අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි Balangoda Ananda Maitreya Thero (1896 අගෝස්තු 23–1998ජුලි 18 ) මේ ශ්‍රීලාකික උගත් භික්ෂුව විසිවන සියවසේ ථේරවාදී සගසසුන බැබලු චරිතය වෙයි.භාවනාමය අත්දැකීම් අතින් ඉහල තලයක සිටි උන්වහන්සේ බොහොදෙනාගේ ගෞරවයට පාත්‍රවූහ. නූතන ලෝකය තුළ බුදුදහම ව්‍යාප්ත කිරීමට සදහා විශාල මෙහෙවරක් සිදු කළ උන්වහන්සේ බෞද්ධයින් විසින් බෝධිසත්ව වරයක් හැටියට හැදින්වූහ.



අතිපුජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමි 1896 අගෝස්තු 23 බලන්ගොඩ කිරිදිගල දී උපත ලදහ.උන්වහන්සේ ගේ පියා එන් .ඒ මැතිස් අප්පුහාමි වු අතර මව බී. හීන් මැණිකේ වුවාය.උන්වහන්සේ ගිහිකල පුංචි මහත්තයා සහා විලියම් යන නම්වලින් හැදින්වුහ. පුංචිමහත්තයාට වයස අවුරුදු 14 දී මව අභාවප්‍රප්ත වුවාය.එයින් පසු ඔහු හැදි වැඩුනේ පියාගේ වැඩිමල් සහෝදරයාගේ නිවසේය.ඔහු බලංගොඩ කුමාර විද්ද්‍යලයේ දී මූලික අධ්‍යපනය ලැබුහ. පුංචි මහත්තයා වයස අවුරුදු 15 දි පැවිදි වීමට තීරනය කළ අතර බලන්ගොඩ උඩුමුල්ල ශ්‍රී නන්දාරාමයේ දී සාමනේර පැවිද්ද ලැබූහ.ඒ 1911 මාර්තු 02 දාය .උන්වහන්සේ ගේ ආචාර්යන් වහන්සේ වුයේ දහමාහන ධම්මා න්නද තෙරුණුවන්ය.උපාධ්‍යන් වහන්සේ වුයේ දෙනියායේ ශීලානන්ද තෙරණුවන්ය.විසිවස් සපුරා සිටිහෙයින් උන්වහන්සේ 1916 ජූලි මස 14 වන දින බලන්ගොඩ උලුගන්තොට උදකුක්කේපශීමාමාලකයේ දී උපසම්පදාව ලදහ.

උන්වහන්සේ පැවිදි බිමට ඇතුලු වීමෙන් අනතුරුවද අධ්‍යාපන කටයුතු ඉදිරියටම පවත්වාගෙන් ගියහ. පසුව එතුමා බුදුහමහ හා භාෂාඥායේ විශාරදයන් වහන්සේ කෙනෙකු වූහ.වසර 1919 දී උන්වහන්සේ කොළඹ ආනන්ද විදයාලයට ඇතුලුව අධ්‍යාපනය  ලැබු අතර  පසුව එහිම බුදුදහම පිළිබදව ආචාර්ය වරයා බවට පත්වූහ. උන්වහන්සේ විවිධ සමයන් හා දර්ශයන් පිළිබදව ගැඹුරු අධ්‍යනයන්  හි නියුතු වු අතර මහායානය හා තන්ත්‍ර  යානය පිළිබදව ද විශාරද වූහ. ඒ අතර හිමාලීය යෝගීන් හා පරම විඥ්ඤාර්ථ සමා‍ගමද ඇසුරු කළහ. ක්‍රිෂ්ණමූර්ති ද උන්වහන්සේ ඇසුරුකළ චිංතකයෙකි.

ආනන්ද මෛත්‍රේය හිමිපාණෝ ,1925 ආරම්භ කරන ලද කොළොඹ නාලන්දා විද්යාලයේ ප්‍රථම ධර්මාචාර්යන් වූහ.එම විද්යාලයේ ආදර්ශ පාඨය වන අපදාන සෝභිනි පඤ්ඤා යන්න උන්නාවහන්සේ ගේ තේරීමකි. පසුකලෙක විද්‍යොදය විශ්ව විද්‍යාලය බිහි වූ විට උන්වහන්සේ එහි මහායාන බුදුදහම විෂය පිළිබද මහාචාර්යවරයන් වූහ. 1963 දීබෞද්ධ අධ්‍යන අංශයේ පීඨාධිපති දූරයට පත්වු අතර 1966 උපකුලපති දූරයට ද පත්වූහ.

වසර 1926 ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ  සංචාරය උන්වහන්සේ ගේ ප්‍රථම  විදේශ ධර්ම දුත මෙහෙවර වීය. 1930 දී උන්වහන්සේ  ශ්‍රී ධම්මානන්ද පිරිවෙන ආරම්භ කළහ . 1954 ජනවාරි 18 වන දින උන්වහන්සේ සබරගමු සද්ධම්මවංශ නිකායේ මහානායක ධුරයට පත්වූහ. එම වසරේම බුරුමයේ සයවන ත්‍රිපිඨක සංගායනාව පැවැත්වු අතර උන්වහන්සේ එහි මුලසුන දැරූහ . 1969 සැප්තැම්බර් 02 වන දින උන්වහන්සේ සමස්ථ ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති ධූරයට පත්වුහ.

ශ්‍රී ලාංකීය භික්ෂූන් අතර ආනන්දමෛත්‍රෙය නා හිමියන් වඩාත් ප්‍රචලිත වුයේ භාවනා යෝගී භික්ෂුවක් ලෙසත් එයින් ප්‍රතිඵල නෙලාගත් කෙනෙකුලෙසත්ය. ඒ නිසාම බෞද්ධයින් විශාල වශයෙන් උන්වහන්සේ සොයා පැමිණියහ. එම විෂයට අදාල ලිපි සහා පොත් පත් රැසක් ම උනහන්සේ විසින් රචනා කර තිබේ.ලොව තිබෙන කුමන හෝ භාවනා සම්ප්‍රදායක් පිළිබදව වුවද උන්වහන්ස්‍සේ ට දැනුමක් තිබු අතර එය බුදු රජුන්ගේ භාවනා මාර්ගය සමග සම විෂම වන ආකාරය පැහැදිලි කිරීමේ පරිනත බවක් ද උන්වහන්සේ වෙත වීය. එමෙන් ම එම ක්‍රමවල උපයෝගි තාව පිළිබදව උන්වහන්සේට අවබෝධය තිබිණි. උන්වහන්සේ ගේ දිනපොත් වල අඩංගු සමහර සටහන් වලින් තමන් භාවනාවේ කුමන අත්දැකීම් ලැබුවේ ද යන් පැහැදිලි වන ආකාරයෙන් සටහන් තබා තිබේ.

ආනන්ද මෛත්‍රේය නාහිමියන් පාළි ත්‍රිපිඨකය සිංහලයට නැගීම ආරම්භ කරන ලද්දේ ගෙවුන සියවසේ තෙවන දශකයේ දීය. පස්වන දශකයේ දි රජය විසින් මෙම භාරදුර කාර්යයේ වගකීම බාරගත් අතර උන්වහන්සේ ත්‍රිපිඨක සංස්කරන මංඩලයේ සභාපති දුරයට පත්වුහ. ත්‍රිපිඨක සාහිත්‍යට අමතරව පාලි සංස්කෘත  හා ඉංග්‍රිසි භාෂාව සදහා ව්‍යාකරන පොත්  කීපයක්ම උන්වහන්සේ සංස්කරනය කළහ.

ජAnanda Maitreya Thero wrote nearly fifty books on sutras (scripture), vinaya (monstic discipline), on abhidhamma (metaphysics), and on Pali and Sanskrit grammar.[5] උන්වහන්සේ විසින් රචිත පොත් සාක්‍යමුණීද්‍රාවදානය හෙවත් බුද්ධ චරිතය. (The Life of the Buddha),ආනාපන සති භාවනාව ( Meditation on breathing,)ඉංග්‍රිසිය සරල මග( Easy steps to English, ) භාවනා දීපනිය( Bhavana Deepaniya), සම්බෝධි ප්‍රාර්ථනා ,ඉංග්‍රිසි අත් පොත( A Hand Book of Spoken English,) ධහම් සභාව, සතර පරමාර්ථය , බුද්ධ ධර්මය , විදර්ශනා භාවනාව. කම්මා වාචා . ඇතුලු ව පොත් 50 කට අධික සංඛ්‍යාවක් උන්වහන්සේ විසින් රචනා කර තිබේ. උන්වහන්සේ ගෙ පරිවර්තන කෘති අතර කාරුණික තාරා සහා කාම නිත වැදගත් කෘති වේ. [1]

  1. බලංගොඩ ආනන්ද මෛත්‍රේය ශතවර්ෂ පුර්ති කලාපය . ආනන්ද මෛත්‍රේය නා හිමියන්ගේ දින සටහන් සහා නොපළ ලිපි. ආනන්ද මෛත්‍රෙය නාහිමි අප්‍රකඨ ලිපි. මිහිදු ගිරෙන් හිම ගිරට