පුර්ණ තත්ත්ව කළමනාකරණය

පූර්ණ තත්ත්ව කළමනාකරණය සංස්කරණය

විකිපීඩියා වෙතින් Jump to navigation Jump to search

තත්වය (Quality) යනු භාවිතය සඳහා සුදුසු වීමයි (Fitness for use), නැතහොත් එසේ ඇති හැගීමයි. පුර්ණ තත්ත්ව කළමනාකරණය යනු, සංවිධානයක සැම ක්ෂේත්‍රයක් ම සහ කාර්යයක් ම සම්බන්ධයෙන් අඛණ්ඩ වර්ධනය ළඟා කරගැනීම සඳහා කැපවූ සංවිධාන සංස්කෘතියක් (Organizational Culture) නිර්මාණය කර ගැනීමයි. වඩාත් පුළුල් ලෙස නිර්වචනය කළහොත්, නිෂ්පාදන වල , ක්‍රියා පටිපාටියන්හි, මානව සහ භෞතික සම්පත් වල තත්වය කළමනාකරණය කරගැනීම තුලින් බාහිර සහ අභ්‍යන්තර පාරිභෝගිකයින් තෘප්තිමත් කිරීම සඳහා ඇති ව්‍යුහගත ක්‍රමවේදයක් පුර්ණ තත්ත්ව කළමනාකරණය තුලින් හඳුන්වා දෙයි.

පටුන සංස්කරණය

තත්ත්ව පාලනය සංස්කරණය

ඉජිනේරැ විච්‍යාව හා නිෂ්පාදනයේදි තත්ත්ව පාලනය හා ගුණාත්මක ඉංජිනේරැ ශිල්පය මගින් පාරිභෝගිකයාගේ අවශ්‍යතාව සපුරාලීමට වගබලාගනී. මෙම ක්‍රමය ඉංජිනේරැ විද්‍යාව හා ව්‍යාපාරයන් සම්බන්ධ කර නිර්මාණය කර ඇත.

ඉතිහාසය

ඉතිහාසයේ වඩු වැඩ කර්මාන්තයක් ලෙස ඇරඹු විම එහි ගුණාත්මක බව පිළිබද පාරිභෝගිකයාට තිරණය කිරිමට දුනි (Let the buyer bewore)
Arcminate Arcminute යනු අංශයින් 1/60 ප්‍රමාණයකි)
මධ්‍යකාලීනයේදි ශිල්ප ශ්‍රේණි සම්බන්ධ ශිල්පීන්, ගුණාත්මක භාවයේ වගකිම ඔවුන් මතට ගැනීම
රාජකීය බ්‍රිතාන්‍ය රජකියන් ගුණාත්මක බවින් යුතු අමුද්‍රව්‍ය මිලය ගැනිම Johm of England රජුගේ සමයේ නැව් වල නිෂ්පාදනය හා අළුත් වැඩියාවන් පිරික්සුමට Willem Worthem පත්කිරිම. එංගලන්තයේම සයවසේ කිහිපයකට පසු Somuel pepys අද්මිරාල් මෙවැනි නිලයන් කිහිපයක් පත් කලේය.

කාර්මික විප්ලවය සමග මිනිසුන් රාශියක් සේවය කරන තැත් ඇතිවිම සමග ඔවුන් පරික්ෂාවට තනතුරැ පත්කිරිම අවුරැදු 82-92 සිට තතත්ව සහතික කිරීම ජනප්‍රිය ක්‍රමය වී තිබේ.

මුලධර්ම සංස්කරණය

  1. තත්ත්ව කළමනාකරණය කල යුතුමය සහ එසේ කල හැක - Quality can and must be managed.
  2. ආයතනයේ සැම සේවකයෙකු හටම සතුටු කිරීම සඳහා (අභ්‍යන්තර හෝ බාහිර) පාරිභෝගිකයෙකු ඇත - Everyone has a customer to delight.
  3. මිනිසුන් නොව, ක්‍රියාමාර්ග (කාර්ය ක්‍රමයන්) වල ගැටළු තිබේ - Processes, not people , are the problem.
  4. තත්වය සඳහා සැම සේවකයෙකුම වගකිව යුතුය - Every employee is responsible for quality.
  5. ගැටළු පැමිණීමට පෙර වැළක්විය යුතුය - Problems must be prevented, not just fixed.
  6. තත්වය මන බැලිය යුතුය , එවිට පාලනය කල හැකිය - Quality must be measured so it can be controlled..
  7. තත්ත්ව වර්ධනය නොනවත්වාම කල යුතුය - Quality improvement must be continuous.
  8. පාරිභෝගිකයන්ගේ ඉල්ලීමට අනුව තත්ත්ව ඉලක්කයන් සකස්කළ යුතුය - Quality goals must be based on customer requirements.

යම් වරදක් සිදු වූ විට, එහි මුලය සොයාගන ඉක්මනින් ම නිවැරදි කිරීම පුර්ණ තත්ත්ව කළමනාකරණයේ දී ඉතා වැදගත් කාර්යයකි. මෙමගින් නැවතත් එවන් වරදක් සිදුවීම වලකාලයි. මේ අනුව පුර්ණ තත්ත්ව කළමනාකරණය යටතේ සංවිධානයක සෑම අංශයකම අඛණ්ඩ වර්ධනයක් බලාපොරොත්තු වෙයි.

අඛණ්ඩ වර්ධනයක් කරගැනීම සඳහා සංවිධානයක සේවාමය ගුණාත්වයක් ඇතිකිරීම, නිමැවුම් චක්‍රය වර්ධනය කිරීම,නම්‍යශීලී භාවය වර්ධනය කිරීම , පිරිවැය අවම කිරීම ආදී අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතුයි. මෙහිදී සේවකයන් සඳහා අධිකරීමය බලය ලබාදෙමින්, ඔවුන්ගේ අදහස් මෙම ක්‍රියාවලිය සඳහා සෘජුවම භාවිතා කල යුතුයි.

අඛණ්ඩ වර්ධනයක් ඇතිකර ගැනීම සඳහා භාවිතා කළහැකි ශිල්ප ක්‍රම සංස්කරණය

  1. කර්මාන්තයේ සිටින දක්ෂ ව්‍යාපාරිකයන් උපලක්ෂණය කිරීම - Benchmarking
  2. පාලන සටහන් - Control Charts
  3. විසිරුණු සටහන් - Scatter Diagram
  4. හේතු-එල විශ්ලේෂණය - Cause & Effect Diagram
  5. පැරටෝ විශ්ලේෂණය - Pareto Analysis
  6. ප්‍රවාහ සටහන්- Flow Charts
  7. ජාල රේඛය - Histograms
  8. ස්වොට් (SWOT) විශ්ලේෂණය
  9. ගාන්ට් සටහන (Gantt Chart)

ඩේමින් ගේ මතය සංස්කරණය

විලියම් එඩ්වර්ඩ් ඩේමින්

පුර්ණ තත්ත්ව කළමනාකරණය පිලිබඳ විවිධ දේශකයින් මත ඉදිරිපත් කර ඇති අතර එඩ්වඩ් ඩේමින් විසින් හඳුන්වාදෙනු ලැබූ කළමනාකරණ ක්‍රමවේදයන් ට අනුව, පුර්ණ තත්ත්ව කළමනාකරණය ප්‍රධාන කරුණු 14 කට සාරාංශ කල හැක.

  1. සංගත කාර්යය - Constant Purpose
  2. නව දර්ශනය - New Philosophy
  3. පරීක්ෂාව තුලින් ගුණත්වය අත්හැරීම - Give up on Quality by inspection
  4. අඩුම පිරිවැය සැපයුම්කරු මගහැරීම - Avoid the constant search for lowest cost Supplier
  5. අඛණ්ඩ වර්ධනයක් සෙවීම - Seek continuous Improvement
  6. සියලුම දෙනා පුහුණු කිරීම - Train Everyone
  7. නියම නායකත්වයක් ලබාදීම - Provide real leadership
  8. රැකියා ස්ථානයෙන් බිය තුරන් කිරීම - Drive fear out of the workplace
  9. කණ්ඩායම් ක්‍රියාකාරීත්වය දිරිමත් කිරීම - Promote team work
  10. සංකේත සහ ඉලක්ක මගහැරීම - Avoid slogans and targets
  11. සංක්‍යාත්මක ඉලක්ක ඉවත්කිරීම - Get rid of numerical Quotas
  12. සේවක තෘප්තියට හේතුවන බාධාවන් ඉවත් කිරීම - Remove barriers to employee pride
  13. අධ්‍යාපනය සහ ස්වයං වර්ධනය - Education and self-improvement
  14. රැකියාවල පරිවර්තනය - Transformation of everyone's job

පුර්ණ තත්ව කළමනාකරණය සංස්කරණය

පුර්ණ තත්ත්ව කළමනාකරණය - Total Quality Management (TQM) TQM යනු කාර්ය මණ්ඉලයේ සියළු ක්‍රියාකාරකම් සදහා ගුණවත්බව පිලිබද වැටහිමක් ලබාදෙන උපාය මාර්ගයකි. TQM නිෂ්පාදන ක්‍රියාවලියේ, අධ්‍යාපනික රාජ්‍ය හා සේවා ආයත වල භාවිතාවේ. NASA හි අභ්‍යවකාශය හා විද්‍යාත්මක වැඩමුළු වලදිත් මෙම ක්‍රමය භාවිතා වේ.

TQM ව්‍යාකරණ 3 කින් සමන්විත වේ.

Total (සම්පුර්ණ) - සම්පුර්ණ ආයතන , සපයුම් වර්ග භාණ්ඩක ජිව චක්‍රය (Life Cycle) Quality - ගුණවත්බව Management - කළමණාකරණය (සැලසුම් කිරීම, සංවිධානය, පාලනය, මෙයෙවිම වැනි දෑ.)

ISO හි අර්ථ දැක්විම TQM යනු ගුණාත්ම බව කේන්ද්‍රකරගත්, සහභාගිවන කණ්ඩායම පදනම් වු දිගුකාලීන පාරිභෝගික තෘප්තිය (Customer Satisfaction) මගින් සමාජයට හා ආයතනයට වැඩි උදාකරණ ක්‍රමයකි.

මෙහි ප්‍රධාන අරමුණක් නම් සැම ක්‍රියාකාරකමකට විචලතාව අවම කිරිමයි. එමගින් දිගුකාලීන යහපැවැත්මක් ඇති වේ. (Royee D, thyer B, Pedsett D හා Logen T ) ජපානයේ TQM ක්‍රියාවලිය 4 කින් සමන්විත වේ. Kazen - අඛණ්ඩ දියුණුව (ව්‍යාපෘති නැවත කිරිමට හැක)

Atorimoe Hishitu - විය යුතු දේ ඒ අයුරින්ම සිද්ධ වේවි (උදාහරණයක් ලෙස පැනක් මගින් ලිපි ලිවිය හැක)

Locrse - පාරිභෝජකයා නිශ්පාදිතය භාවිතා කරන අයුරැ බලා වැඩිදියුණු කිරීම

Miryokuteki Hinshistu- නිෂ්පාදකයේ සංවේදි ගුණයක් තිබිය යුතුයි (උදාහරණ ලෙස පැන ලිපිය යුත්තේ ලියන්නාට අවශ්‍ය පරිදිය.)

TQM මගින් ආයතනයේ සියළු අංශයන්ගේ මෙම ගුණාත්මක තත්ත්වයක් පවත්වාගෙන යාමට උපදෙස් දෙයි මෙහිදි කරන ක්‍රියාව පලමු වරට නිවැරදිව කර දොස් ඇතිවිම හා නාස්තිය වලක්වා ගැනිම සිදුවේ.

තත්ත්ව සහතිකය සංස්කරණය

තත්ත්ව සහතික කිරිමට, නිර්මාණය, ප්‍රවර්ධනය, නිෂ්පාදනය, ස්ථාපනය, සේවය හා ලේඛණගත කිරිම යන සියළු ක්‍රයිවන් අයත්වේ. "උවමනාව සරිලිම (Fit for purpose) " හා පළමුවර නිවැදිව නිපදවිම" යන පුරැදු හදුන්වාදිම තත්ත්ව සහතකිය මගින් සිදුවිය. මේ සදහා ගුණාත්මක අමුද්‍රව්‍ය මිලට ගැනීම, එකලස් කිරීම භාණ්ඩ හා උපාංග සේවාවන් සම්බන්ධ වු නිෂ්පාදිත, කළමණාකරණය, නිෂ්පාදනය හා පරික්ෂාවන් සදහා වෙන වෙනම තත්ත්වයන් හා රෙගුලාසි නියම කර ඇත.

තත්ත්ව සහතිකයට යොදාගන්නා ජනප්‍රිය ක්‍රමයක් වන්නේ PDCA (Plan do check Act) සලසුම් කරන්න, යොදද්ද, පරික්ෂාකරන්න, ක්‍රියාකරන්න ක්‍රමය හෙවත් Shewort වක්‍රයයි.

අසමත්විම් පරික්ෂා කිරීම පාරිභෝජික ද්‍රව්‍ය සඣහා අසාර්ථ වේදැයි යන පරික්ඹාව, නිෂ්පාදන ක්‍රිටාවලියේ කල යුතුය. උෂ්ණත්වය, දෙදරිම හා ආර්ද්‍රතාවයේ වැඩිවිමෙන් භාණ්ඩයෙක් අසාර්ථ විය හැක. මෙම ක්‍රියාවලියේදි බලාපොරොත්තු නොවු දුර්වලතාවන් සොයා එමගින් නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කල හැක. මෙවැනි සරල වෙනස්විම් මගින් නිධෂ්පාදනෙය් දියුණුවක් ලබාගත හැක. (අච්චුව නොඇලෙන තින්ත, අගුලට වොෂර් දහ පුහුනුවිම් ලබාදිම (ඇණ ඇති නොවේ)

සංඛ්‍යානය පානය

බොහෝ ආයතන සංඛ්‍යනය පාලවයෙන් ආයතන "Six Sigma" තත්ත්වයට ගෙනවිම තැත් කරයි. එනම් ප්‍රමිත ව්‍යාප්තිය (Normal Distribution) Six Sigma හි සම්මත අපගමනය(Standard Devicition)සාන කිරිමයි. මෙලෙස පාලනය කල හැකි සම්භාවිතාවය මිලියන 4 ක් පමණ ‍වේ. මෙහිදි බොහා් අණවුම් නිවැරදි ලේඛනගත කිරිම ආදි ලිපිකාරකාර්තව්‍යයන් වැදගත් වේ. සාම්ප්‍රදායික අහඹුලෙස කතාරාගෙනව පරික්ෂාවෙන් ස්‍යාත දත්ත සකසයි. මෙලෙස දිගින් දිගට හදිසියේ තොරා ගන්නා භණ්ඩ කණ්ඩායක් පරික්ෂා කර අපගමනය (Voriance) නිර්ණය කරයි.

අර්ථ දැක්වීම් කිහිපයක් සංස්කරණය

TQM - සම්පූර්ණ තත්ත්ව කළමණාකරණය

1.සම්පූර්ණ - සම්පූර්ණ ආයතනයම අඩංගු වේ. භාණ්ඩයක ජීවන වක්‍රය (Product life Cycle ) සම්පූර්ණයෙන්ම ආවරණය වේ.

2.තත්ත්වය - වචනයේ අර්ථයෙන් ම ගුණාත්මක බව හා තත්ත්වය පිළිබඳ සැලකේ.

3.කළමණාකරණය - සැලසුම් කිරීම, සංවිධානය කිරීම, පාලනය කිරීම, නායකත්වය සැපයීම, සේවක මඩුල්ල සහ සියලු අංශ කළමණාකරණය කිරීම.

සම්මතකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය - International Organization for standardization (ISO)

සම්පූර්ණ තත්ත්ව කළමණාකරණය යනු තත්ත්වය හෝ ගුණත්මක බව සුරැකීම කේන්ද්‍ර කොටගත්, දීර්ඝ කාලීන දියුණුවක් ඉලක්ක කර ගනිමින්, පාරිභෝගික තෘප්තිය මෙන්ම සියලු ආයතනික පාර්ශවකරුවන්ට වාසි අත්වන අයුරින් ආයතනයේ සියලුම අංශ පෙළගස්වන කළමණාකරණ ප්‍රවිශ්ටයයි.”

මුලික අරමුණ වනුයේ එකිනෙකට වෙනස් ක්‍රියාවලින්හි දී සිදුවන වෙනස්කම් අවම කරගෙන ඉතා ඉහළ ලෙස යොදවන වෙහෙසට අනුරූප ඒකාකාර ප්‍රතිඵල ලබා ගැනීමයි. (Royse, D, Thyer, B, Padgett. D, & Logan T. 2006)

ජපානයේ TQM සංකල්පය මෙලෙස පියවර හතරකින් විස්තර කරයි.

1. Kaizen - මුලිකවම මෙහිදී සාකච්ඡා වනුයේ ක්‍රියාවලි වැඩි දියුණු කිරීම අඛණ්ඩව සිදු කිරීමයි.

2. Atarimae Hinshitsu - යම් දෙයක් සිදුවිය යුතු පරිදි ක්‍රියා කළ යුතුයි යන අදහස මෙහිදී විස්තර කෙරේ. (උදා: පෑනෙන් ලිවිය යුතුයි)

3. Kansei - යම්කිසි භාණ්ඩයක් භාවිතා කරන ක්‍රමය අනුව, එම භාණ්ඩ වැඩිදියුණු කිරීමට මඟ සැලසීම පිළිබඳ අධ්‍යයනය කිරීම.

4. Miryokuteki Hinshitsu - යම් දෙයකට හෝ වස්තුවකට හෝ භාණ්ඩයකට කලාත්මක බවක් තිබිය යුතුයි යන්න මින් අදහස් කෙරේ. (උදා: පෑනක් එය භාවිත කරන්නාට සිත්ගන්නා සුළු විය යුතුය)‍

මෙම සම්පූර්ණ තත්ත්ව කළමණාකරණ ක්‍රමවේදය භාවිතා කිරීමෙන් ආයතන තම නාස්තිය/අපතේ යාම්/දෝෂ/ප්‍රතික්ෂේප වන භාණ්ඩ ප්‍රමාණය ආදිය අවම කර ගනිමින් අවශ්‍ය ගුණාත්මක බව /නිරවද්‍යාතාව පළමු උත්සාහයෙන්ම ලබා ගැනීමට වෙර දරයි.