පෙරස් ලෝහ විද්‍යාව

යකඩ සහ එහි මිශ්‍ර ලෝහයන්හී ලෝහ විද්‍යාව හෙවත්, පෙරස් ලෝහ විද්‍යාව ආරම්භ වූයේ ප්‍රාග්-ඓතිහාසික යුගයෙහිය.දැනට හමුවී ඇති පැරණිතම යකඩ මානවකෘතිය ක්‍රිපූ 4වන සහස්‍රකයෙහිදී ඊජිප්තුවෙහිදී,[1] උල්කාශ්ම යකඩ-නිකල් වෙතින් නිමවා ඇත.[2]

මධ්‍යතන යුගය තුල යකැටි ඌෂ්මකයක ලෝහ උණු කිරීම .

ලෝකයෙහි විශාලතම සහ වඩාත්ම නූතන භූගත යපස් නිධිය ක්‍රියාත්මක වන්නේ ලැප්ලන්තයයෙහි, නොර්බොට්ටන් කෝරළයෙහි, කිරුනා නගරයෙහිය.[3]ප්‍රවර්ලය:ජූනි 2016 සිට ගැනෙන විශ්වාසනීය මූලාශ්‍ර නොමැති ලිපි[විශ්වාසනීය නොවන මූලාශ්‍රය?] විශාල ස්වීඩන පතල්-සමාගමක් වන ලුවෝසවෝරා-කිරුනාවාරා AB වෙත අයිති මෙම පතල විසින්, ටොන් මිලියන 26 කට වැඩි යපස් වාර්ෂිකව නිෂ්පාදනය කෙරෙයි.

උල්කා යකඩ සංස්කරණය

 
ලෝකයෙහි හයවන විශාලතම විලෑමට් උල්කාපාතය, යකඩ-නිකල් උල්කාපාතයකි.
 
යකඩ උල්කාපාත ඉතා ප්‍රබල ලෙසින් නිකල්-යකඩ මිශ්‍ර ලෝහ වෙතින් සමන්විත වෙයි. මෙම උල්කාපාත වෙතින් ලබා ගත් ලෝහය උල්කා යකඩ ලෙසින් හැඳින්වෙන අතර මානවයන් වෙතවූ භාවිත කල හැකි යකඩ වල පැරණිතම මූලාශ්‍ර අතරින් එකක් විය.

පෘථිවිය මත පතිත වන උල්කාපාත වෙතින් 6% පමණ සමන්විත වන්නේ යකඩ–නිකල් මිශ්‍ර ලෝහ වෙතින් වන අතර, ඒවා භාවිතයෙන් යකඩ නිස්සාරණය කෙරිණි. මෙම මූලාශ්‍රය සක්සුදක්සේ සහතික වශයෙන් ප්‍රකාශ කළ හැක්කේ එවැනි යකඩ රත් නොකොට හෝ අඩු උෂ්ණත්වයට රත් කොට හෝ ලෝහ කර්මාන්තය සිදුකරද්දී සංරක්ෂණය වන අනූපම ස්ඵටිකරූපී ලක්ෂණ ( විඩ්මන්ස්ටෙන් රටාවන්) නිසාවෙනි. මෙම රටාවන් දක්නට ලැබෙන මානවකෘති අතර, නිදසුන් ලෙසින්, ඉරානයෙන් හමුවී ඇති ක්‍රිපූ 5වන සහස්‍රයෙහි පබළු ඇටයක් [2] පුරාතන ඊජිප්තුවෙන් සහ සුමේරියානු රාජ්‍යයෙන් හමුවූ ක්‍රිපූ 4000 පමණ කාල නිර්ණය කෙරුණු හෙලි තුඩු සහ ආභරණ දැක්විය හැකිය. [4]

මෙම මුල් භාවිතයන් විශාල වශයෙන් උත්සවාකාර හෝ අලංකාරක හෝ බව පෙනී යයි. උල්කා යකඩ බෙහෙවින් දුර්ලභ වන අතර, බොහෝ විට මෙම ලෝහය අතිශයින් මිල අධික වන්නට ඇති අතර, සමහරවිට රත්රන් වලට වඩා මිල අධික වන්නට ඇත. ක්‍රිපූ දෙවන සහස්‍රයෙහි පළමුවන සියවස් තුලදී මුල් හිටයිවරු විසින් පැරණි ඇසිරියන් අධිරාජ්‍යය හා සමගින් (උල්කා හෝ උණුකල හෝ) යකඩ වෙනුවට, යකඩ බරින් 40 ගුණයක් රිදී ලෝහය ලැබෙන පරිදී ද්‍රව්‍ය හුවමාරුව සිදුකල බව පෙනෙයි. [5]

වසර 1000 පමණ කාලයෙහිදී , ග්‍රීන්ලන්තයෙහි තූලර් ජනයා විසින් කේප් යෝර්ක් උල්කාපාතයෙහි කැබලි භාවිතයෙන් ඇවුලුම් බිලි, පිහි, ඌලු පිහි සහ අනෙකුත් තල සහිත මෙවලම් තැනීම ඇරඹීම හා සමගින්, ආක්ටික් ප්‍රදේශයෙහිදී උල්කා යකඩ වෙතින් මෙවලම් තැනීම ඇරඹුනු බවක් පෙනෙයි.


ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. රෙහ්රන්, ටී; et al. (2013). "5,000 ඉයර්ස් ඕල්ඩ් ඊජිප්ෂන් බීඩ්ස් මේඩ් ෆ්‍රොම් හැමර්ඩ් මීටියොරටික් අයන්" (PDF). ජර්නල් ඔෆ් ආකියොලොජිකල් සයන්ස්. 40 (12): 4785–4792. doi:10.1016/j.jas.2013.06.002.
  2. 2.0 2.1 Photos, E. (1989). "The Question of Meteoritic versus Smelted Nickel-Rich Iron: Archaeological Evidence and Experimental Results". World Archaeology. 20 (3): 403–421. doi:10.1080/00438243.1989.9980081. JSTOR 124562. S2CID 5908149.
  3. "කිරුනා අයන් ඕර් මයින්, ස්වීඩ්න්". mining-technology.com. 2010. 2010-05-29 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2010-08-29.
  4. ආර්. එෆ්. ටයිල්කෝට්, අ හිස්ට්‍රි ඔෆ් මෙටලජි (2වන සංස්, 1992), 3
  5. වෙයින්හොෆ්, ක්ලාස්; අයිඩම්, ජෙස්පර් (2008). මෙසපොටේමියා : අන්නේඑරුන්ගන්. සෙන්ට්-පෝල්. p. 84. ISBN 978-3-525-53452-6.
"https://si.wikipedia.org/w/index.php?title=පෙරස්_ලෝහ_විද්‍යාව&oldid=602754" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි