මකර තොරණ

මකර රුව සහිත මකර තොරණ ශ්‍රී ලංකාවේ බෞද්ධ කැටයම් කලාවේ වාස්තු ශිල්පීය කලා කෞශල්‍යය මොනවට විහිදා දක්වන සුවිශේෂී අංගයක් ලෙස සැළකේ. බොහෝ විට විහාරස්ථානයකට ඇතුළත්වන ස්ථානයේ හා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක වටා මකර තොරණ ඉදිකර තිබෙනු දැකගත හැකි වේ. බ්‍රාහ්මණ ධර්‍මයට අනුව ලොව මැවූයැයි සලකන මහා බ්‍රහ්මයාගේ රථය ලෙස සලකනු ලබන්නේ හංසයා ය. එසේ ම බෞද්ධ හා හින්දු සංකල්පවල ශක්‍ර දේවේන්ද්‍රයාගේ රථය ලෙස සලකනු ලබන්නේ ඓරාවණ නම් හස්තියා ය. මේ නිසා ම විහාරවල ප්‍රධාන මකර තොරණේ දක්නට ලැබෙන මෙම විශේෂ ප්‍රතිමා දෙක ද සක්‍ර හා මහා බ්‍රහ්මන් යන දෙදෙනාගේ ප්‍රතිමා දෙකක් ද යන අදහස මතු වේ. අනෙක් අතට මෙම ප්‍රතිමා දෙකෙහි දක්නට ලැබෙන වස්ත්‍රාභරණ රජකුට වඩා දෙවියෙකුට වඩාත් යෝග්‍ය යැයි හැගීයන ඒවා බව ද පෙනීයයි. එමෙන් ම මෙම ප්‍රතිමා දෙකෙන් එක් ප්‍රතිමාවක් අතින් සක් ගෙඩියක් දරා සිටින අතර අනෙක් ප්‍රතිමාව පුස්කොළ පොතක් අතින් ගෙන සිටින බවක් දක්නට හැකිය. ඒ නිසා ම මෙම ප්‍රතිමා දෙක ශක්‍ර හා බ්‍රහ්මන් යන දෙවිවරුන්ගේ ප්‍රතිමා දෙකක් ලෙස ද සැලකිය හැකිය. එසේ ම එම ප්‍රතිමා දෙක ආසන්නයේ තවත් ආරක්ෂක දේවතා ප්‍රතිමා දෙකක් දක්නට හැකිය. එම ප්‍රතිමාවන් ඉහත පැවසූ ශක්‍ර හා බ්‍රහ්ම ප්‍රතිමාවන්ට වඩා සම්භාවනීය ස්වරූපය මදක් අඩුවෙන් නිර්මාණය කරන ලද ප්‍රතිමා දෙකක් බව ද පැහැදිළිව ම දැකිය හැකිය. එම නිසා ම එම ප්‍රතිමාවන් දෙක පරිවාර දේව ප්‍රතිමාවන් දෙකක් ලෙස සැලකිය හැකිය. . මහනුවරයුගයේ මකර තොරණවල දක්නට ලැබෙන කීර්තිමුඛ හෙවත් රෞද්‍ර ස්වභාවය ඉස්මතු කර පෙන්වන ස්වභාවය මෙම මකර තොරණේ ද මැනවින් පැහැදිළි වේ. එසේම පුරාණ මකර තොරණවල මකරාගේ ස්වරූපය සකස්කර තිබෙන්නේ ද එක්තරා අපූර්ව සංකල්ප රාශියක් ඉස්මතු කරමිනි. එම ලක්ෂණ මෙම මකර තොරණේ ද කිහිපයක් දක්නට හැකිය. පුරාණ සංකල්පවලට අනුව මකරා මන:කල්පිත සත්වයෙකි. එසේම මකරා වරුණ හෙවත් විෂ්ණු දෙවියන්ගේ වාහනය ලෙස ද සලකනු ලැබෙයි. විෂ්ණු දෙවියන් බුදුන්වහන්සේගේ ඉල්ලීම අනුව ලංකාද්වීපයේ ආරක්ෂාව උපුල්වන් දෙවියන්ට පැවරූ බව මහාවංශයේ සදහන් වේ. මේ නිසා ම විෂ්ණු දෙවියන්ගේ වාහනය පුරාණ බෞද්ධ කලා නිර්‍මාණයක් ලෙස ඉදිකරන්නට සිංහල කලාකරුවායොමුවන්නට ඇත. එමෙන් ම පුරාණ හින්දු දේව සංකල්පයන්ට අනුව කීර්තිමුඛ යනුවෙන් හදුන්වනු ලබනුයේ ශිව හෙවත් ඊශ්වරයන් ය. මහනුවර යුගයේ නායක්කාර් වංශික රජවරුන් ඊශ්වරයන්ගේ පිහිටාරාක්ෂාව පතා බෞද්ධ විහාරයන්හි ද රෞද්‍ර මුඛ මුහුණ සහිත මකරුන් නිර්මාණයට යොමු වී ඇත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය පැවතුන ද මහනුවර යුගයේ තිබූ එම බලපෑම මෙම විහාරයේ මකර තොරණ නිර්මාණ කාර්යෙහි දී නොවෙනස් වී තිබූ බව පැහැදිළි ය.


මකර තොරණ වාස්තු ශිල්පයෙහි ලා සැලකෙන සුවිශේෂී අංගයකි. දෙපස මකර රූප දෙකක් සහිතව අලංකාර ලියවැල්, මල්කම් හා ගරාදි වැට, පේකඩ සහිතව නිමවන මකර තොරණ සෞභාග්‍යය හා ඉෂ්ටාර්ථයන් සංකේතවත් කරයි. මෙම සාම්ප්‍රදායික මකර තොරණක් යටින් යෑම පවා සර්ව උපද්‍රවයන්ගෙන් මිදීමට තුඩුදෙන කාරණාවකි. බෞද්ධ විහාර දේවාල ආශ්‍රිත චිත්‍ර මූර්ති ශිල්ප පවත්වා ගැනීම සඳහා සංස්කෘත බසින් ලියැවුණු කෘති රැසක් වෙයි.

මේ අතර වාස්තු විද්‍යාවේ සුවිශේෂි කෘති ලෙස මායාමතය, රූපාවලිය හා ශාරිපුත්‍රය සැලකේ. එකී ශාස්ත්‍රිය ශිල්ප විධි අනුව තැනුණු මකර තොරණක් පසුගිය දිනෙක ගොඩඋඩ සිරිසුමනාරාමයේ දී විවෘත කෙරිණි. ඒ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ මහතාගේ පූර්ණ පරිත්‍යාගයෙන් හා අනුශාසකත්වය පෙරදැරිව ය. සිය මවුපියෝ සිහිකොට තැණූ මකර තොරණ පිළිබඳ අදහස ඔහු තුළට ආයේ බොහෝ කලකට ඉහත දීය.

ඒ සිය පර්යේෂණ කාර්යයන් හි නියුතුව සිටියදී ජයසේන කෝට්ටගොඩ මහතාට අපූරු පුස්කොළ පොතක් හමුවීමත් සමඟ ය. එය ශාරිපුත්‍රය, මයිමතය, සහ රූපාවලිය කෘති එක් ව ඈදා ලියූවක් වූ අතර බෙලිඅත්ත අගුල්මඩුවේ ප්‍රවීණ ප්‍රතිමා මූර්ති ශිල්පියකු වූ උභයරත්න මහතාට අයිතිව තිබිණි. එහි රූපාවලියෙහි 148 වන ශ්ලෝකයෙන් කියැවුණේ මකර රූපය නිමැවිය යුත්තේ කෙසේ ද යන්න යි. මහනුවර යුගයේ දී මකර තොරණ විවිධ වෙනස්කම්වලට භාජනය විය. එසේම ප්‍රවිශ්ඨ ද්වාර හැරුණුවිට මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමාවලට පවා අනිවාර්ය අංගයක් ලෙසින් මකර තොරණ එක් කිරීම සිදු විය. මෙම යුගයේ දී මකර තොරණ මැටි බදාමවලින් පමණක් නොව ලී හා ශෛලමයෙන් ද නිර්මාණය කෙරුණි

ගජේන්ද්‍ර හස්තංච – කෘත පාද සිංහම් වරාහ කර්ණණං - හනුමන්ත නේත්‍රම් හරවාල දන්තං - හෘද මත්ස්‍ය දේහම් විචිත්‍රය පත්‍රම් – මකර ස්වරූපම් ශ්ලෝකයෙහි දැක්වෙන පරිදි හස්තියකුගේ හොඬයෙන් ද සිංහයකු ගේ පාද වලින් ද සමන්විතව මකර රූපය නිම විය යුතුය.


ගම්මඩු, දෙවොල්මඩු ආදී යාගයන්හි දී තොරණ විස්තර ගායනා කිරීමට ප්‍රථමයෙන් මකර තොරණ පිළිබඳ ශ්ලෝක සන්න ගායනා කරයි. එවන් නිර්මාණාත්මක සන්නසක් පහත දැක්වෙයි. එය ගයත්‍රි ජන්දය හෙවත් අක්ෂර හයකින් සමන්විත ඉහත සඳහන් ශ්ලෝකය සිංහල බසින් මෙම සන්නස සකස්කොට ඇත.

“.... ගජේන්ද්‍ර හස්තං යනු කී හෙයින් කාලවක, ගංග්‍යෙය පාණ්ඩරතබ්බ, සිංහල, ගන්ධ, මංගල, හේම, උපෝෂත, ඡද්දන්ත යැයි කියනු ලද්දා වූ දශවිධ කුලයන්ට අධිපති වන්නා වූ ෂට් දන්ත කුල හස්තිරාජයාගේ හස්තම්බ්යන්න වූ සොඩක් ද, කෘත පාද සිංහම් යනු කී හෙයින් කාල සිංහ, පාණ්ඩු සිංහ, නර සිංහ, ක්‍රින සිංහ, කේසර සිංහ, යයි කියන ලද පංච ප්‍රකාර සිංහයන් අතුරෙන් සිවු පා ජාතීන්ට අධිපති වන්නා වූ කේසර සිංහ රාජයාගේ දෙපා දෙකකින් ද, වරාහ කර්ණණං යනු කී හෙයින් ක්‍රදී මාලා දියෙහි සුප්‍රකට වූ මහා රෝමයෙන් ගැවසී ගත්තා වූ ඌරෙකුගේ කන්වලින් ද, හනුමන්ත නේත්‍රම් යනු කී හෙයින්, චලිතා චලිත තරු ගහනව හැසිරෙන්නා වූ වඳුරෙකුගේ ඇස්වලින් ද, හරවාල දන්තං යනු කී හෙයින් හිරිකඩ ශෝභා වන්නා වූ කුරිරු ගැඹුරු ජලස්ථානයෙහි වාසය කරන්නා වූ කිඹුලෙකුගේ දත් වලින් ද, හෘද මත්ස්‍ය දේහං යනු කී හෙයින් කුරිරුතර ගැඹුරු ජලයෙහි වාසය කරන්නා වූ තිමිරය, තිමංගලය ආනන්ද යැයි කියන ලද මහා මත්ස්‍ය රාජයාණන්ගේ දේහ ශරීරයකින් ද, විචිත්‍ර පත්‍රම් යනු කී හෙයින්, උදාගිරි පර්වතය, අවරගිරි පර්වතය, හංස ගිරි පර්වතය, චිත්‍රකූට පර්වතය, මහා මේරු පර්වතය, රන්ගිරි


පර්වතය, මහා මේඝ පර්වතය යන සප්ත කූට පර්වතයෙහි වාසය කරන්නා වූ හංස රාජයාගේ පත්‍රවලින් ද, මකරස්වරූපම් යන මේ මකර තොරණ දක්වා මෙවැනි ආතුරයින්ගේ සර්වාන්තරාය සර්ව උපද්‍රව නිවාරණය කරනු පිණිස ජය මංගල්‍යයක් කරන සේක්වා...”

දෙපසට මකර රූප දෙකක් සහිතව මුදුන කිහිඹි මුහුණකින් සමන්විත වන මකර තොරණේ දෙපස දොරටුපාල රූප සහ සිංහ රූප සහිතව අලංකාර ලියවැල්, මල්කම් හා ගරාදි වැට, පේකඩ සහිතව මකර තොරණක් සැකසිය යුතු ය. බෞද්ධාගමික විහාර ආදියට ප්‍රවිෂ්ට වන ප්‍රවිෂ්ට ද්වාරවල මෙවන් ආරුක්කුමය තොරණ සැකසීම සෞභාග්‍යය ගෙන දෙන සහ ඉෂ්ටාර්ථය සඳහා බෙහෙවින් යෙදෙන සාම්ප්‍රදායික සැරසිලි මෝස්තරයකි. මෙවන් මකර තොරණක් යටින් යාම පවා රෝග නිවාරණය. සර්ව උපද්‍රව නිවාරණය සඳහා බෙහෙවින් බල පවත්වන බව ඉහත සඳහන් සන්නයෙන් පැහැදිලි වේ.

ඒ අනුව තැනුණු මෙම මකර තොරණට පෞරාණික බෞද්ධ කලාශිල්පයන් ගේ ආකෘති එක් කොට තිබීම තවත් සුවිශේෂත්වයකි. එසේම මෙම මහඟු නිර්මාණය ප්‍රදේශයටත් විහාරස්ථානයටත් කලාවේ පුනර්ජීවයටත් තුඩු දෙන බව ගොඩඋඩ සිරි සුමනාරාමාධිපති ශාස්ත්‍රපති දික්වැල්ලේ ධම්මවිලාස හිමියන් ගේ අදහස යි.

මහනුවර යුගයේ දී මකර තොරණ විවිධ වෙනස්කම්වලට භාජනය විය. එසේම ප්‍රවිශ්ඨ ද්වාර හැරුණුවිට මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමාවලට පවා අනිවාර්ය අංගයක් ලෙසින් මකර තොරණ එක් කිරීම සිදු විය. මෙම යුගයේ දී මකර තොරණ මැටි බදාමවලින් පමණක් නොව ලී හා ශෛලමයෙන් ද නිර්මාණය කෙරුණි.


මහනුවර යුගයේ මකර තොරණවල දෙපස මකරුන් දෙදෙනා කීර්ති මුඛ නම් වූ රෞද්‍ර මුහුණකින් (කිහිඹි මුහුණ) මුදුණ දී එකිනෙක සම්බන්ධ වේ. මෙහි දී කීර්ති මුඛ ලෙස හඳුන්වන්නේ හින්දු දේව සංකල්පයේ ඊශ්වර දෙවි බව පැවසෙයි. නායක්කර් වංශික රජවරුන් විසින් ඇරඹුණු විහාරස්ථානවලට, ඊශ්වර දෙවිදුන්ගේ ආරක්ෂාව පතා මෙම කීර්ති මුඛ මුහුණ යොදා ඇති බව විශ්වාස කෙරේ. එහෙත් තවත් විශ්වාසයකට අනූව වරුණ දෙවියන්ගේ ආරක්ෂාව පතා මහනුවර යුගයේ මකර තොරණ කර වූ බව සඳහන් වේ. වරුණ දෙවිගේ (විෂ්ණු දෙවි) වාහනය මකරාවීමත්, මෙරට බුදු සසුන රැක බලා ගැනීම බුදුන් වහන්සේ විසින් උපුල්වන් දෙවියන්ට පවරනු ලැබුවේය, යන විශ්වාසයත් ඊට හේතුවෙන්නට ඇතැයි සැළකේ.


තොරණේ දෙපස මකරුන්ගේ හිස වටා විවිධ මෝස්තර දැකගත හැකි අතර මකරුන්ගේ මුඛයෙන් පිටතට පැන නගින ලියවැල් හා සත්ව රූප ආදිය කිහිඹි මුහුණේ මුඛය තුළට යන ආකාරයට නිමවා ඇත. මකර තොරණේ දෙපස, පේකඩ, දොරටුපාල රූප හා සිංහ රූප ආදියෙන් යුක්ත වේ. ඇතැම් මකර තොරණවල කිහිඹි මුහුණ දෙපස හිරු සඳු රූප ද, දේව රූප ද නිර්මාණය කර ඇත. මකර තොරණේ මකරා බොහෝ විට ඇතුළු පස ඉහළට සිය මුව අයාගෙන සිටින අයුරින් තිබූවත්, දෙපසට මුව අයා සිටින මකර තොරණ ද සමහර ස්ථානයන්හී දැකගත හැකි වේ. දෙපසින් මකර රූප 02 ක් යෙදෙන සේ අලංකාර පේකඩ, මල්කම් හා ලියවැලින් යුක්තවන සේ මකර තොරණ නිමවයි. ප්‍රවිෂ්ඨ ද්වාරවල නිමවෙන ආරුක්කුමය මකර තොරණ මගින් සෞභාග්‍යය, වාසනාව හා එතුළින් ගමන් කරන්නන්ගේ උපද්‍රව ආදිය නිවාරණයවන බව සංකේතවත් කරයි



ගම්මඩු හා දෙවොල්මඩු ආදී යාගයන්වලදී තොරණ විස්තර ගායනා කිරීමට පළමුව, මකර තොරණ පිළිබඳ ශ්ලෝක සන්න ගායනා කරන බව වාර්තා වේ. ආචාර්ය සෙනරත් පරණවිතාන මහතාට අනුව මකර රූප ද්විත්වයෙන් හා කිඹිසි මුහුණෙන් ද්විත්වයත් කාලයත් ඉන් විනාශයත් අර්ථවත් කරයි. සත්ව රූ පේළිය, ලියවැල හා පද්මය මගින් සංසාර චක්‍රයත්, මකරාගේ අංගයන්ගෙන් රූප, ගන්ධ, ශබ්ද, රස, හා ස්පර්ශ යන පංච උපාදානස්කන්ධයනුත්, හිරු හා සඳුගෙන් දිවා රාත්‍රීයත්, දේව හා තාපස රූප මගින් පඨවි, ආපෝ, තේජෝ හා වායෝ යන සතර මහා භූතයනුත්, අර්ථවත් කෙරෙන බව පරණවිතානයන්ගේ අදහස වේ.


ආනන්ද කුමාරස්වාමි මහතාගේ මතය අනුව මකරා යනු, ජලය සංඛේතවත් කරන්න වන අතර එමගින් එය ජීවයේ හරය සමග වූ සහසම්බන්ධතාවය නිරූපණය කරයි. ගල්කන්දේ සිරිනිකේත පිරිවෙන් මූල මහා විහාරස්ථානයේ තිබෙන සුවිසල් විහාර මංදිරය ඒ තුළ ගැබ්ව ඇති ඓතිහාසික ප්‍රෞඪත්වය මොනවට විදහාපායි. අලුතෙන් ම විහාරය නැරඹීමට පැමිණෙන අයෙකුට එය පල්ලියක ස්වරූපයෙන් නිමවා ඇති බව නොසිතෙන්නේ නම් එය අරුමයකි. සැබවින් ම මෙම විහාර මංදිරය වැස්ලියන් පල්ලි සම්ප්‍රදාය අනුව යමින් නිර්මාණය කර ඇති ආකර්ෂණීය විහාර මංදිරයක් බව දුටුමතින් ම පැහැදිළි වේ. මෙම පුරාණ විහාර මංදිරය ඉදිකිරීමට මූලිකව කටයුතු කරන ලද්දේ යැයි සදහන් වන්නේ මෙම විහාරස්ථානයේ ආදි කතෘන් වහන්සේ ලෙස සලකනු ලබන දීවෙල ශ්‍රී සීලවිමල නායක මාහිමිපාණන් වහන්සේ ය. මෙම විහාර මංදිරය ඉදිකිරිමට ප්‍රදේශවාසී දායක දායිකාවන්ගෙන් ආධාර උපකාර බලාපොරොත්තුවෙන් 1905 දී පමණ නිකුත් කරන්නට යෙදුණු ඉපැරණි ආධාර පත්‍රයක සදහන් වන්නේ මෙම විහාරයේ ඇතුලු මාලය සකස්කිරීමට ඇස්තමෙන්තු ගතකළ මුදල වශයෙන් දක්වා ඇත්තේ රුපියල් 7000.00 ක පමණ මුදලක් බවයි. ඒ අනුව මෙම විහාර මංදිරය ඉදිකිරීමේ සත්ක්‍රියාව කොතරම් ඓතිහාසික කාරණාවක් ද යන බව පැහැදිළි වේ. මෙම විහාරයේ නිර්මාණ කටයුතු කළ ශිල්පියා වශයෙන් සදහන් වන්නේ බේරුවල ප්‍රදේශයේ විසූ සැල්බියස් සිල්වා නම් අයෙකි. මෙම විහාරයේ ඇතුළත කොටසේත්, විහාරයට පිවිසෙන ප්‍රධාන දොරටුව තුළත් කතෝලික වැස්ලියන් පල්ලි සම්ප්‍රදාය වඩාත් ප්‍රකටව පෙනීමට ඉවහල් වූ හේතු දෙකක් දැක්විය හැකිය. ඉන් එක් හේතුවක් වන්නේ මෙම විහාරයේ නිර්මාණ ශිල්පියා හොරම්පැල්ල ප්‍රදේශයට ආසන්නයේ පල්ලියක් ඉදිකළ අයෙකු බව සදහන් වීම යි. අනෙක් කරුණ වන්නේ මෙම විහාරය ඉදිකළ සමයේ පැවති සාමාජීය පරිසරය යි.එවක බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයට අයත් යටත් විජිතයක් වූ බැවින් මෙරටෙහි ඉදිකළ බොහෝ වාස්තු විද්‍යාත්මක නිර්මාණවල යුරෝපීය ලක්ෂණ බොහෝ ගැබ් වී තිබුණු බැවින්, එම බලපෑම මෙම විහාරයේ ඉදිකිරීම් කටයුතුවලට ද හේතු වී ඇති බවයි. ඒ නිසා ම විහාරය දුටුමතින් ම එය පල්ලියක ප්‍රවිෂ්ට ද්වාරයක් සේ සිතට හැගේ. විහාර මංදිරයට ඇතුළු වන ප්‍රධාන මකර තොරණ ඉහත සදහන් කළ පරිදි පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි පාලන යුගවලින් මෙරටට සංක්‍රමණය වූ වැස්ලියන් පල්ලි සම්ප්‍රදාය අනුව යමින් සකස්කර ඇතිබව පැහැදිළිව ම දැකිය හැකිය. එම ප්‍රධාන මකර තොරණෙහි ඇතෙකු සහ හංසයෙකු පිට නැගී සිටින්නේ දුටුගැමුණු සහ එළාර රජවරුන්ගේ ප්‍රතිමා බව ඓතිහාසික ජනප්‍රවාදයේ සදහන්ව පවතියි. මෙම විහාරස්ථායේ ඉතා කුඩා අවධියේ පැවිදි වී වසර 87 ක් පමණ වැඩසිට අපවත් වී වදාළ හොරම්පැල්ලේ සිරිසෝමාලෝක තිස්ස නායක හිමිපාණන් වහන්සේ නිරතුරුව ම පවසන ලද කථාවක් වන්නේ, මෙම ප්‍රතිමා දෙක දුටුගැමුණු-එළාර රජවරුන්ගේ ප්‍රතිමාවන් බවයි. උන්වහන්සේ ද කුඩා අවධියේ පටන් එම කථාපුවත අසා ඇති බව ද නිරතුරුව ම පවසයි. එහෙත් අද මෙම ප්‍රතිමා දෙක කුමක්දැයි බොහෝ දෙනෙක් නොදනිති. දුටුගැමුණු-එළාර පුවත ලංකා ඉතිහාසයේ අමරණීය සිදුවීමක් වන නිසා ඇතැම්විට මෙම ප්‍රතිමා දෙකට එම නාම ස්වරූපය ආරෝපණය වන්නට ද ඇත.

එහෙත් මෙම ප්‍රතිමා දෙක දෙස විමසිලිමත්ව බැලූ විට එය දුටුගැමුණු-එළාර ප්‍රතිමා දෙකක් වන්නේ කෙසේද යන ප්‍රස්තුතය මතු වේ. එයට හේතුව වන්නේ දුටුගැමුණු යැයි සැලකෙන ප්‍රතිමාව ඇතෙකුගේ පිටමත තිබීමත්, එළාර රජුගේ යැයි සැලකෙන ප්‍රතිමාව හංසයකුගේ පිටමත නිර්මාණය කර තිබීමත් ය. එළාර රජු හංසයකුගේ පිටමත ගමන් කළ තොරතුරක් ඉතිහාසයේ සදහන් නොවේ. එසේම ඇතෙකු හැරුණුවිට වෙනත් සත්වයකුගේ පිටමත බොහෝවිට ගමන්ගෙන ඇත්තේ යැයි ආගමික ඉතිහාසගත තොරතුරුවල සදහන්ව ඇත්තේ දෙවිවරුන් ය. මේ නිසා ම මෙම ප්‍රතිමා දෙක ද කිසියම් සම්භාවනීය දේවතාවන් දෙදෙනෙකුගේ ප්‍රතිමා දෙකක් ලෙස අනුමාන කළ හැකිය. බ්‍රාහ්මණ ධර්‍මයට අනුව ලොව මැවූයැයි සලකන මහා බ්‍රහ්මයාගේ රථය ලෙස සලකනු ලබන්නේ හංසයා ය. එසේ ම බෞද්ධ හා හින්දු සංකල්පවල ශක්‍ර දේවේන්ද්‍රයාගේ රථය ලෙස සලකනු ලබන්නේ ඓරාවණ නම් හස්තියා ය. මේ නිසා ම විහාරයේ ප්‍රධාන මකර තොරණේ දක්නට ලැබෙන මෙම විශේෂ ප්‍රතිමා දෙක ද සක්‍ර හා මහා බ්‍රහ්මන් යන දෙදෙනාගේ ප්‍රතිමා දෙකක් ද යන අදහස මතු වේ. අනෙක් අතට මෙම ප්‍රතිමා දෙකෙහි දක්නට ලැබෙන වස්ත්‍රාභරණ රජකුට වඩා දෙවියෙකුට වඩාත් යෝග්‍ය යැයි හැගීයන ඒවා බව ද පෙනීයයි. එමෙන් ම මෙම ප්‍රතිමා දෙකෙන් එක් ප්‍රතිමාවක් අතින් සක් ගෙඩියක් දරා සිටින අතර අනෙක් ප්‍රතිමාව පුස්කොළ පොතක් අතින් ගෙන සිටින බවක් දක්නට හැකිය. ඒ නිසා ම මෙම ප්‍රතිමා දෙක ශක්‍ර හා බ්‍රහ්මන් යන දෙවිවරුන්ගේ ප්‍රතිමා දෙකක් ලෙස ද සැලකිය හැකිය. එසේ ම එම ප්‍රතිමා දෙක ආසන්නයේ තවත් ආරක්ෂක දේවතා ප්‍රතිමා දෙකක් දක්නට හැකිය. එම ප්‍රතිමාවන් ඉහත පැවසූ ශක්‍ර හා බ්‍රහ්ම ප්‍රතිමාවන්ට වඩා සම්භාවනීය ස්වරූපය මදක් අඩුවෙන් නිර්මාණය කරන ලද ප්‍රතිමා දෙකක් බව ද පැහැදිළිව ම දැකිය හැකිය. එම නිසා ම එම ප්‍රතිමාවන් දෙක පරිවාර දේව ප්‍රතිමාවන් දෙකක් ලෙස සැලකිය හැකිය. එසේම ඉහත සදහන් කළ ප්‍රතිමා දෙක ආසන්නයේ ම ඉදිකර ඇති මකර තොරණ ද විශේෂ වැදගත්කමක් ගනියි. මහනුවරයුගයේ මකර තොරණවල දක්නට ලැබෙන කීර්තිමුඛ හෙවත් රෞද්‍ර ස්වභාවය ඉස්මතු කර පෙන්වන ස්වභාවය මෙම මකර තොරණේ ද මැනවින් පැහැදිළි වේ. එසේම පුරාණ මකර තොරණවල මකරාගේ ස්වරූපය සකස්කර තිබෙන්නේ ද එක්තරා අපූර්ව සංකල්ප රාශියක් ඉස්මතු කරමිනි. එම ලක්ෂණ මෙම මකර තොරණේ ද කිහිපයක් දක්නට හැකිය. පුරාණ සංකල්පවලට අනුව මකරා මන:කල්පිත සත්වයෙකි. එසේම මකරා වරුණ හෙවත් විෂ්ණු දෙවියන්ගේ වාහනය ලෙස ද සලකනු ලැබෙයි. විෂ්ණු දෙවියන් බුදුන්වහන්සේගේ ඉල්ලීම අනුව ලංකාද්වීපයේ ආරක්ෂාව උපුල්වන් දෙවියන්ට පැවරූ බව මහාවංශයේ සදහන් වේ. මේ නිසා ම විෂ්ණු දෙවියන්ගේ වාහනය පුරාණ බෞද්ධ කලා නිර්‍මාණයක් ලෙස ඉදිකරන්නට සිංහල කලාකරුවායොමුවන්නට ඇත. එමෙන් ම පුරාණ හින්දු දේව සංකල්පයන්ට අනුව කීර්තිමුඛ යනුවෙන් හදුන්වනු ලබනුයේ ශිව හෙවත් ඊශ්වරයන් ය. මහනුවර යුගයේ නායක්කාර් වංශික රජවරුන් ඊශ්වරයන්ගේ පිහිටාරාක්ෂාව පතා බෞද්ධ විහාරයන්හි ද රෞද්‍ර මුඛ මුහුණ සහිත මකරුන් නිර්මාණයට යොමු වී ඇත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය පැවතුන ද මහනුවර යුගයේ තිබූ එම බලපෑම මෙම විහාරයේ මකර තොරණ නිර්මාණ කාර්යෙහි දී නොවෙනස් වී තිබූ බව පැහැදිළි ය. මකරා නිර්මාණය කිරීමේ දී රූපාවලිය නම් සංස්කෘත ග්‍රන්ථයේ සදහන්ව ඇත්තේ මකරාට සිංහයකුගේ පාද, ඇතෙකුගේ හොඩවැල, කිඹුලෙකුගේ දත්, වදුරෙකුගේ ඇස්, මත්ස්‍යයකුගේ ශරීරය, ගුරුලෙකුගේ පියාපත්, ඌරෙකුගේ කන් යන අංග ලක්ෂණ ඇතුළත් විය යුතු බවයි. මෙම විහාරයේ ප්‍රධාන මකර තොරණෙහි නිරූපිත මකරා තුළ ද ඉහත ලක්ෂණවලින් කිහිපයක් දක්නට හැකිබව පෙනීයයි. එනම් ඇත් හොඩය, කිඹුල් දත්, වදුරු ඇස්, මත්ස්‍යය ශරීරය, සිංහ පාද, ඌරු කණ්යන ලක්ෂණයන් මෙහි හොදින් දැකිය හැකිය. ගුරුලු පියාපත් ස්වරූපය මෙම මකරා තුළ සමස්ත ලියවැල ලෙස ම නිර්මාණය කර ඇතිබව ද සැලකිය හැකිය. මෙම මකරුන් දෙදෙනාගේ මුඛයෙන් පිටතට නික්මෙන දිව කැටයමක ස්වරූපයෙන් නිර්මිතව ඇති අතර එම කැටයම නැවත සිංහ ස්වරූපය උසුලන තවත් මකර හිසක් හා සම්බන්ධ වෙයි. එහි විශේෂ වෙනස්කමක් දක්නට හැකිය. එනම් එහි නිර්මාණය කොට ඇති ගිනිදැල් වළල්ලයි. එය කතෝලික දහමේ ශාස්තෘවරයා වන යේසුස් ක්‍රිස්තූන් වහන්සේට එදා මරණ දණ්ඩනය ලබාදෙන මොහොතේ දී හිසට පළදවන ලද කටු ඔටුන්නේ ස්වරූපය මැනවින් ප්‍රකට කර පෙන්වයි. විශේෂයෙන් ම මෙම මකර තොරණේ බෞද්ධ ආගමික කැටයම් ලක්ෂණ මෙන් ම යුරෝපීය සම්ප්‍රදාය හා බැදුණු කැටයම් නිර්මාණ ද මිශ්‍රව ඇති බව එයින් පැහැදිළි වේ. එම මකර තොරණ තුළ දක්නට ලැබෙන ගිනිදැල් වළල්ල අතින් අල්වාගෙන සිටින්නේ කුඩා බහිරව රූප දෙකකි. එහෙත් මෙම බහිරව රූප දෙක බෞද්ධ කලා නිර්මාණවල දක්නට ලැබෙන බහිරව රූපවල ස්වරූපය ප්‍රකට නොකරයි. යුරෝපීය සම්ප්‍රදාය තුළ හමුවන සුර දූතයන්ගේ ස්රූපය මෙම කුඩා බහිරව රූප දෙක තුළ මැනවින් දක්නට හැකිය. එය ද මෙම මකර තොරණ තුළ බටහිර ලක්ෂණ විද්‍යමාන වන බව පෙන්වා දෙන කරුණකි. එසේම මෙම ප්‍රධාන මකර තොරණෙහි මකරුන් දෙදෙනා පා තබාගෙන සිටින්නේ සාමාන්‍ය පුද්ගලයකුගේ ශරීර ස්වරූපය විදහාලන පුරුෂයන් දෙදෙනෙකුගේ උරහිස් මත ය. එම පුරුෂයන් දෙදෙනාගේ රූප කාය දෙස බැලීමෙන් පැහැදිළි වන්නේ එම රූප දෙක ද යුරෝපීය වහල් සේවකයන්ගේ ශරීර ස්වරූපය මතුකර පෙන්වන බවයි. යටත් විජිත යුගයේමෙරට ඉදිකළ බොහෝ විහාරස්ථානවල දක්නට ලැබෙන පරිදි මෙම විහාරයේ ද යුරෝපීය සංස්කෘතික ලක්ෂණ බෞද්ධ සංස්කෘතික ලක්ෂණ හා අපූර්ව ලෙස මිශ්‍ර කර නිර්මාණය කොට ඇති බව මේ අනුව මැනවින් තහවුරු වේ.

ප්‍රධාන මකර තොරණට ඉහළින් තවත් කැටයම් සහිත නිර්මාණයන් රැසක් ඉදිකර ඇති ආකාරය ද දක්නට හැකිය. විහාරයේ ප්‍රෞඪත්වය මෙම ඉහළ කොටස තුළින් වඩාත් මතුව පෙනේ. එහි දක්නට ලැබෙන කැටයම් නිර්මාණ හා ස්ථම්භ ආදිය යුරෝපීය ලක්ෂණ අනුව යමින් ඉදිකර ඇති බව ද දැකිය හැකිය. මෙහි දොරටුවක ස්වරූපය නිරූපණය කරන අපූර්ව කැටයමක් ඇත. එය යුරෝපීය කතෝලික පල්ලි ස්වරූපය ඉස්මතු වී පෙනෙන අයුරින් නිර්මාණය කොට ඇති බව පෙනේ. එම දොරටුවේ අලංකාරත්වය මතුකොට දක්වා ඇත්තේ මනහර කැටයම්වලින් සැකසුණු පුෂ්පයන් සතරක් එයට එක්කොට තිබීම නිසාය. එමෙන් ම දොරටුවට ඉහළින් පුන්කලසක් මූර්තිමත් කොට ඇත. දොරටුවට ඉහළින් නිර්මාණය කොට ඇති ආරුක්කු ස්වරූපයෙන් යුත් කැටයම යුරෝපීය පල්ලියකට ඇතුල්වන ප්‍රධාන ද්වාරය සිහියට නංවයි. එම ද්වාරයට දෙපසින් කතෝලික පල්ලිවල දක්නට ලැබෙන කොත් කැරලි දෙකක් දක්නට හැකිය. එසේම එම කොත් කැරලි දෙක ආසන්නයේ මනහර මදාරා මල් කැටයමක් නිර්මාණය කොට තිබේ. එයින් විහාරයේ පූර්ණභාවය ඉස්මතු කොට පෙන්වයි. විහාරයේ ප්‍රධාන දොරටුවේ මුදුනේ ම දක්නට ලැබෙන්නේ මනහර ස්ථූපයක කැටයමකි. ඒ දෙපසින් බෞද්ධ ධජ ද්වයක කැටයමක් ද සම්බන්ධ කොට තිබේ. ඈත සිට බලන්නෙකුට විහාරයේ පරිපූර්ණභාවය මනාකොට ඉස්මතු කොට පෙන්වන්නේ මෙම ස්ථූපයේ පිහිටීම නිසා ය. යුරෝපීය නිර්මාණ කලාව ගැබ් වුව ද මෙම ස්ථූපය හේතුවෙන් බෞද්ධ විහාරයක ස්වභාවය හදවතේ අවදිකරවයි. විහාරයට පිවිසෙන ප්‍රධාන මකර තොරණට පහළින් ඇති ද්වාරය පල්ලි සම්ප්‍රදායේ ආරුක්කු කලාව මතුකරයි. එය පල්ලියක ප්‍රවිෂ්ට ද්වාරයක ස්වරූපයෙන් ම ඉදිකර ඇත. එම ද්වාරය දෙපස තවත් පරිවාර ද්වාර දෙකකි. එම ද්වාර දෙක දෙපසින් අප්‍රකට සුවිසල් මුරකාර ප්‍රතිමා දෙකක් දක්නට හැකිය. මෙම මුර ප්‍රතිමා දෙක දේශීය ආරක්ෂක හේවායකුගේ ස්වරූපයෙන් නිර්මාණය කර තිබුණ ද එම ප්‍රතිමා දෙකේ මුහුණුවර තුළ යුරෝපීය මානව ස්වරූපය දැකගත හැක. මෙම මුර ප්‍රතමා දෙක ද එකිනෙකට වෙනස් ස්වරූපයෙන් මූර්තිමත් කර ඇති බව බැලූ බැල්මට පෙනේ. මෙම ප්‍රතිමා ද දෙක ම වටිනා ඔටුණු හිස් පැළද, වටිනා වස්ත්‍රාභරණ පැළද ගෙන දෑතින් කඩුවක් ද ගෙන සිටින ආකාරයෙන් ඔවුන් විහාරයේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී ඇති බව මතුකර පෙන්වන ස්වරූපයෙන් මූර්තිමත් කොට තිබේ.


මෙම සංවාද පිටුව අයත් වන්නේ තවමත් ගිණුමක් තනා නැති හෝ එසේ කොට එනමුදු එය භාවිතා නොකරන හෝ නිර්නාමික පරිශීලකයෙකුටය.

එබැවින්, ඔහු/ඇය හැඳින්වීමට සංඛ්‍යාත්මක IP ලිපිනය භාවිතා කිරීමට අප හට සිදුවේ. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් මෙවැනි IP ලිපිනයක් හවුලේ පරිහරණය කරනවා විය හැක. ඔබ නිර්නාමික පරිශීලකයෙකු නම් හා ඔබ පිළිබඳ අනනුකූල පරිකථනයන් සිදුවෙන බවක් ඔබට හැ‍ඟේ නම්, අනෙකුත් නිර්නාමික පරිශීලකයන් හා සමග මෙවැනි සංකූලතා ඇතිවීම වලක්වනු වස්, කරුණාකර ගිණුමක් තැනීමට හෝ ප්‍රවිෂ්ට වීමට කාරුණික වන්න.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:203.94.73.35&oldid=423309" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි