ප්‍රේමකීර්ති ද අල්විස්

සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් (1947 ජූනි 3 - 1989 ජූලි 31), ප්‍රේමකීර්ති ද අල්විස් ලෙස ප්‍රචලිත, ශ්‍රී ලාංකේය ගුවන්විදුලි සහ රූපවාහිනී විකාශකයෙක් සහ ගීත රචකයෙක් විය. මහ පොලවේ ජනයාගේ වූ සැබෑ සත්‍ය ගී පදවලට නිර්මාණය කල සැබෑ නිර්මාණ කරුවෙක් ලෙසද සත්‍ය කතා කරන රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය කරුවෙක් ලෙස ද ජනතාවාදී ලෙස කතා කිරීමේ දී එදා එවකට රජයවල් වලින් විවිධ තර්ජන ගර්ජන එල්ල විය.ශ්‍රී ලාංකේය ගුවන්විදුලි රූපවාහිනී ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් ලෙස සැලකෙන ඔහු 1987-89 කාලය සමයේදී අතරතුර වයස අවුරුදු 42 දී ඝාතනය විය. ඔහුගේ ඝාතනයට ජනතා විමුක්ති පෙරමුණ (ජ.වි.පෙ) වගකිව යුතු යැයි බොහෝ දෙනා මුලින් විශ්වාස කළද, පසුව හෙළි වූයේ ඔහු සමඟ රජයේ මාධ්‍ය සංස්ථාවේ සේවය කරන සගයන් විසින් මෙම ඝාතනය මෙහෙයවූවක් බවයි.[1]

ප්‍රේමකීර්ති ද අල්විස්
උපත
සමරවීර මුදලිගේ ප්‍රේමකීර්ති ද අල්විස්

1947 ජුනි 3(03-06-1947)
මියගිය දිනය31 July 1989(1989-07-31) (වයස 42)
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයකොළඹ ආනන්ද විද්‍යාලය
රැකියාවනිවේදක,ගී පද රචක
කලත්‍රයා(යන්)
  • දයා ද අල්විස්
  • නිර්මලා ද අල්විස්
දරුවන්
  • සුරංගි ද අල්විස්
  • පූර්ණ සම්පත් ද අල්විස්
වෙබ් අඩවියwww.premakeerthidealwis.com

පෙර අවධිය

සංස්කරණය

ප්‍රේමකීර්ති ද අල්විස් සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් 1947.06.03 දින සවස 6.30 ට කොළඹ ද සොයිසා මහ රෝහලේදී උපත ලැබුවේය. මොහුගේ මව මැස්ටියගේ අමරාදී ගුණතිලක සහ පියා සමරවීර මුදලිගේ දොන් සයිමන් ද අල්විස් විය. මුල්ම පාසැල වුයේ මාලිගාකන්ද මහා විද්‍යාලයයි. 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් වී 6 වන ශ්‍රේණියට කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලත් විය. එතැන් සිට උසස් පෙල දක්වා එහි අධ්‍යාපනය ලැබුවේය. මොහු සමාජ විද්‍යා පර්යේෂණ සඟරවේ උපදේශ සංස්කාරක, විද්‍යාලිය වාර්ෂික සඟරව වු ආනන්ද සඟරවේ සංස්කාරක,බෞද්ධ ශිෂ්‍ය සමිති සමිමේලනයේ ධමිම ජයන්ති සඟරවේ සම සංස්කාරක යන තනතුරු දැරුවේය. තවද “වෙර“ නැමති කෙටි චිත්‍රපටයේ තිරනාටක කෙටුමිපත සැකසීම. වයස අවුරුදු 10 සිට ගුවන්විදුලි ළමා වැඩසටහන් වලට සහභාගි විය. 1961 දී ළමා ශිල්පි පරීක්ශනයෙන් සමත් විය.1966 දී විකට වැඩසටහන් ශිල්පි පරීක්ශනයෙන් සමත් විය. 1967 දී සහන නිවේදකයෙකු ලෙස සිට 1971 දින ස්ථිර නිවේදකයකු ලෙස පත් විය. 1974 දී ස්ථිර වැඩසටහන් සම්පාදක වරයෙකු ලෙසද 1975 දි ස්ථිර වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස පත්විය.

ක්‍රියාන්විතය

සංස්කරණය

රජරට,රුහුණ හා කඳුරට සේවයන්හිද වරින්වර සේවයට මාරු කරන ලදි. ජනප්‍රිය වු ගුවන් විදුලි වැඩසටහන් වන සොඳුරු සෙවන,ශනිදා සාදය වැඩසටහන්,සමිපත් සාදය,රත්න සභා මණ්ඩපය රූපවාහිනි ආරමිභයත් සමග එහි අඳුණ වැඩසටහනින්ද ළමා වැඩසටහන් රාශියකින්ද,සමිපත් රේඛා, ආයුබෝවන් වැඩසටහනින්ද ජනප්‍රිය විය. ගුවන් විදුලි,චිත්‍රපට හා රූපවාහිනි ගීත රචකයෙකු ලෙස,චිත්‍රපට සහය අධ්‍යකෂවරයෙකු ලෙස,චිත්‍රපට නළුවකු ලෙස විසිතුර පත්‍රයේ විශේෂාංග කතුවරයෙකු ලෙස සිළුමිණ,දිනමිණ,ලංකාදීප ආදී පුවත්පත් වලට නිබඳවම කවි ලිපි සැපයු ලේබයෙකු ලෙස හා වික්ටර් ගී රස හා දයා අල්විස් සමඟ “තනිවිය දෙදෙනකු මෙසේ“ නොසැලෙන් ඉන්ද්‍රකීලය සේ “අන්තිමයා“ හා “සිහින සතක්“ නිර්මාණ ග්‍රන්ථයන්ද ඔහු විසින් නිර්මාණ කරන ලදි.[2]

දක්ෂ මාධ්‍යවේදියෙකු, නිවේදකයෙකු සහ ගීත රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ 25 වැනි ගුණ සමරුව මේ වසරේ ජූලි 31 වැනිදාට යෙදී තිබුණි. ඔහුගේ ඛේදනීය මරණයෙන් පසු, ත්‍රස්තවාදී පාලන සමය ලෙස හැඳින්වෙන දේශපාලන ප්‍රචණ්ඩත්වය සමයේ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විසින් ඔහු ඝාතනය කරන ලද බව බොහෝ දෙනා විශ්වාස කළහ. කෙසේ වෙතත්, 2009 දී ඔහුගේ වැන්දඹුව වූ නිර්මලා ද අල්විස් විසින් ප්‍රේමකීර්තිනී නමින් පොතක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඔහුගේ මරණය පිළිබඳ මතභේදය නැවත මතු විය. ජූලි 31 වැනිදා ප්‍රේමකීර්තිගේ නමින් මාර්ගයක් නම් කිරීමේ උත්සවයකදී නිර්මලා තම සැමියා ඝාතනය කළ බව කියන පුද්ගලයා "ඔහුගේ ඔඩොක්කුවේ නිර්ලජ්ජිතව ජීවත් වන" බව මහින්ද රාජපක්ෂ මහතාට පැවසීමත් සමඟ මෙම ප්‍රශ්නය තවදුරටත් අවධානයට ලක්විය. තමාට එල්ල වී ඇති බරපතළ චෝදනාව සම්බන්ධයෙන් ඩේලි මිරර් කළ විමසීමකදී නිර්මලා ද අල්විස් ප්‍රකාශ කළේ ප්‍රේමකීර්ති ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණ නොවන බවට තමන් සතුව සාක්ෂි ඇති බවත් ඔහුගේ දේශපාලන හිතවත්කම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර රැසක් පැතිර ගිය බවත්ය. ඔහු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සමඟ සමීපව ඇසුරු කළද, නිර්මලා අවධාරණය කළේ ඔහු සැමවිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රීලනිප) පක්ෂපාතීව සිටි බවයි.[1]

සම්මාන

සංස්කරණය
  • 1990 ස්වර්ණ සංක සම්මානය-
  • හොඳම චිත්‍රපට ගීත රචනය - එචි.ඩී.ප්‍රේමරත්නගේ “සහරවේ සිහිනය“ චිත්‍රපට ගීතයට.
  • 1998 හොඳම ගීත රචනා ග්‍රන්ථය වු සිහින සතක් රාජ්‍ය සාහිත්‍ය සමිමානය

මූලාශ්‍ර

සංස්කරණය