පුත්තලම කල්පිටියේ පිහිටි ලන්දේසින් විසින් සාදා තිබෙන බලකොටුවක් ය.

මුලින්ම පෘතුගීසින් විසින් අල්ලාගෙන තිබූ කල්පිටිය , පෘතුගීසින් එලවා ලන්දේසින් විසින් යටත් කර ලංකාරජුට පල්ලියක් සාදනවා යැයි පවසා ,බලකොටුවක් ඉදි කලෝය.පිටතින් පල්ලියක් සේ පෙනෙන මෙම බලකොටුව ආසන්න ප්‍රදේශයට සිංහල ජාතිකයන්ට ඇතුළත් වීමට නොදුන් බව පැවසේ.මෙම බලකොටුව සෑදීමට සිංහල ජාතිකයන් ව යොදා නොගත් බවද පොත පත වල සඳහන් වේ.මෙම පල්ලිය නිර්මාණය කර ඇත්තේ ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුවයි . 1795 දී ඉංග්‍රීසි ජාතිකයන් කල්පිටිය මුහුදු තීරයේ රැකවල් ගෙන සිටි නිසා යුද්ධයකින් තොරව පුත්තලම කොටුව ඉංග්‍රීසීන්ට භාර දුන්නෝය.

"https://si.wikipedia.org/w/index.php?title=පුත්තලම_කොටුව&oldid=693781" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි