අංශු භෞතික විද්‍යාව අනුව සෑම උපපරමාණුක අංශුවකටම අදාල ප්‍රතිඅංශුවක් පවතිනවා. සරලව අදාලා උපපරමාණුක අංශුවට ස්කන්ධයෙන් සමාන ඒත් ඊට ප්‍රතිවිරුද්ධ භෞතික ලක්ෂණයක් ප්‍රතිඅංශුව සතුවෙනවා. උදාහරණයක් විදියට ඉලෙක්ට්‍රෝනයට ප්‍රතිසම උපපරමාණුක අංශුව වන පොසිට්‍රෝනයේ ස්කන්ධය ඉලෙක්ට්‍රෝනයට සමාන වන අතර ආරෝපණය සංඛ්‍යාත්මක අගයෙන් ඉලෙක්ට්‍රෝනයට සමාන නමුත් ආරෝපණය ධන වන අංශුවක් වෙනවා. ස්වභාවිකව සමහර විකිරණශීලී මූලද්‍රව්‍ය ක්ෂය වීම්වලදී ප්‍රතිඋපපරමානුක අංශු නිපදවෙනවා. නමුත් මේවා ස්වභාවිකව වැඩි කාලයක් පවතින්නේ නෑ.

ඉලෙක්ට්‍රෝනය , ප්‍රෝටෝන සහ නියුට්‍රෝනය එකතු වීම පරමාණු නිර්මාණය වන ආකාරයටම පොසිට්‍රෝන , ප්‍රතිප්‍රෝටෝන සහ ප්‍රතිනියුට්‍රෝන මඟින ප්‍රතිපරමාණු/ප්‍රතිපදාර්ථ නිර්මාණය වෙන්න පුළුවන් .

උපපරමාණුක අංශු සහ එහි ප්‍රතිඅංශුව එකිනෙක සම්බන්ධ වූ විට අදාල අංශු දෙකම විනාශවෙලා ශක්තිය පෝටෝන ලෙස නිදහස් වීම සිද්ධ වෙනවා.

ඉතිහාසය

පෝල් ඩරිරැක් විසින් 1932 පොසිට්‍රෝනය අදහස ඉදිරිපත් කරන මුලින්ම ඉදිරිපත් කරනවා. එමවසරේම කාල් ඩී ඇන්ඩර්සන් විසින් අන්තරීක්ෂ විකිරණ ආශ්‍රීත පරීක්ෂණයකදී පොසිට්‍රෝන හඳුනා ගන්නවා. ප්‍රතිප්‍රෝටෝනය සහ ප්‍රතිනියුට්‍රෝනය 1955 වසරේදී එමිලෝ සහ ඕවන් නැමැති කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥයින් විසින් සොයා ගනු ලබනවා.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රතිඅංශුව&oldid=441761" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි