ප්‍රයිවට් ටොරෙන්ට් ට්‍රැකර්

ප්‍රයිවට් හෙවත් පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් එකක් යනු ටොරෙන්ට් වෙබ් අඩවියක් වන අතර, එහි පොදු ටොරෙන්ට් අඩවියක මෙන් ටොරෙන්ට් ඩවුන්ලෝඩ් කිරීමට හැකි නමුත්, ඒසඳහා ලියාපදිංචි විය යුතුය. එනම් ප්‍රයිවට් ටොරෙන්ට් ට්‍රැකර් වෙබ් අඩවියක් (Private Torrent Tracker Web Site) වෙත පිවිස එහි තොරතුරු දැන ගැනීම හා එහි අඩංගු ටොරෙන්ට් ෆයිල් බාගත කිරීම සදහා එම අඩවියේ සාමාජිකයෙකු වීම අත්‍යාවශ්‍ය වේ. සාමාන්‍යයෙන් මෙවැනි ටොරෙන්ට් සයිට් එකක සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි වීම සදහා දැනට එහි ලියාපදිංචි සාමාජිකයෙකුගෙන් ආරාධනාවක් ලැබිය යුතුය. පෞද්ගලික ටොරෙන්ට් අඩවියක් ඇතුලත ඊට ආවේණික නීති රීති පද්ධතියක් පවතින අතර, ඒ අනුව කොතරම් ප්‍රමාණයක් බාගත කළ හැකිද?, කුමණ ආකාරයේ දෑ උඩුගත කල හැකිද? උඩුගත හා බාගත අනුපාත කෙසේ විය යුතුද? බාගත කරන ලද දෑ කොතරම් කාලයක් අනිවාර්යයෙන් සීඩ් කල යුතුද යනාදිය ප්‍රධාන වශයෙන් අඩංගුවේ. මෙය නීති රීතී වෙබ් අඩවියෙන් අඩවියට වෙනස් වේ.

පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් වල ලක්ෂණ සංස්කරණය

  • වේගය (Speed) - පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් (Private Torrent Tracker) වල සාමාජිකයින්ට හැකි උපරිමයෙන් ටොරෙන්ට් සීඩ් කිරීම සදහා නීතී රීති පනවා ඇත. එනම් උඩුගත හා බාගත කිරීමේ අනුපාතයන් (Upload/Download ratio) හදුන්වා දී ඇති අතර, බාගත (Download) කල ප්‍රමාණය හෝ නියම කරනලද ප්‍රමාණයක් නැවත උඩුගත (upload) කිරීම අවශ්‍යවේ. ඒ අනුව බාගත කරන ටොරෙන්ට් වල වේගය සාමාන්‍ය පොදු ටොරෙන්ට් අඩවි වලට වඩා වැඩි වේ. තවද මෙහි සාමාජිකයින් සීඩ්බොක්ස් (Seedbox) නැමැති අධිවේගී අන්තර්ජාල පහසුකම් සහිත දුරස්ථ පරිගණක මගින් උඩුගත කරන අතර ඒමගින් භාගත කිරීම ක්ෂණිකව කිරීමට අවශ්‍ය වේගය ලබාදෙයි.
  • රදවා තබා ගැනීම (Retention) - පනවා ඇති නීතිරීති හා වෙනත් දිරි දීමනා මගින් පොදු ටොරෙන්ට් අඩවි වලට සාපේක්ෂව ඉතා වැඩි කාලයක් ටොරෙන්ට් සීඩ් කිරීමට මෙයි සාමාජිකයින් විසින් උත්සහ කරයි. විශේෂයෙන් සමහර ටොරෙන්ට් වෙබ් අඩවි මගින් බාගත කරන ලද ටොරෙන්ට් අනිවාර්යෙන් සීඩ් කිරීමට අවශ්‍ය නිශ්චිත කාලසීමාවක්ද නියම කර ඇත. එමනිසා පෞද්ගලික ටොරෙන්ට් අඩවි වල ඇති ටොරෙන්ට් ඉතා වැඩි කාලයක් සක්‍රීයව පවතී.
  • තේරීම් (Selection) - සමහර අන්තර්ගතයන් වෙනත් පොදු ටොරෙන්ට් අඩවිවල දක්නට නොලැබෙන අතර, සමහර අවස්ථාවල නීත්‍යානුකූල ආකාරයෙන් එම අන්තර්ගතයන් මිලදී ගැනීමට පවා නොහැකි ඉතා දුර්ලබ දෑ පවා විශේෂිත වූ පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් වල දක්නට ඇත.
  • තත්ව පාලනය (Quality control) - පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් වල දක්නට ලැබෙන වඩාත් විශේෂිත ලක්ෂණය වන්නේ එහි පවතින අන්තර්ගතයන් තත්වයෙන් උසස් වීමයි. එනම් එහි ටොරෙන්ට් උඩුගත කිරීමට වෙනමම නීති සමුදායක් පවතින අතර, ඊට අනුකූල ලෙස ටොරෙන්ට් උඩුගත කල යුතුවේ. උදාහරණයක් ලෙස පෞද්ගලික සංගීත ටොරෙන්ට් අඩවි මගින් ඉතා පහත් තත්වයේ (Low Quality) සිංදු ලබා නොදෙන ලෙසත්, පෞද්ගලික චිත්‍රපට ටොරෙන්ට් අඩවි මගින් ඉතා උසස් තත්වයේ (High Quality) චිත්‍රපට ලබාදෙන ආකායෙන් මෙම නීති පනවා ඇත. මෙම නීති බලාත්මක කිරිම සදහා වෙනම සාමාජිකයින්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයන් පිහිටුවා ඇති අතර, ඔවුන් මගින් සාමාජිකයින් උඩුගත කරන ලද ටොරෙන්ට් පරීක්ෂා කරනු ලබයි.
  • ආරක්ෂාව (Security) - බොහොමයක් පෞද්ගලික ටොරෙන්ට් අඩවි වල ඉතා කුඩා සාමාජිකයින් සංඛ්‍යාවක් ඇති නිසා විවිධ රටවල් වල නීති බලාත්මක කරන ආයතනයන් (Law Enforcement Agencies) ඉතා වැඩි පුද්ගලයින් ප්‍රමාණයක් භාවිත කරන පොදු ටොරෙන්ට් අඩවි (Public Torrent Sites) හා එම අඩවි භාවිත කරන පුද්ගලයන් වෙත වැඩි අවධානයක් යොමු කරයි. එසේම පෞද්ගලික ටොරෙන්ට් අඩවියක සාමාජිකයෙකු වීමට දැනට එම අඩවියේ සාමාජිකයෙක් ගෙන් ආරාධනාවක් (Invite) අවශ්‍ය නිසා, සෑම සාමාජිකයෙක්ම වෙනත් සාමාජිකයෙක්ගේ වගකීමට යටත් වේ.

ආරක්ෂිතභාවය සංස්කරණය

සමහර දූෂිත ටොරෙන්ට් අඩවි එහි පරීශීලක තොරතුරු විවිධ ලාභ ප්‍රයෝජන පිණිස බාහිර පාර්ශව වෙත විකුණනු ලබයි. ඒ අනුව පහත කරුණු වැදගත්වේ.[1]

  • එකම මුරපදයන් (Common Password) විවිධ වෙබ් අඩවි සදහා භාවිත නොකිරීම. මෙය ඉතා සුලභව දක්නට ලැබෙන පොදු තත්වයක් වන අතර, සමහර වෙබ් අඩවි මගින් මෙම මුරපදයන් භාවිත කර පරිශීලක තොරතුරු විවිධ දූෂිත දෑ සදහා භාවිත කරණු ලබයි. එසේම භාවිත කරන මුරපදය (Password) සෑම විටම කැපිටල්, සිම්පල්, ඉලක්කම් හා විවිධ සංකේත සහිත මුරපදයක් විය යුතුය. එවැනි මුරපදයන් මතක තබා ගැනීමට අපහසු නම්, මුරපද කළමණාකරන මෘදුකාංගයක (Password Management Software) සහය ලබා ගැනීම කල හැක. (උදා : LastPass හෝ KeePass) [2][3]
  • පෞද්ගලික තොරතුරු ලබා දීම නොදීම. එනම් වෙබ් අඩවිය භාවිත කරන්නා පෞද්ගලිකව හදුනාගත හැකි තොරතුරු, විශේෂිත ඊමේල් ලිපිනයන් හා පරිශිලකයන් හසුකර ගත හැකි කුමන හෝ ආකාරයේ තොරතුරු භාවිත නොකල යුතුවේ. පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් හසුරවන පුද්ගලයන් කොතරම් විශ්වාසදායක වූවත්, විවිධ නීති බලාත්මක කරන රාජ්‍ය ආයතන (Law Enforcement Agencies) හා හැකර්වරු අතට මෙම තොරතුරු යෑමේ හැකියාව පවතී. එසේම තමාගේ ආරක්ෂිතබව පිලිබදව තවදුරටත් සිතන්නේ නම්, ටොරෙන්ට් වෙබ් අඩවි වල ලියාපදිංචි වීම සදහා වෙනමම සකසන ලද විද්යුත් තැපැල් ලිපිනයන් (Separate Email Address) භාවිත කිරීම හා VPN හෝ Seedbox එකක් හරහා ටොරෙන්ට් බාගත කිරිම උචිත වේ. [4][5][6][7][8][9]

පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් වර්ග සංස්කරණය

පෞද්ගලික ටොරෙන්ට් වෙබ් අඩවි වල අන්තර්ගතය අනුව (Content-wise) වර්ග දෙකක් දක්නට ලැබේ. එනම් විශේෂිත (Specialized) අන්තර්ගතයන් අඩංගු හා විශේෂිත නොවන (General) අන්තර්ගතයන් අඩංගු ආකාර වේ. ඉන් විශේෂිත අන්තර්ගතයන් අඩංගු ආකාරය යනු, සංගීත ටොරෙන්ට් පමණක් අඩංගු ටොරෙන්ට් වෙබ් අඩවි, චිත්‍රපට පමණක් අඩංගු ටොරෙන්ට් වෙබ් අඩවි, රූපවාහිනී නාට්‍ය පමණක් අඩංගු ටොරෙන්ට් වෙබ් අඩවි යනාදිය වේ. මෙවැනි පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් එම ක්ෂ්ත්‍රය පිලිබද හොදම ටොරෙන්ට් අඩවි ලෙස සාමාන්‍යයෙන් පිලිගනී.[10] විශේෂිත නොවන අන්තර්ගතයන් අඩංගු පෞද්ගලික ටොරෙන්ට් අඩවි යනු ඕනෑම ක්ෂේත්‍රයන් පිලිබද අන්තර්ගතයන් (Content) අඩංගු අඩවි වේ. මෙම එක් අඩවියකින් චිත්‍රපට, රූපවාහිනී නාට්‍ය, සංගීත, නිල් චිත්‍රපට හා මෘදුකංග බාගත කිරීමේ හැකියාව පවතින අතර එය එක් ක්ෂ්ත්‍රයකට පමණක් සීමා නොවේ.[11]

  • කොළ ට්‍රැකර් - කොළ කල්ලිය යනු ටොරෙන්ට් අඩවි අතර ඉහල පිළිගැනීමක් සහිත අඩවි වන අතර ඔවුන්ගේ ක්ෂේත්‍රයන් පිලිබදව හා එහි අන්තර්ගතයන් පිළිබදව ටොරෙන්ට් සමාජය තුල වැඩි පිලිගැනීමක් ඇත. මෙවැනි එක් පෞද්ගලික ටොරෙන්ට් අඩවියක නීති කැඩූ විට කොළ කල්ලියේ සිටින සියලුම අඩවි වල හා ඊට සහය දක්වන වෙනත් පෞද්ගලික ටොරෙන්ට් අඩවි වල පවතින ගිනුම් තහනම් කරනු ලබයි. කොළ කල්ලියට උදාහරණ වන්නේ ටොරෙන්ට් සමාජයේ ශුද්ධ ත්‍රිත්වය ලෙස සැළකෙන PassThePopcorn.me, BroadcasThe.Net, HDBits.org යන අඩවි වේ.
  • කහ ට්‍රැකර් - කහ ට්‍රැකර්, කොළ ට්‍රැකර් සදහා විකල්පයන් ලෙස හදුනා ගැනීමට හැකිය. එමෙන්ම කහ ට්‍රැකර් සෑම විටම කොළ ට්‍රැකර් සමග ඉතා හොද සම්බන්ධයක් පවත්වාගැනීමට උත්සහ කරයි. එසේම කොළ ටැකර් එක ගිණුමක් තහනමට ලක්වූ විට, මෙම කහ ට්‍රැකව්වලද බොහෝවිට තහනමට ලක්වේ. අනිකුත් ටොරෙන්ට් ට්‍රැකර් වල ලියපදිංචි වීමට අවශ්‍ය සාක්ෂි ලෙස මෙම ට්‍රැකර් වල ගිනුම් පිලිගනී.
  • රතු ට්‍රැකර් - ටොරෙන්ට් සමාජය තුල දූෂිත ගනයේ ලා සැලකෙන මෙම ට්‍රකර් සදහා හොදම උදාහරණය වන්නේ කුප්‍රකට IPT වේ. මෙම ට්‍රකර් මෙහෙයවන බොහොමයක් පුද්ගලයින් විසින් අනිකුත් ටොරෙන්ට් අඩවි සදහා DDOS ආකාරයේ ප්‍රහාර දියත් කිරීමටත්, භාගත කිරීමට මුදල් අය කිරීමත්, පොදු මුරපදයන් භාවිත කරණ ගිනුම් වලට රහසිගතව ඇතුලු වී අන්තර්ගතයන් සොරකම් කිරිම් කරනු ලබයි. ටොරෙන්ට් සමාජය තුල මෙවැනි පෞද්ගලික ටොරෙන්ට් අඩවි සදහා පිලිගැනීමක් නොමැත.[12][13][14][15]
  • සුදු ට්‍රැකර් - බොහෝවිට ලියාපදිංචි වීම සදහා ආරාධනයක් (Invites) අවශ්‍ය නොවන විවෘත හෝ අනිත් ට්‍රැකර් සමග සම්බන්දයක් නොමැති පෞද්ගලික ටොරෙන්ට් වෙබ් අඩවි වේ. කුඩා සමාජික සංඛ්‍යාවක් ඇති හා අලුතින් පිහිටුවා ගන්න ලද පෞද්ගලික ටොරෙන්ට් අඩවිද මේ යටතට අදාළ වේ.
සංගීත (Music) චිත්‍රපට (ප්‍රධාන දහරාවේ) රූපවාහිණි නාට්‍ය (TV Shows) උසස් තත්වයේ (HD) චිත්‍රපට (අප්‍රකට) පරිගණක ක්‍රීඩා (Games) විද්‍යුත් පොත් (e-Books) විද්‍යුත් අධ්‍යාපන (e-Learning) නිල් චිත්‍රපට (Porn) සජිවීකරණ Scene විශේෂිත නොවන (General)
ස්ථරය 1 - අත්‍යවශ්‍ය RED PTP BTN HDB KG GGn Bib BitMe සංරක්ෂණය කළ පිටපත 2017-03-15 at the Wayback Machine Emp සංරක්ෂණය කළ පිටපත 2017-03-19 at the Wayback Machine AB GFT IPT සංරක්ෂණය කළ පිටපත 2016-02-06 at the Wayback Machine
ස්ථරය 2 - විකල්ප APL TehConnection MTV සංරක්ෂණය කළ පිටපත 2017-06-02 at the Wayback Machine AHD Cinematik UGC සංරක්ෂණය කළ පිටපත 2017-10-08 at the Wayback Machine MAM BitSpyder Pornolab BakaBT SCC සංරක්ෂණය කළ පිටපත 2017-09-26 at the Wayback Machine AR[permanent dead link]
ස්ථරය 3 - උපස්ථ Waffles PTN[permanent dead link] Freshon සංරක්ෂණය කළ පිටපත 2018-07-22 at the Wayback Machine HD-T සංරක්ෂණය කළ පිටපත 2017-05-16 at the Wayback Machine SecretCinema BitGamer TheGeeks Pornbay AnimeTorrents DH PreToMe bB සංරක්ෂණය කළ පිටපත 2017-03-03 at the Wayback Machine
  • ශ්‍රව්‍ය පොත්: MyAnonamouse
  • පියෝනා කෝඩ්: MyAnonamouse
  • Comics: 32pag.es
  • විද්යුත් ඉගැන්වීම්: TheOccult (fringe), ThePlace and BitSeduce (seduction), TheVault (business)
  • පැරණි නාට්‍ය: MySpleen
  • ‍අප්‍රකට චිත්‍රපට: Cinemageddon
  • පැරණි නට්‍ය/චිත්‍රපට: ILoveClassics
  • x264 මාධ්‍යය: x264.me
  • සජීවීකරණය කරන ලද නිල් චිත්‍රපට: Oppaitime
  • කොරියානු නිල් චිත්‍රපට: Sinderella
  • ජපාන නිල් චිත්‍රපට (JAV): yourexotic
  • ජපාන පොප්: Jpopsuki
  • ත්‍රිමාන මෘදුකාංග, ග්‍රාපික සැලසුම්, : CGpeers
  • ඇස්බැන්දුම්: ArtOfMisdirection, MagicTorrents

සම්බන්ධ වීම සංස්කරණය

පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් වෙබ් අඩවියකට සම්බන්ධ වීමේදී පරිශීලකයෙකු විසින් ඔහුගේ අවශ්‍යතාවයන් මොනවාද යන්නත්, දැනට එම අවශ්‍යතාවන් සපුරා ගැනීමට යොදා ගන්නා ක්‍රම මොනවද යන්න සලකා බැලීය යුතුය. අනවශ්‍ය පරිදි පෞද්ගලික ට්‍රැකර් සදහා ලියාපදිංචි වීම කාලය නාස්ති කිරීමක් මෙන්ම, තවත් අයෙකුට ලියාපදිංචි වීමට ඇති  සීමීත අවස්ථාව නැති කිරිමක් ලෙස සැළකෙන බැවින් අවශ්‍යතාවයන් සැපිරිය හැකි පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් වෙබ් අඩවියන් හදුනා ගැනීම කල යුතුය. අයෙකුට උසස් තත්වයේ (High Quality) චිත්‍රපට නැරඹිමට අවශ්‍ය නම් හෝ තත්වයෙන් උසස් පුළුල් පරාසයක සංගීත රසවිදීමට අවශ්‍යනම් හෝ සෑම විටම විද්‍යුත් අධ්‍යාපන සඟරා හෝ පොත්පත් කියවීමට ඇල්මක් දක්වන පුද්ගලයෙක් නම් හා දැනට එම අවශ්‍යතාව සපුරා ගනීමට හැකියාවක් නොමැති නම්, මෙම විශේෂිතකරණයවූ ප්‍රයිවට් ට්‍රැකර් සදහා යොමුවීම උචිත වේ. එහෙත් එවැනි අවශ්‍යතාවයක් නොමැති අයෙකුට දැනට එම අවශ්‍යතාවය සපුරා ගන්නා ක්‍රමය හෝ විශේෂිතකරණය නොවූ (General) ප්‍රයිවට් ටොරෙන්ට් ට්‍රැකර් සදහා සම්බන්ධ විය හැක.

IPT වැනි කුප්‍රකට පෞද්ගලික ටොරෙන්ට් අඩවි සදහා සම්බන්ධවී ලියාපදිංචි වීම ඉතා පහසු කාර්යයකි. එහෙත් හොද තත්වයේ පිළිගත් පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් සදහා ලියාපදිංචිවීම පහසු නොවේ. What.CD නැමැති සංගීත වෙබ් අඩවිය ප්‍රංශ බලධාරීන් විසින් වසා දැමීමෙන් පසු පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් සදහා නව සාමාජිකයින්ට සම්බන්ධ වීමට ඇති අවස්ථාව විශාල වශයෙන් මග හැරි ඇත. දැනට MyAnonamouse නැමැති පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකරය මගින් පවත්වන සම්මුඛ පරීක්ෂණ (Interview) වලට සහභාගී වී එහි සාමාජිකත්වල ලබාගත් පසු, එහි පරිශීලක මට්ටමකට (User Class) ලගාවී ආරාධනා ෆෝරම (Invite forum) මගින් අනිකුත් පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් සදහා සම්බන්ධවිය හැක. නමුත් MyAnonamouse නැමැති පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකරයේ ඇති ආරාධනා ෆෝරමය උසස් තත්වයේ නොවන අතර, බොහොමයක් හොද තත්වයේ පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් මෙහි ආරාධනා කිරීම් සිදු නොකරයි. එයට හේතුව වන්නේ MyAnonamouse ටොරෙන්ට් ට්‍රැකරයට සම්මුඛ පරීක්ෂණ මගින් ඉතා පහසුවෙන් ලියාපදිංචි වීමට හැකිවීමයි.

කෙසේ නමුත් පෞද්ගලික ටොරෙන්ට් වෙබ් අඩවි සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අයෙකුට පහත සදහන් ක්‍රම අනුගමනය කිරීමෙන් ලියාපදිංචි විය හැක.

  • විවෘත ලියාපදිංචිය (Open Sign up) - පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් අඩවියක ගිණුමක් සෑදීමේ පහසුම ක්‍රමය ලෙස විවෘත ලියාපදිංචිය හැදින්විය හැකිය. මෙහිදි ඕනෑම අයෙකුට බාදාවකින් තොරව ලියාපදිංචි වීමට හැකියාව ඇත. විශේෂ කාලපරිජේදවල විවිධ ටොරෙන්ට් වෙබ් අඩවියන් තමන්ගේ සාමාජිකයින් වර්ධනය කිරීමේ පහසු ක්‍රමයක් ලෙසද මෙය හදුනා ගත හැක. opentrackers.org, opentrackers.net, btracs.com, reddit/r/OpenSignups වෙබ් අඩවි මගින් විවෘත ලියාපදිංචි කිරීම් හදුනා ගැනීමට උපකාරීවේ. වර්තමානයේ බොහොමයක් පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් ආරක්ෂක හේතුමත විවෘත ලියාපදිංචි කිරීම් නොකරන අතර, එසේම විවෘත ලියාපදිංචියට යොමුවන පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් එතරම් උසස් තත්වයේ ඒවා නොවේ.
  • ගෙවා ලියාපදිචි වීම (Pay 2 Join) - සමහර පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් සදහා ලියාපදිංචි වීමට මුදල් අය කරනු ලබයි (උදා: IPT හා HD-T ) මෙමගින් විවෘත ලියාපදිංචිය ලෙස නොව, අනවශ්‍ය පුද්ගලයින් ලියාපදිචිවීම වැලැක්වීමට කරනු ලබන උපක්‍රමයක් ලෙසද දැක්විය හැක. එහෙත් ඕනෑම අයකුට අදාල මුදල ගෙවා ලියාපදිචි වීමට හැකියාව ඇති නිසා විවිධ නීතී බලාත්මක කරන ආයතන (Law Enforcement Agencies) හා ඒවාට සහය දක්වන පුද්ගලයින් පවා මෙලෙස වෙබ් අඩවි තුලට ඇතුලුවීමේ අවධානමක් පවතී. එසේම මෙවැනි මුදල් ගෙවා ලියාපදිංචි සිදුකරන පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් සදහා ඇත්තේ ඉතා අඩු පිලිගැනීමකි.
  • ඉල්ලුම් පත්‍රය (Applications) - සමහර පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් විශේෂ ප්‍රශ්නාවලියක් සහිත ඉල්ලුම්පත්‍ර උපයෝගී කර ගනිමින් සාමාජිකයින් බදවා ගැනී.(උදා: PTN, AnimeBytes හා 32pages) එනම් එම ඉල්ලුම් පත නිසි පරිදි පුරවා යැවීම හා එම ඉල්ලුම්පත ලැබුන පසු අදාල ටොරෙන්ට් වෙබ් අඩවියේ කර්ය මණ්ඩලය එය අධ්‍යනය කර, අදාල ඉල්ලුම්කරුවාට විද්‍යුත් ලිපියක් මාර්ගයෙන් ආරාධනා (Invite) කරනු ලබයි. බොහෝවිට මෙම ඉල්ලුම්පතක ලියාපදිංචි වී ඇති අනිකුත් පෞද්ගලික ටොරෙන්ට් වෙබ් අඩවි වල විස්තර, අන්තර්ජාල සම්බන්න්ධතාවයේ වේගය, කොතරම් ටොරෙන්ට් ප්‍රමාණයක් දැනට සීඩ් කරනවාද යන්න, ටොරෙන්ට් සම්බන්ධයෙන් පවතින දැනුම හා ආරාධනා (Invite) කිරීමට අවශ්‍ය විද්‍යුත් ලිපිනයන් අසනු ලබයි.
  • සම්මුඛ පරීක්ෂණ (Interview) - පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් කුඩා ප්‍රමාණයක් මෙම ක්‍රමය භාවිත කරන අතර, මෙහිදී එම ට්‍රැකර් එකට විශේෂිත වූ IRC නාලිකාවකට සම්බන්ධ වී ඒ මොහොතේම අසන ප්‍රශ්න සදහා පිළිතුරු ලබාදිය යුතුය. අසනු ලබන ප්‍රශ්න සදහා හොදින් පිලිතුරු ලබාදුන් අපේක්ෂකයන්ට එම ටොරෙන්ට් වෙබ් අඩවියට ලියාපදිංචිවීමට අවස්ථාව ලබා දෙයි. මෙවැනි සම්මුඛ පරීක්ෂණ කර සාමාජිකයින් බදවා ගන්නා ප්‍රධාන ටොරෙන්ට් වෙබ් අඩවියක් ලෙස What.CD ප්‍රසිද්ධියක් ඉසිලුවේය. What.CD IRC නාලිකාව මගින් සංගීතය හා සම්බන්ධ විවිධ ප්‍රශ්න මාලාවක් අසනු ලැබූ අතර, ඒ සදහා සූදානම් වීමට වෙනමම වෙබ් අඩවියක්ද නිර්මාණය කර තිබිණි.[16] අසනු ලබන අනිකුත් ප්‍රශ්ණ අතර ලියාපදිංචිවී ඇති අනිකුත් පෞද්ගලික ටොරෙන්ට් වෙබ් අඩවි වල විස්තර, අන්තර්ජාල සම්බන්න්ධතාවයේ වේගය, කොතරම් ටොරෙන්ට් ප්‍රමාණයක් දැනට සීඩ් කරනවාද යන්න, ටොරෙන්ට් සම්බන්ධයෙන් පවතින දැනුම හා ආරාධනා (Invite) කිරීමට අවශ්‍ය විද්‍යුත් ලිපිනයන්ද වේ.
  • ආරාධනා ෆෝරමයන් (Invite Forum) - මෙහිදී පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර්යක ලියාපදිංචි වී එහි කිසියම් පරිශීලන මට්ටමකට (User Class) ලගාවූ පසු, එම වෙබ් අඩවියේ පවතින විශේෂ කොටසක අනිත් ට්‍රකර් වලට ලියාපදිචි වීම සදහා අවශ්‍ය ආරාධනාවන් කිරීමට පහසුම් සපයා ඇත. ඒ අනුව ආරාධනා ෆෝරමයන් අදාල පුද්ගලික ටොරෙන්ට් අඩවියේ ලියාපදිංචී වූ සෑම සාමාජිකයෙකුටම දර්ශනය නොවන අතර, එක් ට්‍රැකරය ලියාපදිචි වී නිශ්චිත පරිශීලක මට්ටමක් (User Class) පසු කලවිට, වෙනත් පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් වල කාර්ය මණ්ඩල විසින් තමන්ගේ ටොරෙන්ට් ට්‍රැකර් වෙත එකී පරිශීලකයින්ට නිල වශයෙන් ආරාධනා කරනු ලබයි. මෙය ටොරෙන්ට් ට්‍රැකර් සමාජ තුල ඉහලින් පිළිගත් ක්‍රමයක් වන අතර, බොහොමයක් පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් අනුගමන කරන ක්‍රමයද වේ. මෙය තෙවන පාර්ශවයන් විසින් පවත්වාගෙන යන ආරාධනා ෆෝරමයන් නොවිය යුතුය.

පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් වලදී නොකලයුතු දෑ සංස්කරණය

පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකරයකට සම්බන්ධවී මුලින්ම කලයුතු ක්‍රි‍යාව වන්නේ එහි නීතිරීති පිලිබද අවබෝධයක් ලබා ගැනීමයි. සෑම පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකරයකටම ඊට ආවේනික නීතිරීතී සමුදායක් පවතින අතර, පහත දැක්වෙන නීතීන් සෑම ටොරෙන්ට් ට්‍රැකරයකටම පොදු නීති, රත්‍රං නීති හෙවත් Golden Rules ලෙස හදුන්වයි. පහතින් ඇති එක් ක්‍රියාවක් හෝ ක්‍රියාවන් කිහිපයක් කිරීම තුලින් එකී පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකරයේ ලියාපදිංචි කරන ලද ගිණුම තහනමට ලක්වීමත්, ඉහත සදහන් කල කොල හා කහ පාටින් දක්වන ලද ට්‍රැකර්වල පවතින ගිණුම් සියල්ලද තහනමකට (Global ban) ලක්වීමටත් හැකියාව ඇත.

  • ආරාධනා මිලදී ගැනීම (Invite Buying) - කිසිදු අවස්ථාවක අරාධනා මිලට ගැනීම නොකල යුතුය. පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් වල කාර්ය මණ්ඩල මගින් විවිධ ක්‍රම උපයෝගී කර මෙවැනි ආරාධනා මිලදී ගන්නා පුද්ගලයින් හසු කර ගනී.
  • ආරාධනා හුවමාරු කිරීම (Invite Trading) - පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකරයක ආරධනාවක් ලබා ගැනීමේ අරමුනින්, තමන් දැනට ලියාපදිංචි වී ඇති වෙනත් පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර්යක ආරාධනා ලබාදීම/ ආරාධනා හුවමාරු (Invite Trading) කිරීම නොකල යුතුය.
  • ආරාධනා විකිණිම (Invite Selling) - තමාට අදාල පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර්ය මගින් ලබා දී ඇති ආරාධනා විකිණිම නොකල යුතුය.
  • සාවද්‍ය උඩුගත කිරීම (Ratio Cheating) - පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර වල එක් එක් සාමාජිකයා විසින් බාගත කිරීම් හා උඩුගත කිරීමේ සංඛ්‍යා පවත්වාගෙන යනු ලබයි. එසේ පවත්වාගෙන යන සංඛ්‍යා විවිධ ක්‍රම මගින් වෙනස් කිරීමට හා සාවද්‍ය සංඛ්‍යා සැපයීමට නොකල යුතුය. මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ අදාල ටොරෙන්ට් වෙබ් අඩවිය විසින් අනුමත කරන ලද ටොරෙන්ට් බාගත කරන මෘදුකාගයක් (Approved Torrent Client Software) බාවිත කිරීමයි. අනුමත නොකරන ලද ටොරෙන්ට් බාගත කිරිමේ මෘදුකාංග බාවිත කිරිම මගින් ගිණුම තහනමකට ලක්වීමටද හැකියාව ඇත.
  • එක් ගිණුමකට වඩා ලියාපදිංචි කිරීම - බොහොමයක් පිළිගත් පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් වෙබ් අඩවි වල පවතින නීතියක් වනුයේ ජීවිතකාලය තුලම එක් ගිණුමක් තබා ගත යුතු යන්නයි (One account per person per lifetime). මෙහිදී පැවති ගිණුම තහනම් කලද වෙනත් ගිණුමක් නැවත ලියාපදිංචීවිම නොකල යුතුය. එලෙස ලියාපදිංචි කිරීම තුලින් තමාට ආරාධනා (Invite) කල පුද්ගලයාගේ ගිණුමද තහනමකට ලක්විය හැක.
  • නොහදුනන පුද්ගලයින්ට ආරාධනා කිරීම - සෑම විටම තමන් හදුනන පුද්ගලයින්ට පමණක් පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර්යක සාමාජිකයෙකු වීමට ආරාධනා (Invite) කිරීම වැදගත්වේ. එසේම තමන් ආරාධනා කරන පුද්ගලයාගේ ක්‍රියා කලාපය පිලිබදව වගකීමටද සිදුවේ. එලෙස ආරාධනා කරන ලද නව සාමාජිකයා නීති රීති කඩ කලවිට, ආරාධනය කල පුද්ගලයාගේද ගිණුම තහනම් කරයි.
  • තෙවන පාර්ශවයන්ගේ ආරාධනා ෆෝරම (Third Party Invite Forum) වලට සම්බන්ධ වීම. - සෑම විටම පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් ෆෝරම වල ඇති ආරාධනා ෆෝමයන් පාවිච්චි කර වෙනත් ටොරෙන්ට් ට්‍රැකරන්ගේ ආරාධනා (Invite) ලබා ගැනීම කලයුතුය. මෙම ෆෝරම වල ඇති වෙනත් ට්‍රැකරයක කාර්ය මණ්ඩලය විසින් නිල වශයෙන් කරනු ලබන ආරාධනාවන් පිළිගැනීම සෑම විටම සිදු කල යුතුය. තෙවන පාර්ශවයන් විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි වලින් ආරාධනාවන් ලබා ගැනීම හෝ සාමාජිකයෙකු ලෙස ක්‍රියා කිරීම තමාගේ මෙන්ම තමාට සම්බන්ධ අන් අයගේ ගිණුම්ද තහනම් වීමට හේතුවකි. උදාහරණයක් ලෙස /ptg/, torrent-invites.com, torrentinvites.org, invitescene.com වැනි තෙවන පාර්ශවන් විසින් පවත්වාගෙන යන ආරාධනා හුවමාරු (Invite Trading) කරන වෙබ් අඩවි වලට පිවිසීම, එහි සාමාජිකයෙකු ලෙස ක්‍රියා කිරීම හෝ ඒ හා සම්බන්ධ ඕනෑම කර්යයකට සම්බන්ධ වීම මගින් තමාගේ සාමාජිකත්වය මෙන්ම තමාට ආරාධනා කල අයගේද සාමාජිකත්වය අහිමිවේ.
  • ප්‍රයිවට් ටොරෙන්ට් ට්‍රැකර් වල කාර්ය මන්ඩල සමග වාද කිරීම - ඔවුන්ගේ වෙබ් අඩවිය බැවින් වාද කර පලක් නොමැත. සෑම විටම ඔවුන් නිවැරදි ලෙස සැලකීමට සිදුවේ.

විවිධ ආර්ථික ක්‍රම සංස්කරණය

සාමාජිකයින්ට ටොරෙන්ට් සීඩ් කිරීමට දිරි දීමත්, නව අන්තර්ගතයන් වෙබ් අඩවිය තුලට ආකර්ශණ කර ගැනීම හා දිරි ගැන්වීමේ අරමුණින් පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් විවිධ ආර්ථික ක්‍රම (Tracker Economy) හදුන්වා දි ඇත. මෙහිදි උඩුගත කිරිමේ හා බාගත කිරිමේ අනුපාත (Upload / Download Ratio) වැදගත් කාර්යයක් ඉටු කරයි. බොහොමයක් ප්‍රයිවට් ටොරෙන්ට් ට්‍රැකර් තම සාමාජිකයින් බාගත කරන ලද ප්‍රමාණයන් හා සීඩ් හෙවත් උඩුගත කරන ලද ප්‍රමාණයන් පිලිබද සංඛ්‍යා තබා ගනී. මෙහිදී විවිධ පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් සදහා ඊට ආවේණික උඩුගත කිරිමේ හා බාගත කිරිමේ අනුපාත නීතී පවතින අතර, සාමාන්‍යයෙන් අවම වශයෙන් 1:1 අනුපාතයට උඩුගත කිරිමේ හා බාගත කිරීම් අනුපාතය තබා ගැනීම වඩා යෝග්‍යවේ. එනම් එක් ගිගා බයිට් එක් බාගත (Download) කලහොත්, ඒහා සමාන ලෙස එක් ගිගා බයිටයක් උඩුගත (Upload) කිරීම අවම වශයෙන් කල යුතුය. එලෙස නියමිත අගයට පවත්වාගෙන යා නොහැකි නම් ගිණුම අත්හිටුවයි. මෙය බොහෝවිට ස්වංක්‍රීයව සිදුවේ.

කුමන ආර්ථික ක්‍රමයක් උචිතද යන්න පිලිබදව ප්‍රකාශ කිරීම අපහසුවේ. පහත දැක්වෙන සෑම ආර්ථික ක්‍රමයකට අදාලව ඉතා සාර්ථක පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් දක්නට ලැබේ.

  • අනාර්ථික හෙවත් අනුපාත නොමැති (Ratio less) - මෙහිදී දක්නට ලැබෙන ප්‍රධන කරුණ වන්නේ උඩුගත කිරිමේ හා බාගත කිරිමේ අනුපාත නොමැති වීමයි. එහෙත් සාමාජිකයින් ටොරෙන්ට් උඩුගත කිරීමට දිරි ගෙන්වීමට අවම උඩුගත කිරීමේ කාල සීමාවන් හා සීඩ් කිරීම මත පදනම්වූ ප්‍රසාද ලකුණු ක්‍රමයක් (Bonus Point System) හදුන්වා දී ඇත. මෙවැනි පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් දුලබ අතර, ඉතා සාර්ථක උඩුගත කිරිමේ හා බාගත කිරිමේ අනුපාත නොමැති පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකරය ලෙස BroadcasThe.Net (BTN) හදුන්වා දිය හැක.
  • මෘදු ආර්ථික (Soft economy) - උඩු ගත කිරිමට පහසුවන ආකාරයට විවිධ ක්‍රම හදුන්වාදී ඇත. වඩාත් ජනප්‍රිය ක්‍රමය ලෙස Freeleech ටොරෙන්ට් හෙවත් නිදහස් බාගත කිරීම් හදුන්වාදිය හැක. මෙහිදී නිදහස් බාගත කිරිමේ ටොරෙන්ටුවක් භාගත කල විට ඊට අදාල බාගත කිරීමේ සංඛ්‍යා සටහන් (Download stats) නොවන අතර, උඩුගත කිරීමේ සංඛ්‍යා (Upload Stats) පමණයක් සටහන් වේ. මෙවැනි නිදහස් බාගත කිරීම් ඇති පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් ඉතා සුලබ වන අතර උදාහරණ ලෙස IPT, SHD, SCC, bB, AB හා MAM දැක්විය හැක. එසේම මෘදු ආර්ථිකයක් දක්නට ලැබෙන පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් වල දක්නට ලැබෙන තවත් ක්‍රමයක් වනුයේ කිසියම් ප්‍රසාද ලකුණු ක්‍රමයක් (Bonus Point System) හදුන්වා දී තිබීමයි. මෙහිදී උඩුගත කිරීමේ හෙවත් සීඩ් කරන ටොරෙන්ට් සංඛ්‍යාව, සීඩ් කරන ටොරෙන්ට් වල අඩංගු දත්ත(ගිගා බයිට්) ප්‍රමාණ්ය හෝ සීඩ් කරනු ලබූ කාලය පදනම් කර ගනින්මින් එක් එක් ට්‍රැකර් අවවි මගින් තමන්ටම අවේනික ප්‍රසාද ලකුණු ක්‍රම හදුන්වා දී ඇත. මෙවැනි ප්‍රසාද ලකුණු ක්‍රම ඇති පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් සුලබ වන අතර උදාහරණ ලෙස IPT, PTP, AHD දැක්විය හැක.
  • දැඩි ආර්ථික (Hard economy) - ඉහත සදහන් කරන ලද ප්‍රසාද ලකුණු ක්‍රම හෝ නිදහස් බාගත කිරීමේ (Freeleech) ටොරෙන්ට් නොමැති, උඩු ගත කිරීමට අපහසු ආර්ථික වේ. මෙවැනි පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් සදහා උඩුගත කිරිම අපහසු වන නිසා සාමාජිකයින් අධිවේගී අන්තර්ජාල පහසුකම් සහිත සර්වර් වල ස්ථාපන කරන ලද සීඩ්බොක්ස් (Seedbox) භාවිත කරනු ලබයි. එසේම මෙවැනි ආර්ථිකයක් පවතින පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් වල උඩුගත හා බාගත කිරීමේ අනුපාත සකස් කිරීමට අදාල ටොරෙන්ට් වෙබ් අඩවිය වෙත මුදල් පරිත්‍යාග (Donate) කිරීම්ද කරනු ලබයි. මෙලෙස පරිත්‍යාග කරනු ලබන මුදල් අදල පෞද්ගලික ටොරෙන්ට් ට්‍රකරය පවත්වාගෙන යාමට යොදවයි. මෙවැනි ආර්ථික පවතින සාර්ථක පෞද්ගලික ටොරෙන්ට් ට්‍රකර් වල සාමාජිකයින් සෑම විටම තම උඩුගත/බාගත අනුපාත නිසි මට්ටමට සකස් කිරීම සදහා දැනට ටොරෙන්ට් අඩවියේ නොමැති අන්තර්ගතයන් උඩුගත කිරිමට උත්සහ කරයි. (උදා - Bibliotik)

උඩුගත / බාගත අනුපාතය සකස්කිරීම සංස්කරණය

ඉහතින් සදහන් කල ආර්ථික ක්‍රමයන්හි රදා පැවතීමට සෑම විටම බාගත කරන ලද ටොරෙන්ට් සීඩ් කිරීම හෙවත් උඩුගත කිරීම අත්‍යාවශ්‍යවේ. එහෙත් දැඩි ආර්ථික (Hard economy) සහිත ටොරෙන්ට් ට්‍රැකරයන් මෙන්ම, ඉතා අඩු අන්තර්ජාල වේගයක් සහිත හෝ අන්තර්ජල සේවා සපයන්නා විසින් දෙනු ලබන දත්ත පරිමාවන් සීමා කර ඇති (Limited Bandwidth) ශ්‍රී ලංකාව වැනි රටකට සීඩ් කිරීම පහසු නොවේ. එවැනි අවස්ථාවකදී තම උඩුගත/ බාගත අනුපාත (Upload / Download Ratio) සකස් කිරීමට පහත ක්‍රම යොදා ගනී.

  • සීඩ්බොක්ස් බාවිත කිරීම (Using a Seedbox) - අධිවේගී අන්තර්ජාල පහසුකම් සහිත සර්වර් වල ස්ථාපන කරන ලද ටොරෙන්ට් උඩුගත කිරීමේ මෙවලමකි. අධික වේගයක් සහිත අන්තර්ජාල පහසුකම් පවතින බැවින් වැඩි උඩුගත කිරීම් ප්‍රමාණයක් කල හැක. සීඩ්බොක්ස් සපයන විවිධ වෙඩ් අවඩි ඇති අතර ඔවුන්ගෙන් මුදල් ගෙවා මිලදී ගැනිම හෝ තමාට එවැනි අධීවේගී අන්තර්ජාල පහසුකම් සහිත සර්වරයක් ඇති නම්, එයට ටොරෙන්ට් බාගත කිරීමට අවශ්‍ය මෘදුකාංග ස්ථාපනය කිරීම මගින් ටොරෙන්ට් සීඩ් කල හැක. සීඩ්බොක්ස් සේවාවන් ඉහල ගුණත්වයකින් යුතුව සපයන්නන් අතර Feral Hosting සංරක්ෂණය කළ පිටපත 2016-12-16 at the Wayback Machine, Whatbox, Bytesized Hosting හා Pulsed Media ප්‍රමුඛස්ථානයක් ගන්නා නමුත් ඔවුන් විසින් සපයන ගුණාත්වයෙන් උසස් සේවාව නිසා සාපේක්ෂව මිල තරමක් ඉහළ මට්ටමක පවතී.[17][18][19] දැනටමත් අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයක් සහිත සර්වර් පරිගණකයක් හිමි අයෙකුට ටොරෙන්ට් බාගත කිරිමට අවශ්‍ය මෘදුකාංග ස්ථාපනය කිරීමට අවශ්‍ය මගපෙන්වීම් හෝ සීඩ් බොක්ස් පිලිබදව වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය අයෙකුට එකී තොරතුරු හා මගපෙන්වීම් /r/seedboxes වෙබ් අඩවියට පිවිසීම තුලින් ලබා ගත හැක.
  • ඉල්ලීම් පිරවීම (Filling requests) - එනම් දැනට ටොරෙන්ට් අඩවියේ නොමැති අන් සාමාජිකයින් විසින් ඉල්ලා ඇති අන්තර්ගතයන් ටොරෙන්ට් අඩවිය වෙත උඩුගත කිරීම වේ. මෙහිදි අදාල ඉල්ලීම කල පුද්ගලයා විසින්, ඉල්ලීම පුරවන පුද්ගලයාට විවිධ දීමනා දෙනු ලබයි. බොහෝ විට මේවා ප්‍රසාද ලකුණු (Bonus Points) හෝ උඩුගත කිරිමේ ලකුණු වේ.
  • ටොරෙන්ට් අඩවියේ නොමැති දෑ උඩු ගත කිරීම (Uploading your content) - එනම් දැනට ටොරෙන්ට් අඩවියේ නොමැති අන්තර්ගතයන් ටොරෙන්ට් අඩවිය වෙත උඩුගත කිරීම වේ. ඉහත සදහන් ඉල්ලීම් ඉටු කිරීමේදී මෙන් අතිරේක දිරි දීමනා නොලැබේ. නව අන්තර්ගතයන් උඩුගත කිරීමේදී විශේෂයෙන් ට්‍රැකරයේ උඩුගත කිරීමේ නීතිරීති පිළිබද සැලකිලිමත් විය යුතුය.

ප්‍රසිද්ධ පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් අඩවි සංස්කරණය

අන්තර්ජාලයේ පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් විශාල සංඛ්‍යාවක් ඇත. ඒවා විවිධ පරමාර්ථ සදහා පිහිටුවාගෙන ඇති අතර, පහත දැක්වෙන පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් ටොරෙන්ට් සමාජය තුල ප්‍රසිද්ධිය උසුලයි.

HDBits (HDB)
ඉතා හොද තත්වයේ (HD Quality) චිත්‍රපට හා රුපවාහිණි නාට්‍ය අඩංගුවේ. වීඩියෝ සම්මතය 720p සිට ඉහළ තත්වයේ පවතින චිත්‍රපට හා රුපවාහිණි නාට්‍ය පමණක් ඇති අතර ටොරෙන්ට් සමාජයේ ඉතා ඉහල පිළිගැනීමක් ඇති සම්බන්ධවීමට ඉතා අපහසු ට්‍රැකරයකි. චිත්‍රපට Encode කිරීම සදහා ප්‍රසිද්ධ බොහෝදෙනෙක් මෙහි සාමාජිකයින්වේ. ඉතා දුර්ලභ හා ඉතා සීමිත කාලමාවකදී PTP, BTN, AHD, SDBits, CN, KG යන පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් වලින් සාමාජිකයින් බදවාගෙන ඇත. මෙම සාමාජිකයින් බදවාගැනීම සිදුකර ඇත්තේ එම ට්‍රැකරයන්හි වැඩිම පරිශීලක මට්ටමේ (Highest User class) ඇති සාමාජිකයින්ගෙනි. දැනට ලියාපදිංචි සාමාජිකයිට නව සාමාජිකයින් බදවා ගැනීමට අවශ්‍ය ආරාධනා (Invites) ලබා ගැනීම සදහා උඩුගත හෙවත් සීඩ් කිරීමේ ප්‍රමුඛතාව මත ක්‍රමයක් සකස්කර ඇත. මෙම ට්‍රැකරයට සම්බන්ධවීමට වසර ගනණාවක පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් පිලිබද අත්දැකීම් හා සාමාජිකයින් අතර විශ්වාසය ගොඩනගා තිබිය යුතුය. 2016 දෙසැම්බර් මාසය වන විට සාමාජිකයින් 18,000 කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත.
Art of Misdirection (AOM)
500කට ආසන්න කුඩා වෘත්තීය ඇස්බැන්දුම් ශිල්පීන් (Professional Magician) වන සාමාජිකයින් ගෙන් සමන්විත වන පෞද්ගලික ටොරෙන්ට් අඩවියකි. සම්බන්ධවීමට ඉතා අපහසු ටොරෙන්ට් අඩවියක් වන අතර 2008 දී අත්වැරදීමකින් විවෘත ලියාපදිංචියකට (Open Sign up) යන ලදී. පසුව එම අත්වැරදීම නිවැරදි කලේ , අලුතින් ලියපදිංචී වූ සියලුදෙනාගේම ගිනුම් තහනම් කරමිනි.[20]
Broadcast the Net (BTN)
රුපවාහිණි නාට්‍ය සහිත ටොරෙන්ට් ට්‍රැකරයක් වන අතර සාමාන්‍ය පිළිගැනීම අනුව රූපවාහිණි නාට්‍ය සදහා දැනට පවතින හොදම ට්‍රැකරය මෙන්ම අන්තර්ගතය අනුව අනිකුත් කිසිදු රුපවාහිණි නාට්‍ය ට්‍රැකරයකට සමකල නොහැක. මෙය පෞද්ගලික ටොරෙන්ට් සමාජයේ ඉතා ඉහල පිළිගැනීමක් ඇති ට්‍රැකරයකි. PTP ට්‍රැකරයේ ඇති ආරාධනා ෆෝරම (Invite Forum) මගින් සාමාජිකයින් පිටතින් බදවා ගැනීම තවමත් සිදු කරන අතර, ලියාපදිංචි සාමාජිකයිට නව සාමාජිකයින් බදවා ගැනීමට අවශ්‍ය ආරාධනා (Invites) ලබා ගැනීම සදහා වෙන්දේසි ක්‍රියාත්මක කරයි (මෙම වෙන්දේසියේදී සැබෑ මුදල් භාවිතා නොවේ). මෙයිදී වෙන්දේසියට සහභාගීවීමට පැරණි එසේම වැඩි පරිශීලක මට්ටමකට (Highest User class) හිමිකම් කිවයුතු අතර, ඔහු සතුව ටොරෙන්ට් සීඩ් කිරිමෙන් උපයා ගන්නා ලද ප්‍රසාද දීරි දීමනා (Bonus Points) රැසක් තිබිය යුතුය. 2016 දෙසැම්බර් මාසය වන විට සාමාජිකයින් 34,500 කට ආසන්න ප්‍රමාණක් ලියාපදිංචි වී ඇත. සම්බන්ධ වීමට අපහසු ටැකරයකි. වෙනත් ට්‍රැකරයක නිල ආරාධනා ෆෝරමයකින් (Official Invite Forum) සම්බන්ධ වන අයවලුන් පහත සදහන් සුදුසුකම් සපුරා තිබිය යුතුය.
  • සාමාජිකත්වය අවම වශයෙන් මාස 6ක් විය යුතුය.
  • පෙර ලියාපදිංචි වී ගිණුමක් නොතිබිය යුතුය.
  • ඊජිප්තු පුරවැසියෙකු නොවිය යුතුයි (සාවද්‍ය උඩුගත කිරීම් [Ratio cheat] විශාල ප්‍රමාණයක් කිරීම නිසා ඊජිප්තු IP range තහනම් කර ඇත.)
Pass the Popcorn (PTP)
විශාලතම හා උසස් චිත්‍රපට එකතුවක් සහිත ටොරෙන්ට් ට්‍රැකරය වන අතර සාමන්‍ය පිළිගැනීම අනුව අනිකුත් චිත්‍රපට ටොරෙන්ට් වෙබ් අඩවි අතර අසම සම ස්ථානයක ඇත. මෙය පෞද්ගලික ටොරෙන්ට් සමාජයේ ඉතා ඉහල පිළිගැනීමක් ඇති ට්‍රැකරයකි. චිත්‍රපට උසස් තත්වයෙන් එන්කෝඩ් (Encode) කිරීම සදහා අවශ්‍ය මගපෙන්වීම් හා ඉගැන්වීම් (Tutorials and Guidance) මෙහි විවිධ සාමාජිකයින් විසින් සකස් කර ඇත. නිදහස් බාගත කිරිම් (Freeleech) හා සීඩ් කිරීම මත පදනම් වූ ප්‍රසාද ලකුණු ක්‍රමයක් (Bonus Point System) බාවිත කරන බැවින් උඩුගත / බාගත අනුපාතයන් (Upload / Download Ratio) පවත්වාගෙන යාමට හා සීඩ් කිරීමට පහසුය. What.CD වසා දැමීමෙන් පසු නව සාමාජික ලියාපදිංචිය තාවකාලිකව නවතා දමා ඇත. මීට පෙර Animebyt.es, AHD, BTN, HDB යන ට්‍රැකරයන්ගේ ඇති නිල ආරාධනා ෆ්‍රෝරම (Official Invite Forum) මගින් සාමාජිකයින් බදවා ගැනීම සිදු කල අතර, දැනට ලියාපදිංචිවී ඇති සාමාජිකයින්ට ආරාධනා (Invites) සීමිත ප්‍රමාණයක් නිකුත් කර ඇති නමුත් වෙබ් අඩවියේ ඇති උපරිම පරිශිලක සීමාවන් (Maximum Enabled Users) දැනටමත් ඉක්මවා ඇති නිසා සාමාන්‍ය පරිශීලකයන්ට මෙම ආරාධනා (Invites) භාවිත කල නොහැක. 2016 දෙසැම්බර් මාසය වන විට සාමාජිකයින් 35,500 කට ආසන්න ප්‍රමාණක් ලියාපදිංචි වී ඇත.
Redacted (RED)
What.CD ට්‍රැකරය වසා දැමීමෙන් පසු, එහි අඩුව පිරවීම සදහා නව ටොරෙන්ට් ට්‍රැකරයක් ලෙස මම සංගීත ටොරෙන්ට් අඩවිය ඇරඹිනි. නව පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකරක් බැවින් 2016 දෙසැම්බර් මාසය වන විට ලියාපදිංචි සාමාජිකයින් 12,500 කට ආසන්න ප්‍රමාණක් ඇත. ආරාධනා (Invites) සොයා ගැනීම තරමක් අපහසු උවත් BTN, HDB, PTP යන පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් අඩවි වල ඇති ආරධනා ෆෝරම වලින් ආරාධනා (Invites) නිකුත් කරයි. 15/01/2017 වන දින සිට සම්මුඛ පරීක්ෂණ (IRC Interview) මගින් සාමාජිකයින් බදවා ගැනීමට වෙනම වෙබ් පිටුවක් ආරම්භ කරන ලදී.[21] පෙර පැවැති වෙබ් ලිපිනය වන Pass the Headphones සංරක්ෂණය කළ පිටපත 2016-12-02 at the Wayback Machine (PTH) සිට නව වෙබ් ලිපිනයට 20/02/2017 දින මාරුවන ලදී.[22]
Bibliotik (BiB)
විශාල ප්‍රමාණ්යේ විද්‍යුත් පොත් ට්‍රැකරකි.
Animebytes (AB)
විශාල ප්‍රමාණයේ සජීවිකරණ කරන ලද චිත්‍රපට හා රූපවාහිනී නාට්‍ය එකතුවක් අඩංගු ටොරෙන්ට් අඩංගුවේ.
IPTorrents සංරක්ෂණය කළ පිටපත 2016-02-06 at the Wayback Machine (IPT)
විශේෂිත ටොරෙන්ට් අන්තර්ගතයන් නොමැති (General Content) සෑම ආකාරයේම ටොරෙන්ට් අඩංගු වන විශාල සාමාජික සංඛ්‍යාවක් සහිත ට්‍රැකරයකි. ටොරෙන්ට් සමාජය තුල පිලිගත් අනිකුත් පෞද්ගලික ටොරෙන්ට් අඩවි සදහා DDOS ආකාරයේ ප්‍රහාරද, සාමාජිකයින් කරනු ලබන මුදල් පරිත්‍යාග මගින් ලාබ ඉපයීම්ද, වෙබ් අඩවිය ඇතුලත විවිධ ලොතරයි ක්‍රම ක්‍රියාත්මක කිරීම තුලින් මුදල් / ලාබ ඉපයීම් හා අනිකුත් ටොරෙන්ට් වෙබ් අඩවි වල සාමාජිකයින් අනාරක්ෂිත වන ආකරයෙන් අන්තර්ගතයන් සොරකම් කිරීම (Stealing Peers) සදහා කුප්‍රකට වේ. මෙම අඩවිය මෙහෙයවන පුද්ගලයා විසින් TorrenTing, Torrentday, SceneTime යන නම් වලින් තවත් පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් ආරම්භ කර මුදල් ඉපයිමේ පරමාර්ථයෙන් කුප්‍රකටව සිදු කරයි.[23][24][25][26] ආරාධනා සොයා ගැනීම ඉතා පහසු වන අතර, අවශ්‍ය නම් ආරාධනා (Invites) මුදල් ගෙවා මිලට ගැනීමට හැක. ප්‍රයිවට් ට්‍රැකර් සමාජයේ පිළිකුලට ලක්වූ ටොරෙන්ට් ට්‍රැකරයකි.
Waffles (WFM/WCH)
දැනට අකර්මන්‍යව පවතින ඉහල පිලිගැනීමක් පැවති පෞද්ගලික සංගීත ටොරෙන්ට් ට්‍රැකරකි. මෙය What.CD ටොරෙන්ට් වෙබ් අඩවියට විකල්පයක් ලෙස තිබූ ට්‍රැකරය වන අතර පසුව ඇතිවූ මූල්‍යමය හා අනිකුත් ගැටලු නිසා තාවකාලිකව වසා දැමුනි.
TehConnection (TehC or TC)
සාමන්‍ය ප්‍රමාණයේ පෞද්ගලික ටොරෙන්ට් අඩවියක් වන අතර චිත්‍රපට ටොරෙන්ට් අඩංගුවේ. මෙය PTP ට්‍රැකරය ඇති විකල්ප ටොරෙන්ට් අඩවිය ලෙස සැලකේ. නිදහස් බාගත කිරීම් ඇති නිසා සීඩ් කිරීම පහසුය. 2016 දෙසැම්බර් මාසය වන විට සාමාජිකයින් 12,500 කට ආසන්න ප්‍රමාණක් ලියාපදිංචි වී ඇත. 2017/09/19 දින කැනේඩියානු නීති බලාත්මක කරන ආයතන මගින් (Canadian Law Enforcement Agencies) මගින් මෙම අඩවියට සම්බන්ධ සර්වර් පරිගනක (Front Proxy Servers) සිය බාරයට ගැනීමත් සමග, මෙම වෙබ් අඩවිය වසා දමන ලදී.[27][28]
Freshon.tv සංරක්ෂණය කළ පිටපත 2018-07-22 at the Wayback Machine (TvT or TvT.ro)
සාමන්‍ය ප්‍රමාණයේ පෞද්ගලික ටොරෙන්ට් අඩවියක් වන අතර රූපවාහිනි නාට්‍ය පමණක් ඇත. ආරාධනා (Invites) සොයා ගැනීම පහසු වන අතර දැනට ලියාපදිංචි වී ඇති සාමාජිකයින්ගේ සාමාජික මට්ටම (User Class) අනුව ආරාධනා (Invites) සෑම මසකම එකත් - තුනත් අතර ප්‍රමාණයක් නිකුත් කරයි. මෙය BTN ටොරෙන්ට් ට්‍රැකරයේ විකල්පයක් ලෙස සැලකේ. 2015 වසරේදී මෙම වෙබ් අඩවිය පාලනය කරන කාර්ය මණ්ඩලයේ අයෙකු විසින් HDBits පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකරයේ ආරාධනා (Invites) මුදලට විකිණීම හා DDOS ආකාරයේ ප්‍රහාර දියත් කිරීම නිසා පිළිගැනීම තරමක් අඩුය.[29] 2016 දෙසැම්බර් මාසය වන විට සාමාජිකයින් 18,000 කට ආසන්න ප්‍රමාණක් ලියාපදිංචි වී ඇත. 2017 මැයි 19 වන දින මෙම ටොරෙන්ට් ට්‍රැකරය වසා දැමුණු අතර ඊට හේතු ලෙස ඔවුන් දක්වා තිබුනේ මෙම ටොරෙන්ට් ට්‍රකරය කරගෙන යාමට අවශ්‍ය තරම් නිදහස් කාලයක්(Freetime), එහි ඉහළ කාර්ය මණ්ඩලයට නොමැති වීමයි.[30] වසාදමන අවස්ථාව වන විට සාමාජිකයින් 18,250 කගෙන් සමන්විතව තිබූ අතර, ඔවුන් සදහා MoreThan.Tv සංරක්ෂණය කළ පිටපත 2017-06-02 at the Wayback Machine Nebulance PrivateHD යන පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් මගින් සාමාජිකත්වය ලබා දීමට කැමැත්ත පළ කරන ලදී.[31][32][33]
MoreThan.Tv සංරක්ෂණය කළ පිටපත 2017-06-02 at the Wayback Machine (MTV)
කුඩා ප්‍රමාණයේ නව පෞද්ගලික ටොරෙන්ට් අඩවියක් වන අතර රූපවාහිනි නාට්‍ය පමණක් ඇත. නව සාමාජිකයින් බදවා ගැනීම සදහා දැනට ලියපදිංචි වී සිටින සාමාජිකයින්ට ආරාධනා නිකුත් කර ඇති අතරම, විශේෂ අවස්ථාවලදී අන්තර්ජාලය ඔස්සේ කරන සම්මුඛ සාකච්ජා (IRC Interview) ඔස්සේද ආරාධනා නිකුත් කරයි.[34]
What.CD (WCD)
ඉතා විශාල සංගීත ටොරෙන්ට් සහිත පෞද්ගලික ටොරෙන්ට් අඩවියකි. ඉතා ඉහළ පිලිගැනීමක් තිබූ අතර, මෙම අඩවිය මගින් පෞද්ගලික ටොරෙන්ට් අඩවි අතර අවුරුදු 9කට වැඩි නොමැකෙන මතක සටහනක් තැබුවේය. බොහොමයක් පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් අදටත් මෙම අඩවිය මගින් නිර්මානය කරන ලද Ocelot[35] නමින් හැදින්වෙන සාමාජිකයින් ඇතුලතින් සම්බන්ද කිරීමේ මෘදුකාංගයද (Back-end Tracker), ටොරෙන්ට් වෙබ් අඩවි සදහා අවශ්‍ය වන Gazelle[36] නැමැති පරිශීලක අතුරු මුහුනතද (Front-end Tracker) භාවිත කරයි. ප්‍රයිවට් ටොරෙන්ට් ට්‍රැකර් වලට සම්බන්ධවන නවකයින්ට මෙම ට්‍රැකරය විශේෂ වූයේ, මෙමගින් ඕනෑම අයෙකුට වෙබ් අඩවිය මගින් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණ (IRC Interview) වලට සහභාගි වී සමත්වීම තුලින් මෙහි ලියාපදිංචිය ලබා ගැනීමට තිබූ අවස්ථාව නිසාය. එසේම එලෙස ලියාපදිංචි වූ සාමාජිකයිට නිශ්චිත පරිශිලන මට්ටමක් (User Class) පසුකල පසු අනිකුත් ටොරෙන්ට් ට්‍රැකරයන් හා සම්බන්ධ වීමට උසස් තත්වයේ ආරාධනා ෆෝරමක්ද (Invite Forum) තිබිණි. මෙහි තිබූ සමහර සංගීත අන්තර්ගතයන් (Music Contents) මිලදී ගෙනීමට පවා නොමැති අතිශය දුර්ලබ ඒවා වු අතර, සමහරෙක් මෙම ටොරෙන්ට් අඩවිය ඇලෙක්සැන්ඩ්‍රියාවේ මහා පුස්තකාලයට සමකිරීමට පෙළබී සිටියහ. තවද මෙහි උසස් තත්වයේ සංගීතයන් සකස් කිරිමට අවශ්‍ය විවිධ මුදුකාංග මෙන්ම ඊට අවශ්‍ය උසස් තත්වයේ මගපෙන්වීම් හා ඉගැන්වීම්ද (Tutorials and Guidance) මෙහි විවිධ සාමාජිකයින් විසින් සකස් කර තිබුණි. 2016 නොවැම්බර් 17 වන දින ප්‍රංශ රජයේ නීති බලාත්මක කරන ආයතන (French Law Enforcement Agencies) මගින් මෙම අඩවියට සම්බන්ධ සර්වර් පරිගනක (Front Proxy Servers) සිය බාරයට ගැනීමත් සමග, මෙම වෙබ් අඩවිය වසා දමන ලදී. වසා දමන දින වනවිට ගායකයින් (Artists) 885, 628ක් දෙනෙක් විසින් ගායනා කරන ලද ගීත එකතූන් (Music Album) 1,092,232ක් සහිත ටොරෙන්ට් 2,675,527 හා ටොරෙන්ට් වෙබ් අඩවියේ ලියාපදිංචි සාමාජිකයින් 144,608ක්ද විය.
BitMeTV (BMTV)
2005 මාර්තු මාසයේ ආරම්භ කරන ලද මෙම පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකරයේ අඩංගු වන්නේ රූපවාහිනී නාට්‍යවේ. 2016 දෙසැම්බර් මාසය වන විට සාමාජිකයින් 14,000 කට ආසන්න ප්‍රමාණයක් සිටින මෙම අඩවිය, BTN ටොරෙන්ට් අඩවියේ ආගමනයත් සමග පිලිගැනීම අඩුවිය. ආරාධනා (Invites) සොයා ගැනීම මෙන්ම සීඩ් කිරීමද අපහසු දැඩි ආර්ථිකයක් (Hard economy) සහිත ට්‍රැකරයකි. දැනට සිටින සාමාජීකයින්ට, නව සාමාජිකයින් බදවා ගැනීම සදහා ආරාධනා නිකුත් කර ඇති අතර නිල ආරාධනා ෆෝරම (Official Invite Forum) මගින්ද නව සාමාජිකයින් බදවා ගනී. එහෙත් එම නිල ආරාධනා ෆෝරම සක්‍රීය මට්ටමක නොපවතී.
TorrentLeech (TL)
IPT මෙන් විශාල සාමාජික සංඛ්‍යාවකගෙන් සමන්විත මෙම ට්‍රැකරය, විශේෂිත ටොරෙන්ට් අන්තර්ගතයන් නොමැති (General Content) සෑම ආකාරයේම ටොරෙන්ට් අඩංගු වේ. (නිල් චිත්‍රපට අඩංගු නොවේ). අවුරුද්දේ කිහිප වාරයක්ම විවෘත ලියාපදිංචිය (Open Sign up) මගින් නව සාමාජිකයින් බදවා ගැනීම සිදුකරන අතර, එසේ විවෘත ලියාපදිංචිය සිදු කරන අවස්ථා ඔවුන්ගේ වෙබ් අඩවිය හා Twitter ගිනුම ඔස්සේ දන්වයි. අවසන් වරට විවෘත ලියාපදිංචියක් සිදුකරන ලද්දේ 2017 මැයි මස 17 වන දිනය.[37][38] දැනට ලියාපදිංචි සාමාජිකයින්ටත් තම නව සාමාජිකයින් බදවා ගැනීම සදහා අවශ්‍ය ආරාධනා (Invites) නිරතුරුවම නිකුත් කරයි. විශාල සාමාජිකයින් ප්‍රමාණයක් සිටියත්, නිදහස් බාගත කිරීම් (Freeleech) නොමැති නිසා නව සාමාජිකයින්ට උඩුගත කිරීම හෙවත් සීඩ් කිරීම තරමක් අපහසුය. විශේෂීකර්ණය නොවූ අන්තර්ගතයන් (General Content) සහිත පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකරයන් අතර, එකී අන්තර්ගතයන් වැඩි කාලයක් රදවා තබා ගැනීමට (Retention) මෙන්ම එම පැරණි අන්තර්ගතයන් පවා වැඩි වේගයකින් යුක්තව බාගත කිරීම (High Download Speed) කල හැකිබවට ප්‍රසිද්ධියක් උසුලයි
RevolutionTT (RevTT)
විශේෂිත ටොරෙන්ට් අන්තර්ගතයන් නොමැති (General Content) සෑම ආකාරයේම ටොරෙන්ට් අඩංගු වේ. දැනට ලියාපදිංචි වී ඇති සාමාජිකයින්ට ආරාධනා (Invites) නිකුත් කිරීම මගින් නව සාමාජිකයින් බදවා ගනී. නිදහස් බාගත කිරීම් (Freeleech) නොමැති නිසා නව සාමාජිකයින්ට උඩුගත කිරීම හෙවත් සීඩ් කිරීම තරමක් අපහසුය.
Empornium සංරක්ෂණය කළ පිටපත 2017-03-19 at the Wayback Machine (EMP)
නිල් චිත්‍රපට (Porn) ටොරෙන්ට් අඩංගුවේ. ආරාධනා (Invites) සොයා ගැනීම ඉතා අපහසුවී ඇත්තේ ඔවුන් විසින් නව ආරාධනා (Invites) දැනට ලියාපදිංචි වී සිටින සාමාජිකයින් කිසිවෙකුටත් නිකුත් නොකිරීම නිසාය. අවසන් වරට විවෘත ලියාපදිංචියක්(Open Sign up) 2014 දෙසැම්බර් මාසයේ සිදුකර ඇති අතර, එයින් පසු නව සාමාජිකයින් ලියාපදිංචිය නවතා ඇත. නිල් චිත්‍රපට සහිත නිකුත් පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් සමග සැසදීමේදී, මෙහි වැඩි නිල් චිත්‍රපට අන්තරගතයන් ප්‍රමාණයක් පවතී. නිදහස් බාගත කිරීම් (Freeleech) පවතින නිසා සීඩ් කිරීම පහසුවේ. 2016 දෙසැම්බර් මාසය වන විට සාමාජිකයින් 103,000 කට ආසන්න ප්‍රමාණක් ලියාපදිංචි වී ඇත.
Avistaz
ආසියානු චිත්‍රපට හා රුපවාහිනී නාට්‍ය සදහා විශේෂීකරණය වූ පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකරයකි. මෙහි වැඩි වශයෙන් දකුණු කොරියාණු, චීන හා ජපාන චිත්‍රපට හා රුපවාහිනී නාට්‍ය අඩංගුවේ. නව සමාජිකයින් බදවා ගැනීම සදහා දැන්ට ලියාපදිංචී වී සිටින සාමාජිකයින්ට ආරාධනා නිකුත් කිරීම මගින් සිදු කරයි. නිදහස් බාගත කිරීම් (Freeleech) ඇති නිසා උඩුගත හෙවත් සීඩ් කිරීම පහසුවේ. 2016 දෙසැම්බර් මාසය වන විට සාමාජිකයින් 137,000 කට ආසන්න ප්‍රමාණක් ලියාපදිංචි වී ඇත.
[Sinderella] S
ආසියානු නිල් ච්ත්‍රපට (Porn) සදහා විශේෂීකරණය වූ, වැඩි වශයෙන් දකුණු කොරියානූ හා ජපාන නිල් චිත්‍රපට (JAV) අඩංගු පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකරයකි.2016 දෙසැම්බර් මාසය වන විට සාමාජිකයින් 5,500 කට ආසන්න ප්‍රමාණක් ලියාපදිංචි වී ඇති අතර, නවක සාමාජිකයින්ට ලියාපදිංචී වීමට ඉතා අපහසු ට්‍රැකරයකි. මෙම වෙබ් අඩවියේ වෙබ් ලිපිනය ප්‍රසිද්ධියට පත්කිරීම සාමාජිකයින්ට තහනම් කර ඇත. නිදහස් බාගත කිරීම් (Freeleech) ඇති නිසා උඩුගත හෙවත් සීඩ් කිරීම පහසුවේ.
Awesome-HD (AHD)
උසස් තත්වයේ එනම් HD තත්වයේ චිත්‍රපට පමණක් මෙම පෞද්ගලික ටොරෙන්ට් අඩවියෙහි දක්නට ඇත. HDBits ටොරෙන්ට් වෙබ් අඩවියට විකල්පයක් ලෙසද මෙය හදුනා ගන්නා අතර, ප්‍රසාද ලකුණු හා නිදහස් බාගත කිරිම් (Freeleech) නිසා උඩුගත හෙවත් සීඩ් කිරීම පහසුවේ. නව සාමාජිකත්වය ලබා ගැනිමට එතරම් අපහසු නොවන අතර, සිටින සාමාජිකයින්ට ආරාධනා නිකුත් කිරීම හෝ වෙනත් ටැකර් වල ඇති ආරාධනා ෆෝර්ම මගින් සාමාජිකයි බදවා ගනි.

ට්‍රැකර් ෆෝරම සංස්කරණය

ටොරෙන්ට් ට්‍රැකරයක ප්‍රධාන කර්යය ලෙස ටොරෙන්ට් මගින් පරිශීලකයින්ට අවශ්‍ය චිත්‍රපට, රූපවාහිනි නාට්‍ය හා වෙනත් දෑ බාගත කිරීමට ඉඩ සැලසීම වුවත් සෑම පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකරයකම ෆෝරමයක් දක්නට ඇත. මෙම ෆෝරමය මගින් පරිශීලකයින්ට විවිධ නිවේදන, යාවත්කාලින කිරීම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම, විවිධ තරග සංවිධානය, නව අදහස් හා යෝජනා චෝදනා ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීම, වෙනත් ටොරෙන්ට් ට්‍රැකර් වල ආරාධනා අර්පනය (Invite Offer) කිරීම, ටොරෙන්ට් හා වෙනත් ගැටලු සදහා උපදෙස් හා මගපෙන්වීම් ලබාදීම වැනී විවිධ කාර්යයන් සිදු කරයි. එසේම සෑම පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකරයකම IRC නාලිකාවක් (IRC Channel) පවතින අතර, එයට සම්බන්ධවූ විට සජීවීව අනිකුත් සාමාජිකයින් සමග අදහස් හුවමාරු කිරීමට හැකියාව ඇත. මේ සෑමවිටකදීම තමාගේ පෞද්ගලික විස්තර හෙලිදරව් කිරීමෙන් වැළකී සිටිය යුතුවේ.

FSC හා PTN වැනි ට්‍රැකරයන් ප්‍රධාන වශන්යෙන් ෆෝරමයන් මුල් කර ගනිමින් (Community Based) කටයුතු කලත්, ඔවුන්ගේ ටොරෙන්ට් වෙබ් අඩවි තරමක් අක්‍රීය මට්ටමක පවතී. කෙසේ නමුත් ට්‍රැකර ෆෝරමයන් තුල සක්‍රීය වීම මගින් ටොරෙන්ට් සමාජයේ පිළිගත් පුද්ගලයෙකු වීමටත්, ආරාධනා සොයා ගැනීමට අපහසු ඕනෑම පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකරයක උවත් ඉතා පහසුවෙන් ආරාධනා සොයා ගැනීමටත් හැකියාව පවතී.

සැලකිය යුතුයි : පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකරයෙන් පිටත, වෙනත් තෙවන පාර්ශවන් විසින් පවත්වාගෙන යන ටොරෙන්ට් හා සම්බන්ධ ෆෝරමයන් වලට පිවිසීම, එහි සාමාජිකයෙකු ලෙස ක්‍රියා කිරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් සම්බන්ධවීම, තමාගේ සාමාජිකත්වය මෙන්ම තමාට ආරාධනා කල අයගේද සාමාජිකත්වය අහිමිවීමට හේතුවකි. බොහෝවිට මෙවනි තෙවන පාර්ශයෙන් විසින් පවත්වාගෙන යන ෆෝරම මගින් ටොරෙන්ට් සමාජය විසින් පොදුවේ පිළිගත් නිතීරීති උල්ල්ංඝනය වන ලෙස කටයුතු කිරීම දැකිය හැක.

කෙසේ නමුත් ප්‍රයිවට් ටොරෙන්ට් ට්‍රැකර් පිළිබද නවතම තොරතුරු /r/trackers වෙබ් අඩවියට පිවිසීම තුලින් දැනගත හැකි අතර, බොහොමයක් ප්‍රසිද්ධ ප්‍රයිවට් ටොරෙන්ට් ට්‍රැකර් වල කාර්යය මණ්ඩලයන් මෙහි සක්‍රියව කටයුතු කරයි. ටොරෙන්ට් ට්‍රැකර් වල අභ්‍යන්තර ෆෝරම වලින් පිටත අනුමත කරන ලද, ප්‍රයිවට් ටොරෙන්ට් ට්‍රැකර් වලට සම්බන්ධ තොරතුරු දැනගත හැකි එකම වෙබ් අඩවිය /r/trackersපමණි.

පරිත්‍යාග සිදු කිරීම. සංස්කරණය

පිළිගත් පෞද්ගලික ටොරෙන්ට් අඩවි නඩත්තු කරන පුද්ගලයින් හා කාර්යමණ්ඩල කිසිදු ලාභ පරමාර්ථයකින් හෝ වැටුප් ලබා ගැනීමකින් තොරව තම ශ්‍රම දායකත්වය ලබාදෙන නමුත්, ටොරෙන්ට් වෙබ් අඩවි මගින් බෙදා හරිනු ලබන්නේ නීත්‍යානුකූල නොවන අයිතම බැවින් ටොරෙන්ට් අඩවි වල හිමි කරුවන් විවිධ ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් එම ටොරෙන්ට් අඩවිය තිබෙන සැබෑ පරිගණක සර්වර් සැගවීමට අවශ්‍යවේ. මේ නිසා වැඩි වශයෙන් පරිගණක සර්වර් භාවිත කරමින් එකී ප්‍රධාන සර්වරය සැගවීමට ප්‍රොක්සි සර්වර් (Proxy Server) ලෙස භාවිත කිරිමටද සිදුවේ. ඒ අනුව ටොරෙන්ට් අඩවියක් පවත්වාගෙන යාමට හා නඩත්තු කටයුතු කිරීමට අවශ්‍ය පරිගනක සර්වර් සදහා මුදල් වැයවේ.

මෙලෙස ටොරෙන්ට් වෙබ් අඩවිය පවත්වාගෙන යාම පිණිස අවශ්‍යවන පරිගණක සර්වර් මිලට ගැනීමට අවශ්‍යවන මුදල් හා ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල්, එම ටොරෙන්ට් අඩවියේ ලියාපදිංචි සාමාජිකයින් විසින් පරිත්‍යාග ලෙස ලබා දෙයි. වර්තමානයේ විවිධ රජයේ නීති බල ගැන්වීමේ ආයතන (Law Enforcement Agencies) වල ක්‍රියාකරිත්වයන් නිසා බොහොමයක් ටොරෙන්ට් වෙබ් අඩවි පේපැල් (PayPal) ගිණුම් බාවිත කිරීම නවතා දමා වැඩි ආරක්ෂාවක් සහිත බිට්කොයින් (Bitcoin) නැමැති විද්යුත් මුදල් එකක වලින් පරිත්‍යාග ලබා ගැනීමට පෙළබී ඇත. මෙලෙස කරනු ලබන මුදල් පරිත්‍යාග එකී ටොරෙන්ට් වෙබ් අඩවියේ අනාගතය පිලිබදව තීරණය කරන ප්‍රධාන සාධකයක්ද වන බැවින්, සාමාජික අරමුදල් පෞද්ගලික ටොරෙන්ට් වෙබ් අඩවි වලට අතිශයින්ම වැදගත් වෙන උපාංගයකි. එම නිසා හැකි අවස්ථාවන් වලදී ඔබ භාවිත කරන පෞද්ගලික ටොරෙන්ට් වෙබ් අඩවි සදහා මුදල් පරිත්‍යාග සිදු කිරීම තුලින් එම වෙබ් අඩවිය තව දුරටත් පවත්වාගෙන යාමට උපකාරී වීමේ යුතුකමක්ද ඇත.

කෙසේ නමුත් පෞද්ගලික ටොරෙන්ට් අඩවියකට මුදල් පරිත්‍යාග සිදු කිරීමට ප්‍රථම එහි හිමිකරු හෝ කාර්ය මණ්ඩලය විසින් එකී සාමාජිකයින්ගේ මුදල් පරිත්‍යාග තම පෞද්ගලික ලාබ ප්‍රයෝජන සදහා යොදා නොගන්නා බවට විශ්වාසයක් ඇති ටොරෙන්ට් වෙබ් අඩවි සදහා ලබා දිය යුතුය. එසේම නව පෞද්ගලික ටොරෙන්ට් අඩවි සදහා පරිත්‍යාග සිදු කිරීමේදී සැලකිලිමත් විය යුත්තේ බොහෝ වංචනිකයින් ටොරෙන්ට් අඩවි නිර්මාණය කරමින් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම නිසාය.

මූලාශ්‍ර සංස්කරණය

  1. "දිස් ඉස් වයි යූ ඩෝන්ට් යූස් පබ්ලික් ට්‍රැකර්ස් කිඩ්ස්". www.reddit.com. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2016.
  2. "එන්ෂුවර් යුවර් පාස්වර්ඩ්ස් ආ යුනීක්". www.reddit.com. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2016.
  3. "රිමයින්ඩර් යූස් අ ඩිෆරන්ට් පාස්වර්ඩ් ෆෝර් ඊච්". www.reddit.com. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2016.
  4. "PSA: Bitgamer.ch still hacked, plaintext passwords exposed". www.reddit.com. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2016.
  5. "ලෙට්ස් ටෝක් අබවුට් සිකියුරිටි ෆෝ අ මිනිට් සීඩ්බොක්සස්". www.reddit.com. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2016.
  6. "හැක්ඩ් පාස්වර්ඩ් ඩම්ප් ඔන්..." www.reddit.com. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2016.
  7. "නෝස්ට්‍රීම් ඊමේල් ලීක්ඩ්..." www.reddit.com. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2016.
  8. https://www.reddit.com/r/trackers/comments/2dotd0/abtorrentsme_hacked
  9. https://www.reddit.com/r/trackers/comments/2bobtu/psa_blackcatsgamesnet_hacked_user_database_stolen
  10. https://www.reddit.com/r/trackers/comments/1x0usm/best_trackers_for_each_media_category
  11. "ෆ්‍රීක්වන්ට්ලි ආස්ක්ඩ් ක්වෙස්ෂන්". www.reddit.com. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2016.
  12. "ස්ටාෆ් ඔෆ් අයිපීටී ටීඩී ඇන්ඩ් ටීටී ආ බිහයින්ඩ් ද රීසන්ට් ඩීඩීඕඑස්". www.reddit.com. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2016.
  13. "ptp ඇන්ඩ් btn අන්ඩර් ඇටෑක් බයි අයිපී ටොරන්ට් ස්ටාෆ්". www.reddit.com. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2016.
  14. "ipt co ස්කෑම්ස් ජස්ට් කීප් ඔන් කමින් ද 3". www.reddit.com. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2016.
  15. "එවිඩන්ස් ඔෆ් matthers ට්‍රේඩිං ඇක්ටිවිටීස් ඇන්ඩ් ddos". www.reddit.com. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2016.
  16. "ප්‍රිපෙයා ෆෝ දි ඉන්ටර්වීව්". www.whatinterviewprep.com. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2016.
  17. https://www.reddit.com/r/seedboxes/comments/5iayga/whatbox_did_something_that_will_make_me_never
  18. https://www.reddit.com/r/seedboxes/comments/5dk0o0/feral_status_has_changed
  19. https://www.reddit.com/r/seedboxes/comments/2svq9s/bytesizeds_streambox/
  20. http://www.businessinsider.de/inside-art-of-misdirection-ultra-exclusive-private-torrent-tracker-magical-pirates-invites-2016-11 සංරක්ෂණය කළ පිටපත 2016-12-06 at the Wayback Machine 16
  21. සංරක්ෂිත පිටපත, https://interview.passtheheadphones.me/, ප්‍රතිෂ්ඨාපනය 2017-01-18 
  22. https://www.reddit.com/r/trackers/comments/5v2goo/pth_now_known_as_red
  23. "වයි වී හැවන්ඩ් ගෝන් ෆාර් ඉනෆ් විත් අයිපීටී". www.reddit.com. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2016.
  24. https://www.reddit.com/r/trackers/comments/2k5kbm/ptp_and_btn_under_attack_by_iptorrents_staff/
  25. https://www.reddit.com/r/trackers/comments/2slsfe/and_the_ipt_co_scams_just_keep_on_coming_the_3/
  26. https://www.reddit.com/r/trackers/comments/1zfy9n/staff_of_ipt_td_and_tt_are_behind_the_recent_ddos/
  27. https://www.reddit.com/r/trackers/comments/70zww5/tehconnection_gone_more_news_soon
  28. https://www.reddit.com/r/trackers/comments/71rxxk/tehconnection_has_beein_seized/
  29. https://www.reddit.com/r/trackers/comments/30t7us/evidence_of_matthers_trading_activites_and_ddos
  30. https://www.reddit.com/r/trackers/comments/6bvo91/looks_like_freshontv_is_closing_too/
  31. https://www.reddit.com/r/trackers/comments/6bwmez/privatehd_for_freshon_refugees/
  32. https://www.reddit.com/r/trackers/comments/6bvtt4/freshon_refugees_are_welcome_to_join_nebulance/
  33. https://www.reddit.com/r/trackers/comments/6bw5qb/morethantv_is_opening_recruitment_to_all_freshon/
  34. https://www.reddit.com/r/trackers/comments/5hs4nz/morethantv_will_have_holiday_irc_interviews_this/
  35. "Ocelot". torrentfreak.com. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2016.
  36. "Gazelle". whatcd.github.io. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2016.
  37. https://www.reddit.com/r/trackers/comments/6bpy7h/torrentleech_opened_invites_for_extratorrent_code/
  38. https://www.torrentleech.org