ප්‍රමුඛ පෙලේ විලාසිතා නිර්මාණ ආයතන

ප්‍රමුඛ පෙලේ විලාසිතා නිර්මාණ ආයතන


ප්‍රමුඛ පෙලේ විලාසිතා නිර්මාණ ආයතනයක් ලෙස වර්ගීකරණය කිරීම සඳහා පහත අවශ්‍යත‍ාවයන් සපුරාලිය යුතු වේ.

1) අදාල ආයතනය ලොව ප්‍රමුඛ පෙලේ විලාසිතා කේන්ද්‍රයක පිහිටා තිබිය යුතු වේ.ඊට හේතුව සරල වශයෙන් කිවතොත් වඩාත් ලාභදායී සහ ගෞරවාන්විත විලාසිතා නිර්මාණ කටයුතු සඳහා ඉඩ ප්‍රස්ථාව පවතින්නේ මෙම නගරවල හෙයින් වේ.මෙම කාණ්ඩයට අයත් නගර අතරට නිව්‍යෝක් , මිලාන් , පැරිස් , ලන්ඩන් , ටෝකියෝ , ටොරොන්ටෝ , සාවෝපෝලෝ සහ බාසිලෝනා යන නගර අයත් වේ.

2) අදාල ආයතනය විලාසිතා ක්ෂේත්‍රය තුළ ගෞරවයට පාත්‍ර වී ඇති ප්‍රසිද්ධ ආයතනයක් විය යුත් අතර එය යහපත් කල් ක්‍රියාවකින් යුත් ආයතනයක්ද විය යුතු වේ. මෙහිදී යහපත් භාවය සම්බන්ධයෙන් වැදගත් වන්නේ අදාල රටවල විලාසිතා ක්ෂේත්‍රයට අද‍ාල නිරීක්ෂණ ආයතන , පාලන සංවිධාන ආදියේ මතය වේ. මෙවැනි ආයතන සඳහා උදාහරණ ලෙස එක්සත් ජනපදයේ Better Business Bureau ආයතනය , විලාසිතා නිර්මාණකරුවන්ගේ සංවිධානය සහ නගරයේ විලාසිතා සතිය සංවිධානය කරන කණ්ඩායම පෙන්වා දිය හැක.

3) අදාල ආයතනය ඍජුව කිසියම් විලාසිතා නිරූපණ ශිල්පියෙක් වෙත ප්‍රධාන පෙලේ විලාසිතා සැළසුම් ආයතනයක් (උදා- Gucci, Dolce & Gabbana , Calvin Klein , Prada, Valentino & Giorgio Armani ආදිය ) හරහා ලාභදායී සැපයුමක් සිදු කොට තිබිය යුතු වේ.

පහත දැක්වෙන්නේ ලොව ප්‍රමුඛ පෙලේ විලාසිතා නිරූපණ ආයතන අතරින් කිහිපයකි:

· Elite Model Management - නිව් යෝක් නගරය (පැවති පැරීසිය, ප්‍රංශය) · Ford Models - නිව් යෝක් නගරය · IMG Models - නිව් යෝක් නගරය · FTC Publications - නිව් යෝක් නගරය · Utive Models – චිකාගෝ · Models 1 Agency - ලන්ඩන් · Storm Model Agency - ලන්ඩන් · Trump Model Management - නිව් යෝක් නගරය · WS2M - පැරිස් නගරය · Wilhelmina Models - නිව් යෝක් නගරය




References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Modeling_agency#Top_Modeling_agencies