උපත-

1990.02.24 වසරේ කොළඹ කාසල් රෝහලේදී උපන් මාලන් ගෝවින්ද විදානපතිරණ, ප්‍රවීණ මාධ්‍යවේදි‍ රොඩ්නි විදානපතිරණ සහ හෙට්ටිගේ අමිතා පෙරේරාට දාව උපන් පවුලේ වැඩිමහල් දරුවායි.ඔහුගේ බාල සහෝදරයා ආකාෂ් විදානපතිරණ වන අතර ඔහු වෛද්‍යවරයෙකි.

අධ්‍යාපනය -

කුඩා කලදීම කොළඹට සේන්දු වූ ඔහු නාලන්දා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර ගණිත අංශයෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් පළමුවර උසස්පෙළට පෙනී සිටින්නේ ගණිත අංශයෙනි.එහෙත් රසායන විද්‍යාව විෂයට දැක්වූ අදක්ෂතාවය හේතුවෙන් ගණිත අංශයෙන් අසමත් වන ඔහු,දෙවැනි වර කලා අංශයෙන් උසස්පෙළට පෙනී සිටි අතර එවර ආර්ථික විද්‍යාව අසමත් වීම හේතුවෙන් නැවතත් විශ්වවිද්‍යාල වරම් අහිමි කර ගත්තේය.උත්සාහය අත් නොහළ ඔහු නැවතත් තෙවැනි වර පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස උසස් පෙළට පෙනී සිටි අතර ඒ ආර්ථික විද්‍යාව වෙනුවට සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය උසස් පෙළ සඳහා තෝරා ගනිමිනි. ඒ අනුව එවර ඔහු උසස් අධ්‍යාපනය සඳහා තේරී පත් වන අතර ඒ කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපය නියෝජනය කරමිනි.සිනමා විෂය ධාරාව ඔහුගේ ප්‍රාසාංගික කලා විශේෂවේදී උපාධිය විය.

වෘත්තිය ජීවිතය-

මේ අතර විජය පුවත්පත් සමාගමේ දිනපතා ලංකාදීප,විජය,ඉරිදා ලංකාදීප,තරුණයා,අද,'GO' සඟරාව ආදී පුවත්පත්වල නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ඔහු,විශ්වවිද්‍යාල ජීවිතයෙන් අනතුරුව 'අද' පුවත්පතට සම්බන්ධ වන්නේ උපකර්තෘවරයෙකු ලෙසය.