තව ටිකකින් ඔබ මැරේවි....


සාමාන්‍ය ලෝකයා තුල 'මැරෙනවා' කියන වචනය කිව්වත් බයයි. මැරෙන්න යන මනුස්සයටත් කියන්නෙ "හා... හා... බය වෙන්න එපා ඔයා මැරෙන්නෙ නැහැ, තව කල් ජීවත් වෙන්න පුළුවන්" කියලයි. එහෙම කියල එයාව මුලාවට පත් කරනව. මැරෙන්න යන මනුස්සයට ධර්මයක් සිහි කරන්න, මේකෙ තියෙන අනිත්‍යතාව පෙන්වා දෙන්න අවස්ථාවක් ලබා දෙන්නෙ නැහැ. "ඔබ මැරෙන්නයි යන්නෙ.... අනිත්‍ය ධර්මය සිහි කරන්න" කියල කවුරු හරි කිව්වොත්, "හා... හා... මූසල කථා කියන්න එපා" කියල කියයි. එයාට ගුටි බැට ලැබෙන්නත් පුළුවන් සමහර විට. යථාභූත ඥාණයක් ඇති කර ගන්න රුකුල් දෙන්නෙ නැහැ කිසි කෙනෙක්. මරණාසන්න වෙලාවෙදිවත් ජීවිතයෙ ඇත්ත ගැන කථා කරන්න පුළුවන්කම තියෙන්න ඕන. "දැන් ඔබ මැරේවි..... මේ ජීවීතය තුල තියෙන අනිත්‍ය බව තේරුම් ගන්න. ඉපදෙන මැරෙණ ලෝකෙන් නිදහස් වෙන්න නම් මේ සියල්ල ගැන තියෙන ඇල්ම අතහැරල, නිදහසේ බුදුරජාණන් වහන්සේගෙ ධර්මය මොන තරම් නිවැරදිද කියල තේරුම් ගනිමින් ප්‍රීතියෙන් අවසන් හුස්ම පොද හෙලන්න ඔබ..." කියල කියන්න පුළුවන් වෙන්න ඕන. එතකොටයි මැරෙන්න යන මනුස්සයට යහපතක් වෙන්නෙ.


එහෙම නැතුව මේ ලෝකය පුරාවට තියෙන බොරුව, ප්‍රෝඩාව මැරෙණ මොහොතටත් එක් කරන්න එපා....!


සසරක ගමන නවතන ණුවන

(මහා සළායතනික සූත්‍රය) - අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ


තෙරුවන් සරණයි!!!


මිනිසත් බවින් උපරිම ඵල නෙලමු.....

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Priyantha&oldid=68644" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි