ප්‍රයිවට් ටොරෙන්ට් ට්‍රැකර් සංස්කරණය

ප්‍රයිවට් හෙවත් පෞද්ගලික ටොරෙන්ට් ට්‍රැකර් එකක් යනු ටොරෙන්ට් වෙබ් අඩවියක් වන අතර, එහි පොදු ටොරෙන්ට් අඩවියක මෙන් ටොරෙන්ට් ඩවුන්ලෝඩ් කිරීමට හැකි නමුත්, ඒසඳහා ලියාපදිංචි විය යුතුය. එනම් ප්‍රයිවට් ටොරෙන්ට් ට්‍රැකර් වෙබ් අඩවියක් (Private Torrent Tracker Web Site) වෙත පිවිස එහි තොරතුරු දැන ගැනීම හා එහි අඩංගු ටොරෙන්ට් ෆයිල් බාගත කිරීම සදහා එම අඩවියේ සාමාජිකයෙකු වීම අත්‍යාවශ්‍ය වේ. සාමාන්‍යයෙන් මෙවැනි ටොරෙන්ට් සයිට් එකක සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි වීම සදහා දැනට එහි ලියාපදිංචි සාමාජිකයෙකුගෙන් ආරාධනාවක් ලැබිය යුතුය. පෞද්ගලික ටොරෙන්ට් අඩවියක් ඇතුලත ඊට ආවේණික නීති රීති පද්ධතියක් පවතින අතර, ඒ අනුව කොතරම් ප්‍රමාණයක් බාගත කළ හැකිද?, කුමණ ආකාරයේ දෑ උඩුගත කල හැකිද? උඩුගත හා බාගත අනුපාත කෙසේ විය යුතුද? බාගත කරන ලද දෑ කොතරම් කාලයක් අනිවාර්යයෙන් සීඩ් කල යුතුද යනාදිය ප්‍රධාන වශයෙන් අඩංගුවේ. මෙය නීති රීතී වෙබ් අඩවියෙන් අඩවියට වෙනස් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ටොරෙන්ට්&oldid=391506" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි