ප්‍රේමදාස කැබිනට් මණ්ඩලය

ප්‍රේමදාස කැබිනට් මණ්ඩලය යනු, 1989 සිට 1993 දක්වා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් නායකත්වය සැපයුනු ශ්‍රී ලංකාවෙහි මධ්‍යම රජය විය. 1989 ජනවාරි මාසයෙහි පැවති ජනාධිපතිවරණයෙන් පසුව තැනුණු එය අවසන් වූයේ 1993 මැයි මාසයෙහිදී ප්‍රේමදාස මහතා ඝාතනය වීමත් හා සමගිනි.