Kushan Gauthama
Joined 6 ජූලි 2022
⭐කවිය:-තමන්ට ඇති නැති දෙය දැනගන්නෙ
අන් සතු දෙයකට ආස නොවන්න්
තමන්ට ඇති දේ සිතා බලන්නේ
අනුන්ව සසඳා ශෝක නොවන්නේ
⭐අදහස:-තමන්ට තියෙන නොතියෙන දෙය දැනගෙන අනුන් අයිති දෙයකට ආස නොකර තමන්ට ඇති දේ සිතා බලා අනුන්ව සමග සසදමින් දුක් නොවන්න.
⭐කවිය:-ගමේ ම විස්තර කිමද සොයන්නේ
තමන්ට අවශ්‍ය දෙයම හොයන්නේ
තැන තැන ගිහිල්ලා බොරු නොකියන්නේ
පාඩුවෙ තමන්ගෙ දිවිය ගෙවන්නේ
⭐අදහස:-ගමේ වෙන දේවල් මොකටද හොයන්නේ.තැන තැන ගිහිල්ලා බොරු ,කටකතා පතුරවන්න එපා.තමන්ගෙ පාඩුවෙ ජීවත් වන්න.
⭐කවිය:-පෝයට විතරද පන්සල් යන්න්
දිනට විතරද සීමා වෙන්නේ
සතියට දිනයක්වත් එහි යන්නේ
හැකි ලෙස කුසලය වැඩි කර ගන්න්
⭐අදහස:-පොහොය දවසට පමණක් පන්සල් නොගොස් සතියට දවසක්වත් ගිහින් පුළුවන් ලෙස පින් රැස් කරගන්න
තමන්ට ඇති දේ සිතා බලන්නේ