අන්තරීක්ෂ කිරණ හෝ අන්තරීක්ෂ විකිරණ (cosmic rays) නමින් හඳුන්වන්නේ ආලෝකයේ වේගයට ආසන්න වේගයෙන් ගමන් කරන අධිශක්ති ප්‍රෝටෝන සහ පරමාණුක න්‍යෂ්ටීන් වලටය. ඒවා ප්‍රභවය සුර්‍යයාගේ සිට හෝ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතින් හෝ සමහරවිට ක්ෂීරපථය මන්දාකිණියෙන් බැහැරව හෝ වන්නට පුලුවන. අන්තරීක්ෂ කිරණ වලින් බොහෝමය ආරම්භය සුපර්නෝවා පිපිරැම් මඟින් සිදුවන්නට ඇතිබව 2013 වසරේ ෆර්මි අභ්‍යාවකාශ දුරදක්නය මඟින් එකතුකර දත්ත පරීක්ෂා කිරීමේදී හදුනාගෙන තිබේ. අන්තරීක්ෂ කිරිණ පෘථිවි වායුගෝලය හා ඝට්ටනය වූවිට එයින් ද්වීතීක අංශු ගණනාවක් නිර්මාණය වීම සිදුවේ.

අන්තර්ගතය

අන්තරීක්ෂ විකිරණයේ 99% පමණම පරමානුක න්‍යෂ්ටි වලින් සමන්විත අතර ඉතිරි 1% අධිශක්තී ඉලෙක්ට්‍රෝන වලින් සමන්විතය. පරමාණුක න්‍යෂ්ටිවලින් 90% ක්ම හයිඩ්‍රජන් න්‍යෂ්ටි/ ප්‍රෝටෝන වන අතර 9% ඇල්ෆා අංශු / හීලියම් න්‍යෂ්ටි වේ. ඉතිරි 1% වෙනත් බරින් වැඩි න්‍යෂ්ටිවලින් සමන්විතය.


"https://si.wikipedia.org/w/index.php?title=අන්තරීක්ෂ_විකිරණ&oldid=441763" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි