Ravindu Sandun
මෝටර් කාර්මික දැනුම-176
එන්ජින් කොන්ට්‍රෝල් යුනිට්
මෙම ලිපිය මගින් එනජින් පරිගණකය එන්ජින් යන්ත්‍රයේ කාර්ය්යයන් කළමණාකරණය කරන්නේ කෙසේද යන්න විස්තර කිරීම සහ ECU එකේ මූලික කාර්ය්යයන් පිලිබඳ රියදුරන් හට එහි මූලික සැකසුම් පිලිබඳ අවබෝදයක් ලබාදීමයි.
විවිධ සෙන්සර් මගින් ලැබෙන දත්ත තොරතුරැ භාවිතාකර සංකීර්ණ ඇක්චුඒටර් ක්‍රියාත්මක කිරීම මගින් එන්ජිම සියුම්ව ධාවනය වීමට අවශ්‍ය පාලනය පවත්වාගෙන යාම,එන්ජින් කොන්ට්‍රෝල් යුනිට්(ECU) එහෙමත් නැත්නම් පවර්ට්‍රේන් කොන්ට්‍රෝල් මොඩියුලය (PCM) ලෙස හඳුන්වන පරිඝණකය මගින් සිදුකරයි.
ECU වෙත දත්ත සපයන සෙන්සර් ගණනාවක් එන්ජින් බේ තුල ඇති අතර එන්ජින් ඇක්චුඒටර් වෙනස් කිරීම සඳහා ECU මගින් මෙම සෙන්සර් දත්ත තොරතුරැ භාවිතා කරයි.
ECU මගින් පාලන කරන එන්ජින් කොටස්
මෝටර් රථ පරිගණකය ලෙස ද හඳුන්වන ECU ඉන්ධන අනුපාතය,ඉග්නිෂන් ටයිමිං හා අයිඩල් වේගය ඇතුලුව එන්ජිමේ විවිධ පද්ධති වර්ග සඳහා පාලනය සපයයි.
ඉන්ධන/වායු අනුපාතය
බොහෝ නවීන එන්ජින් වල නිවැරදි අනුපාතයට ඉන්ධන සහ වාතය මිශ්‍ර වීම සහතික කිරීම සඳහා ඉන්ධන විදුම් ක්‍රමය භාවිතා කර සෙන්සර් දත්ත කියවීම් ගණනාවක් මත පදනම් කර ගනිමින් ECU මගින් අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන විදීම තීරණය කරයි.
ත්‍රොටල් පොසිෂන් සෙන්සරය මගින් ඇස්ක්ලේටර් පැඩලයේ ස්ථානය දක්වන අතර එයාර් මාර්ස් ෆ්ලෝසෙන්සරය මගින් එන්ජිම තුලට අමතරව ගලා එන වාතය ප්‍රමාණය මැනීම සිදුකරයි.එන්ජිම කූලන්ට් සෙන්සරය මගින් එන්ජිම උණුසුමව තිබේද සීතලව තිබේද යන්න මැනීම සිදුකරයි.මෙහිදී එන්ජිම තවදුරටත් සිසිල් නම්, අතිරේක ඉන්ධන ප්‍රමාණයක් විදීම සිදුකරනවා.පරිගණක පාලනය සහිත කාබියුරේටර් මගින් මිශ්‍රණය පාලනය කරන ක්රමයද ඉන්දධ විදුම් ක්‍රමය හා සමාන මූලධර්මය සමඟ සැලසුම් කර ඇත.
ඉග්නිෂන් ටයිමිං
එන්ජිමේ දහනකුටීරය තුල දහනය ආරම්භ කිරීමට ස්පාර්ක් එකක් අවශ්‍ය(පෙට්‍රල් එන්ජින් සඳහා)වන අතර බලය සහ ඉන්ධන කාර්‍ය්‍යයක්ෂමතාවය වැඩිදියුණු කිරීමට නියමිත වේලාවට ස්පාර්ක් එකක් ලබාදීම සකස්කිරීමට ECU මගින් කල හැකිය.
ඉග්නිෂන් නොක් කිරීම එන්ජිමට විනාශකාරී දෙයක් වන නිසා ECU මගින් එයහඳුනාගෙන සම්පීඩන පහර තුලදී කලින් ස්පාර් ඇතිවීම වැලැක්වීමට ඉග්නිෂන් ටයිමිං ප්‍රමාද කර එය ස්ථාවර කිරීමේ හැකියාව ඇත.මෝටර් රථය අඩු rpm වල ධාවනය වන විටක දී එන්ජිමට හානි වීම වැලැක්වීම සඳහා ECU සමහර අවස්ථාවල දී විට සම්ප්‍රේෂනය අඩු ගියර් වලට ඩවුන්ෂිෆ්ට් කිරීම ද සිදුකරයි.
අයිඩල් ස්පීඩ්
ක්‍රෑන්ක්ශාෆ්ට් පොසිෂන් සෙන්සරය මගින් එන්ජින් අයිඩල් තත්වය පිලිබඳ
ECU වෙත තොරතුරු සපයයි.මෙම සෙන්සරය,ඉන්ධන විදීම,ස්පාර්ක අවස්ථාවන් සහ වෑල් ටයිමිං වැනි එන්ජින් ටයිමිං සඳහා ඉතා වැදගත් කාර්ය්යයක් ඉටුකරයි.වැඩසටහන්ගතකල හැකි ත්‍රොටල් නවතුම් හෝ අයිඩල් බයිපාස් කොන්ට්‍රෝල් මෝටර් අයිඩල් වේගය පාලනය කිරීම සඳහා යොදාගනී.එන්ජින් ලෝඩ් වෙනස්කම් සිදුකරන එයාර්කන්ඩිෂන් සහ හීටිං සිස්ටම්,පවර් බ්රේක් හෝ පවර් ස්ටීරියන් සහ චාර්ජිං සිස්ටම් පද්ධති මගින් ඇති කරන එන්ජින් ලෝඩ් එක අනුව අයිඩල් වේගය පාලනය කිරීම සඳහා අයිඩල් කොන්ට්‍රෝල් ස්පීඩ් එකක් අවශ්‍යවෙනවා.එන්ජින් ලෝඩ් සහ අයිඩල් වේගය බලපාන වෙනත් සාධක ලෙස ක්‍රෑන්ක්ශාෆ්ට් ආයු කාලය එන්ජින් උෂ්ණත්වය හා සම්ප්‍රේෂණ තත්ත්වයන් දැක්වීමට හැකිය.
වේරියබල් වෑල් වයිම්ං තාක්ෂණය
විවිධ එන්ජින් වර්ග,ECU මගින් එන්ජින් චක්‍රය තුල වෑල් ඇරීම පාලනය කරයි.අඩු වේගවලට වඩා වැඩි වේග වල දී වෑල් ඉක්මනින් ඇරීම සිදුකරයි.වැඩි වේගයේ දී වෑල් ඇරීම මගින් සිලින්ඩර තුලට වායු ගැලීම වැඩි වී මෙන් එන්ජින් බලය සහ පිරිමැස්ම වැඩි කරයි.
සමහර මෝටර් රථවල ECU පාලනය මගින් ඉන්ටේක් සහ එස්සෝස්ට් වෑල් ඇරීම සහ වෑසීම සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්රොකනික් පාලනය මගින් ක්‍රියාකරවීමේ හැකියාව ද ඇත.
මෙම ඉලෙකට්‍රොනික් වෑල්කොන්ට්රෝල් මගින් එන්ජිමේ ව්‍යාවර්ථය සහ අශ්ව බලය වැඩි දියුණු කරන ගමන් ඉන්ධන පරිභෝජනය 15% ක් දක්වා අඩු කිරීමේ හැකියාව ඇත.
ECU වැඩසටහන්ගත කිරීම්
මෝටර් රථයක ටර්බෝ චාර්ජර්,ඉන්ටර් කූලර්,සුපර් චාර්ජ්ර් සහ එක්සෝස්ට් පද්ධති වැනි ආෆ්ටර් මාර්කට් වෙනස් කිරීම් සිදුකිරීමන් පසු සැලකිය යුතු වෙනස් කිරීම් කිරීමට ECU නැවත වැඩසටහන්ගත කිරීම අවශ්‍ය වෙනවා.වැඩසටහන් ගත කර පාලනය කළ හැකි ECU පරාමිතීන්(parameters)සමහරක් පහත දැක්වේ:
ECU මගින් පාලනය කරන පරාමිතීන්
1)එක් එක් සිලින්ඩර සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් විදීම
එන්ජින් rpm හා ත්‍රොටල් පොසිෂන් එක සීරැමාරැ කිරීම.
2)ඉග්නිෂන් ටයිමිං
එන්ජින් චක්‍රය තුල එක එක් ස්පාර්ක් ප්ලග් එක් එක් සිලින්ඩර සඳහා ස්පාර්ක් කල යුතු ස්ථානය සහ අවස්ථාව තීරණය කිරීම
3)RPM සීමාව
උපරිම එන්ජින් RPM අගය තීරණය කිරීම.
4)එන්ජින් උෂ්ණත්වය නිවැරදි කිරීම.
සීතල එන්ජින් සඳහා අමතර ඉන්ධන සැපයීම.
5)ඉන්ධන හුවමාරැව
ත්‍රොටල් ඇරීමට අනුව නිශ්චිත ඉන්ධන යෙදීම.
6)අඩු ඉන්ධන පීඩනය විකරණකරණය(modifier)
ඉන්ධන පීඩනය වෙනස් වීම අනුව ඉන්ජෙක්ටර් දහන කාලය කාලය වැඩි කිරීම.
7)සංවෘත ලූප ලැම්බ්ඩා
ඉන්ධන/වායු වෙනස් වන අනුපාතයට අනුව ලැම්ඩා සෙන්සර් අධීක්ෂණය කිරීම.
ඉහත දැක්වීමට අනුව ECU හරහා පාලනය කළ හැකි බොහෝ එන්ජින් ක්රමාංකනයන් තිබෙන අතර එන්ජිම ධාවනය වන විට සාමාන්‍යයෙන් අනුක්‍රමික හෝ USB කේබලයක් හරහා ලැප්ටොප් පරිගණකයක් භාවිතා ECU තුල සිතියම් ගත කර ඇති දත්ත කියවීමට හැකියාව ද ඇත.
ECU අලුත්වැඩියා කරකන්නේ කොහොමද?
මේ සඳහා බොහෝ ක්‍රම ඇති අතර ECU අලුත්වැඩියා කිරීම පරිගණක අලුත්වැඩියා කිරීමට සමානයි.සාමාන්‍ය පුද්ගලයෙකුට මාරැකල හැකි කොටස් ද එහි තිබිය හැකි නමුත් හොඳම දේ සම්පූර්ණ පරිගණකයම මාරැකිරීමයි.මෙම ECU ගැලවීම හා අලුත්වැඩියා කිරීම සඳහා විශේෂඥ දැනුම හා විශේෂ ටූල්ස් අවශ්‍ය වෙනවා.
දුර්වල කාර්‍ය්‍යසාධන සහිත ECU රෝග ලක්ෂණ
ECU එක නිසි ලෙස ක්‍රියා නොකරන බවට හඳුනාගන්න පුලුවන් ලක්ෂණයක් කිහිපයක් තියෙනවා.මෝටර් රථය පණගැන්වීමට නොහැකි නම් හෝ පණගැන් වූ පසු ඇණහිටී නම් හෝ අයිඩල් වේගය නිසි ලෙස පවතින්නේ නැත් නම් සහ එවැනි අවස්ථාවක චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙන්නැත්නම් ECU එකට හානිවී ඇති බවට සැක කිරීමට පුලුවන්.ECU මාරැකිරීමට කලින් තවත් බොහෝ දේ පරීක්ෂා කිරීමට සිදුවේ.බැටරි සහ ඕල්ටනේටරය,ස්පාර්ක් ප්ලග් සහ ඉග්නිෂන් කොයිල් සහ ඉන්ධන පොමප ගැටලු ඇති විය හැකි නිසා එක් එක් දෝෂ සඳහා පරීක්ෂා කිරීමට සිදුවේ.
ECU මාරැකිරීම.
විවිධ වර්ගයන් සහ මාදිලි අනුව ECU එක වාහනයේ විවිධ තැන්වල සවිකර තිබිය හැකිය.උදා:මැස්ඩා වාහන වල පැසෙන්ජර් සයිඩ් එකේ කාපර්ට් එක යට,ක්‍රයිස්ලර් මාදිලි වල සෙන්ටර් කොන්සෝල් එක යට සහ අනෙක් බොහෝ වාහන වල එන්ජින් බේ තුල ඇත.ECU ගැලවීමට කලින් බැටරි(-)කේබල් ඉවත් කිරීම කල යුතුයි.ECU ඉවත් කිරීමට දී සම්බන්ධ වයරිං ප්ලග් කනෙක්ටර් ගලවා ඉවත් කිරීමට කලින් ECU එක ආවරණය කර ඇති ආරක්ෂිත කවරය ගලවා ඉවත් කල යුතුයි.ECU එක ගලවා ඉවත් කිරීමට කලින් එය සවිකර ඇති සථානය සහ පිලිපැදිය යුතු කරැණු සඳහා සෑම විටම නිෂ්පාදකයා විසින් දක්වා ඇති උපදෙස් අනුගමනය කිරීම වැදගත්ය.
ECU පරීක්ෂා කිරීම.
අම්ල හෝ තෙතමනය නිසා ECU හානිවීමට හෝ විඛාදනය විය හැකිය.තද විදුලි පිලිස්සීම් මගින් විදුලි හානිය හඳුනා ගැනීමට පහසුය.ECU එකට හානියක් නොවී ආරක්ෂිතව ඇති නම් එය සම්බන්ධ කර ඇති විවිධ සෙන්සර් ගැටලුවේ මූලය විය හැකිය.
ECU එක කියන්නේ මෝටර් රථයක විශාලතම වැඩි දියුණු ඒකයයි.පරිගණක තාක්ෂණය ප්‍රයෝජනයට ගනිමින්,මෝටර් රථ නිෂ්පාදකයන් එන්ජින් සඳහා වැඩි දියුණු නිරවද්‍යතාවයක් ලබා ගැනීමට හැකිවී ඇත.මෙම වැඩි දියුණු කිරීම් මගින් මෝටර් රථ වල ඉන්ධන කාර්ය්‍යක්ෂමතාවය සහ වැඩි දියුණු හැසිරවීමේ සඳහා ඉඩ ප්‍රස්ථාව උදාවී ඇත.
ECU එක මගින ඉන්ධන /වායු අනුපාතය පාලනය,අයිඩල් වේගය,වේරියබල් වෑල් ටයිමිං ද වැඩසහන්ගත කල හැකි ECU මගින් ඉග්නිෂන් ටයිමිං,rpm සීමාව,ඉන්ධන හුවමාරැව ආදී අතිරේක කාර්ය්යයන් ද සපයයි.
බොහෝ ECU අලුත්වැඩියාවන් කාර්මිකයෙකු විසින් හෝ ඒ පිලබඳ විශේෂඥකු මගින් ලබාගන්න පුලුවන්.ඔබට ECU එකක් මාරැකිරීමට,ශ්‍රේණිගතය වැඩි කිරීමට(upgrade) හෝ හානි වුණ ECU එකට අලුත් එකක් මාරැකිරීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා විවිධ වර්ගයේ ECU වෙලඳපොලේ මිල දී ගැනීමට ඇත.
(චන්ද්රසිර ජයවික්‍රම විසිනි)
11/11/2016