ප්‍රවර්ගය:ජෝර්ජ් වොෂිංටන්
ජෝර්ජ් වොෂිංටන් | |
---|---|
1st President of the United States | |
In office April 30, 1789 – March 4, 1797 | |
උප ජනාධිපතිවරයා | ජෝන් ඇඩම්ස් |
පූර්වප්‍රාප්තිකයා | අලුතින් පිහිටුවන තනතුරකි |
අනුප්‍රාප්තිකයා | ජෝන් ඇඩම්ස් |
Senior Officer of the Army | |
In office July 13, 1798 – December 14, 1799 | |
Appointed by | ජෝන් ඇඩම්ස් |
පූර්වප්‍රාප්තිකයා | ජේම්ස් විල්කින්සන් |
අනුප්‍රාප්තිකයා | ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් |
කොන්ටිනෙන්ටල් හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා | |
In office June 15, 1775 – December 23, 1783 | |
Appointed by | කොන්ටිනෙන්ටල් කොංග්‍රසය |
පූර්වප්‍රාප්තිකයා | අලුතින් පිහිටුවන තනතුරකි |
අනුප්‍රාප්තිකයා | Henry Knox (Senior Officer of the Army) |
Delegate to the Second Continental Congress from Virginia | |
In office May 10, 1775 – June 15, 1775 | |
පූර්වප්‍රාප්තිකයා | Position established |
අනුප්‍රාප්තිකයා | තෝමස් ජෙෆර්සන් |
Delegate to the First Continental Congress from Virginia | |
In office September 5, 1774 – October 26, 1774 | |
පූර්වප්‍රාප්තිකයා | Position established |
අනුප්‍රාප්තිකයා | Position abolished |
Personal details | |
උපත | පෙබරවාරි 22, 1732 Westmoreland, Virginia, British America |
විපත | December 14, 1799 (වයස 67) Mount Vernon, Virginia, U.S. |
දේශපාලන පක්ෂය | Independent |
කලත්‍රයා | Martha Dandridge Custis |
වෘත්තිය | Planter Officer |
සම්මාන | Congressional Gold Medal Thanks of Congress |
අත්සන | |
Military service | |
පක්ෂපාතීත්වය | සැකිල්ල:Country data Kingdom of Great Britain Great Britain United States |
ශාඛාව/සේවාව | Virginia provincial militia Continental Army United States Army |
සේවා කාලය | Militia: 1752–1758 Continental Army: 1775–1783 Army: 1798–1799 |
නිලය | Lieutenant general General of the Armies (posthumous: 1976) |
විධාන | Virginia Colony's regiment Continental Army United States Army |
සටන්/ යුද්ධ | French and Indian War • Battle of Jumonville Glen • Battle of Fort Necessity • Braddock Expedition • Battle of the Monongahela • Forbes Expedition American Revolutionary War • Boston campaign • New York and New Jersey campaign • Philadelphia campaign • Yorktown campaign |
^ March 4 is the official start of the first presidential term. April 6 is when Congress counted the votes of the Electoral College and certified a president. April 30 is when Washington was sworn in. | |
ජෝර්ජ් වොෂිංටන් ඇමෙරිකා එක්සත් ජනපදයෙහි ප්‍රථම ජනාධිපතිවරයා විය. වතු වැවිලි කරුවෙක් හා මිනින්දෝරුවෙක් වූ ජෝර්ජ් වොෂිංටන් ඇමෙරිකා එක්සත් ජනපදය, ජනරජයක් ලෙසින් පිහිටුවීමේ දී එහි මූලිකත්වය ගත් ආදී පීතෘවරුන් අතරින් අයෙක් ලෙසින් ද සැලකේ. ඔහු ඇමෙරිකන් නිදහස් අරගලයේ දී යුද වැදුණු කොන්ටිනෙන්ටල් හමුදාවේ ප්‍රධානියා ද විය. එසේම ඇමෙරිකන් ව්‍යවස්ථාව නිර්මාණයේ දී ඒ සාකච්ඡා සියල්ලේ ම සභාපතිවරයෙක් ලෙසින් ද කටයුතු කළේය. ඒකමතික තෝරා ගැනීමෙන් ඔහු නව ජනරජයේ මුල් ම ජනාධිපතිවරයා බවට පත්විය. ඔහු වාර දෙකක් ජනාධිපති ධූරය දැරීය. ආර්ථිකයෙන් ශක්තිමත් භාණ්ඩාගාරයක් ද, යුරෝපයේ වූ යුද කැළඹීම් වලට සහභාගී නොවී සිටීමෙන් ද, කැරැල්ලක් මැඬ පවත්වා ගත හැකිවීමෙන් ද යහපත් පාලනයක් ගෙන ගිය ඔහු ජනතාව අතර ජනප්‍රියත්වයට හා ප්‍රසාදයට ලක් වූ ජනාධිපතිවරයෙක් විය. ඔහුට තවත් බලයේ ඉන්නට යැයි ඉල්ලා සිටිය දී ඔහු තෙවැනි වාරයක් ප්‍රතික්ෂේප කර, ගොවිතැන් කටයුතු සඳහා කාලය යොදවන්නට අවශ්‍ය්‍ය යැයි කියා විශ්‍රාම ගියේය.
ළමා කාලය
සංස්කරණයජෝර්ජ් වොෂිංටන් ගේ පියා ඔගස්ටීන් වොෂිංටන් දුම්කොළ වගාවේ නියුතු වතු වැවිලිකරුවෙකි. ඔහුට ජේන් බට්ලර් නැමති පළමු විවාහයේ බිරිඳ ගෙන් ලැබි දරුවන් හතර දෙනෙක් සිටියහ. ලෝරන්ස් හා ඔගස්ටීන් යන පුතුන් දෙදෙනා හැරෙන්නට අනිත් දරුවන් දෙදෙනා ළමා කාලයේ දී මිය ගියහ. ජේන් ද උණක් වැළඳී මිය ගියාය. ඔග්ස්ටීන්ගේ දෙවැනි විවාහය මේරි බෝල් නැමැත්තිය සමඟ සිද්ධ වුණි. ඇය රෑමත් බව කියැවේ. ඔවුන් දෙදෙනාගේ වැඩිමහල් පුතුනුවන් වනුයේ ජෝර්ජ් වොෂිංටන් ය. ජෝර්ජ් වොෂිංටන්ට සහෝදරයන් තිදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් ද වූහ.
නොයෙක් පළාත් වල ජීවත්වෙමින් කාලය ගෙවන පවුල අනතුරුව වර්ජිනියාවේ ෆෙඩරික්ස්බර්ග් ගමේ රැෆහැනෙක් ගඟ අසල අක්කර 260 ක වත්තක පදිංචියට යති. ජෝර්ජ්ගේ පියාගේ වැඩිමහල් පුතුනුවන් වූ ලෝරන්ස් හා ඔගස්ටීන් දෙදෙනා එංගලන්තයේ අධ්‍යාපනය ලැබූහ. ඔගස්ටීන්ගේ පළමු දරුවා වූ ලෝරන්ස් පවුලේ වස්තුව සඳහා සම්ප්‍රදායික උරුමක්කාරයා ද විය. ජෝර්ජ් වොෂිංටන් අධ්‍යාපනය ලැබුවේ ගමේ එක් පංති කාමරයක් තිබි පාසැලක ය. එහි ගුරුවරුයා වූයේ හොබී නැමැත්තෙකි. ගුරුවරයාගේ දැනුම එතරම් ප්‍රමාණවත් නැතැයි ජෝර්ජ් මැසිවිලි කී බව සටහන් වෙයි. එසේම දුර බැහැර ගොස් ඉගෙනීමක් ලබා ගැනීමට මිල මුදල් නොමැති වූවා යැයි ඔහු කළකිරුණු ළමා කාලයක් ද ගෙවි බව සටහන් වෙයි.
දේහ ශක්තියෙන් හා ජවයෙන් පිරි කඩවසම් හැඩිදැඩි තරුණයෙක් වූ ජෝර්ජ් ක්‍රීඩාවන්ට හපනෙක් විය. එසේම නොදත් දෑ පොත පතින් තනිවම උගත්තේ ය. අශ්වයන් පිටේ යෑමට මෙන් ම ඔවුන් පුහුණුවට ද ඔහු දස්කම් දැක්විය.
ඔහු කුඩා කාලයේ දී වත්තේ වූ චෙරි ගස කපා දැමුවා යැයි දෝෂාරෝපණයකට ලක් වූ විට "මට බොරු කියන්න බැහැ, මම ඒක කළේ මගේ කුඩා කැත්තෙන්" යැයි කියා වැරැද්දේ වගකීම ගත්තා යන්න සුප්‍රසිද්ධ කට කතාවක් මිසක සත්‍ය්‍ය සිදුවීමක් නොවේ.[1]
සටහන්
සංස්කරණය- en.wikipedia.org/wiki/Parson_Weems#The_cherry-tree_anecdote
ආශ්‍රිත සබැඳි හා ග්‍රන්ථ
සංස්කරණයhttp://en.wikipedia.org/wiki/George_Washington
ජෝර්ජ් වොෂිංටන් (2006), නයනි මැලගොඩ, කර්තෘ ප්‍රකාශනයකි
- ^ en.wikipedia.org/wiki/Parson_Weems#The_cherry-tree_anecdote
දැනට මෙම ප්‍රවර්ගය පිටු හෝ මාධ්‍ය හෝ නොදරයි.