*ශ්‍රිලංකා යුද හමුදා විශේෂ බළකායන්.(Y.W.B).

====================================

*1.ශ්‍රිලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව-ක.රෙ-Commando Regiment-CR.

===========================================================

*කමාන්ඩෝ රෙජිමේන්තුව යනු කුමක්ද...?.

=================================

*ශ්‍රි ලංකා යුද හමුදාව සතු විශේෂ ක්‍රියාන‍්විත ඒකක දෙකෙන‍් එකකි. යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තුව අනෙක‍් එකකයයි. කමාන්ඩෝ රෙජිමේන්තුව නිර‍්මානය කොට ඇත‍‍්තෙ එක‍්සත‍් රාජධානියෙ‍් විශේෂ ක්‍රියාන‍්විත ඒකකයක‍් වන "ස‍්පෙෂල‍් එයාර‍් සර‍්විස‍් (SAS) රෙජිමේන්තුවට" බෙහෙවින් සමානවය. කමාන්ඩෝ රෙජිමේන්තුවෙ පරිපාලන ව්යුහය හා මෙහෙයුමි සිදුකරන ආකාරය "ස‍්පෙෂල‍් එයාර‍් සර‍්විස‍් (SAS)" රෙජිමේන්තුවට බෙහෙවින් සමානවේ.

*මෙම ඒකකය 1980 දී නිර්මානය කරන ලද අතර ගනේමුල්ල ප්‍රදෙ‍්ශයෙ‍් ස‍්ථාපිත කොට ඇත.

*යමි අවස‍්ථාවකදි ඇතිවන දෙ‍්ශිය හො විදෙ‍්ශිය ත්‍රස‍්ත ක්‍රියාවකදි ප්‍රතිචාර දැක‍්විමට ශ්‍රි ලංකාව තුල ක්‍රියාත‍්මකවන ප්‍රධානතම එකකය වන‍‍්නෙ කමාන්ඩෝ රෙජිමේන්තුව සතු ගුවන‍්යානා ප්‍රති පැහැරගැනිමි හා ප්‍රාණ ඇපකරැවන‍් ගලවා ගැනිමෙ එකකයයි. මෙම කුඩා එ‍්කකය පැය විසිහතර පුරාවට සුදානමිව සිටින අතර කටුනායක ජාත්‍යන‍්තර ගුවන‍්තොටුපලෙහි ස‍්තානගතකොට සිටී.

*කමාන්ඩෝ රෙජිමේන්තුව සෙබලුන‍් 4 සහ8 දෙනා බැගින‍් වන කුඩා කණ්ඩායම් ලෙස මෙහෙයුමි සිදුකරයි.ඔවුන් ඇමරිකාව, එක්සත් රාජධානිය ,ඉශ්රායෙලය,ඉන්දියාව හා පාකිස්තානය යන රටවල‍් වලින‍් පුහුණුව ලබා ඇත.

*ආසන්න වශයෙන් රෙජිමේන්තුවෙ සියයට අනු පහක‍් පැරෂුටි මගින‍් යුධ බිමට ලගාවිමෙ සුදුසුකම්(AIRBORNE) ලබා ඇත.

*මෙම පුහුනුව පකිස්ථානයේ , ඉන්දියාවේ හෝ ගනේමුල්ල කමාන්ඩෝ පැරෂුට් පුහුණු පාසලේ දී ලබාදේ.

*තුන්වන කමාන්ඩෝ රෙජිමේන්තුව සහ තුන්වන විශේෂ බලකා රෙජිමේන්තුව එ‍්කාබද‍‍්ධව ස්වාධීන විශේෂ විමර‍්ශන බලසේනාව(දිගු දුර විහිදුමි බලකාය)පිහිටුවා ඇත.

*කමාන්ඩෝ රෙජිමේන්තුවට නිත්‍ය ඒකක හතරක‍් ඇත.

*කමාන්ඩෝ රෙජිමේන්තුවෙ කර්තව්යයන් සහ කාර්යභාරයන‍්.

-------------------------------------------------------------------

• දිවයිනෙ ප්‍රධානතම ප්‍රභුවරැන‍්ගෙ ආරක්ෂාව සැපයිම හා දැඩි ආරක්ෂක තර‍්ජන එල‍‍්ලවි ඇති ප්‍රභුවරැන‍්ට ආරක්ෂාව සැපයිම.

• විශේෂ විමර්ශන ක්‍රියාන්විත සිදු කරිම.

• ප්‍රති ත්‍රස්ත ක්‍රියාන්විත සිදු කරිම.

• ප්‍රණ ඇපකරුවන් බේරා ගැනීමේ ක්‍රියාන්විත සිදු කරිම.

• නාගරික යුධ මෙහෙයුමි සිදු කරිම.

•සෘජු ප්‍රහාරක මෙහෙයුම් සිදු කරිම.

• රහසිගත යුධ මෙහෙයුමි සිදු කරිම.

•ගුවන් මගින‍් ගොස‍‍් සිදු කරනු ලබන (AIRBORNE)ප්‍රති ත්‍රස්ත මෙහෙයුම් සිදු කරිම.

• ජලය ආශ්‍රිත (WATERBORNE) ප්‍රති ත්‍රස්ත මෙහෙයුම් සිදු කරිම.

--------------------------------------------------------------------------------

*පරම වීර විභූෂණය-(PWV).

=======================

*1.(8).*N/61736

මේජර් ජී.එස්.ජයනාත්

දෙවන බළඇණිය, කමාන්ඩෝ රෙජිමේන්තුව

පෞද්ගලික තොරතුරු

*සම්පුර්ණ නම :

ජී.එස්.ජයනාත්

*හමුදා ඒකකය :

දෙවන බළඇණිය, කමාන්ඩෝ රෙජිමේන්තුව

*මියගිය ස්ථානය :

මන්නකුලම්

*උපන් දිනය :

1971 ජනවාරි 21

*මියගිය දිනය :

1997 දෙසැම්බර් 04

*වයස :

27

*පදක්කම ලැබුණු දිනය :

2001 අප්‍රේල් 24

*විවාහක /අවිවාහක බව :

අවිවාහක

*මව :

මහවත්තගේ කුසුමා පෙරේරා

*පියා :

ගිනිමැලගේ එඩ්වින්

*බිරිඳ :

අවිවාහක

*ලබා ගෙන ඇති පදක්කම් :

පරම වීර විභූෂණය, රණ ශූර පදක්කම, පුර්ණ භුමි පදක්කම, දේශපුත්‍ර සම්මානය

*මේජර් ජයනාත් ගිනිමැලගේ PWV.ශ්‍රීලංකා යුද්ධ හමුදාව,දෙවන රෙජිමේන්තුව කමාන්ඩෝ බලකාය.

*යාපනය අර්ධද්වීපය කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීම සදහා දියත්වූ ජයසිකුරු මෙහෙයුමට 53 සේනාංකයේ ,දෙවන රෙජිමේන්තුව කමාන්ඩෝ බලකායේ,චාලි බලඝනයෙහි අනදෙන නිලධාරී ලෙස කපිතාන් (එවකට)ජයනාත් ගිනිමැලගේ එක්වී සිටියේය.

*1997 දෙසැම්බර් වනවිට හමුදාව මාන්කුලම් දක්වා පැමින සිටියහ.1997 දෙසැම්බර් මස 4වනදා මේජර් ගිනිමැලගේගේ නායකත්වයෙන් චාලි බලඝනයේ සෙබලු කන්ඩායමක් ත්‍රස්තවාදීන්ගේ කාලතුවක්කු මධ්‍යස්ථානයකට පහරදීමට සැලසුම්කලහ.නමුත් ඉලක්කය ත්‍රස්තවාදීන්ගේ උගුලක් වූ අතර සෙබල කන්ඩායමවෙත දරුනු ප්‍රහාරයක් එල්ලවිය.මේජර් ගිනිමැලගේ වහාම කුඩා කන්ඩායමක් සමග ඉදිරියට ගොස් ප්‍රතිප්‍රහාර එල්ල කලේය.ඒ අතරතුර තම සෙබලුන්ට වහාම පසුබසිනලෙස නියෝග කලේය.නමුත් ත්‍රස්තවාදී කාලතුවක්කු ප්‍රහාරවලින් සෙබලු විශාල පිරිසක් තුවාල ලැබූහ,නැතහොත් මියගියහ.ආධාරක කන්ඩායමක් එවනලෙස මේජර් ගිනිමැලගේ විසින් ඉහල නිලධාරීට දන්වනලදමුත් කිසිම ලෙසකින්වත් ඔවුන්වෙත ලන්වීමට ආධාරක කන්ඩායම්වලට නොහැකිවිය.අවසානයේ මියගිය හා තුවාලලද සෙබලුන් අතහැර වහාම පසුබසිනලෙස මේජර් ගිනිමැලගේට දන්වන ලදී.

*ස්වකීය සහෝදර සෙබලුන් සමග අවසන් හුස්මපොද දක්වා සටන් කිරීමට අදිටන් කරගත් මෙම අභීත නිලදාරියා ඉහලින්ලද අණ බැහැරකලේය.එකම සෙබලෙකුහෝ පනපිටින් සිටිනතාක් තමන් කිසිලෙසකින්වත් පසුනොබසින බව ඉහල නිලධාරීන්ට දැන්වූ ඔහු ත්‍රස්තවාදීන්ට එරෙහිව බිහිසුණු සටනක නිරතවිය.නමුත් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර එන්න එන්නම දරුනුවිය.කාලතුවක්කු ප්‍රහාරවලින් සෙබලුන්ට දැඩිහානි සිදුවිය.ඉහල නිලධාරීන්ගෙන් ලැබුනු අණ නොතකා,ස්වකීය සහෝදර සෙබලුන් අත්නොහැර,ඔවුන් සමග සටන්කල මෙම අති විශිෂ්ට කමාන්ඩෝ නිලධාරියා හිසට වැදුනු වෙඩි පහරකින් මියගියේය.මෙහෙයුම ඛේදාන්තයකින් අවසන්විය.ඊට සහභාගිවූ සෙබලු 180 ක් පමණ මියගියහ.ස්වකීය ජීවිතාරක්ශාව පසෙකලා සහෝදර සෙබලුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්,ඔවුන් අතනොහැර,නායකත්වය දෙමින්, මියයනතෙක් ප්‍රදර්ශනයකල අසමසම රණ පෙලහර වෙනුවෙන්,ශ්‍රීලංකා යුද්ධ හමුදාව විසින් සන්ග්‍රාමික වීරත්වය උදෙසා පිරිනමන ඉහලම සම්මානයවන පරම වීර විභූශනයෙන් මේජර් ජයනාත් ගිනිමැලගේ පුදනු ලැබීය.එම සම්මානයෙන් පුදනු ලැබූ පලමු කමාන්ඩෝ සෙබලා මේජර් ජයනාත් ගිනිමැලගේය.

*සතුරන් අබියස දණින් නොවැටී,අවසන් හුස්ම දක්වා අසමසම රණකෙහෙලි නැන්වූ මේජර් ජයනාත් ගිනිමැලගේ...!

-------------------------------------------------------------------------------

*2.(17).*S/553286

කෝප්‍රල් එච්.ඒ.නිලන්ත කුමාර

තුන්වන බළඇණිය, කමාන්ඩෝ රෙජිමේන්තුව

පෞද්ගලික තොරතුරු

*සම්පුර්ණ නම :

එච්.ඒ.නිලන්ත කුමාර

*හමුදා ඒකකය :

තුන්වන බළඇණිය, කොමාන්ඩෝ රෙජිමේන්තුව

*මියගිය ස්ථානය :

නිලාවේලි

*උපන් දිනය :

1980 නොවැම්බර් 26

*මියගිය දිනය :

2009 ජනවාරි 29

*වයස :

29

*පදක්කම ලැබුණු දිනය :

2013 මැයි 18

*විවාහක /අවිවාහක බව :

විවාහක

*මව :

ඩබ්ලිව්.ඒ.කරුණා

*පියා :

එච්.ඒ.අනිල් කුමාර

*බිරිඳ :

ඩබ්ලිව් ඒ.මල්කාන්ති

*ලබා ගෙන ඇති පදක්කම් :

පරම වීර විභූෂණය, රණ ශූර පදක්කම

-------------------------------------------------------------

*3.(21).*S/552511

සැරයන් කේ.පී.ඩි.ටී. ගුණසේකර

පළමුවන බළඇණිය කමාන්ඩෝ බලකාය

පෞද්ගලික තොරතුරු

*සම්පුර්ණ නම :

කේ.පී.ඩි.ටී. ගුණසේකර

*හමුදා ඒකකය :

පළමුවන බළඇණිය, කමාන්ඩෝ බලකාය

*මියගිය ස්ථානය :

පුදුකුඩුඉරිප්පු

*උපන් දිනය :

1976 සැප්තැම්බර් 26

*මියගිය දිනය :

2009 පෙබරවාරි 16

*වයස :

33

*පදක්කම ලැබුණු දිනය :

2013 මැයි 18

*විවාහක /අවිවාහක බව :

විවාහක

*මව :

ඊ.පී.ඩි. නන්දාවතී

*පියා :

කේ.පී.ඩි.ගුණසේකර

*බිරිඳ :

කුමාරි තිලකරත්න

*ලබා ගෙන ඇති පදක්කම් :

පරම වීර විභූෂණය, රණ ශූර පදක්කම

-----------------------------------------------------------

*4.(26).*S/554572

කෝප්‍රල් එස්.වී.ඒ.එම්. පුෂ්පමාල්

පළමුවන බලඇණිය, කොමාන්ඩෝ බලකාය

පෞද්ගලික තොරතුරු

*සම්පුර්ණ නම :

එස්.වී.ඒ.එම්.පුෂ්පමාල්

*හමුදා ඒකකය :

පළමුවන බළඇණිය, කොමාන්ඩෝ බලකාය

*මියගිය ස්ථානය :

පුදුමාතලන්

*උපන් දිනය :

1987 අප්‍රේල් 25

*මියගිය දිනය :

2009 අප්‍රේල් 21

වයස :

22

*පදක්කම ලැබුණු දිනය :

2013 මැයි 18

*විවාහක /අවිවාහක බව :

අවිවාහක

*මව :

කේ.වී.අමරාවතී මැණිකේ

*පියා :

එස්.වී.ජී.විජේරත්න

*බිරිඳ :

අවිවාහක

*ලබා ගෙන ඇති පදක්කම් :

පරම වීර විභූෂණය

*"සෙබල 554572 කෝප්‍රල් පුෂ්පමාල් එස්වීඒඑම් - කමාන්ඩෝ රෙජිමේන්තුව (මියගිය)

පුදුමාතලන් යුදමුක්ත කලාපයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් රදවාගෙනන සිටි සිවිල් වැසියන් වර්ෂ 2009 ක් වු අප්‍රේල් මස 21 වන දින මුදවා ගනිමින් සිටියදී මෙම කණ්ඩායම වෙත ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එල්ල වු ප්‍රහාරය මැඩපැවැත්වීම සදහා එවකට ලාන්ස් කෝප්‍රල් පුෂ්පමාල් එස්වීඒඑම් ස්වකැමැත්තෙන් ඉදිරිපත් වී සතුරන් සමග මුහුණට මුහුණලා සටන් කොට ඔවුන් විනාශ කිරීමට කටයුතු කර ඇත.

එම සටනේදී මොහු තුවාල ලැබුවද ත්‍රස්තවාදී ප්‍රහාරවලට සාර්ථක ප්‍රතිප්‍රහාර එල්ල කර ඔවුන්ගේ සියළු උත්සාහයන් ව්‍යර්ථ කර ආරක්ෂක වලල්ලෙහි රැදී සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකින් මෙම වීරෝදාර රණවිරුවා සටන් බිමේදීම දැයෙන් සමුගෙන ඇත.

*දිවි පරදුවට තබා අභිත රණවිරුවෙකු සේ සිදුකරන ලද මෙම වික්‍රමාන්විත ක්‍රියාව අරබයා කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් සෙබල 554572 කෝප්‍රල් පුෂ්පමාල් එස්වීඒඑම් යන රණවිරුවාණන් පරම වීර විභූෂණයෙන් පිදුම් ලබන්නේය"...!

--------------------------------------------------------------------------------

*5.(27).*S/552009

මාණ්ඩලික සැරයන් කේ.ජී.එන්.එල්.ආර්. පෙරේරා

දෙවන බළඇණිය, කමාන්ඩෝ බලකාය

පෞද්ගලික තොරතුරු

*සම්පුර්ණ නම :

කේ.ජී.එන්.එල්.ආර්.පෙරේරා

*හමුදා ඒකකය :

දෙවන බළඇණිය, කමාන්ඩෝ බලකාය

*මියගිය ස්ථානය :

පුදුමාතලන්

*උපන් දිනය :

1976 ඔක්තෝබර් 24

*මියගිය දිනය :

2009 අප්‍රේල් 21

*වයස :

33

*පදක්කම ලැබුණු දිනය :

2013 මැයි 18

*විවාහක /අවිවාහක බව :

විවාහක

*මව :

සුමනා වසලතන්ත්‍රී

*පියා :

කේ.ජී.රූබන් පෙරේරා

*බිරිඳ :

උදයංගනී සමරසිංහ

*ලබා ගෙන ඇති පදක්කම් :

පරම වීර විභූෂණය, රණ ශූර පදක්කම.

*2.ශ්‍රිලංකා යුද හමුදා විශේෂ බළකාය-වි.බ-SPECIAL FORCE-S.F.

=================================================

*විශේෂ බලකාය යනු කුමක්ද...?.

=========================

*1970 දශකයේදි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් දෙමළ විමුක්ති කොටි සංවිධානය නිර්මාණය වූවේය.

*ඔවුනගේ පළමුවැනි දේශපාලන මිනිස් බිල්ල වූයේ සැබෑ දෙමළ නායකයෙක් වූ ඇල්ෆ්‍රඞ් දොරෙයිඅප්පාය. පතුරොම් තුවක්කුවෙන් ආරම්භ කළ අරගලය මරාගෙන මැරෙන බෝම්බය දක්වා වර්ධනය විය. 1983 වසරේ රුධිර ගංගාවක් ගලා යමින් කළු ජූලිය සිදුවූවේය. සිංහල දෙමළ මුස්ලිම් සංහිඳියාව කෑලි කෑලි වී යාම ඉන් සිදුවිය.

*1984 වසර වන විට විදෙස් ආධාර ලබාගත් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී කල්ලිය ශක්තිමත්වී සිටියේය. වරින් වර සැඟවී සිට රාජ්‍ය හමුදාවන්ට ප්‍රහාර එල්ලකළ ඔවුහු 1985 වසරේදී එළිපිටම හමුදා කඳවුරු වලට පහරදීමට පටන් ගත්හ. ආර්.පී.ජී. වැනි අවි යොදාගෙන නැගෙනහිර මායිමේ පිහිටි කෝකිලායි කඳවුරට ද පහර දුන්හ. විවිධ ගරිල්ලා උපක්‍රම භාවිතයට ගත් ඔවුන් උතුරු නැගෙනහිර සිටි හමුදාවන්ට තර්ජනයක් වූවේය.

*මෙම ක්‍රමවේදය මර්දනය කිරීමට ගරිල්ලා සටන් ක්‍රම දත් විශේෂ හමුදාවක අවශ්‍යතාව මතුව ආවේය. එය යථාර්ථයක් බවට පත් කරන ලද්දේ මේජර් ගාමිණී හෙට්ටිආරච්චිය. ඔහුගේ සංකල්පයට ලුතිනන් අස්ලාම් ෆස්ලි ලෆීර් ඇතුළු තිස් අට දෙනකුගෙන් යුත් කණ්ඩායම පණ දුන්හ.(RDF)

“අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා” යන තේමා පාඨයට අනුව පෙළ ගැසුණු මෙම විශේෂ බළකාය වසර තිහක් පුරා පැවති යුද්ධය අවසාන වනතුරුම සුවිශේෂී සේවාවක් සැපයූහ.

● මොකක්ද විශේෂ බළකාය-(SF)...?.

===========================

*යුද හමුදා විශේෂ බළකාය එස්.එෆ්. නමින් හඳුන්වනවා.

*යුද හමුදා විශේෂ බළකායක අවශ්‍යතාව එන්නේ සාමාන්‍ය පාබල රෙජිමේන්තුවකට යා නොහැකි ප්‍රදේශ සහ ගැනීමට අපහසු ඉලක්ක හඳුනා ගැනීමට.

●කොහොමද විශේෂ බළකාය ආරම්භ වුණේ...?.

====================================

*1985 වසරෙදි ජෙනරල් ගාමිණී හෙට්ටිආරච්චි ගෙ අදහසකට අනුවයි මෙය නිර්මාණය වුණේ. 85ට ඉස්සරවෙලා මෙය ආර්.ඩී.එෆ්. කියලා පොඩි කොට්ඨාසයක් හදාගෙන හිටියා. එහි සාමාජිකයන් 35ක් පමණ සිටියා. එහි මුල්ම සාමාජිකයෝ තමයි මේජර් ගාමිණී හෙට්ටිආරච්චි, ලුතිනන් අස්ලාම් ෆස්ලි ලෆීර්, කැප්ටන් අජිත් පෙරේරා ඇතුළු පිරිස. එය තමයි පසුව විශේෂ බළකාය (SF) බවට පත් වුණේ.

●විශේෂ බළකායේ මූලික කාර්ය භාරයන්.

==============================

*මෙහි මූලික කාර්ය භාරය කොටස් දෙකකට බෙදන්න පුළුවන්.

1.ප්‍රහාර දෙන එක.

2.තොරතුරු රැස් කිරීම.

*ප්‍රහාර දෙනවා ලෙස සඳහන් කරන්නේ සතුරන්ගේ ප්‍රධාන නායකයන් ඉලක්ක කිරීම, ඔවුන්ගේ වැදගත් කඳවුරු සොයා පහරදීම, සතුරු කණ්ඩායම් සිටින පළාත් බලා ඒවාට පහර දීම, විශාල කඳවුරු පිළිබඳ සොයා බලා ගුවන් හමුදාවට තොරතුරු සැපයීම ආදිය සිදු කිරීම.

*විමර්ශනය පැත්තෙන් බැලුවොත් විශේෂ බළකායේ සෙබළු සතුරු කඳවුරු පිළිබඳව සොයා බැලීම සිදු කරනවා. ඒ වගේම කාලතුවක්කු වගේ විශාල අවි ආයුධ සඟවලා තිබෙන තැන් ගැන සොයා බලනවා. සතුරන්ගේ චර්යාවන් සොයා බලා ඉහළ මූලස්ථාන වලට දැනුම් දීම සිදු කරනවා. සතුරන්ගේ සන්නිවේදන මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු සෙවීමත් විශේෂ බළකායේ තවත් කොටසක්.

● විශේෂ බළකාය ගොඩනැගීම.

=======================

*මේජර් ගාමිණී හෙට්ටිආරච්චිගේ සංකල්පයට අනුව සාමාජිකයන් 38 දෙනකුගෙන් පළමු කණ්ඩායම නිර්මාණය වුණා.

*මුලින්ම විශේෂ කණ්ඩායම් පුහුණුවීම් ලැබුවේ ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු කඳවුරේ.

*පසුව විදේශීය උපදේශකයන්ගෙනුත් පුහුණුවීම් ලැබුවා. එසේ පුහුණු වූ පිරිස වව්නියාවේ ජෝශප් කඳවුරේ ස්ථානගත වුණා.

*ඉන් පස්සේ වැලිඔය සහ වව්නියා ක්‍රියාන්විත වලට අවශ්‍ය දායකත්වය ලබලා දුන්නා.

*ඒ කාලයේ ලුතිනන් කර්නල් විජය විමලරත්නගේ නායකත්වයෙන් යුත් පළමුවැනි ගජබා රෙජිමේන්තුවේ විශේෂ කණ්ඩායම් දෙකක් මේ පිරිසට සහාය ලබලා දුන්නා.

*සතුරන්ගේ තොරතුරු ලබාගනිමින් මර්මස්ථාන වලට පහර දීම සාර්ථකව සිදු කළ විශේෂ බළකාය තව තවත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව තිබුණා.

*ඒ අනුව සෙබළුන් 38කින් ආරම්භ කළ විශේෂ බළකාය 68ක් දක්වා බි්‍රගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ මගපෙන්වීම යටතේ වැඩි කළා.

*මෙහෙයුම්වල පහසුව තකා “ඇල්ෆා”, “බ්‍රාවෝ”, “චාලි” කියලා කණ්ඩායම් තුනකට මේ පිරිස වෙන් කළා.

*මේ කණ්ඩායම්වල අණදෙන්නන් ලෙස ක්‍රියා කළේ ලුතිනන් අජිත් පෙරේරා, ලුතිනන් ෆස්ලි ලෆීර්, ලුතිනන් රොහාන් විජේසිංහ යන පිරිස.

*දෙවැනි බඳවාගැනීමෙන් පසු ඒ ආකාරයට වර්ධනය කළ විශේෂ බළකායට තුන්වැනි අවස්ථාවේදී “ඩෙල්ටා” බල ගණයද එකතු කළා.එය භාරවූයේ මේජර් ගාමිණී හෙට්ටිආරච්චිට.

*ඒ ආකාරයට ටික ටික ගොඩ නැගුණු විශේෂ බළකායට රාජ් විජේසිරි සම්බන්ධ වෙන්නේ 1986 වසරේදී.

*ත්‍රස්ත මර්දනය සඳහා පිහිටවූ කණ්ඩායම් වලට වගකීම් පැවරුවේ තවත් කුඩා කණ්ඩායම් ලෙස කොටස් කරලා.

*ඒ කුඩා කණ්ඩායමක් සාමාජිකයන් 8 දෙනකුගෙන් සමන්විතයි. ඒ කණ්ඩායමේ 8 දෙනාට එක එක වගකීම් පවරලා තිබුණේ.

*උදාහරණයකට කිව්වොත්, කණ්ඩායමෙන් දෙදෙනෙක් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ වැඩිදුර පුහුණුව ලබපු අය. ඒ අය තමයි බිම් බෝම්බ ඇටවීම වැනි කටයුතු බාරව ක්‍රියා කරන්නේ.ඒ වගේම සතුරා වළදැමූ ආයුධ පිළිබඳ සොයා බැලීමත් ඔවුනට අයිති රාජකාරියක්.

*ඊළඟට තවත් දෙන්නෙක් පුහුණු කරලා තිබුණා වෛද්‍ය සේවාවට.කණ්ඩායමේ කාටහරි තුවල වුණොත් ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබලා දෙන්නේ ඒ දෙන්න.

*තවත් දෙන්නෙක් පුහුණු කළා සංඥා පිළිබඳ සොයා බැලීමට. එයාලගෙන් එක් කෙනෙක් තමයි රේඩියෝ සෙට් එක ගෙනියන්නේ.

*ඔය ආකාරයට එක එක්කෙනාගේ දක්ෂතාව අනුවයි අට දෙනාට රාජකාරි පැවරුවේ. මේ එක කණ්ඩායමට නායකයෙක් සහ උපනායකයෙක් හිටියා.

*මේ අට දෙනාගේ කණ්ඩායමත් නැවත කොටස් දෙකකට කැඩුණා.

*මූලික කණ්ඩායමක් ලෙස 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් නිර්මාණය කිරීමටත් හේතුවක් තිබුණා.ඒ තමයි කුඩා කණ්ඩායමක් සතුරාට සොයා ගැනීමට අපහසු වීම.

*උතුරේ ත්‍රස්ත මර්දනය සේම දකුණේ රාජ්‍ය විරෝධී කැරලිකරුවන් මර්දනය කිරීමට සහයදීමත් විශේෂ බළකායේ රාජකාරිය වුණා.

●විශේෂ බළකායට ආ අභියෝග.

========================

*ඒ කාලය වන විට පණිවිඩ හුවමාරු ක්‍රම නොදියුණු තත්ත්වයේ තිබුණේ. ඡඍක්‍ - 77 ගුවන් විදුලි යන්ත්‍ර තමයි ඒ සඳහා භාවිත කළේ. එහි රහස්‍යභාවය අවිනිශ්චිතයි. ඒ වගේම කිලෝ මීටර් 15ක උපරිම සීමාවක් සංඥා ලබාදීම සඳහා තිබුණේ. ඒ සීමාවෙන් එහාට ගියාම මූලස්ථානයත් සමග සංඥා නැති වෙනවා. එය ලොකු බාධාවක්. ඒ වගේම අවි ආයුධ සම්බන්ධ ගැටලු තිබුණා. විශේෂයෙන්ම සතුරා විනාශ කරන්න සයිලන්ට් වෙපන් (හඬ නොනැගෙන අවි) තිබුණේ නෑ.

*ඒ වගේම ඒ කාලේ ජී.පී.එස්. තාක්ෂණය තිබුණේ නෑ. සිතියම් පරිහරණය කරමිනුයි කටයුතු කළේ. ඒ සිතියම් 1950 ගණන් වල 60 ගණන් වල හදපු ඒවා. ඒවායේ තිබුණ දත්ත මේ වන විට වෙනස් වෙලා. කැලෑ එළිවෙලා. ගම්මාන, කුඹුරු හැදිලා, ඒ නිසා තිබුණු සිතියම පවා සීයට සීයක් නිවැරදි වුණේ නෑ.

*ඒ වගේම වැසි ජලය කාන්දුවන, දිගු ක්‍රියාන්විත වලට ඔරොත්තු නොදෙන උරහිස් රිදුම් දෙනකන් දරා සිටින්නට වූ පැක් තමයි භාවිතා කළේ.

*මීළඟට තිබුණු ලොකුම අභියෝගය ආහාර. සාමාන්‍ය යුද හමුදා සෙබළු අරගෙන යන බත් ටින් කෑමයි තිබුණේ. දවස් 10ක්, 12ක් කැලේ ඇතුළේ මෙහෙයුමේ නිරත වෙද්දී කැලරි වැඩි ආහාරයි අවශ්‍ය වෙන්නේ.

*ඒත් විශේෂ බළකා සෙබළු ඒ හැම අභියෝගයකටම සාර්ථකව මුහුණ දුන්නා.

● 1989 ඇති වූ අර්බුදකාරී තත්ත්වය.

===========================

*ඒ කාලයේ වව්නියාව, මාන්කුලම, යාපනය වැනි ප්‍රදේශ වල මෙහෙයුම් සිදුකළා. ඇතැම් අවස්ථාවල ප්ලොට් සංවිධානයේ සහයෝගය ලැබිලා තිබෙනවා.

*1988 වසර වන විට යුද හමුදාව තුළ විශේෂ ඒකකයක් ලෙස මෙම බළකාය ප්‍රතිපත්ති මගින් පිළිගත්තා.

*ඒ වගේම 1989 දී විශේෂ බලකායේ ධාවන පැදි බලගණය පිහිටවූවා.

*එල්.ටී.ටී.ඊ. පිස්තෝල කල්ලිය මර්දනය කිරීම ඔවුන්ගේ විශේෂ ක්‍රියාන්විතයක් වුණා.

*ඒ වගේ 89 කාලයේ හිස එසවූ කැරලිකරුවෝ නගරයේ තැනින් තැන කලබල ඇති කරන්නට පටන් ගත්තා.මෙම කණ්ඩායම් මර්දනය කිරීමට ධාවන පැදි බළකාය විශේෂ සේවාවක් සිදු කළා.

● විශේෂ බළකාය සංග්‍රාම භූමියේ විශේෂම කණ්ඩායමක් බවට පත්වීම.

=================================================

*පළමුවැනි විශේෂ බළකාය.

===================

*විශේෂ බළකායේ සතුටුදායක ජයග්‍රහණයන් නිසා යුද හමුදාවේ විශේෂ පිළිගැනීමක් ලැබුණා. එය තවතවත් වර්ධනය කිරීමේ අවශ්‍යතාව ඇති වුණා.

*ජෙනරාල් වනසිංහ යුද හමුදාපති වුණාට පස්සේ හමුදාවේ ඉන්න දක්ෂ සෙබළුන් විශේෂ බළකායට බඳවාගන්න අවස්ථාව උදා කරලා දුන්නා.

*ඒ කාලයේම විශේෂ බළකා පුහුණු පාසලක් ආරම්භ වුණා.250ක පමණ කණ්ඩායමක් බඳවා ගෙන මින්නේරියේ පුහුණුවක් කළා. ඉන් 135ක් පමණ බඳවා ගත්තා.

*89 කාලය වන විට විශේෂ බළකාය 150ට අධික සෙබළු සංඛ්‍යාවකගෙන් යුක්ත වුණා. මේ විදියට බඳවාගැනීම් කරලා 500ක් පමණ සෙබළ කණ්ඩායමක් හැදුවා.

*එය පළමුවැනි විශේෂ බළකාය කියලා රෙජිමේන්තුවක් බවට පත් කළා.එහි මූලස්ථානය පිහිටවූයේ නාවුල.

*1990 වෙනකොට විශේෂ බළකායේ ස්නයිපර් කණ්ඩායම බිහි කළා.

*ඒ වගේම සංග්‍රාමික කිමිදුම් පාඨමාලාවක් හදාරා සිටි ලුතිනන් සුසිත් කන්ගොඩආරච්චිගේ ප්‍රධානත්වයෙන් විශේෂ බළකා කිමිදුම් කණ්ඩායමක් ගොඩනැගුවා.

*දෙවැනි විශේෂ බළකාය.

==================

*1995 වසරේදී දෙවැනි විශේෂ බළකායේ කිමිදුම් කණ්ඩායම පිහිටවූවා.

*දියෙන් සහ ගොඩින් සතුරා සමග සටන් කිරීමට අවශ්‍ය ශක්තිය ලබාගත් විශේෂ බළකාය ගුවණින් හරඹ කිරීම සඳහා පැරෂුට් භටයින් රැසක් ද නිර්මාණය කළා.

*මේ විදියට ශක්තිමත් කළ විශේෂ බළකායේ “එකෝ” බලගණය කපිතාන් උපුල් වීරසිංහගේ නායකත්වයෙන් ගොඩනැගුවා.

*එය විශේෂ නිලධාරින් 28 දෙනෙක් සහ සෙසු නිලයන් 498කින් සමන්විත වුණා. එහි ප්‍රථම අණ දෙන නිලධාරි වුණේ රාජ් විජේසිරි.

*එය ආරම්භ කළේ ත්‍රිකුණාමලයේදී.

*දෙවැනි විශේෂ බළකාය හැදුණේ ඒ ආකාරයට.

*3 වැනි විශේෂ බළකාය.

=================

*1996 වසරේදි රාජ් විජේසිරි දෙවැනි විශේෂ බළකායෙන් කොටසක් අරගෙන දිග දුර විහිදුම් බළකාය ආරම්භ කළා.

*එය කිලිනොච්චියේදී සිදු කළේ.

*3 වැනි විශේෂ බළකාය හැදුණේ ඒ ආකාරයට.

* කපිතාන් චන්න වඩුගේ ප්‍රධානත්වයෙන් “ෆොක්ස්ට්‍රොට්” බලගණය පිහිටවූවා.

* “හොටෙල්” බලගණය ආරම්භ කිරීමට මුල් වූයේ කපිතාන් චූල දෙල්වල.

*මේ විදියට විශේෂ පුහුණුකිරීම් වලින් ගොඩබිම මුහුද සහ ගුවන ජයගත හැකි විශේෂ සෙබළ පිරිසක් නිර්මාණය වුණා.

● විශේෂ බළකාය සඳහා සෙබළුන් තෝරා ගන්න විශේෂ ක්‍රමවේදය.

================================================

*විශේෂ බළකායට පැමිණෙන සෙබළෙකුට අමාරු දුෂ්කර පාඨමාලාවකට මුහුණදීමට සිදුවෙනවා. ඔහුගේ කායික සහ මානසික ශක්තිය මැන බලනවා. කායික ශක්තිය බලන්න ලොකු පාගමන් තිබෙනවා. ලොකු බරක් දාගෙන යන්න ඕනෑ. දුවන්න ඕනෑ. බාධක තරණ තිබෙනවා. කිලෝ මීටර් ගණන් ඇවිදින්න ඕනෑ.

*ඒ වගේම ඔවුන්ගේ මානසික ශක්තිය ඒ හැම අවස්ථාවකදීම මැන බලනවා. ඔවුන්ගේ බුද්ධි මට්ටමත් ඒ ඒ ක්‍රියාකාරකම් වලින් මැන බලනවා. මේ හැම දේම කරන්නේ දින 28ක තියෙන මූලික පාඨමාලාවෙන්. මේ සති හතරේ පාඨමාලාවට 100ක් ආවොත් 60ක්ම හැලෙනවා. ඉන් තේරෙන පිරිස තමයි මාස 5ක් විතර පවත්වන උසස් ශිල්ප පාඨමාලාවට තෝරාගන්නේ. ඒ අයට තමයි විශේෂ බළකා සෙබළෙකුට තිබිය යුතු පුහුණුවීම් ලබලා දෙන්නේ.

● මෙහෙයුම් වලට දුන් දායකත්වය.

==========================

*වඩමාරච්චි මෙහෙයුමේදී විශේෂ බළකාය ට පැවරුණේ ප්‍රභාකරන් පැනලා යන පැත්ත කවර් කරන්න. විශේෂ බළකාය හෙලිකොප්ටර් 9කින් එතනට ගියා. එතන දවස් 6ක් හිටියා. පැය හයකට (6) පසු එල්.ටී.ටී.ඊ. එක විශේෂ බළකාය ට පහර දුන්නා. එහිදී සෙබළු 6ක් 7ක් පමණ මරුණා. 17ක් විතර තුවාල වුණා.

*මීලඟට සම්බන්ධ වුණේ මුලතිව් මෙහෙයුමට.මුලතිව් එල්.ටී.ටී.ඊ. එකෙන් පහර දුන්නට පස්සේ එහි සිටි සෙබළුන්ට උදව් කරන්නට සිදු වුණා.කර්නල් ලෆීර් ඔහුගේ සෙබළුන් සමග එම ස්ථානයට ගියා. එල්.ටී.ටී.ඊ. එකෙන් එයාගෙ කණ්ඩායම වට කරගත්තා.එතනදි තමයි කර්නල් ලෆීර් මැරුණේ.එයාගේ ගොඩක් අය තුවාල වුණා. ඒ පිරිසට උදව් කරන්න කර්නල් රාජ් විජේසිරි දෙවැනි විශේෂ බළකායත් එක්ක ත්‍රිකුණාමලයෙන් මුලතිව් දක්වා පිටත් වුණා. එල්.ටී.ටී.ඊ. එක විශේෂ බළකාය ට වටකරගෙන ගැහුවා.

*එදා සවස 5ට විතර කර්නල් රාජ් විජේසිරි ටත් වෙඩි වැදුණා.5ක් විතර මැරුණා. රෑ නමයට විතර කර්නල් රාජ් විජේසිරි හෙළිකොප්ටරේකින් අරගෙන කොළඹට ගෙනාවා.

*විශේෂ බළකා සෙබළු පහුවෙනි දවස වෙන කොට තවත් බල සේනා ගෙන්වාගෙන ලොකු සංග්‍රාමයක් කරලා සිර වී සිටි සෙබළුන් බේරා ගෙන තිබුණා.

*ඒ වගේම ඊට පෙර තිබූ යාපනය අල්ලා ගැනීමේ ක්‍රියාන්විතයේදී කර්නල් රාජ් විජේසිරි දෙවැනි විශේෂ බළකායේ අණදෙන්නා ලෙස කටයුතු කළේ.

*කර්නල් ලෆීර් පළමුවැනි විශේෂ බළකායේ අණදෙන්නා ලෙස හිටියා.එල්.ටී.ටී.ඊ. එක රාත්‍රියට පැමිණ සෙබළුන්ට පහර දුන්නා. ගොඩක් අය මැරුණා.තුවාල වුණා. ඒත් මෙහෙයුම සාර්ථකව කළා.1995 දී යාපනය කොටුව අල්ලා ගත්තා.

*තවත් විශේෂ එකක් තමයි යාපනය අල්ලාගන්න කළ විශේෂ මෙහෙයුම.

*කර්නල් රාජ් විජේසිරි බල සේනාධිපති ලෙස කටයුතු කළා. ඒ කළ ක්‍රියාන්විතයේදී මාස 5ක් තුළ සෙබළු 100ක් විතර මැරුණා.400ක් විතර තුවාල වුණා.නිලධාරින් 10ක් විතර මැරුණා. ලොකු හානියක් වුණා. සති ගාණක් ඒ යුද්ධය ගියා.

*පාබල හමුදාවන්ට ලොකු සහයෝගයක් විශේෂ බළකා සෙබළු ලබලා දුන්නා.

*වර්ෂ 2009 විශේෂ බළකායේ රෙජිමේන්තු 5ක් නිර්මාණය වෙලා තිබුණා.

*සෙබළු 2000ක් පමණ හිටියා.

*යුද්ධය අවසාන වෙන තුරුම මෙම සෙබළු බුද්ධි තොරතුරු සොයමින් එල්.ටී.ටී.ඊ. නායකයන්ට පහර දෙමින් විශාල කාර්ය භාරයක් ඉටු කළා.

*තීරණාත්මක අවස්ථාවලදී ජෙනරල් ෆොන්සේකාත් විශේෂ බළකායේ සහාය ලබා ගත්තා.

*එහිදී ප්‍රධාන කාර්ය පාබල හමුදාවලින් සිදු කරන විට ඊට අවශ්‍ය සහය තමයි විශේෂ බළකා සෙබළු ලබලා දුන්නේ.

*මේ ආකාරයට සාමාජිකයන් 38 දෙනකුගෙන් ආරම්භ වූ විශේෂ බළකාය ක්‍රම ක්‍රමයෙන් ප්‍රබල කණ්ඩායමක් බවට පත් වූයේය.

*සතුරා පිළිබඳව තොරතුරු සොයා බලමින් යුද හමුදාවන්ට සුවිශාල සහයෝගයක් ලබාදුන් ඔවුන්ට වන්නි මානුෂික මෙහෙයුමත් සමග කළ යුතු වූ කාර්යභාරය පුළුල් වූවේය.

*එනම් වැලිඔය දී පළමුවැනි හා දෙවැනි විශේෂ බලකා දෙක එකතු වී යුද ජයග්‍රහණය තකා සුවිශාල කාර්ය භාරයක් සිදු කළ අතර

*හතරවැනි බලගණය ලෙස “සියරා” ස්ථාපිත වූවේය.

*2009 වර්ෂය යුද්ධයේ දරුණුතම අවස්ථාවක් විය.

*තවතවත් සෙබළු විශේෂ බළකායට බඳවාගත් අතර

*“විස්කි” නම් තවත් බළඇණියක් කපිතාන් මංජුල හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පිහිටුවූවේය.

*ඒ අනුව හතරවැනි විශේෂ බළකාය කණ්ඩායම් හතරකින් සමන්විත වූ අතර 59 වැනි සේනාංකය සමග එකතු වී අවසන් සටනට සුවිශාල දායකත්වයක් ලබා දුන්නේය.

*ලාංකීය හමුදාවන් සතුරා සමග සටන් කර යටත් කරගන්නා භූමි ආරක්ෂා කිරීමත්, සතුරාගේ පැමිණීම පිළිබඳ තොරතුරු සෙවීමත් විශේෂ බළකා සෙබළුන්ට බාර වූ රාජකාරිය විය.

*එහිදී *“බ්‍රාවෝ” බලගණයේ මේජර් අමිත, *“ලීමා” බලගණයේ කපිතාන් නන්දන සෙනවිරත්න, *“නොවැම්බර්” බලගණයේ කපිතාන් ලලන්ත රණසිංහ, *“වික්ටර්” බලගණයේ කපිතාන් සුරංග යන ප්‍රධානීහු සිය කණ්ඩායම් සමග ත්‍රිකුණාමලය, මඩකලපුව, පුදුකුඩුඉරිප්පු යන ස්ථානවල ක්‍රියාන්විත සිදු කළහ.

*ඒ ආකාරයට සාමයේ අරුනළු වැටෙනා තුරා ලක් මවගේ රැකවරණය තකා විශේෂ බළකා සෙබළු ජීවිත පූජා කරමින් සිය මෙහෙවර ඉටු කළහ.

-----------------------------------------------------------------------------------------------------------------------

*පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබූ විශේෂ බලකායේ පස්දෙනා.

================================================

*පරම වීර විභූෂණය-PWV.

====================

1.(7).*N/50981-කර්නල් ඒ.එෆ් ලෆීර්-විශේෂ සේවා බලකාය.

================================================

*පෞද්ගලික තොරතුරු.

--------------------------------

*සම්පුර්ණ නම :ඒ.එෆ්.ලෆීර්.

*හමුදා ඒකකය :විශේෂ සේවා බලකාය.

*මියගිය ස්ථානය :මුලතිව්.

*උපන් දිනය :1958 දෙසැම්බර් 26.

*මියගිය දිනය :1996 ජූලි 19.

*වයස :38.

*පදක්කම ලැබුණු දිනය :2001 අප්‍රේල් 24.

*විවාහක /අවිවාහක බව :විවාහක.

*මව :එස්.එල්.එන්. හනුන් ලෆීර්.

*පියා :ෛවද්‍ය ලෆීර්.

*බිරිඳ :අනෝමා.

*ලබා ගෙන ඇති පදක්කම් :පරම වීර විභූෂණය, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම.

*කර්නල් ෆස්ලි ලෆීර් පරම වීර විභුෂනය(PWV), රන වික්‍රම පදක්කම(RWP) ,රන ශුර පදක්කම(RSP), (1SF) 1 වන විශේෂ රෙජිමේන්තුවේ අනදෙන නිලධාරි.

--------------------------------------------------------------------------------------------------------------

*මරණය/ ස්ථානය: 1996 ජුලි 19 වෙනිදින මුලතිව්

*උපන් ස්ථානය :නුවර

1.පලමු රෙජිමේන්තුව: රජරට රයිෆල්ස්.

2.දෙවන රෙජිමේන්තුව: විජයභාහු රෙජිමේන්තුව.

3.තුන්වන රෙජිමේන්තුව: 1 වන ගජබා රෙජිමේන්තුව(ආරම්භය).

4.1986 වර්ෂයේ පිහිටවු ක්ෂනික විහිදුම් බලකාය(RDF) / වර්තමානයේ විශේෂ බලකා රෙජිමේන්තුව( 1988).

*හොඳට වතුර වගේ දමිල භාෂාව කතාකරන්න පුලුවන් සෙනෙවියෙක් ලෙස හමුදාවෙ ප්‍රසිද්දයි.

*ඔහු ඉගෙනගත්තෙ නුවර ශාන්ත ඇන්තනී විදුහලේ, කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවේ බැඳුනා ප්‍රථමයෙන් රජරට රයිෆල්ස්, සහ පසුව විජයභාහු පාබල රෙජිමේන්තුවටත් සහ 1 වෙනි ගජබා රෙජිමචන්තුවේ නිලධාරියෙකු ලෙස කටයුතු කලා..ඉන්පසුව ක්‍රමයෙන් 1986 පිහිටවු 1 වෙනි විශේෂ රෙජිමේන්තුවේ අනදෙන නිලධාරිතුමා ලෙස තම ජීවිතය යම මව් බිම වෙනුවෙන් පුජා කරන තෙක්ම කටයුතු කලා, ඔහු විදේශගතව අමෙරිකාව සහ ඉන්දියාවේ කොමාන්ඩෝ විශේෂ පාඨමාලා හදාරපු නිලධාරියෙක්.

*ඔහු "ත්‍රිවිද පහර" මෙහෙයවුම දියත් කලේ මුලතිව් කඳවුරට ටෙරාල දැඩි ලෙස පහරදෙමින් කඳවුර හතරවටින්ම වට කරල ඇති භයානක මොහොතකයි.

*ඒක ගලවාගැනීමේ මෙහෙයවුමක් (Rescue Operation),

*පිරිස මෙම කඳවුර අවට මුහුදු සීමාවට ක්‍ෂනිකව ගොඩබැස්සෙ හෙලිකොප්ටර්වල සහයෙනුයි.

*මුහුදෙන් ගොස් මුලතිව් ප්‍රදේශයේ සතුරැ කඳවුරකට පහරදෙන යන අවස්ථාවෙදි 1996 ජුලි 19 වෙනිදා කොටි අතින් ඝාතනය වුනා, එතකොට ඔහු ලුතිනන් කර්නල් නිලය දරමින් 1 වන විශේෂ රෙජිමේන්තුවෙ 275 පමන පිරිසක් සමග මේ මෙහෙයවුමට අනදෙමින් සහභාගි වෙමින් සිටියෙ.

*මේ දරැනු සටනේදි ඔහුට මිය යනතෙක්ම තම කන්ඩායම සමග දිගටම සිටිමින් එම ක්‍රියාන්විතය මෙහෙයවුයේ තමන්ට වී ඇති මරනීය තුවාලද නොසලකමින්.

*ඔහු මියයන තෙක්ම ම කන්ඩායමට අනදෙමින් සටන් බිමෙන් ඉවත්වුනේ නැහැ.

*ඔහුගේ මේ වීර වික්‍රමාන්විත ක්‍රියාවට ගරැකිරීමක් ලෙස ඔහුටත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ලැබිය යුතු ඉහලම ගෙෳරව සම්මානය වන පරම වීර විභුෂනයෙන් පිදුම් ලැබුවෙ.

*විශේෂ මෙහෙයුමක් සඳහා තොප්පිගල බලා පිටත්වීමට ඔවුන් සුදානම්ව සිටියහ.

*ඒ මාදුරුඔය විශේෂ බලකා සටන් පුහුණු පාසලේ 1996 ජුලි 18 දිනයි.

*පසුදා උදෑසන හෙලිකොප්ටර් යනා මගින් බලඝණ 2ක් ත්‍රිකුණාමලය ගුවන් කඳවුරට ගෙනයනලදී.

*එදින හවස් යාමයේ නැවත විශේෂ මෙහෙයුමකට ඔවුන්ට අවසර ලැබෙන ලදී.

*ඒ මුලතිව් කඳවුර තුල දැඩි ත්‍රස්ත ප්‍රහාරයන්ට ගොදුරුව සිටි සහෝදර සෙබළුන් බේරාගැනීමේ උතුම්වුත් භාරදුර වුත් කාර්‍යයයි.

*මුලතිව් කඳවුරට කි. මි. 4 ක් පමණ ආසන්නව කැලෑ ප්‍රදේශයට හෙලිකොප්ටර් ආධරයෙන් ගොඩබැසගත් මෙම වීරයන් පිරිස දැඩි සතුරු ප්‍රහාර මධයයේ තම අරමුණ ඉටුවෙන තෙක් බිහිසුණු සටනක නියැලිය.

*අභීත ලෙස සටන්කරමින් සිටියදී සතුරු ප්‍රහාරයකට ලක්වූ එවකට 1වන විශේෂ බලකායේ අණදෙන නිලධාරී කර්නල් අස්ලාම් ෆස්ලි ලෆීර් නම් මේ දේශයේ වීර පුත්‍රයා තම සොහොයුරන් බේරා ගැනීමේ උතුම් අරමුණින් තම ජීවිතය පුදන ලදී.

*මළසිරුර ලබාගැනීමට පවා දීන 3ක් සටන් කිරීමට සිදුවිය.

*ස්වෙච්චාවෙන් ඉදිරිපත්ව තම ජීවිතාරක්ෂාවද නොතකා සිදුකලාවූ අභීත වුත් වීර වික්‍රමාන්විත සේවය උදෙසා ත්‍රිවිද හමුදාවේ සාමාජිකයෙක් හට වීරත්වය වෙනුවෙන් ප්‍රදානය කරනු ලබන උසස්ම පදක්කමවන ''පරම වීර විභූෂණය'' මගින් මෙම විරුවා පුදන ලදී.

*"ඔබ වැනි විරුවන් යුධ හමුදාවට මෙන්ම මුළුමහත් ධරණී තලයටම අභිමානයකි.........! ".

=========================================================

2.(12).*S/467722-කෝප්‍රල් කේ.චන්දන-තුන්වන බළඇණිය විශේෂ සේවා බලකාය.

================================================

*පෞද්ගලික තොරතුරු.

-------------------------------

*සම්පුර්ණ නම :කේ. චන්දන.

*හමුදා ඒකකය :තුන්වන බළඇණිය, විශේෂ සේවා බලකාය.

*මියගිය ස්ථානය :මාන්කුලම්.

*උපන් දිනය :1980 පෙබරවාරි 22.

*මියගිය දිනය :2008 ජූලි 25.

*වයස :28.

*පදක්කම ලැබුණු දිනය :2012 මැයි 19.

*විවාහක /අවිවාහක බව :විවාහක.

*මව :ඩබ්ලිව්.ඩිංගිහාමි.

*පියා :කේ. පොඩිනේරිස්.

*බිරිඳ :ඩබ්ලිව්.එම්. සුමිත්‍රා මල්කාන්ති.

*ලබා ගෙන ඇති පදක්කම් :පරම වීර විභූෂණය.

*ලාන්ස් කෝප්‍රල් කේ. චන්දන ( සෙබල අංකඃ 467722. 3වන විශේෂ බලකා රෙජිමෙින්තුව) S/467722 L/Cpl Chandana K 3 SF (Posthumous).

------------------------------------------------------------------------------------------------------------------

*මාන්කුලමි-කිලිනොචිචි මාර්ගයේ ගමන් ගන්නා කොටි නායකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරිමෙි අරමුණෙන් රජයේ පාලන ප්‍රදේශයේ සිට කිලෝමිටර් 40ක් පමන ඈතට ගමන් කල ලාන්ස් කෝප්‍රල් චන්දන ඇතුළු සය දෙනෙක්ගෙන් යුත් විශේෂ බලකායේ දිගු දුර මෙහෙයුමි බලකාය නැවත තම කදවුර බලා ඒමට පිටත් වුයේ කොටි නායකයින් දෙදනෙක්ව මරු තුරුලට යැවීමෙින්ද අනතුරුවය.

*හමුදා පාලන ප්‍රදේශය බලා එමින් සිටියි මෙම දිගු දුර මෙහෙයුමි බලකායේ සෙබළුන් ගැන ඉව වැටුනු කොටි ත්‍රස්තවාදින් මාන්කුලමි-තුනුක්කායි මාර්ගය අසලදි කොටු කර ප්‍රහාරයක් එල්ල කලේය. කොයි යමි මොහොතකදි හෝ තම කණ්ඩායමට සතුරු ප්‍රහාරයක් එල්ල වෙිතැයි සිතා සිටි දිගු දුර මෙහෙයුමි බලකායේ සාමාජිකයින් කොටි ත්‍රස්තවාදින් සමග මුහුනට මුහනලා සටන් කලේ නියම සිංහල ලේ ඇති රණකාමින් මෙන්ය.

*කොටින් හා අතර ඇතිවුනු ගැටුමෙිදි තම සහෝදර සෙබලෙක්ට වෙඩි වැදි සිටිනවා දුටු ලාන්ස් කෝප්‍රල් චන්දන වහා එම සෙබලාව සටන් භුමියෙන් පිටු පසට ඇද තබා නැවතත් කොටින් හා සටනට එක්විය. මෙහිදි කොටි ප්‍රහාරය නිසා තුවාල ලබා සිටි ලාන්ස් කෝප්‍රල් චන්දන සිය තුවාල ගැන හෝ නොසිතා කොටින්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කලේ සිය කණ්ඩායම බෙිරා ගැනිමෙි අටියෙනි.

*දරුණු සටනක් අතරේදි චන්දන ඇතුලු කණ්ඩායමට අණදෙන නිලධාරියාවු සාජන්ටි කොටි ප්‍රහාරයන් නිසා තුවාලවී බිම ඇද වැටෙනවා චන්දන දුටුවෙි ඒ මොහොතේදීය. තම අණදෙන නිලධාරියා කොටින්ගේ ග්‍රහණයට නතුවෙන ආකාරය දුටු ඔහු වහා සිය ගිනි අවිය අතැතිව කොටින් ඉදිරියට පැන දැඩි ප්‍රහාරයක් එල්ල කලේ සිය කාණ්ඩ අණදෙන නිලධාරියාගේ ජිවිතය බෙිරා ගනිමිනී.

*තම අණදෙන නිලධාරියා බෙිරා ගත්තත්, එම සටනේදි සිදුවු තුවාල හේතුවෙන් 3 වන විශේෂ බලකා රෙජිමෙින්තුවෙි ලාන්ස් කෝප්‍රල් කේ.චන්දන රණවිරුවා දැයෙන් සමුගත්තේ තම කණ්ඩායමෙි අනෙක් සහෝදර රණවිරුවන්ගේ ජිවිත බෙිරා දෙමිනි.

*රණබිමෙිදි සිදුකල ඒ වීරෝධාර කැප කිරිම නිසා ලාන්ස් කෝප්‍රල් කේ.වන්දන රණවිරුවාට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනී.

=========================================================

3.(16).*N/64314-ලුතිනන් කර්නල් ඒ.ජේ.එල්. ජයසිංහ-3 වන බල ඇණිය, විශේෂ සේවා බලකාය.

================================================

*පෞද්ගලික තොරතුරු.

-------------------------------

*සම්පුර්ණ නම :ඒ.ජේ.ලලිත් ජයසිංහ.

*හමුදා ඒකකය :3 වන බල ඇණිය, විශේෂ සේවා බලකාය.

*මියගිය ස්ථානය :ඔඩ්ඩුසුඩාන්.

*උපන් දිනය :1976 අප්‍රේල් 29.

*මියගිය දිනය :2008 නොවැම්බර් 26.

*වයස :32.

*පදක්කම ලැබුණු දිනය :2012 මැයි 19.

*විවාහක /අවිවාහක බව :විවාහක.

*මව :ඩි.ජී.සුමනාවතී.

*පියා :ජේ.ඒ.ජයසිංහ.

*බිරිඳ :එස්.‍කෞශල්‍යා රොද්‍රිගු.

*ලබා ගෙන ඇති පදක්කම් :පරම වීර විභූෂණය, වීර වික්‍රම විභූෂණය, රණ වික්‍රම පදක්කම.

*නි/ 64314 මේජර් J.A.L. ජයසිංහ.

----------------------------------------------

*නොවැම්බර් 26 LTTE විරුදින උත්සවය සඳහා පැමිණෙන ත්‍රස්තවාදී නායකයන් විනාශ කිරීමේ අරමුණින් , විශේෂ බලකායේ දිගුදුර මෙහෙයුම් කණ්ඩායම් හෙවත් LRP කණ්ඩායම් නිලධාරී අණදෙන වූ මේජර් J.A.L. ජයසිංහ කුඩා කණ්ඩායමක් සමග සතුරු ආරක්ෂක වලල්ල තුලින් 2008.11.20 දින ඔඩ්ඩුසුඩාන් සතුරු භූමියට රහසේ ඇතුළු විය.

*කි.මී 40 ක් පමණ දුරක් සූක්ෂම ලෙස සතුරු භූමියේ ඇතුලට ගමන්කොට මාන්කුලම් - ඔඩ්ඩුසුඩාන් මාර්ගය අසලට ලඟාවී ක්‍රියාන්විත සැලසුම දියත්කරන ලදී.

*මේ අතර මේජර් ජයසිංහ හදිසියේ රෝගාතුර විය. සෙසු සගයන් මැද විවේකව සිටියදී කණ්ඩායම දැඩි සතුරු ප්‍රහාරයකට ලක් වූ අතර, මේජර් ජයසිංහ සිය අසනීප තත්ත්වය පසෙකලා සිය කණ්ඩායම සමගින් සතුරාට ප්‍රතිප්‍රහාර එල්ලකරන්නට විය.

සතුරු ප්‍රහාර බලවත් වූ හෙයින් මෙිජර් ජයසිංහ තම කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් සතුරා අසලටම ගොස් ප්‍රහාරයක් එල්ලකලත්, මේජර් ජයසිංහගේ හිස සොයා ඇදී ආ සතුරු උණ්ඩයකින් ඔහු බරපතල තුවාල ලැබීය.

*තම කණ්ඩායමේත්, තම මාතෘභූමියේත් ආරක්ෂාව වෙනුවෙන් සතුරා අසලටම ගොස් සටන් වැද තම ජීවිතය මාතෘභූමියට පූජාකරමින් , තම නාමය ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවන්නට සමත් විය.

*1974 අප්‍රෙල් 29 දින අවිස්සාවේල්ල ,උක්වත්ත සුන්දර ගමක උපත ලද ජයසිංහ අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලයෙන් සිප්සතර හැදෑරීය.

*පසුව කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීය.

*1997 ජනවාරි 22 කැඩෙට් ශිෂ්‍ය නිලධාරීයකු වශයෙන් ශ්‍රීලංකා යුද හමුදාවට එක්වූ ජයසිංහ , පසුව යුද හමුදා විශේෂ බලකායට එක්වූයේ පාඨමාලා 24 ක් සාර්ථකව හදාරා නිමකරමින්ය.

*3වන විශේෂ බලකා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීයා වශයෙන් සිටි මේජර් ජයසිංහ මින්නේරිය , දියතලාව , කුඩාඔය , ගණේමුල්ල සටන් පුහුණු පාසැල් වල පුහුණු පාඨමාලා හදාරා ඇත.

*2008 ජනවාරි මස විවාපත් වූ මේජර් ලලිත් ජයසිංහ 2008 නොවැම්බර් 26 දින මාතෘභූමියට තම දිවි පුදකරන විට, සදාදර බිරිඳ පස්මස් ගැබිණියකි.

*මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් තම උත්තුංග මෙහෙවර ප්‍රකට කරනු වස්, ජීවිත පරිත්‍යාගය වෙනුවෙන් මේජර් ජයසිංහ , හමුදා නිලදරුවකු වශයෙන් ලැබිය හැකි ඉහලම ගෞරව සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය.

*ලුතිනන් කර්නල් J.A. ලලිත් ජයසිංහ ( pwv, wwv, Rwp, Rsp) සියලුම හමුදා ගෞරවාචාර මැද, ඔහු උපන් ගම් පියස වන උක්වත්තේ දී 2008 දෙසැම්බර් මස 01 දින ශ්‍රීලංකා මාතෘභූමියට මිහිදන් විය.

===========================================================

4.(20).*S/462696-සැරයන් ඩි.එම්.එස්.චන්ද්‍රසිරි බණ්ඩාර-දෙවන බළඇණිය, විශේෂ සේවා බලකාය.

================================================

*පෞද්ගලික තොරතුරු.

-------------------------------

*සම්පුර්ණ නම :ඩි.එම්.එස්.චන්ද්‍රසිරි බණ්ඩාර.

*හමුදා ඒකකය :දෙවන බළඇණිය, විශේෂ සේවා බලකාය.

*මියගිය ස්ථානය :පුදුකුඩුඉරිප්පු.

*උපන් දිනය :1977 ජුනි 10.

*මියගිය දිනය :2009 පෙබරවාරි 03.

*වයස :32.

*පදක්කම ලැබුණු දිනය :2012 මැයි 19.

*විවාහක /අවිවාහක බව :විවාහක.

*මව :කේ.පී.කැතරින් සිල්වා.

*පියා :ඩි.එම්.ගුණපාල.

*බිරිඳ :ආර්.එම්.කුමාරි රණසිංහ.

*ලබා ගෙන ඇති පදක්කම් :පරම වීර විභූෂණය, රණ ශූර පදක්කම.

*මරනය පෙනි පෙනී කොටි මරාගෙන මැරෙන වාහනය පිපිරවු 2/විශේෂ බලකා රෙජිමේන්තු රනවිරැවා.

*සැරයන් සුගත් චන්ද්‍රසිරි බණ්ඩාර DM

(PWV).

--------------------------------------------------

*දිවිපිදුවේ 2009 පෙබරවාරි 03 වන දින පුදුකුඩිඉරැප්පු

උපන් ප්‍රදේශය බිබිල මොනරාගල

*කොටි ත්‍රස්තයන් 2009 පෙබරවාරි මස 1 වැනිදා මුලතිව් නගරය යලි අල්ලා ගැනීම සදහා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදි.

*මුලතිව් නගරය යලි අල්ලා පෙබරවාරි 4 දිනට ඊලාම් කොඩිය එසවීම ත්‍රස්තයන්ගේ අරමුණ විය.එදින දහවල් වෙද්දී සටන ඉතාමත් දරුණු අතට හැරුණු අතර යුදහමුදාපති විසින් සටනට අණ දිම සිදු කරන ලදි.

*අවසානයේ විශේෂ බළකායද කැදවන ලදි.මේජර් කෝසල විජේකෝන් අනදුන් එකෝ බලඝනයත් ,කපිතාන් ඉන්දික ලියනගේ යටතේ වු බ්‍රාවෝ බලඝනයත් සටනට එක් විය.

*මෙම කණ්ඩායම් දෙක කොටින්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර වලක්වාලීමට සුදානමින් පුදුකුඩිඉරිප්පු මාර්ගය දෙපස වලවල් හාරා ඒ තුල බැස සුදානමින් සිටියහ.

*එක්වරම බෝම්බ පිරවු කොටින්ගේ වාහනයක් වේගයන් එන බව ලාන්ස් කෝප්‍රල් චන්ද්‍රසිරි බණ්ඩාරගේ නෙත ගැටිනි.එය හමුදා ඉදිරි ආරක්‍ෂක වලල්ලේ ගැටුනහොත් විරු ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වන බව ස්ථිර හෙයින් ඔහු මාර්ගය ඉදිරියට පැන තම ජීවිත ගැනවත් නොසිතා තම අත වු ආර්.පී.ජී. අවිය ක්‍රියාත්මක කළත් උණ්ඩය ක්‍රියාත්මක නොවීය.ඔහු තවත් උණ‍්ඩයක් දමා ඉලක්කය ගන්නා විට වාහනයට දුර මීටර් 40 වත් නොවීය.

*මෙතරම් ආසන්නයකදී බෝම්බ වාහනය පිපිර වුවහොත් තම ජීවිතයද විනාශ වන බව දැන දැනත් අභිත ලෙස මෙම විරුවා අවිය ක්‍රියාත්මක කලේය.

*ඉලක්කය සාර්ථක වු අතර සෙබළ ජිවිත විශාල ප්‍රමාණයක් බේරා දි චන්ද්‍රසිරි බණ්ඩාර තම ජිවිතය රට වෙනුවෙන් පුද කරන ලදි.මෙම උදාර විරුවා පරම වීර විභූෂණ පදක්කමින් පිදුම් ලබන ලදී.

*හෙතෙම තම ආදරනීය බිරිඳවු මංගලිකාට දාව උපන් දියනියකගේ දයාබර පියෙකි.

=========================================================

5.(25).*N/64743-මේජර් කේ.ඒ.ගමගේ-පළමුවන බළඇණිය, විශේෂ සේවා බලකාය.

=========================================================

*පෞද්ගලික තොරතුරු.

-------------------------------

*සම්පුර්ණ නම :කේ.ඒ.ගමගේ.

*හමුදා ඒකකය :පළමුවන බළඇණිය, විශේෂ සේවා බලකාය.

*මියගිය ස්ථානය :අම්පලාවන්පොකනයි

*උපන් දිනය :1978 සැප්තැම්බර් 17.

*මියගිය දිනය :2009 අප්‍රේල් 20.

*වයස :31.

*පදක්කම ලැබුණු දිනය :2012 මැයි 19.

*විවාහක /අවිවාහක බව :විවාහක.

*මව :එස්.ඒ.ඩබ්ලිව්.සමරකෝන්.

*පියා :කේ.ජී.මර්සියන්.

*බිරිඳ :කේ.ජී.සී.අයි.කරුණාරත්න.

*ලබා ගෙන ඇති පදක්කම් :පරම වීර විභූෂණය, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම.

*මෙිජර් කේ.ඒ.ගමගේ(නිලධාරි අංක-64743-පලමුවන විශේෂ බලකාය)

O/64743 Maj. K.A. Gamage 1 SF (Posthumous).

-----------------------------------------------------------------------------------------------------------------

*2009 වසරේ අප්‍රේල් මස 19 වෙනිදා රාත්‍රියේදි කොටි ත්‍රස්තවාදින් පවා පුදුමයට පත් කරමින් යුධ මුක්ත කලාපය වටා ඔවුන් ඉදිකර තිබු පස්බැමිම හරහා ගොස් කොටි ත්‍රස්තවාදින්ට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කල කපිතාන් කේ.ඒ.ගමගේ ඇතුළු විශේෂ බලකා කණ්ඩායම යුධ මුක්ත කලාපයේ සිටි අහිංසක සිවිල් වැසියන්ට රජයේ පාලන ප්‍රදේශයන් කරා ඒමට අවස්ථාව උදාකර දුන්නේ ඒ ආකාරයටය.

*මෙහිදි අහිංසක දමිල සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙසින් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන කොටි ත්‍රස්තවාදින්ට ඉතා උපක්‍රමශිලිව ප්‍රහාර එල්ල කරමින් සිය කණ්ඩායමෙි සෙසු නිලධාරින්ගෙත්, දමිල වැසියන්ගේ ජිවිත රැසක් බෙිරා ගැනීමට ක්‍රියා කල කපිතාන් කේ.ඒ.ගමගේ (පරම වීර විභුෂණ) කොටි ත්‍රස්තවාදින්ගෙන් එල්ලවු ප්‍රහාර නිසා සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කලේ ලොව සාර්ථකම මුදාගැනිමෙි මෙහෙයුමට සිය දායකත්වය ලබා දෙමින්ය.

*3.දිගුදුර විහිදුම් බලකාය ("මහසොහොන් බලකාය")-L.R.R.P Force-LRRP.

======================================================

*දිගුදුර විහිදුම් බලකාය යනු කුමක්ද...?.

==============================

*දිගුදුර විහිදුම් බලකාය හෙවත් "මහසෝන් බලකාය" යනු ශ්‍රී ලාංකීය හමුදාව තුල සිටින අති ශුර , සටන්කාමී , විශේෂ බලකායන්ගෙන් හා කොමාන්ඩෝ බළකායන්ගෙන් පමණක් තෝරා ගත් දරුණු මෙහෙයුම සිදු කිරීමෙහි සමත් (black ops) බලකායකි.

*ශ්‍රී ලංකාව පුර දශක දෙකක් රට අගාදයට ගෙනගිය ශාපලත් යුද්දයකට මැදිවී තිබු යුගයක 1996 වර්ෂයේදී අර්බුදය නිමා කරනු වස් විශේෂ හමුදා බලකායක් හෙවත් දිගුදුර විහිදුම් බලකායක් ස්ථාපිත කරන ලදී.

*මෙම අතිශයින් රහසිගත වූ ඒකකය සතුරු ප්‍රදේශ තුලට අභිතව ගමන් කොට සතුරු මර්මස්ථාන විනාශ කරමින් , බුද්ධි තොරතුරු රැස් කරමින් ,වැදගත් ඉලක්ක සපුරා ගනිමින් දැවැන්ත මෙහෙයක් ඉටු කරන ලදී.

* මෙම බලකාය යුද්දයේ අවසානය දක්වාම රහසක් ලෙස තබා ගන්නට කටයුතු කළේය.

*මේ සියල්ලම සති තුනක් පුරා දිවෙනි ඉතා කටුක ශාරීරික හා මානසික වැඩ රාශියකින් අරම්බ වන අතර එමගින් සෙබළුන් ඔවුන්ගේ කායික හා මානසික ශක්තීන්ගේ අත්‍යන්ත සීමාවන් වලට ගෙනා යන අතර අවසානයේ විශිෂ්ටයන් පමණක් ඉතිරි වේ .

*දිගුදුර විහිදුම් බලකා පාඨමාලාව.

----------------------------------------------

*LRRP පාඨමාලාව ලොව දැනට පවතින අතිශය කටුකතම යුද හමුදා පාඨමාලාවකි.

*මෙහිදී විශේෂ ලක්ෂණය නම් මෙම සියලුම අයදුම් කරුවන් යුද හමුදාවේ, විශේෂ බලකායේ කොමාන්ඩෝ බළකායේ සේවය කරන සොල්දාදුවන් වීමයි.

*එහිදී මෙම ස්වෙච්චා අයදුම් කරුවන්ට සාමාන්‍ය විශේෂ බලකා භටයෙකුට පවා මුහුණ දිය නොහැකි අතිශය කටුක වධ සහ ක්‍රියාකාරකම් වලින් සමන්විත පරීක්‍ෂණ වටයකට සති තුනක් මුහුණ දීමට සිදුවේ.

*එම සති තුනක "අපායේ රස" දරාගත හැකි ශාරීරිකව සහ මානසිකව අතිශය ශක්තිමත් විශිෂ්ටයන්ගේනුත් අති විශිෂ්ට දරාගැනීමේ හැකියාව උපරිම වශයෙන් ඇති භටයන් පමණක් සති තුනක පරීක්ෂණ වටය සාර්ථකව නිම කරන අතර එම පිරිස පමණක් සය මසක ඇති විශේෂ පුහුණුවීම් වලට යොමු කර "මහසොහොන්" බලකායට එක්කරගනු ලබනවා.

*සාමාන්‍යයෙන් 60% පමණ මෙම පළමු වටයෙන්ම අසමත් වෙනවා.

*මෙය දිගු දුර මෙහෙයුම් ඒකකයසහ මහසොහොන් බලකාය ලෙසද හැඳින්වේ.

*කර්නල් රාජ් විජේසිරි.

------------------------------

*විශේෂ බලකායේ කර්නල් රාජ් විජේසිරි, මෙම දිගු දුර විහිදුම් බලකා සංකල්පය හා මහසොහොන් බලකාය,විශේෂ බලකාය වෙත හඳුන්වාදීමට මූලික වූ ප්‍රධාන පුද්ගලයා වේ.

*ත්‍රස්තවාදී එල්ටීටීඊ කොටි සංවිධානයේ පාලනයට නතුව තිබූ ප්‍රදේශ වෙත ගොස් කොටි නායකයින් සොයා යමින් ඔවුන් ඝාතනය කරමින් කොටි සංවිධානය දුර්වල කිරිම LRRP ඒකකයේ ප්‍රධාන අරමුණු විය.

*මෑත කාලීන ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ක්‍රියාත්මකව තිබූ සමයේ, එල්ටීටීඊ ග්‍රහණයට නතුව තිබූ ප්‍රදේශවලදී එල්ටීටීඊ සංවිධානයේ නායකයන් සාර්ථකව විනාශ කොට දැමීමට මෙම බලකායට හැකිවිය.

*කෙසේ නමුදු සිවිල් වැසියන් ඝාතනය කිරීමේ චෝදනාද දිගු දුර විහිදුම් බලකායට එල්ල විය.

*මහා පාවා දීම-මිලේනියම් සිටි සිදුවීම.

============================

*ක්‍රි.ව. 2002 වර්ෂයේදී පොලීසිය විසින්, මිලේනියම් සිටි හී ස්ථානගතව තුබූ LRRP බලකාය වැටලීමත් සමග මෙම බලකායට සම්බන්ධ පුද්ගලයින්ගේ තොරතුරු ජනමාධ්‍ය වෙත නිරාවරණය වූ අතර එසේ තොරතුරු හෙළිදරව් වූ ද්‍රවිඩ බුද්ධි කණ්‌ඩායමට අයත් පිරිස් පසුව එල්ටීටීය මගින් ඝාතනයට ලක් කෙරුණි.

*පසුකාලීනව රජය හා ත්‍රස්තවාදී කොටි සංවිධානය අතර වූ සාම ගිවිසුම බිඳ වැටීමත් සමග LRRP ඒකකය නැවතත් ප්‍රතිසංවිධානය හා ක්‍රියාත්මක වීම සිදු විය.

*2002 වර්ෂයේදී රජය හා ත්‍රස්තවාදී එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් කෙරුණු අතර LRRP ය විසින් එල්ටීටීඊ සංවිධානයේ ඉහල නායකයින් ඉලක්කගත කිරීම මෙලෙස කොටි සංවිධානය රජය සමග සාකච්ඡා මාර්ගයට පිවිසීම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු සාධක වන්නට ඇතැයි හමුදාවේ විශ්වාසය විය.

*2002 ජනවාරි 2වන දින, මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරි කුලසිරි උඩුගම්පල යටතේ ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් අතුරුගිරයේ, මිලේනියම් සිටි හී ස්ථානගත කොට තිබූ LRRP බලකායට අයත් ස්ථානය වටලනු ලැබූ අතර ඒ වන විට අළුතින් බලයට පැමිණ සිටි එක්සත් ජාතික පක්ෂ රජයේ ඉහල නායකයින් කිහිප දෙනෙකු ඝාතනයට සැළසුම් කිරීම, ඒකකයට එල්ල වූ චෝදනාව විය.

*ඒකකයේ නායකව සිටි කැප්ටන් නිලාම් ඇතුළු හය දෙනෙකු එම අවස්ථාවේ අත්අඩංගුවට ගැණුනු අතර හමුදා සෙබලුන් හතර දෙනෙකු සහ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකුද අත්අඩංගුවට ගැණිනි.

*ඊට අමතරව, අවිආයුධ ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගන්නා ලදී.

*එසේම වැටලීම සම්බන්ධ තොරතුරු මාධ්‍ය මගින් අනාවරණය කිරීමටද පියවර ගැණුනි.

*මෙමගින් එතෙක් රහසිගතව ක්‍රියාත්මක වූ LRRP හෙවත් දිගුදුර විහිදුම් බලකාය මෙහෙයවන්නේ කවුරුන්ද හා ඊට සම්බන්ධ ද්‍රවිඩ චර පුරුෂයන්ගේ රහස්‍යතාව හෙළිදරව් වීම සිදුවිය.

*අත්අඩංගුවට ගැණුනු පිරිස් නිදහස් කර ගැනීම අසාර්ථක වීමත් සමග, එවක හමුදා කමාන්ඩර් ලුතිනන් ජෙනරාල් ලයනල් බලගල්ල මහතා LRRP ඒකකයේ සැබෑ ස්වරූපය පිළිබද පොදු ප්‍රකාශයක් සිදුකරන ලදී.

*සමස්ත සිදුවීම.

=============

*මිලේනියම් සිටි සිදුවීම යනු 2002 ජනවාරි මස 2 වැනි දින ශ්‍රී ලංකාවේ අතුරුගිරිය මිලේනියම් සිටි පරිශ්‍රයේ සිදුවූ සිදුවීමකි.

*පැතිරීගිය මාධ්‍ය ආවරිත තොරතුරු සහ හමුදා බුද්ධි අධීක්ෂණ මණ්ඩලය හා ශ්‍රී ලංකා පොලීසිය අතර වූ දුර්වල සන්නිවේදනය නිසා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් එතෙක් රහසිගතව ක්‍රියාත්මක වූ LRRP හෙවත් දිගු දුර විහිදුම් බලකාය පිළිබඳ තොරතුරු හෙලිදරව් වීම මෙම සිද්ධිය නිසා සිදුවිය.

*බලකායේ සාමාජිකයින් පිළිබඳ තොරතුරු රහසිගත වන අතර, එම තොරතුරු සම්බන්ධව ඉහළ හමුදා නිළදාරීන් සහ ශ්‍රී ලංකා ජනාධිපති දැනුවත් බව පැවසෙයි.

*2002 ජනවාරි 2වන දින, මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරි කුලසිරි උඩුගම්පල යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්, හමුදා බුද්ධි අධීක්ෂණ මණ්ඩලය යටතේ පවත්වාගෙන යන ලද අතුරුගිරයේ මිලේනියම් සිටි හී අංක 844හී ස්ථානගත කොට තිබූ LRRP බලකායට අයත් ස්ථානය වටලන ලදී.

*එහිදී LRRP අණදෙන නිලදාරී කැප්ටන් ශහුල් හමීඩ් නිලාම් ඇතුළු හමුදා නිළදාරීන් පස් දෙනෙකු සහ පැරා මිලිටරි සමාජිකයෙකුද,දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ හිටපු සාමාජිකයෙකුද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලදී. (අධිකරණ නියෝගයක් හෝ වරෙන්තුවක් නොමැතිව).

*එසේම අවි ආයුධ තොගයක් හා එල්ටීටීඊ නිල ඇඳුම් 66 ක්ද සොයාගන්නා ලදී.

*එස්පී කුලසිරි උඩුගම්පල විසින් වහාම මාධ්‍ය කැඳවා මෙම සිදුවීම හා සොයාගත් දෑ පිළිබඳව අනාවරණය කරන ලදී.

*මෙම සිදුවීම 2001 දෙසැම්බර් පැවැති පාර්ලිමේන්තු මැතිවරණය මගින් එතෙක් පැවැති පොදු ජන එක්සත් පෙරමුණ රජය පෙරලා එක්සත් ජාතික පෙරමුණ බලයට පැමිණීමත් සමගම සිදුවිය.

*වටලන ලද ස්ථානය එවක අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ඉහල නායකයින් ඝාතනයට සැළසුම් කල තිප්පොලක් වශයෙන් මහජනයාට හුවා දැක්විණි.

*මේ පිළිබඳ චෝදනාව පළමු වතාවට 2001 නොවැම්බරයේදී මැතිවරණයට පෙර එජාප සභාපති චරිත රත්වත්තේ සහ උප සභාපති දයා පැල්පොල මගින් සිදු කරන ලදී.

*කෙසේ නමුදු පසුව මෙම චෝදනා පදනම් විරහිත බැව් හෙලිදරව් විය.

*සිද්ධියෙන් අනතුරුව.

==================

*මෙම සිදුවීමෙන් අනතුරුව, අපරාධ විමර්ෂණ දෙපාර්ථමේන්තුව හා අනෙකුත් විමර්ෂණ අනූව, පොලීසිය විසින් වටලන ලද ස්ථානය අතිශය රහස් හමුදා ඒකකයක් ලෙස අනාවරණය වන ලදී. කෙසේ නමුත්, ඒ වනවිට LRRPට අදාල ඉතා වැදගත් තොරතුරු රැසක් මාධ්‍ය වෙත කාන්දු වී තිබුණි.

*ආරක්ෂක ඇමති තිලක් මාරපනගේ නියෝග මත, ප්‍රශ්න කිරීම් වලින් පමනක් අනතුරුව කටුගස්තොට පොලිස් ස්ථානයේ අත්අඩංගුවට පත්ව සිටි පිරිස මුදා හරින ලදී.

*තත්ත්වය සමනයට වෑයම් කිරීම.

--------------------------------------------

*පොලිස් වැටලීමෙන් පසු වහාම හමුදා කමාන්ඩර් ලුතිනන් ජෙනරාල් ලයනල් බලගල්ල මහතා, පොලීසිය වෙත තත්වය පහදා දීමටත්,හමුදාව වෙත එල්ල වෙමින් තුබූ අර්බුධකාරී තත්වය සමනය කිරීම පිණිසත් හමුදා බුද්ධි අධීක්ෂක බ්‍රිගේඩියර් කපිල හැන්දවිතාන මහතා පිටත් කොට යවන ලදී.

*ඔහු පොලිස් පරීක්ෂක ජෙනරාල් ලකී කොඩිතුවක්කු හමුව එස්පී උඩුගම්පොලගේ විමර්ෂණ ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටි අතර,පොලිස් පරීක්ෂක ජෙනරාල්වරයා උඩුගම්පොල වෙත දන්වා සිටිමින් හමුදාවේ එම ඉල්ලීම පිළිබදව අවධානය යොමුකරන ලෙස දන්වන ලදී.

*කෙසේ නමුදු උඩුගම්පොල විසින් එවක අභ්‍යන්තර කටයුතු අමාත්‍ය, ජෝන් අමරතුංග මහතාට තත්වය දන්වා යවන ලදී.

*ඇමතිවරයා සිද්ධිය පොලිස් ඩීඅයිජී ලාල් රත්නායකට පවරන ලදී.

*හමුදාව විසින් සිදුකරන ලද ඉල්ලීම් තුබූවත්, යම් හේතුවක් නිසා උඩුගම්පල විසින් හමුදා නිලදාරීන් රැදවුම්භාරයටත්, අත්අඩංගුවට ගත් ආයුධ නාරාහේන්පිට පොලිස් මූලස්ථානයට යැවීමටත් කටයුතු යොදන ලදී.

*ආරක්ෂක ඇමති තිලක් මාරපන.

--------------------------------------------

*පොලිසිය මගින් සිදුකල වැටලීම දෝෂාරෝපණයට ලක්කල ආරක්ෂක ඇමති තිලක් මාරපන මහතාගේ නියෝග මත, ජනවාරි 13 වැනිදා ප්‍රශ්න කිරීම් වලින් පමනක් අනතුරුව අත්අඩංගුවට පත් පිරිස මුදා හරින ලදී.

*මෙම සිදුවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ එල්ටීටීඊ සංවිධානය, LRRP බලකායට සහය දුන් හා සහය දෙන බවට සැකකරන්නන් විනාශ කිරීමට පියවර ගත් අතර. ඒකකයේ ප්‍රධාන ඔත්තුකරුවෙකු වූ, මයික් ලෙස හැඳින්වූ තැනැත්තා පැහැරගෙන ගොස් ජනවාරි 20 වනදා මරා දැමීමට එල්ටීටීඊය කටයුතු කරන ලදී.

*මෙයින් අනතුරුව LRRP ය සමග සම්බන්ධතා පැවැත්වූ 80 කට වඩා වැඩි පිරිසක් එල්ටීටීඊය මගින් ඝාතනයට ලක්විය.

*රජය මගින් මෙම ඝාතන වැළැක්වීම සඳහා ප්‍රමාණවත් පියවරක් නොගත් අතර රජයේ බුද්ධි අංශ විසින් කල ඉල්ලීම්ද, යුධ විරාමය සඳහා බලපෑම් එල්ල කරනු ඇතැයි සැලකූ නිසා නොසලකා හරින ලදී.

*බුද්ධි අංශ නිලධාරීන් ඝාතනය.

=======================

*මෙම සිදුවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ එල්ටීටීඊ සංවිධානය, LRRP බලකායට සහය දුන් හා සහය දෙන බවට සැකකරන ද්‍රවිඩ චරපුරුෂයන් ඝාතනය කිරීමට පියවර ආරම්භ කරන ලදී. එල්ටීටීඊ බුද්ධි අංශ නායක ෂන්මුගලිංගම් සිවශංකර් හෙවත් පොට්ටු අම්මාන් මීට ප්‍රධාන වශයෙන් මැදිහත් වන ලදී.

*රජය මගින් මෙම ඝාතන වැළැක්වීම සඳහා ප්‍රමාණවත් පියවරක් නොගත් අතර රජයේ බුද්ධි අංශ විසින් කල ඉල්ලීම්ද,යුධ විරාමය සඳහා බලපෑම් එල්ල කරනු ඇතැයි සැලකූ නිසා නොසලකා හරින ලදී.

*මිලේනියම් සිටි නිවස්නය පිළිබඳ තොරතුරු හෙළිවීමත් සමග ඊට සම්බන්ධ බුද්ධි අංශ නිලධාරීන් 26 දෙනකු කොටි ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.

*දිගුදුර විහිදුම් බලකාය අත්අඩංගුවට ගැනීමත් සමග කොටි විසින් ද්‍රවිඩ බුද්ධි කණ්‌ඩායමක්‌ ඝාතනය කෙරුණි.

*ඝාතනය කෙරුණ කණ්‌ඩායම.

----------------------------------------

*වී.විද්‍යාර්ථන් 1991 වසරේ සිට ශ්‍රී ලංකා යුද හමුදාවට බුද්ධිමය තොරතුරු සැපයූ උතුරේ පදිංචිකාරයෙකි.

*මිලේනියම් සිටි පාවාදීමෙන් දින 14ක් ගතවූ තැන එනම් 2002 ජනවාරි 16දා කොටි ත්‍රස්තවාදීන් අතින් විද්‍යාර්ථන් ඝාතනය විය.

*ඒ ආකාරයෙන් උතුරේ ත්‍රස්ත කඳවුරුවල ගැවසෙමින් රටේ ජාතික ආරක්ෂාව පතා යුද හමුදාවට බුද්ධිමය තොරතුරු ලබාදුන් සිවිල් පුද්ගලයන් 54ක් වරින් වර කොටි ත්‍රස්තවාදීන් අතින් මරුමුවට පත් වන්නට පටන් ගත්තේ සීරියල් මිනීමැරුම් චිත්‍රපටයක ආකාරයෙනි.

*ඒ නම් ලැයිස්තු කොටින්ගේ අතට ගියේ මිලේනියම් සිටි පාවාදීමෙන් පසුවය.

*ගඩාපි.

*2002 ජනවාරි විද්‍යාදරන් හෙවත් නිකී,

*2002 පෙබරවාරි 9 කැලරි හෙවත් ගඩාපි,

*2002 ජුලි 22 අරින්ජාන් හෙවත් යමින්ද රාජන්,

*2002 අගෝස්‌තු 14 දේවදාස්‌,

*2002 දෙසැම්බර් ගනේෂමූර්ති හෙවත් නිලන රාජන්,

*2003 ජනවාරි 3 නාසියර් හෙවත් පුලේන්ද්‍රරාජා,

*2003 මාර්තු 18 රගුපන් හෙවත් රගු,

*2003 අප්‍රේල් 13 රංජන් හෙවත් වර්ධන්,

*2003 අප්‍රේල් 26 අශෝන් දේවරාජා,

*2003 මැයි 21 මාස්‌ටර් හෙවත් කුමාර් පෙරුමාල්,

*2002 දෙසැම්බර් 2 අසිස්‌,

*2003 අප්‍රේල් 23 යශෝධරන්,

*2003 මැයි 19 සූරියන්,

*2003 අගෝස්‌තු 3 රිල්වාන්,

*2003 අගෝස්‌තු 8 ශන්මුගරාජා,

*2003 සැප්තැම්බර් 14 සබාරත්නම්,

*2004 ජනවාරි 31 යෝගරාජා හෙවත් එලොට්‌ මොහාන්.

*විමර්ෂන කොමිසම.

================

*මෙම සිදුවීම හේතුවෙන් ගොඩනැගුණු මහජන මතබේද හා ඝාතන හේතුවෙන්, ජනපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් පොලිසිය මගින් සිදුකරන ලද වැටලීම පිළිබඳ විමර්ෂනය සඳහා කොමිසමක් පත් කරන ලදී.

*කොමිසම විසින් නිකුත් කල අවසන් වාර්ථාවේ වූ නිගමන අනූව, කුලසිරි උඩුගම්පල ප්‍රමුඛව පොලීසිය විසින් සිදුකල වැටලීම ජාතියට සිදුකල සම්පූර්ණ පාවාදීමක් හා ඒකාන්ත ද්‍රෝහී ක්‍රියාවක් ලෙස දක්වා තිබුණි.

*එසේම මෙම සිදුවීමට වගකිව යුතු පොලිස් සහ හමුදා නිළදාරීන්ගේ ලැයිස්තුවක්ද වාර්ථාවෙහි අන්තර්ගත විය.

*කුලසිරි උඩුගම්පල.

---------------------------

*සහකාර පොලිස්‌ අධිකාරි උඩුගම්පොල විසින් දිගුදුර විහිදුම් කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීමෙන් පමණක්‌ නතර වූයේ නැත.

*ඔහු එවකට යුද හමුදාපතිවූ ලයනල් බලගල්ලේට හා බුද්ධි ප්‍රධානි කපිල හෙන්දා විතාරනට එරෙහිවද නඩු පවරනු ලැබීය.

*එකල කොටින්ගේ වෙබ් අඩවියක මෙලෙස සඳහන් විය. “ද්‍රවිඩයන් ඝාතනය කිරීමට යොදවා තිබූ කණ්‌ඩායමක සුලමුල දැන් අනාවරණය වී ඇත.

*මේ පිළිබඳව පැවැති විශේෂ ජනාධිපති කොමිසමේදී උඩුගම්පලගේ ක්‍රියාදාමය අනාවරණය විය. “තමා” දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වැටලීමට පැමිණියේ අධිකරණ නියෝගයක්‌ මත යයි උඩුගම්පොල පැවසුවත් එම නියෝගය ඔහු කිසි විටෙක පෙන්නුම් කළේ නැත.

*ආරක්ෂක අමාත්‍ය අධීක්ෂණය යටතේ හමුදා අණදෙන නිළදාරී විසින් LRRP බලකායේ ක්‍රියාකාරකම් විමර්ෂණය සඳහා අධිකරණයක් පිහිටවූ අතර, බලකායේ ක්‍රියාකාරකම් හා උපකරණ සියල්ල නීත්‍යානුකූල බවට අවසානයේ අධිකරණ විසින් නිගමනය කරන ලදී.

*"රනිල් ප්‍රභා අවබෝධතා ගිවිසුම".

========================

*දිගුදුර විහිදුම් බළකායේ සහ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් සම්පූර්ණයෙන් අනාරක්ෂිත කෙරුණ අතර ඒ ඇතැමෙක් ජීවිත බේරා ගැනීමට රටින් පවා පලා ගියහ.

*එල්.ටී.ටී.ඊ.ය ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායට සම්බන්ධ වී වුන් සියලු දෙනා එකිනෙකා බැගින් මරා දමමින් සිටියදී 2002 පෙබරවාරි මස 22දා රනිල් ප්‍රභා අවබෝධතා ගිවිසුමට අස්සන් තැබුණේය.

*සටන් විරාම ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව යාපනය, කොළඹ, මඩකලපුව යනාදී සෑම ප්‍රදේශයකටම නිදහසේ පැමිණි කොටි පිස්තෝලකරුවන් ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයට සම්බන්ධ බවට අනාවරණය වූ සියලු දෙනා ඝාතනය කිරීමට තැත් කළහ.

*කර්නල් තුවාන් මුතාලිෆ්, කර්නල් මීඩීන් මුල් පෙළේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා ද කොළඹ දී කොටි ත්‍රස්තවාදීන් අතින් ඝාතනය වූහ.(Y.W.B).

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Wayidyarathna_Bandara&oldid=539006" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි