පළමුවන එළිසබෙත් රැජිණ - එංගලන්තය

පළමුවන එළිසබෙත් (7 සැප්තැම්බර 1533 – 24 මාර්තු 1603) වනාහි 17 නොවැම්බර 1558 සි‍ට ඇයගේ මරණය දක්වා එංගලන්තයෙහි ප්‍රවේණීය රැජිණ සහ අයර්ලන්තයෙහි ප්‍රවේණීය රැජිණ වූවාය. සමහරවිට කන්‍යා රාජණිය, ග්ලෝරියානා, හෝ ගුඩ් ක්වීන් බෙස් යන නම් වලින්ද හැඳින්වුනු එළිසබෙත්, ටියුඩර් රාජවංශයෙහි පස්වන සහ අවසාන රාජකීයයා වූවාය. අටවන හෙන්රි ගේ දියණිය වූ ඇය, රාජ කුමාරිකාවක ලෙසින් උපත ලැබුවද, ඇයගේ උපතින් වසර දෙකක් සහ සය මසකට අනතුරුව, ඇයගේ මව, ඈන් බෝලින්, ජීවිතක‍්ෂයට පත් කරනු ලදුව එළිසබෙත්ගේ රාජකීයත්වය අනෛතික බවට ප්‍රකාශයට පත් කරන ලදි . ඈයගේ සොහොයුරා, හයවන එඩ්වඩ් විසින්, කිරුළ පිළිබඳ අයිතිය ජේන් ග්‍රේ ආර්යාව වෙත පරික්ථනය කරන ලද්දේ, ඔහුගේ සොහොයුරියන් ගේ අනුප්‍රාප්ති පිළිවෙල කැළඹුමට ලක් කරමිනි. ඔහුගේ අභිමතය අවහරණය කරනු ලදුව, 1558 දී කතෝලික පළමුවන මේරි ගේ අනුප්‍රාප්තිකයා ලෙසින් එළිසබෙත් රාජ්‍යත්වයට පත්වූ අතර, ඇයගේ පාලන සමයේදී රෙපරමාදු කැරලිකරුවන්ට සහාය දීම සම්බන්ධයෙන් සැකපිට වසරකට ආසන්න කාලයක් ඇය සිරගතව සිටියාය..

පළමුවන එළිසබෙත්
පළමුවන එළිසබෙත්, "ඩාන්ලි ආලේඛ්‍ය චිත්‍රය", 1575 පමණ
එංගලන්තයෙහි සහ අයර්ලන්තයෙහි රැජන (more...)
රාජ්‍ය සමය17 නොවැම්බර 1558 – 24 මාර්තු 1603 (වර්ෂ &0000000000000044.00000044, දින &0000000000000127.000000127)
අභිෂේකය15 ජනවාරි 1559
(වර්ෂ &0000000000000025.00000025, දින &0000000000000130.000000130)
පූර්වප්‍රාප්තිකයාපළමුවන මේරි
අනුප්‍රාප්තිකයාපළමුවන ජේම්ස්
භූමදානයවෙස්ට්මිනිස්ටර් ඇබේ
වංශයටියුඩර් රාජ පරම්පරාව
පියාඅටවන හෙන්රි
මවඈන් බෝලින්
අත්සන200px

ඇගේ පාලනය ‍යහ පාලනයක් විය. ඇගේ ප්‍රමුඛ ‍පෙලේ අනුශාසක‍යන් වුයේ විලියම් සිසිල් හා ‍බැරොන් බර්ග්ලිය. ඇය පළමුවෙන්ම ඉංග්‍රීසි පොතෙන්ත්‍රන්ත්‍ර පල්ලිය ස්ථාපිත කර එහි බලලත් පාලකවරිය බවට පත්වුවාය. ඇගේ ආගමික ප්‍රවේශය වත්මන් එංගලන්ත පල්ලිය තෙක්ම පරිණාමය විය. පාර්ලිමේන්තුවේ දන්වා සිටීම් නොතැකූ ඇය අවිවාහකව මුළු දිවියම ගතක බැවින්ම ඇගේ කන්‍යාභාවය පිළිබදව ගෙතුණු සාහිත්‍ය, උත්සව,කලාකෘති බිහිවිය.

ඇගේ පාලනයේ ප්‍රධාන තේමාව වුයේ 'මම සියල්ල දකිමි. නමුත් කිසිවක් නොකියමි' යන්නයි. ඇගේ උපදේශකවරැන් ඉහත උපක්‍රමය කෙරෙහි සැකපළකල අතර නිතරම ඇයව දේශපාලන අර්බුදවලින් ඔවුන් බේරා ගත්හ. එළිසබෙත් රැජිණ ජාත්‍යන්තර සම්බන්ධතා ඉතා පරිස්සමෙන් පැවැත්විය . එම නිසා ම 1588 ස්පාඤ්ඤයේ ආමඩා ජයග්‍රහණයට ඇගේ නම ඉතාඉහළින් ඇදා ගන්නා ලදි. ඇගේ මරණයෙන් වසර 20 කට පසු ඇය ස්වර්ණමය යුගයේ පාලිකාව ලෙස එංගලන්ත වැසියන් පිළිගන්නා ලදි.

ඇගේ පාලන සමය' එළිසබීතන් යුගය' ලෙස නම්වූ අතර ඉංග්‍රීසි කලාව , සාහිත්‍ය නාට්‍යයේ උච්චතම යුගය මෙය විය. දැවැන්ත නාට්‍යකරැවන් වූ විලියම් ෂේක්ස්පියර් ක්‍රිස්ටෝෆර් මා‍ලොච් ඇගේ යුගයේ කලාව බැබලවුහ. කෙසේ වතුද ඉතිහාසඥයින්ගේ ඇසින් ඇය ඉක්මන් කේන්තිකාරියකු ලෙසද, තීරණ ගැනීමට නොහැකි පාලිකාවක ලෙස ද හදුන්වති. ඇගේ පාලන සමයේ අවසාන භාගයේ රටේ සිදු වූ ආර්ථික හා හමුදාමය ප්‍රශ්න හේතුවෙන් බොහෝ යටත් වැසියන් ඇය කෙරේ අප්‍රසාදය පල කළහ. කෙසේ වතුදු බොහෝ ඉතිහාසඥයින් ‍ඇයව ඉතා බලගතු පාලිකාවක ලෙස සැලකූ අතර ඇගේ අවට රටවල් වල තිබූ අභ්‍යන්තර අර්බුද හමුවේ එම නායකයන්ට තම සිහසුන් අහිමි වද්දී ඇය ඇගේ ඔටුන්න රැකගත්තාය. ඇගේ එදිරිවාදියා වුයේ ස්කොට්ලන්තයේ රැජිණ වු මේරිය.

එළිසබෙත් I රැජිණ ජාතික එකමුතුවක් සමග ස්ථාවරත්වයක් ඇගේ වසර 45 ක පාලන කාලය පුරා තම රටට ලබා දුන්නාය.