ක්‍රි.ව 3300-1700 වකවානුවේදී පකිස්ථානය, බටහිර ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානය ඇතුළු විශාල බිම් ප්‍රදේශයක් පුරා ඉන්දු නිම්න ශිෂ්ටාචාරය විහිදී පැවතිණි. මෙය "හරප්පා” ශිෂ්ටාචාරය ලෙස ද හැදින්වේ. අතීතයේ දී ඉන්දු නිම්න ශිෂ්ටාචාර වැසියන් සුමේරියන්වරු සමඟ ද සම්බන්ධතා පවත්වා ඇතිමුත් මෙය වර්තමාන ලෝකයට දැන ගැනීමට හැකිවූයේ 1920 දී සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වල ප්‍රතිඵලයක් ලෙසය.

මෞර්ය රාජධානියේ දේශපාලන අනුව සකස් කල සිතියම

සංස්කෘත භාෂාවෙන් ලියැවී ඇති සෘග්වේදයට අනුව මෙහි ඉතිහාසය ක්‍රි.ව 1500 දක්වා විහිදී ඇත. සංස්කෘත සාහිත්‍යයේ සඳහන් වන පරිදි ක්‍රි.ව 500 දී පමණ මෙහි පාලනය රාජාණ්ඩු සහ සමූහාණ්ඩු 16 ක් යටතේ සිදුවිණි. ඒ අතරින් මගධය, කෝසල හා කුරු යන රාජ්‍යයන් ප්‍රධාන තැනක් ගනී. රාමායනය, මහා භාරතය වැනි මහා වංශකතාවන්ද මෙකල බිහිවී ඇතැයි සැලකේ.

ක්‍රි.ව. 6 දී බුදුරජාණන් වහන්සේගේ පහළ වීමත් සමඟ ඉන්දියානු ඉතිහාසයේ පිබිදීමක් දක්නට ලැබේ. එවකට "මහජනපදාස්” නමින් හැදින්වූ රාජ්‍යයන් 16 අතරින් අශෝක අධිරාජ්‍යයාගේ බලවත් වීමත් සමඟ මගධ රාජ්‍යය වඩාත් ප්‍රබල විය. දකුණු ඉන්දියාවේ පැවති කේරළ පාණ්ඩ්‍ය හා චෝළ වැනි කුඩා දෙමළ රාජ්‍යයන්ගේ සහය ද ඊට ලැබිණි.

ක්‍රි. වර්ෂ 320-550 අතර කාලවලදී පැවති ගුප්ත අධිරාජ්‍යයාගේ සමයේදී ද ආගමික හා අධ්‍යාපනික වශයෙන් ඉන්දු වැසියන් ඉතා දියුණු මට්ටමක සිටි බව ඉතිහාසයේ සඳහන් වේ. එකල භාවිතා වූ ප්‍රධාන භාෂාව සංස්කෘත වූ අතර ඊට අමතරව ප්‍රාදේශීය වශයෙන් භාවිතා වූ භාෂා කීපයක් ද විය.

ශතවර්ෂ 1-15 ත් අතර කාලයේ ඉන්දියාව, ආර්ථීක වශයෙන් මහත් වූ දියුණුවක් අත්කරගෙන තිබූ අතර මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූවායින් පසුව එම ගොඩනගාගත් ආර්ථීක සංවර්ධනය ශිඝ්‍ර කඩාවැටීමකට ලක්විය.


Ancient_history Ancient_India
"https://si.wikipedia.org/w/index.php?title=පුරාණ_ඉන්දියාව&oldid=503786" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි