ඔන්ටොලොජි හා ශබ්දාර්ථ අන්තර්ජාල ශිල්පීය ක්‍රම මගින් දැනුම නියෝජනය කිරීම සංස්කරණය

අන්තර්ජාලයේ දැනුම නියෝජනය ජනප්‍රිය පර්යේෂණ ක්ෂේත්‍රයක් වන අතර එම පර්යේෂණ, තොරතුරු හුවමාරුව හා සහයෝගීතාවය මත පදනම් වූ අන්තර්ජාල සංවර්ධන ක්‍රියාවලියක් ඉලක්ක කර ගෙන ඇත. දැනුම නියෝජනයේ ප්‍රධාන වශයෙන්ම සැලැකිය යුතු කරුණු වන්නේ, යම්කිසි කාර්යයක් සාර්ථකව සිදුකරනවිට, තොරතුරු ගබඩා කර ඒවා පාලනය කිරීමයි. මෙම කාර්යයේදී ඔන්ටොලොජි හා ශබ්දාර්ථ අන්තර්ජාල ශිල්පීය ක්‍රම යන ඒවා ප්‍රධාන මූලිකාංග ලෙස සලකනු ලැබේ. ඔන්ටොලොජි සෑදී ඇත්තේ ‘ඔන්ටො’ හා ‘ලොජි’ යන ග්‍රීක් වචන දෙකෙනි. ‘ඔන්ටො’ යනු සත්ත්වයන්ය. ‘ලොජි’ යනු විද්‍යාවයි. ඔන්ටොලොජි යනු දර්ශන විද්‍යාවේ උපක්ෂේත්‍රයකි. එය ස්වාභාවධර්මයේ පැවත්ම පිළිබඳ අධ්‍යයනයකි. මෙහිදී සත්‍ය වශයෙන්ම පවත්නා වස්තූන් හා ඒවා අතර තිබෙන සම්බන්දතාවයන්, එකී විෂය ක්ෂේත්‍රය තුල හඳුනා ගැනීම සිදුකරයි. මෙහිදී මෙම වස්තූන් පංති ලෙස අර්ථ දක්වන අතර එම පංති යම් පිළිවෙලකට පෙළ ගස්වා ඒවා අතර සම්බන්ධතාවය දක්වයි.


ඔන්ටොලොජි වර්ග දෙකකි. ඒවානම් ලුහුඬු හා සවිස්තර ඔන්ටොලොජිය. මෙම ඔන්ටොලොජි අර්ථදැක්වීම සඳහා ඇති පරිගණක භාෂා අන්තර්ජාල ඔන්ටොලොජි පරිගණක භාෂා ලෙස හඳුන්වයි. මෙම භාෂා මගින් යම් දැනුම් සම්භාරයක් හා ඒවා අතර සම්බන්ධතාවයන් අර්ථ දකවයි. මෙමගින් අන්තර්ජාල තොරතුරු පරිගණකය මගින් තේරුම් ගෙන විස්තර කර දීම සිදුකරයි. මෙසේ පරිගණකය මගින් දැනුම් සම්භාරයක් තේරුම් ගෙන සංස්කරණය කිරීම සිදුකරන නිසා අන්තර්ජාලය, ශබ්දාර්ථ අන්තර්ජාලය ලෙස හඳුන්වයි.එමනිසා සාමාන්‍ය ලේඛණයක තත්වයට වඩා දියුණු වූ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මෙහි ප්‍රධාන අංගයන් ලෙස දැනුම බෙදා දීම, භාවිතය පහසු කිරීම හා කාර්යක්ෂමතාවය යන ඒවා හැඳින්විය හැකිය. වෙබ් පිටුවේ අන්තර්ගතය නියෝජනය කිරීමට ‘එක්ස්ටෙන්සිබල් මාක් අප්’ භාෂාව ද එහි තේරුම විස්තර කිරීමට ‘රිසෝස් ඩිස්ක්‍රිප්ට්ෂන් ෆේරේම් වර්කස්’ ද භාවිතා කරන අතර සියලු ම වස්තූන් හා ඒවා අතර සම්බන්දතාවය නිරූපනය කිරීමට ඔන්ටොලොජි භාවිත කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Wsu-aw-up&oldid=66800" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි