වචනයක් සේ සැලකිය හැකි ඕනෑම දෙයක් පෙළ (Text) නමින් හැඳින් වේ. සාමාන්‍යයෙන් අගයක් (Value) හෝ සමීකරණයක් (Formula) නොවන ඕනෑම දෙයක් Text වශයෙන් සැලකීම පැතුරුම්පත්වල (Spreadsheet) ස්වභාවය යි. පැතුරුම්පතක දී නම් යම්කිසි අගයයක් එකක් ලෙස ඇතුළු කිරීමේදී විශේෂයෙන් එය එකක් ලෙස හඳුන්වා දීමක් කළ යුතුය.

දත්ත ගොනු (Databases) සම්බන්ධ ව වැඩ කිරීමේදී ගණනය කිරීමට නොහැකි හෝ ගණනය නොකරන දේ Text වශයෙන් සලකනු ලැබේ. එසේම දත්ත ගොනුවක දී යම් ගොනුවකට දත්ත ඇතුළු කිරීමට කලින් එම දත්තය කුමන ආකාරයේ එකක් දැයි සඳහන් කළ යුතු අතර Text යනු එම ආකාරවලින් එකක් වේ.

සමහර මෘදුකාංගවලදී මෙය Label යනුවෙන් ද පරිගණක භාෂාවලදී මෙය String යනුවෙන් ද හඳුන්වනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=පෙළ&oldid=67003" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි