ප්‍රති සබ්මැරීන ආරක්ෂිත නාවුක යුධ කටයුතු
මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. |
ප්‍රති සබ්මැරීන යුධ කටයුතු සඳහා වර්ණාවලියේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ දී ඇතැම් ආරක්ෂිත නෞකාවන් විශේෂනය වී ඇත. සබ්මැරීන වේගය දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමඟ (ජර්මනියේ XXI වර්ගයේ සබ්මැරීන බලන්න)ශීඝ්‍රයෙන් වැඩි වූ අතර ඒ සමඟ ආරක්ෂිත නෞකාවන් හා සබ්මැරීන අතර වේග පරතරය ද අඩු විය. එබැවින් ආරක්ෂිත නෞකාවන් වාණිජ යාන්ත්‍රණයක් මඟින් බල ගැන්වුණු සාපේක්ෂව අඩු වේගයක් සහිත යාත්‍රා වර්ගයක් බවට පත් නොවීය. Whitby class වැනි වඩා වේගවත් ආරක්ෂිත නෞකා ගොඩ නැංවීමට පශ්චාත් යුධ සමයේ දී කටයුතු යෙදිනි. එවැනි නැව් තුළ විචල්යග ගැඹුරු සෝනාර් වැනි වැඩි දියුණු කළ සෝනාර් උපකරණ අඩංගු වූ අතර ටොපීඩෝ වැනි විශේෂඥ ආයුධ ද ලිම්බෝ වැනි ඉදිරි විදුම් ආයුධ ද ASROC Ikara වැනි මිසයිල වාහක ප්‍රති සබ්මැරීන ටොපිඩෝවන් ද අඩංගු විය. මතුපිට සිට ගුවනට මෙන්ම මතුපිට සිට මතුපිටට ද විදිය හැකි මිසයිල මඟින් ප්‍රහාරක හා ආරක්ෂක හැකියාවන් පවත්වා ගැනීමට ඒවාට හැකි විය. (Sea Sparrow හෝ Exocet පිළිවෙලින්) එවැනි විශේෂඥ ASW(Anti Submarine Warfare) නෞකාවකට උදාහරණයක් නම් රාජකීය නාවික හමුදාවේ 22 වන ආකාරයේ ආරක්ෂිත නෞකාවයි.
ASW කටයුතු සඳහා විශේෂයෙන්ම බොහෝ නූතන ආරක්ෂිත නෞකාවන් ගොඩ බැස්සවීමේ පර්යන්තයක් හා අහස්යාත්රාංයගනය හෙලිකොප්ටර ක්‍රියා කරවීම සඳහා සතුව ඇත. මේ මඟින් ආරක්ෂිත නෞකාවන් ද නොහඳුනන උප මතුපිට ගැටුම්වලට ලක් වීම නිශේධනය කරන අතර එබැවින් අවදානම් ප්රහාරයන් හා න්‍යෂ්ටික බල ගැන්වුණු මතුපිට යුධ නෞකාවන්ට වඩා වේගවත් නූතන සබ්මැරීන සඳහා විශේෂයෙන්ම උචිත වේ. හෙලිකොප්ටරය සැලසුම් කොට ඇත්තේ මව් නෞකාව ආරක්ෂිත දුරක පවතිද්දී මෙම අරමුණ සඳහාය. මෙම ක්රිසයාව සඳහා sonobuoys වැනි විශේෂිත සංවේදක හෙලිකොප්ටරයේ සවි කර ඇත. ඊට අමතරව අවපාත සෝනාර් හා චුම්භක වෙනස් වීම් හඳුනාගන්නා උපාංග ටොපිඩෝ හෝ depth – chorges වැනි විභව අවදානම් හා මෙහෙයුම් නිශ්චිත ඉලක්ක හඳුනා ගැනීම සඳහා යොදා ඇත. පුවරු මත වූ රේඩාර් හා හෙලිකොප්ටර සිතිජයෙන් එහා ඉලක්ක පරීක්ෂා කිරීමට යොදා ගත හැකි අතර අවශ්ය් නම් ප්රසති මතුපිට යුධ කටයුතු සඳහා යොදා ගැනීමට පෙන්ගුයින් හා sea skua වැනි ප්‍රවති නාවික මිසයිල සවි කළ හැක. වෙරළ හා නෞකාවන් අතර නෞභාරයන්, තැපැල් කටයුතු, මිනිසුන් ගෙන යාම වැනි කටයුතු සදහා යොදා ගත් ඩිංගි බෝට්ටු හා Jackstay Rig වැනි යාත්රානවල භාවිතයන් විශාල වශයෙන් ප්‍ර තිස්ථාපනය කරමින් පරීක්ෂණ කොට ගලවා ගැනීමේ කටයුතු සඳහා හෙලිකොප්ටරය භාවිතා වේ. හෙලිකොප්ටර භාවිතයෙන් ආරක්ෂිත නෞකාවට එහි ක්රිඳයා පටිපාටියෙන් බැහැර නොවී වඩාත් වේගයෙන් හා අඩු අවදානමක් ඇතිව එවැනි කටයුතු සිදු කර ගත හැක.