මුද්‍රණ ඉතිහාසය සංස්කරණය

සාමාන්‍යයෙන් පොතක් සකස් වෙන්නේ කඩදාසි සහ තීන්ත මුල්කරගෙනයි. පොත් පිටුවල අකුරු මුද්‍රණය කරනවාද අකුරු ලියන්නටද හැකිය. මුද්‍රිත පොත්වල අකුරුවලට අමතරව චිත්‍ර, පින්තූර, ඡයාරූප මෙන්ම සංගීත නාද පවා ඇතුළත් විය හැකි ය. පොතක පිටු එ කට එකතු කිරීමට මැලියම් හෝ මැස්මක් හෝ කටු මගින් ඇමිණීම ආදි ක්‍රම භාවිතාවෙයි. පොත් ආරක්ෂා කරන්නේ එහි පිටකවරයයි. පොත් පහසුවෙන් එහා මෙහා ගෙනයන්නත් පුළුවන් මාධ්‍යයක්. එමෙන්ම නිසි ලෙස ආරක්ෂා කළහොත් පොත් දිගු කළක් පරිහරණය කරන්නත් පුළුවන්. මානව සංස්කෘතින් ගොඩනැගිම උදේසා තොරතුරු සහ දැනුම ව්‍යාප්ත කිරීමට පොත්වලින් ලැබුණු දායකත්වය ඉතාම විශිෂ්ටයි. ඉතින් දුවේ පුතේ අද අපි සුදානම් වෙන්නේ “පොත්” ගැන බොහෝ වැදගත් වන තොරතුරුයි.

මෙසපොතේමියාවේ - මැටි ලිපි සංස්කරණය

මෙසපොතෙමියා ශිෂ්ඨාචාරය ගොඩ නැගුණේ සුප්‍රටීස් ටයිගීස් ගංගා ගලාගොස් එකතුවන “පර්සියාන් බොක්ක” ආසන්නයේ පිහිටි සුමර් නම් ප්‍රදේශයේ සුමේරියන්වරු පදිංචිව සිටිය හ. කුඤ්ඤාකාර අක්ෂර ක්‍රමයක් නිර්මාණය කරන්නට ඔවුන්ට සිදුවුණේ එකල අකුරු ලියන්නට කඩදාසි නොතිබු නිසා ය. ඔවුන් කළේ මැටි වලින් සකස් කරගත් මැටි පුවරු මත උල් කරගත් කෑරූවලින් අකුරු ලිවිමයි.

එදා සුමේරියන්වරුන් ලියු විවිධ විශාලත්වයෙන් හා හැඩයෙන් ලියු මැටි ඵලක දහස් ගණනක් පසුකළෙක සිදුකරන ලද පුරාවිද්‍යාඥයින්ට පැමුවිය. එම ඵලකවල කුඤ්ඤාක්ෂර හැඩයේ අකුරු හාරසීයක් පමණ ලියැවී තිබිණි. මෙසපොතේමියානුවන්ගේ ස්වර්තාමය යුගය වශයෙන් සැලකෙන හමුරාබිගේ නායකත්වයයෙන් යුතුව බැබිලෝනියානුවරුන්ගේ දියුණුවද මෙම ලේඛන කෙරෙහි සුවිශේෂි බලපෑමක් ඇතිකර තිබේ. පාලක හමුරාබිගේ නිතීරීති වැඩි ගණනක් මෙම මැටි ඵලක වලක ඇතුළත්වේ. විවාහය දේපළ ගනුදෙණු, වැටුප් ගෙවිම්, බැංකු කටයුතු හා ගිවිසුම් පිළිබඳ තොරතුරු එම මැටි ඵලක වල සඳහන්ව ඇත. එවැනි තවමත් සොයා නොගත් මැටි ඵලක 99%ක්ම එම ප්‍රදේශයේ පසට යටවී ඇති බව සැලකේ.  

ඊජිප්තු ශිෂ්ටාචාරයේ -පැපිරාස් ලිපි සංස්කරණය

මහා පිරමීඩ ඉදිකිරීම මෙන්ම විද්‍යාව, ගණිතය වැනි කේෂත්‍ර සම්බන්ධයෙන් පුරාණ ඊජිප්තු වැසියන් තුළ තිබුණේ සුවිශාල දැනුමකි. ඊජිප්තු ශිෂ්ටාචාරය පිළිබඳ ඉතාම වැදගත් තොරතුරු අපට දැනගන්නට ලැබුණේ ඔවුන් සතු වුයේ අකුරු ලිවීමේ හැකියාව නිසයි. ආගමික නායකයන්  ආගමික මධ්‍යස්ථාන කේන්ද්‍රකරගෙන දරුවන්ට අකුරු ලිවීමේ කලාව ඉගැන්වීමට ඊජිප්තුවරුන් විශාල උනන්දුවක් දැක්වුහ. මුල් කාලවලදී මැටි පුවරු හා ගල් ඵලක මත අකුරු ලියු ඊජිප්තුවරු ක්‍රි.පූ. 2500 දී පමණ පැපරස් මාධ්‍යය සොයාගත්හ. පැපිරස් ගසේ මදය ගෙන ඒවා දිග සිහින් තීරු වලට ඉරා දිගට හා හරහට තබා පළසක් මෙන් සකස් කර ඒවා තලා වේලා පැපිරස් මාධ්‍යය සකස් කෙරිණි. මානව ශිෂටාචාරයේ ප්‍රථම වරට අතේ ගෙනයාහැකි මාධ්‍යයක අකුරු ලිවීම ඇරඹෙන්නේ පැපිරස් මාධ්‍යය සොයා ගැනිමත් සමඟය. ක්‍රි.පූ. 2000 වන විට ඊජිප්තුවේ නිතී රෙගුලාසි හා තොරතුරු වාර්තා කිරීම සඳහා පැපිරාස් මාද්‍යය බහුල ලෙස භාවිතයට ගැණින. මෙලෙස ලියන ලද සංකේත හා අකුරු ඉක්මනින් කියවන්නට පුරුදු වු මිනිසුන් තව තවත් වැඩි වැඩියෙන් තොරතුරු වාර්තා කරන්නට වුහ. මේ අනුව පාසල් බිහිවිය. ඒවා රැස්කර තබන්නට පුස්තකාල බිහිවිය. තමන්ගේ සංස්කෘතිය දුහීතෘන්ට භාරකිරීමේ පැතුම එමගින් ඉටුවිය.

ලේඛන කලාවට චීනයේ දායකත්වය සංස්කරණය

චීනයේ අක්ෂර කලාව ඇරඹුණේ චිත්‍ර ආශ්‍රයෙන් ලිවීම පදනම් කරගෙනයි. ඔවුන් චිත්‍රාක්ෂර 40000ක් පමණ තිබු බවත් ඉන් 600කට ආසන්න අක්ෂර ප්‍රමාණයක් සුලභව භාවිතයට ගැනුණු බවත් ඉතිහාසයේ සඳහන් වේ. චීනුන් බහුලව ලිවීම සඳහා භාවිතා කළේ ලී කැබලි හා හණවලින් සාදාගත් මාධ්‍යයයි. මීට උදාහණ ලෙස තු-ෆු නම් කවියාගේ හා ලී පෝ නම් කවියාගේ පද්‍ය ලියවිලි සාක්ෂි දරයි.

මායාවරුන්ගේ ලේඛන කලාව සංස්කරණය

මායා ශිෂ්ටාචාරය මධ්‍යම ඇමරිකාවේ වැදගත්ම ශිෂ්ටාචාරයකි. මායාවරුන්ගෙ දියුණුවේ උත්කෘෂ්ට අදියරට එළඹෙන්නේ  ක්‍රි.ව. 325 - ක්‍රි.ව. 900 අතර කාලයේදී ය. මායාවරුන්ගෙ ලේඛන බිහිවන්නේ මේ කාලයේ ය. ඉතාම හොඳින් සකසා ගත් අක්ෂර පද්ධතියක් මායාවරුන්ට  තිබී ඇත. ඇමරිකාවේ ස්වදේශිකයන් අතරින් ඉතා දියුණු අක්ෂර ක්‍රමයක් භාවිතා කළ මුල්ම ජන කොටස මායාවරුන් ය. අකුරු ලියන්නට ඔවුන් උපයෝගී කරගෙන ඇත්තේ දිඹුල් ගස සිවිල් සකස් කර ගත් ඩදාසි වැනි මාධ්‍යයකි.

ජෝහැන්නස් ගුටෙන්බර්ග් - මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීම සංස්කරණය

මානව ශිෂ්ඨාචාරය තුල දැනුම ගලායාමේ ක්‍රියාවලිය වේගවත් වන්නට පටන් ගත්තේ  මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමත් සමගය මුද්‍රණ යන්ත්‍රය සොයා ගත්තේ  ජර්මන් ජාතික  ජෝහැන්න්ස් ගුටෙන්බර්ග් ය.  මේ අනුව යුරෝපියන් මුද්‍රණ කටයුතු සඳහා අවතීර්ණ වීමෙන් ලේඛන කලාවේ විශාල  විප්ලවයක් සිදුවිය. මේ නිසා දැනුම පදනම් කරගත් අධ්‍යාපන කටයුතු මෙන්ම ආර්ථික කටයුතු ද වේගයෙන් පුළුල්වන්නට විය. විවිධ අත්හදා බැලීම් අනුව ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය මුලින්ම සකස් කළේ ලී ආධාරකයෙනි. පසුව ලෝහ භාවිතයෙන් එය සකස් කෙරිණි. ගුටෙන්බර්ග් එම මුද්‍රණ යන්ත්‍රයෙන් මුලින්ම මුද්‍රණය කර ඇත්තේ බයිබලයේ පේළි 42කි. එම කාලය ක්‍රි.ව. 1455 පමණ බව සනාථ වී ඇත.

මුද්‍රණ ක්‍රියාවලිය නිසා ඕනෑම ලියවිල්ලක පිටපත් විශාල සංඛ්‍යාවක් ලබාගත හැකි වු අතර මිනිසා පත්තර හා පොත් මුද්‍රණයට එළැඹිම විශිෂ්ට ජයග්‍රහණයකි. එක් පරපුරක් සතු දැනුම් සම්භාරය අනෙක් පරපුරට උරුම කරදීම මෙමඟින් වේගවත් විය.

කවුද මේ ගුටෙන්බර්ග් සංස්කරණය

මුද්‍රණය ලොවට හඳුන්වා දෙමමින් මානව සංහතියට විශිෂ්ටතම සේවයක් සිදුකළ ජෝහැන්නස් ඩෙන්ස්ලෛයික් සර් පාඩෙක් සම් ගුටෙන්බර්ග් (Johannes Gensfleisch znr Laden Zum Gutemberg) උපදික්කට ඇත්තේ ක්‍රි.ව. 1398දී පමණ බවට විශ්වාස කෙරේ. ලෝහ වැඩ හොඳින් දන්නා පවුලක උපන් ගුටෙන්බර්ග් කුඩා කල සිටම ඒ පිළිබඳව මනා දැනුමක් ලද්දේ ය. මුද්‍රණ කටයුතුවලට අච්චු සකස් කර ගන්නට එම දැනුම ඔහුට මනා පිටිවහලක් විය. ඔහු සතුවු විශාල ධනයෙන් වැඩි කොටසක් වැයකර ඇත්තේ මුද්‍රණ කටයුතු පිළිබඳ අත්හදා බැලීම් කරන්නට ය. වයස අවුරුදු 70දී පමණ ඔහු මිය ගොස් ඇති අතර ඒ වර්ෂ 1468 බව සඳහන් වේ. උපත පිළිබඳ නිසි සඳහනක් නොවුනද ඔහුම සොයාගත් මුද්‍රණ ශිල්පය නිසා ඔහුගේ මරණය පිළිබඳ මුද්‍රිත ලියවිලි හමුවීම වසනාවකි.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Prasannap38&oldid=457056" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි