඩ්&oldid=386382" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි