වික්‍රමබාහු විද්‍යාලයේ ඉතිහාසය

1946 ජනවාරි 03 දින ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය ඔස්සේ වල්ලහගොඩ මධ්‍ය විද්‍යාලයය නමින් ආරම්භවිය.

ගම්පොල නියම්ගම්පාය රජමහා විහාරයේ මෙය ආරම්භකලද ඒ ආසන්නයේ අක්කර 13 ක ඉඩමක් පරිත්‍යාග වශයෙන් ලැබීමෙන් පසු වත්මන් ස්ථානයේ වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලයය නමින් නැවත ස්ථාපිත විය.

දිවංගත අග්‍රාමාත්‍ය ඩි.එස්. සේනානායක මැතිතුමාගේ මංගල ශිලා ප්‍රතිශ්ඨාපනය ඇරඹි මෙම විදුහලේ සමාරම්භක විදුහල්පති ඒ.ඒ.සී.පෙරේරා මැතිතුමාය.ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 60ක් වූ අතර උසස් පෙළ විෂයන් 1954 වර්ෂයේ ආරම්භකොට ඇත.

වර්තමානය වන විට 1 AB වර්ගයේ පාසලක් වන මෙහි ගොඩනැගිලි සංඛ්‍යාව 36 කි.දෙස් විදෙස් ආදි සිසු සිසුවියන් බහුතරයකට උරුම්කම්පාන මෙම විදුහල් මාතාව කන්ද උඩරට හදවතක බදුය.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Wickramabahu_Central_College&oldid=235290" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි