පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ

විකිපීඩියා වෙතින් 14:16, 9 ජූනි 2020 වන විට 2402:d000:a200:8066:ff:a2e2:9049:9ee (කතාබහ) විසින් සිදු කර ඇති සංශෝධන (වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස) Jump to navigationJump to search පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි ආගම බෞද්ධ ගුරුකුලය ථේරවාද නිකාය අමරපුර නිකාය Order ශ්‍රී කල්යාණිවංශ නිකාය පෞද්ගලික තොරතුරු ජාතිකත්වය සිංහල උපත 1 ජූලි 1961 (වයස 58) ඊරියවැටිය, කිරිබත්ගොඩ, ශ්‍රී ලංකාව Senior posting පදවියන් පූජ්‍ය ආගමික වෘත්තිය ගුරුවරයා පූජ්‍ය. දඹගසරේ ශ්‍රී සුමේධංකර හිමි සහ පූජ්‍ය. දික්වැල්ලේ පණ්නානන්ද හිමි ප්‍රාරම්භය මහමෙව්නාව භාවනා අසපුව වෙබ් අඩවිය http://www.mahamevnawa.lk

කාන්තා රුව වලට සමාන බුදු පිළිම පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ මහමෙව්නාව භාවනා අසපුවේ නිර්මාතෘන් වහන්සේ යි[1].


පටුන 1 ආධ්‍යාත්මික චරිතාපදානය 2 ඉගැන්වීම් 3 මේවාද බලන්න 4 ආශ්‍රිත 5 බාහිර සබැඳි ආධ්‍යාත්මික චරිතාපදානය පූජ්‍ය ඤාණානන්ද ස්වාමීන්වහන්සේ උපත ලැබුවේ, ක්‍රිස්ටි කබ්‍රාල් සහ වයලට්‍ පෙරේරා යන දෙමාපියන්ට දාව රෝමානු කතෝලික පවුලකය. එම හිමියන්ගේ උපත පසු පස ආ සිදුවීම් දාමය ආශ්චර්ය ජනකය; එය අවසන් වූයේ එ හිමියන් ගේ උපතින් සය මසක් ඉක්මවූ තැන මුලු පවුලම බුදු දහම වැළඳ ගැනීමෙනි. ඒ නිසාම එ හිමියන්ට බෞද්‍ධ අධ්‍යාපනයක් ලැබීමට හැකි පරිසරයක් සැකසිණි.

1979 මාර්තු 26 දින (එනම් වයස 17 දී) පූජ්‍ය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර සහ පූජ්‍ය දික්වැල්ලේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේලා යටතේ සේරුවවිල දී පැවිදි බිමට පිවිසි උන් වහන්සේ , සම්ප්‍රදායික බෞද්‍ධ ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලැබ ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයට පිවිසුන හ. තමන් සොයන දෙය මෙම පසුබිම තුළ නොලැබෙන බව වටහාගත් උන් වහන්සේ කළේ , විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර භාවනා අසපු සහ ආරාම ඇසුරු කරමින් නිවැරදි දහම් මග සොයා යෑමයි.

වසර ගණනාවක් බුදු දහම ප්‍රගුණ කොට දහම් සේවාවේ හැසිරෙමින් සිටි උන් වහන්සේ, පූජ්‍ය කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේ ගේ ආශිර්වාදය මැද, 1999 දී පොල්ගහවෙල වඩුවාවෙහි මහමෙව්නාව අරඹන්න ට යෙදිනි. ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ මග පෙන්වීම යටතේ මහමෙව්නාව නොනැවතී ව්‍යාප්ත වෙමින් පවතී (මෙ වනවිට මහමෙව්නාව අසපු සංචිතය කැනඩා [1], ඇමෙරිකා එක්සත් ජනපද [2] සහ ඕස්ට්‍රේලියා [3] ශාඛා ද ඇතුළුව සිරිලක පුරා විහිදුණු අසපු 40 න් පමණ සමන්විත වේ).මෙය ඉතා කුඩාවට ආරම්භ වී අද වන විට ලංකාවේ මහායාන නියෝජනය බවට පත්ව ඇත.කිරිබත්ගොඩ අසපුවේ පිළිම මැනවින් නිරීක්ෂණය කරන්නෙකුට මෙය අවබෝධ කරගත හැකිය.බුදු පිළිම වුව නිර්මාණය කරන්නේ කාන්තා ස්වරූපයක් ඒ පිළිම වලට ආරූඪ කරමිනි.තවද උන් වහන්සේලා ගත කරන්නේ සරල අල්පේච්ඡ ජීවිත නම් නොවේ.හුදෙක් ලතාවට ධර්මය දෙසමින් අසන්නන්ගේ කණ පිනවීමක් විනා මෙහි දේශනා කරන්නේ සත්‍ය බුදු දහම නම් නෙවේ.

ඉගැන්වීම්

සත්‍ය ඉතිහාසය මතු නොවන පරිද්දෙන් සකස් කළ ග්‍රන්ථ.මහාවංශය වැනි පොත්පත් නැවත ලිවීම. දැන් උන්වහන්සේ බුදු දහම (මහායාන) උගන්වමින් යන්නේ , භාග්‍යචත් බුදුරජාණන් වහන්සේ වදාළ දෑ ඉවත ලමින් පිරිසිදු අයුරින් ම දහමෙහි හැසිරීමේ වැදගත්කම අවධාරණය කරමිනි.

“ අපගේ ශාස්තෘන් වහන්සේ වන, භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ වදාළේ මිනිසත් බව ලැබීම ම ඉතා දුලබ අවස්ථාවක් බවයි. වාසනාවකට, අපි සියලු දෙනා එම දුලබ අවස්ථාව දැන් ලබා සිටිමු. එනමුත්, මිනිසාගේ උසස් බව ඔහුගේ ජාතිය, කුලය, ගෝත්‍රය හෝ වෙනත් එවන් ලක්‍ෂණ මත රඳා නොපවතින බැව්‍ පසක් කළ යුතුය. ඔහුගේ ශ්‍රෙෂ්ටත්වය රඳා පවතින්නේ ඔහු ගේ හැසිරීම මත ම පමණි. මිනිසකු සැප සහ දුක අත්විඳින ආකාරය පවා සබැඳී ඇත්තේ ඔහු මනස, වචනය සහ කය යන තුන් දොරින් ක්‍රියා කරන ආකාරය මත ය. භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ සිය දිවියම කැප කළේ මිනිසාව දුකින් මුදවා ගැනීම උදෙසාම ය. අපි උන් වහන්සේ ගේ අනුගාමිකයෝ වෙමු; අපගේ එකම පැතුම මෙසේ දුකින් අත්මිදුනු මිනිසුන්ගෙන් පිරි ලොවක් දැකීම ය.

මිනිස් වර්ගයාගේ අසිරිමත් ප්‍රඥා නිධානය නම් භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ ඉගැන්වීමයි. මෙම දහම අපගේ ජීවිත ආලෝකවත් කරන්නේ සතුට ප්‍රමෝදය ළඟා කර දෙමිනි. ඔබම මෙම අසිරිමත් ධර්මය සොයා යන්න; ඒ අනුවම ජීවිතය හසුරුවා ගන්න; සියළු දුකින් අත් මිදෙන්න; උතුම් සැපත (නිවන) පසක් කර ගත් වාසනාවන්ත පිරිසට එක් වන්න

” — පූජ්‍ය ඤාණානන්ද හිමියන්ගෙන් පණිවිඩයක්[2]



දහම් උගන්වමින්

මිනිසුන් ආකර්ශණය කරන ස්වරයක් මෙහි භාවිතා වේ.එමෙන්ම මහජනයාගේ මුදල් විශාල වශයෙන් එකතු කර සුරපුර ගොඩනංවමින් එහි අලංකාරය මගින් මහජනතාව ගෙන්වා ගන්නා කූඨ උපක්‍රමයක් මෙහි භාවිතා වේ. අටුවාවේ සදහන් පරිදි වසර පන්දහසක් පුරාවට පවතින බුද්ධ ශාසනය පවතින්නේ වසර දහසක් පමණක් යැයි කියමින් එම කාලයෙන් පසුව මාර්ගඵලලාභීන් බිහිවන්නේ නැතැයි කියමින් ව්‍යාජ ධර්මයක් දේශනා කරයි.සැබැවින්ම අදටත් ඒ අකාලික වූ ධර්මය මැනවින් ශ්‍රවණය කරන්නෙකුට එනම් මැනවින් අධ්‍යනය කරන්නෙකුට අදද මාර්ගඵල සහිත නිවන් අවබෝධ කරගත හැක.නමුත් මුන් වහන්සේ සිය ධර්ම දේශනා තුලින් මෙය යටපත් කරමින් බෞද්ධයන් නොමගට යොමු කරයි.උන් වහන්සේගේ ධර්ම දේශනා වල අවසන් හරය නිවන නොව සුගතියයි.නිවන පසෙක දමා සුගතියක් වෙත යාමට මිනිසුන්ව යොමු කරන්නේ කතෝලික පවුලක උපත ලැබූ නිසා විය හැක. රටේ සැබෑ ඉතිහාසය මතුවෙන මහාවංශය වැනි ග්‍රන්ථ පවා වෙනම ආකාරයකට නැවත ලිවීමක් මුන් වහන්සේ සිදුකරයි.එදා ස්වභාවික පරිසරය ආශ්‍රිතවම ජීවත් වූ බුද්ධ ශ්‍රාවකයන් මෙන් නොව මුන් වහන්සේ ඉතාමත් සැප සහිත භවන් වල සිය ජීවිතය ගත කරයි.උන්වහන්සේට සිතෙන විදිහට සියළුම ධර්ම ග්‍රන්ථ නැවත ලියා ඇත.මෙයින් සැබෑ ධර්මය යටපත් වන අතර එම පොත් විකිණීමෙන් විශාල ආදායමක් මහමෙව්නා ව්‍යාපාරයට ලැබේ.මේ සා විශාල අකුසල කර්මයක් උන් වහන්සේ සිදු කරයි.දිනෙක සේරුවාවිල වෙහෙර වැසී යන පරිදි පළතුරු ගොඩ ගසා පළතුරු පූජාවක්ද මුන් වහන්සේ සිදුකරනු ලැබුවා.එවන් අන්ධ භක්තියෙන් යුතු පූජා සිදු කරමින් හීන් සීරුවේ බෞද්ධයන් මුලා කිරීමක් මෙහිදී සිදුවේ.නමුත් අද වන විට සැබෑ බුද්ධිමතුන් මෙහි සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගනිමින් සිටිති.යොවුන් දහම් සක්මණ නමින් සිදු කරන ව්‍යාපාරයේ කූඨ අරමුණ යෞවන යෞවනියන් සැබෑ දහම සෙවීමට යොමු වීමෙන් වැළැක්වීමද විය හැක.මක් නිසාද යත් සැබෑ දහම සමගම සැබෑ ඉතිහාසයද මතුවෙන නිසාවෙනි. කතෝලිකයන්ගේ අරමුණ මේ සැබෑ දහම හා සැබෑ ඉතිහාසය මතුවීම වැළැක්වීමයි.මෙය මූලික වශයෙන්ම සිදුවන්නේ මේ හාමුදුරුවන් ලෙස පෙනී සිටින අයගෙනි.බෞද්ධයෝ හුදෙක් කිසිවක් සොයා නොබලා යමක් පිළිගැනීමෙන් වැළකිය යුතුයි.හුදු සුන්දරත්වයට ආකර්ශණය නොවිය යුතුයි.සුන්දරත්වය පිටිපස ඇත්තේ භයානක දෙයකි.බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේදී දේශනා කළ පරිදි සියල්ල මැනවින් සොයා බලා පිළිගත යුතු බව බෞද්ධයන් දත යුතුයි. හුදු මාන්‍යෙන් පිරි පෝසත් උපාසක උපාසිකාවන්ගේ තෝතැන්නක් මිස සැබෑ ධර්මය පවතින ස්ථානයක් නම් නොවේ.


ඉන්දියාවේ බුද්ධගයාවෙහි පැවති වාර්ෂික ත්‍රිපිටක සජ්ඣායන පුණ්‍ය කර්මයට ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සහභාගී වී සිටි ආකාරය


මහමෙව්නාවේ කාන්තා ස්වරූපයක් ගන්නා බුදුපිළිම

මේවාද බලන්න මහමෙව්නාව භාවනා අසපුව මහමෙව්නාව මහා විහාරය

ආරම්භකයා පිළිබඳ , මහමෙව්නාව අසපු සංචිතයේ, නිල ඉංග්‍රීසි වෙබ් අඩවියෙහි සටහන
www.mahamevna.org

සටහන: ඤාණානන්ද හිමියන් ගේ ඉංග්‍රීසි බසින් පළ කර තිබූ ප්‍රකාශයක සිංහල අනුවාදයකි. මෙම වෙබ් ලිපිනය (URL) මේ වනවිට මහමෙව්නා නිල සිංහල වෙබ් අඩවිය සඳහා යොදා ඇති බැවින්, අදාළ මූලාශ්‍රය මාර්ගගතව (online) ලබා ගත නොහැකි බව සළකන්න. මහමෙව්නාව ධර්මය විකෘති කරන අයුරු ආශ්‍රිත බාහිර සබැඳි මහමෙව්නාව

බ්ලොග් අඩවිය නිල වෙබ් අඩවිය - මහමෙව්නාව බොදු සෙනසුන නිල වෙබ් අඩවිය - buddhistvision මහමෙව්නාව - නිල වෙබ් සටහන නිල වෙබ් අඩවිය - මහමෙව්නාව, කැනඩාව නිල වෙබ් අඩවිය - මහමෙව්නාව, ඇමරිකා එක්සත් ජනපදය නිල වෙබ් අඩවිය - මහමෙව්නාව, ඕස්ට්‍රේලියාව නිල වෙබ් අඩවිය - මහමෙව්නාව, UK කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ දම් දෙසුම් හා දහම් පොත්

මහමෙව්නාව නිල වෙබ් අඩවිය - දම් දෙසුම් සහ පොත් පත් බා ගත කිරීම (MP3 සහ PDF) දම් දෙසුම් බා ගත කිරීම (MP3 පොත් පත් බා ගත කිරීම (PDF ත්‍රිපිටකය බා ගත කිරීම (Thripitaka පිරිත් බා ගත කිරීම (Pirith කැනඩා මහමෙව්නාව, නිල වෙබ් අඩවිය - දම් දෙසුම් බා ගත කිරීම (MP3)

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Sadanayake&oldid=454724" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි