ආගමේ සම්භවය.

        "මිනිසා ආගමේ ආරම්භය වන බවත් ම්නිසාම ආගමේ කේන්ද්‍රය වන බවත් මිනිසාම ආගමේ අවසානයත්ය."

'ලුඩ්විග් නොයාවැග්' ප්‍රකාශ කරන අන්දමට ආගමේ ආරම්භය මානවයාගේ ආරම්භයත් සමඟම සිදු වේ. "ආගමේ ඉතිහාසය යනු මිනිසාගේ ඉතිහාසය යි"යනුවෙන් ද 'මැක්ස් මූලර්'ප්‍රකාශ කොට ඇත්තේ එහෙයිනි. යථෝක්ත නිර්වචන දෙස බැලීමේදී ගම්‍ය වනුයේ මිනිසා සමඟම ආගම ආරම්භ වීය යන්නය.

කෙසේ වුවත් ආගමික හැඟීම් මිනිස් චිත්ත සන්තානයේ ඇති වූයේ වර දා දැයි ප්‍රකාශ කිරීම පහසුය. මානව විද්‍යාඥයින් ප්‍රකාශ කරන අන්දමට නිසා සමඟ ආගමික හැඟීම් හැම කල්හි ම බැඳී පවතී. ඉහතදී අප සඳහන් කරනු ලැබූ බොහෝ නිර්වචනයන් හමුවේ දෘශ්‍ය වනුයේ හැම කල්හිම මිනිසා ආගමික හැඟීම් සමග ප්‍රතිබද්ධ ව සිටින බවයි. ප්‍රාග් යුගයේ ආදිතම මිනිසා ස්වාභාවික බලවේගයන් මැඩ පැවැත්වීමටත් වරෙක එම අධි භෞතික බලවේගයන්ගේ පිහිට පැතීමටත් යොමුවූ බව සිතන්නට හැක.

ක්‍රි.පු 6 දී භාරත දේශයේ පහළ වූ ගෞතම බුදුන් වහන්සේ ආගමික හැඟීම් මානව චිත්ත සන්තානයෙහි පහළ වූයේ කෙසේද යන්න දේශනා කොට ඇති අයුරු දැකගත හැක.

    " බහුං වේ සරණං යන්ති

     පබ්බතානි වනානි ච

     ආරාම රුක්ඛ චේතියා'නී

     මනුස්සා භය තජ්ජි'තා"

       (ධම්මපදය, බුද්ධ වග්ගය, 10 ගාථාව)

බියෙන් තැතිගත් බොහෝ මිනිස්සු ආරාමයන් ද පර්වතයන් ද වන යන්ද ඒකාන්තයෙන් සරණ යන්නාහ.

ආගමේ සම්භවය පිළිබඳ නොයෙක් පර්යේෂණ හා නිරීක්ෂණ මගින් විවිධ වූත් විනිවිද වූත් විෂම වූත් නොයෙක් තොරතුරු රාශියක් අනාවරණය කර ගැනීමට මානව විද්‍යාඥයන්ට හා සමාජ විද්‍යාඥයින්ට හැකිවූ අතර ඒ අනුව ඔවුන් ආගම පිළිබඳ න්‍යායන් කිහිපයක් ගෙනහැර දැක්වීය.

  1. අර්චන කාමය - Fetishism
  2. සර්වාත්ම වාදය - Animism
  3. තෝටමානය - totemism
  4. සජීවී දෘෂ්ටිය - Animatism
  5. ප්‍රත්‍යෙක දේවවාදය - Henotism
  1. අර්චන කාමය :

                        කිසියම් වූ ආගමක අනිවාර්ය අංගයක් ලෙස සංකේත පැවතීම දැක්විය හැක. යම්කිසි පූජා ලාංඡනයක් (පාෂාණයක් පළඳනාවක් කැටයම් කරන ලද ලීයක්) තුළ සුවිශේෂී සුපිරි බලවේගයක් ඇතිබව  මෙහි සන්දර්භයේ වී ඇත. මෙම වස්තුව පූජා තත්වයට ලක් කිරීම තුළ  තැනැත්තාට ප්‍රතිජානාත්මක හෝ නිශේධනාත්මක ප්‍රතිඵලයක් ලැබේ යැයි මෙහිදී විශ්වාසය යි. කෙසේ වුවත් මෙම වස්තු වන්දනය ප්‍රාථමික දෙයක් වන අතර මෙය ආගමික විධියක් මෙන්ම අභිචාර ක්‍රමයක් වශයෙන් ද හඳුන්වා දිය හැක.

2. සර්වාත්ම වාදය :

              විශ්වීය ජීව, අජීව, සෑම වස්තුවක් කෙරෙහිම ආත්මයක් හෝ ජීවයක් පවතී යන්න මෙහි විශ්වාසයයි. 1871 ඊ බී ටයිලර් විසින් පළමු වරට ඉදිරිපත් කරන ලද 'primitive culture' නම් කෘතියෙහි මේ පිළිබඳ තොරතුරු රැසක් සඳහන් කර ඇත.

සංස්කාර වලින් යුක්ත ලෝකයේ පවතින ඇළ දොළ, ගංගා, කඳු හෙල්, මිටියාවත් ආදී සෑම දේකටම ප්‍රාණයක් ඇත. මෙසේ වූ කල මියගිය මිනිසාගේ ඥාතීන් ආත්ම ලෙස ජීවත් වෙති. ලෝකය සැබැවින්ම මේ තත්ත්වයෙන් පිරී ඇත. ප්‍රාණවාදය රඳා පවතින්නේ මේ මතය.

අප නිදාගත් විට හීන පෙනේ ඒ. හීන වලදී අපි අපවම දකිමු. මීට හේතුව සලකා බැලුවහොත් එසේ වන්නේ අපගේ ආත්ම සිරුරින් බැහැරව ඉවත්ව යෑම තුළ යි. අප එහි දී කරන්නේ ඊට කලින් මිය ගිය අපේ නෑයන් ගේ ආත්ම හා එකතුවීමයි. (රත්නපාල, නන්දසේන-මානව විද්‍යාව, ආරිය ප්‍රකාශකයෝ, 2001,250 පිටු)

මෙම සර්වාත්ම වාදය ආගමේ සම්භවයට හේතු වී ඇති බව බොහෝ විද්‍යාඥයින්ගේ මතයයි.

3. තෝටමානය:

               කිසියම් හෝ ගෝත්‍රයකට වංශයකට හෝ කණ්ඩායමකට අයත් ඓතිහාසික වස්තුවක්ම වන්දනය කිරීම මෙහිදී සිදුවන අතර එම වස්තුව තුළ අධිස්වාභාවික බලයක් ගැබ්ව ඇතැයි මෙහිදී විශ්වාස කෙරේ. ඒ අනුව එම වස්තුවට අයත් සතෙක් සතෙකුගේ ඇට කැබැල්ලක් ගසක් පැළෑටියක් වේවා එය විනාශ කිරීම හෝ අනුභවය තහනම් කොට ඇත. මේ තුළ දිව්‍යමය බලයක් ඇති අතර ම සංකේතය අදහන්නම් එකම වංශයකට ගෝත්‍රයකට කණ්ඩායමකට අයත් බවත් ඒ තුළින් ගෝත්‍රය වංශය සංකේතවත් වන බවත් තෝටමය සංකල්පය තුළින් පෙන්වා දී ඇත.

4. සජීවී දෘෂ්ටිය :

               පුද්ගලයන් නොවන අධිභෞතික බලවේග මෙම ගණයට අයත් වේ. ලොව සුප්‍රසිද්ධ 'මැනා' නම් ගුප්ත සංකල්පය මේ ට දීමට ඇති කදිම නිදර්ශනයයි. මැනා යනු ලොව වසන සෑම මනුෂ්‍යයෙකුටම අධි මානසික බලයක් තිබෙන බව විශ්වාස කිරීමයි. ඒ අනුව පුද්ගලයාගේ සාර්ථකත්වය මෙන්ම අසාර්ථකත්වය ද සිදුවන්නේ මැනා සංකල්පය මතයි.

5. ප්‍රත්‍යෙක දේවවාදය :

                        යම්කිසි පුද්ගලයන්ට අභිමත පරිදි දෙවිවරයෙකු හෝ දෙවිවරුන් කිහිපදෙනෙකු වන්දනා කිරීමත් ඒ ක්‍රමයෙන් එකම දෙවියකු වෙත වන්දනා කිරීමත් මෙහිදී සිදු වේ.

මෙසේ වූ විට යථෝක්ත කරුණු අධ්‍යනය කිරීමෙන් පෙනී යන්නේ ආගමේ සම්භවය සිදු වූයේ කෙදිනක ද යන්න නිශ්චිත නිගමනයකට පැමිණිය නොහැකි බවත් එය මානවයා ගේ ආරම්භයේ සිටම ක්‍රමයෙන් වර්ධනය වූ බවත් මෙහිදී අපට හැඟී යන කරුණයි.



"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:N._SUMANGALA&oldid=442915" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි