පරිශීලක:Saalaka/වජ්‍රායුධය ( වජ්රය )
වජ්රය හෙවත් වජ්‍රායුධය දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන්ගේ ආයුධයයි. වජ්‍ර යන සංස්කෘත වචනය දියමන්ති සහ අකුණ යන අර්ථ දෙකම දරයි . [1] සක්‍ර දෙවියන්ගේ වජ්‍රායුධය සංකේතවත් කරමින් ඈත අතීතයේ පටන් වජ්‍ර නිපදවීම සිදුකෙරේ.
වජ්‍රය යනු මූලික වශයෙන් දාර හතරක් හෝ අටකින් යුක්ත හිස් දෙකක් දෙපසින් ඇති මධ්‍යයෙන් තරමක ගෝලාකාර හැඩයක් ඇති මුගුරකි . දෙපස දාර අගින් එක්වී හාවී තිබෙන ඒවාද, දාර එක් නොවී වෙන් වෙනම උල් හැඩති ඒවාද ඇත. මෙම vajra ඉන්දීය වෛදික වැසි හා අකුණු දෙවියන් වන ඉන්ද්ර ගේ අවියයි. එමෙන්ම බුදු දහම, ජෛන ආගම හා හින්දු ඉගැන්වීම් වල ආත්මය හා ආත්මික බලය, ශක්තිමත් භාවයට නියෝජනය කිරීමට බොහෝ විට යොදා ඇත. ඉන්දියානු පුරාවෘත්තයට අනුව, වජ්රය විශ්වයේ බලවත්ම ආයුධයක් ලෙස සැලකේ. [2] සංකේතාත්මක හා චාරිත්‍රානුකූල මෙවලමක් ලෙස වජ්‍රා භාවිතය හින්දු ආගමේ සිට ඉන්දියාවේ සහ ආසියාවේ අනෙකුත් ප්‍රදේශවල ව්‍යාප්ත විය. ලංකාව තුල වජ්‍ර භාවිතය ආරම්භ වුයේ ඉතාම මෑතකාලීනව ( 2013 - 2020 ) වුවද ඉන්දියාව ටිබේටය චීනය තායිලන්තය වැනි රටවල ඉතා ඈත කාලයේ පටන් වජ්‍ර නිර්මාණය හා භාවිතය සිදුකෙරේ.
Asko Parpola ට අනුව , සංස්කෘත බසින් vajra හා Avestan බසින් vazra දෙකම දේව ආයුධයකි , එමෙන්ම එම පද දෙකම * weg' යන ප්‍රාග්-ඉන්දු-යුරෝපීය ප්‍රභවයක් දරයි. ඉන් අදහස් වන්නේ " බලවත් භාවය උදාකරන " යන්නයි. එය ප්‍රාග්- Finno - Uralic භාෂා වල * vaśara, (මිටියක්, පොරොව) යන අර්ථය දරයි. නමුත්, සංස්කෘත හා Finno-Ugric ව්යුත්පන්න දෙකම ප්‍රාග් ආර්ය හෝ ප්‍රාග් ඉන්දු ආර්ය යෙදුම් මිස ප්‍රාග් -ඉරාන යෙදුමක් විය නොහැකි බව Parpola හා Carpelan පවසන්නේ එහි පලස්තීකෘත සිබිලන්ට් වින්‍යාසයක් ඇති බැවිනි. [3] [4] [5]
වජ්‍රය පිළිබඳව ආදිතම සටහන ඇත්තේ චතුර් වේද යෙන් කොටසක් වන ඍජ්වේදය තුලයි. එය දෙවිවරුන් අතර ප්‍රධානියා වන ඉන්ද්ර ගේ ආයුධය ලෙස විස්තර කෙරේ. ඉන්ද්‍ර පිලිබඳ විස්තර කරනුයේ පව්කාරයන් සහ මිලේච්ඡ පුද්ගලයන් නැසීමට වජ්‍රය භාවිත කල බවයි. [6] දිව්‍ය උපකරණ නිපදවන ත්වාස්ට විසින් මෙම ආයුධය ඉන්ද්ර වෙනුවෙන් සාදන ලද බව රිග්වේදයේ සඳහන් වේ. ඊට සම්බන්ධ කථාව විස්තර කරන්නේ ඉන්ද්‍ර සර්පයෙකුගේ ස්වරූපය ගත් වෘත නම් අසුරයාව මරා දැමීමට තම අතේ තබාගෙන සිටි වජ්‍රය භාවිතා කිරීමයි. [7]
- ^ Vajra or Dorje
- ^ Ritual Implements in Tibetan Buddhism: A Symbolic Appraisal
- ^ Parpola & Carpelan 2005.
- ^ Asko Parpola 2015.
- ^ Douglas Q. Adams (1997). Encyclopedia of Indo-European Culture. Routledge. p. 112. ISBN 978-1-884964-98-5.
- ^ Rigveda 2.12
- ^ Rigveda 1.32, translated by Ralph T. H. Griffith