පිලිපීන-ශ්‍රී ලංකා සබඳතා
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුලින්ම ඇරඹෙන්නේ 1951 වසරේදීයි. ශ්‍රී ලංකාව තුල පිලිපීන කොන්සල් කාර්යාලය කොළඹ නගරය තුලත්, පිලිපීනය තුල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැනිලා නුවරත් පිහිටුවා තිබෙයි.
පිලිපීනය |
ශ්‍රී ලංකාව |
---|
ඉතිහාසය
සංස්කරණය1951 ජනවාරියේදී ශ්‍රී ලංකාව හා පිලිපීනය සිය සම්බන්ධතා ආරම්භ කල අතර, 1964 දී සහ 1966 දී රටවල් ද්විත්වය සිය තානාපති කාර්යාල දෙරටේ පිහිටුවා ගනු ලැබූහ. නමුත් පසු කාලීනව ශ්‍රී ලංකාවේ හා පිලිපීනයේ එකඟත්වය සහිතව 1993 ජුනි 30 දින දී දෙරටේ තානාපති කාර්යාල වසා දමන ලදී. [1]
පිලිපීනයේ මැනිලා අගනුවර පදනම් කර ගත් ආසියානු සංවර්ධන බැංකුව සමග සහයෝගීතාවය ගොඩනගා ගනු වස් ශ්‍රී ලංකාව, 1998 සැප්තැම්බර් මසදී, සිය තානාපති කාර්යාලයක් පිලිපීනයේ මැනිලා හීදී නැවතත් විවෘත කල අතර පසුව පිලිපීනයද සිය කොන්සල් කාර්යාලයක් කොළඹ විවෘත කරන ලදී.[1]
ආර්ථික සබඳතා
සංස්කරණයවර්ථමානයේ පිලිපීන ජාතිකයන් 400-500 අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ රැකියා වල නියුතු වෙති.[1]
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ a b c "srilanka Philippines relations". Slembmanila.ph. සම්ප්‍රවේශය 2013-06-10.