මෙම පරිශීලක පුද්ගලයෙක් නොව ආයතනයක් බව විකිපීඩියා ප්‍රජාව සැකකරයි.
ආයතනයකට පරිශීලක ගිණුම් තබාගැනීම විකිපීඩියා සම්මතයන්ට පටහැනිය..

හන්ගේරියාව සංස්කරණය

tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය ඓතිහාසික ලතින් :
Cum Deo pro Patria et Libertate (“දෙවියන්ගේ උපකාරය මව්බිමට සහ නිදහසට”) or Regnum Mariae Patronae Hungariae (“මේරි රාජධානිය, හන්ගේරියාවේ අනුශාසකයා”)
ජාතික ගීය ("Isten, áldd meg a magyart")"Hymn" or "Anthem" ("දෙවියන්ගේ ආශිර්වාදය හන්ගේරියානුවන්ට")
             සිතියම
ගොනුව:250px-EU-Hungary.svg.png
අගනුවර සහ විශාලම නගරය බ්‍රඩාපෙස්ට්
උතුරු අක්ෂාංශ 47 26' නැගෙනහිර දේෂාංශ 19 15'
රාජ්‍ය භාෂාව හන්ගේරියානු, හන්ගේරියානු සංකේත භාෂාව
ජන වර්ග 95% මැග්යාර්, 2% රෝම, 3% වෙනත් සුළු ජනතා කාණ්ඩ
රාජ්‍ය පාර්ලිමේන්තු සමුහාණ්ඩුව
ජනාධිපති ලැස්ලෝ සොලිඔම්
අගමැති ගෝඩන් බජ්නායි
පදනම
හන්ගේරි පදනම 896
වර්තමාන තෙවන සමුහාණ්ඩුව ඔක්තෝම්බර් 23, 1989
EV රාජ්‍යයට පැමිණීම මැයි 1, 2004
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 93 030 වර්ග සැතපුම් 35 919
ජලය (%) 0.74%
            ජනගහනය
2009 තක්සේරුව 10 020 000
2001 ජන සංගණනය 10 198 315
ඝනත්වය වර්ග කිලෝමීටර 107.7 වර්ග සැතපුම් 279.0
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 180.054
සාමාන්‍ය ඩොලර් 18 548
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 124.241 (2008)
සාමාන්‍ය ඩොලර් 12 386 (2009)
ගිනි (2008) 24.96 (පහළ)
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.879 (ඉහළ)
මුදල් ෆොරින්ට් (HUF)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .hu
දුරකථන සංකේත 36

හන්ගේරියානු සමුහාණ්ඩුව මධ්‍යම යු‍රෝපයේ කරහැනියන් ද්‍රෝණියේ පිහිටි රටකි. එය මායිම් වන්නේ ඔස්ට්‍රියා, ස්ලේවැනියා, යුක්රේන්, රොමේනියා, සර්බියා, ක්‍රෝඒෂියා සහ ස්ලොවේනියාවටය. බුඩාපෙස්ට් එහි අගනුවරය. හන්ගේරියාව යුරෝපීය සමූහය (European Union -EU), නේටෝ, ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය(OECD), වයිස්ග්‍රැඩ් කණ්ඩායම(Visegrád Group) සහ ෂෙන්ගෙන් රාජ්‍යයේ සාමාජිකයෙකි. රාජ්‍ය භාෂාව වන්නේ හංගේරියන්ය. බටහිර යුරෝපියානු ජනාවාස කාලයකින් පසු 9 වන ශතවර්ෂයේ සිටි ආෂෙඩ් නැමැති පාලකයා හංගේරියාව ස්ථාපනය කළහ. ඔහුගේ මුණුබුරා ස්ටෙෆන් පළමුවන හංගේරියාව 1000 වර්ෂයේ පාප්තුමන් විසින් එවන ලද කිරුළකින් කිරුළු පැළැන්දහ. හංගේරියානු රාජධානිය අවුරුදු 946 පැවතුනාහ. 1 වන ලෝක යුද්ධයට පෙර විශාල බලවතෙකුව සිටි හංගේරියාව තම බල ප්‍රදේශවලින් 70% ක් හා ජනගහනයෙන් 1/3 ක් අහිමි විය. ට්‍රියානොන් ගිවිසුමට අනුව මෙය සිදුවිය. 1947 – 1989 පැවැති කොමියුනිස්ට් පාලන යුගයේ දී හංගේරියාව විදේශීය අවධානය ‍ලබාගත් අතර මෙය 1986 විප්ලවය සම්බන්ධයෙනි. 1989 දී තම දේශසීමා ඔස්ට්‍රියාව අතර විවෘත කළ අතර එය නැගෙනහිර කොටසක් කඩා වැටීමට ද හේතු විය. 1989 සිට මෙහි පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් තිබෙන අතර ඉහළ ආර්ථිකයක් හා නියමිත වෙළඳපොළවල් අතරේ ප්‍රාදේශිය නාය‍කයෙකි. 2010 අන්තර්ජාතික ජිවන තත්ව දර්ශකයේ හංගේරියාව 20 වන තැන සිටී. කාලගුණ ක්‍රියා ජාලකය(CAN) නැමැති පාරිසරික ආරක්ෂණ දර්ශකයේ 6 වන ස්ථානය ද, මෑතකදී එය සංචාරකයන් අතරේ වඩා ප්‍රසිද්ධ ස්ථානයන් අතරේ 15 වන ස්ථානය හිමි කරගෙන ඇත. මෙම රට උණුසුම් වාතය සහිත ජලය ඇති ගුහා පද්ධති හා මධ්‍යම යුරෝපයේ විශාලතම විල (බැලටන් විල) හා යුරෝපයේ විශාලතම තණබිම් ඇති (නෝටෝබැගි) රටයි. මෙම රටෙහි උණුසුම් ජලය අඩංගු ලෝකයේ දෙවන විශාලතම විල (හෙවිස් විල) පිහිටා ඇත.


|- |මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි. |- |සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක. |-


ඔබ සංස්කරණය කරන ලිපි වල තබන සටහන සංස්කරණය

ඔබ සංස්කරණය කරන ලිපි වල තබන අධෝ කොටසෙහි තබන සටහන අවශය නොවෙයි. එයින් වැලකෙන්න. එහි පවසන දෙය අමුතුවෙන් කිව යුතු නැත. මෙවැනි සටහන් මින් පෙර කිහිප දෙනෙක් තැබීමට උත්සාහ කර ඇතත් විකිපීඩියාව එය වලක්වා ඇත. --- ශ්වෙත (talk) 11:38, 21 ජූලි 2011 (යූටීසී)Reply

ඔබ ෆෙලිඩේට සම්බන්ධද? සංස්කරණය

ඔබ පරිශීලකයෙක් වශයෙන් එක් වී ඇත්තේ 2011 ජූලි මසෙහිදීය. ඔබ විසින් සංස්කරණය කල ලිපි සමහරෙක පරිවර්තනය කල කොටස් ඉතා පැරණි අනුවාද එනම් 2010 අප්‍රේල් තරම් පැරණි ඒවාට අයත් ඒවාය. නිදසුනක් වශයෙන් ඕස්ට්‍රේලියාව ලිපිය ගෙන හැර පෑ හැක. ඔබ විසින් පැරණි අනුවාද පරිවර්තනය කිරීමට හේතුවක් සිතා ගත නොහැක. එකම හැකියාව නම් අප භීෂණයට පත් කල ෆෙලිඩේ ගේ දත්ත ගබඩාවට ඔබ ඇතුළු වී ඇති බව පමණකි. ඔබ හා ෆෙලිඩේ හා අතර ඇති සම්බන්ධය නොවලහා පවසන්න. --- ශ්වෙත (talk) 16:06, 21 ජූලි 2011 (යූටීසී)Reply

ඔබ විසින් සංස්කරණය කල ආමේනියාව ලිපියෙහිදීද ඔබ භාවිතා කර ඇත්තේ ඉංග්‍රීසි ලිපියෙහි 2010 අප්‍රේල් තරම් ඈත අනුවාදයකි. මෙයින් මගේ ඉහත සැකය තවදුරටත් තහවුරු වෙයි. කරුණාකර ඇත්ත පවසන්න. ඔබ වෙනත් නමකින් පිවිසි ෆෙලිඩේද? ---- ශ්වෙත (talk) 16:15, 21 ජූලි 2011 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Thmixn235&oldid=163419" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි