ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශගුණ කලාප (03) වර්ශාපතන රටාවන් , කෘෂි දේශගුණ කලාප (07) හා කෘෂි පාරිසරික කලාප (46) හදුනා ගනිමු.🌿🌿🌿

වැනිලා වගා කිරීමට අදහස් කරන හෝ දැනට වගාව සිදු කරන බොහෝ දෙනෙක් තෙත් හා අතරමැදි කලාප වල වැනිලා වගාව හොදින් සිදුකල හැකි බව දන්නා කරුණක්. එසේම එම දේශගුණික කලාප වලට අයත් ප්‍රදේශයන් හා ඒවා එකිනෙක වෙන් කරන නිර්නායකයන් හා සීමාවන්, ලක්ෂණ හා එහි වැදගත්කම පිළිබඳ අවබෝධයක් ලබගැනීම වැනිලා සදහා පමණක් නොව වෙනත් ඕනෑම වගාවක් සාර්ථක ලෙස සැළසුම් කිරීම හා පවත්වාගෙන යෑම සදහා ඉතාම වැදගත් වනවා. මෙමගින් ඔබට ඒ සදහා යම් පිටුවහලක් ලබාගැනීමට හැකිවේවි.

හැදින්වීම

ශ්‍රී ලංකාව, සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයේ ව්‍යාප්තිය (Average Annual Rainfall) අනුව තෙත් කලාපය (Wet Zone), අතරමැදි කලාපය (Intermediate Zone) හා වියලි කලාපය (Dry Zone) ලෙස ප‍්‍රධාන දේශගුණ කලාප 3කට බෙදා වෙන් කරනු ලබන අතර උන්නතාංශය හෙවත් මුහුදු මට්ටමේ සිට ඇති උස අනුව, උඩරට (Up Country),මැදරට (Mid Country)හා පහතරට (Low Country) ලෙස කාණ්ඩගත කරනු ලබනවා.වර්ශාපත්නය අනුව ප්‍රධාන දේශගුණික කලාප 03කට බෙදූ ප්‍රදේශයන්, උන්නතාංශය පදනම් කරගෙන තවදුරටත් කෘෂි දේශගුණ කලාප 07කට වෙන් කරනු ලබනවා. ඒ අතර එක් එක් ප්‍රදේශයන් වල පාංශු කාණ්ඩයන් අනුව එම කෘෂි දේශගුණික කලාප 07 තවත් කෘෂි පාරිසරික කළාප (Agro Ecological Regions) 46 කට බෙදා වෙන් කරනු ලබනවා.

🔴ශ්‍රී ලංකාවේ වර්ශාපතන රටාව.

දිවයිනට මෝසම් සුලං මගින් ඇති කෙරෙන වර්ශා රටා දෙකක් පවතිනවා . ඒවා නම් ඊසාන දිග මෝසම් වර්ශාව සහ නිරිත දිග මෝසම් වර්ශාවයි . නිරිත දිග මෝසම් වර්ශාව මැයි මස සිට සැප්තැම්බර් මාසය දක්වා පැතිරී පවතී. ඊසාන දිග මෝසම් වර්ශාව දෙසැම්බර් මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා පැතිරේ. මේ අතර අන්තර් මෝසම් දෙකක් සමග වැසි ඇතිවනවා. පලමු අන්තර් මෝසම් වර්ශාව මාර්තු හා අප‍්‍රියෙල් මාස වලදීද දෙවන අන්තර් මෝසම් වර්ශාව (සංවහන) ඔක්තොම්බර් හා නොවැම්බර් මාස වලදීද හඳුනාගත හැකියි.

වර්ථමාන කාලගුණික විපර්යාස නිසා මේ වර්ශාපතන රටාවන් වල යම්‍ යම් අපගමනයන් සිදුවෙමින් පවතින අතර එය වගාවන් සදහා අහිතකර ලෙස බලපෑම් ඇතිකරනු ලබනවා.

🔴ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන දේශගුණික කලාප.

⏺️තෙත් කලාපය (Wet Zone)

වාර්ෂික වර්ෂාපතනය මි.මි. 2500 ට වැඩි ප‍්‍රදේශ

⏺️අතරමැදි කලාපය (Intermediate Zone)

වාර්ෂික වර්ෂාපතනය මි.මි. 1750 - 2500 දක්වා

⏺️වියලි කලාපය (Dry Zone)

වාර්ෂික වර්ෂාපතනය මි.මි. 1750 ට අඩු ප‍්‍රදේශ

මෙම ප්‍රධාන දේශගුණික කලාප, පහත දක්වා ඇති මුහුදු මට්ටමේ සිට ඇති උස අනුව තවත් කෘෂි දේශගුණ කලාප 07කට බෙදා වෙන් කරනු ලබනවා.

a. පහත රට - (L) (Low Country )

මුහුදු මට්ටමේ සිට මීටර් 300 ට අඩු.

b. මැද රට - (M) (Mid Country)

මුහුදු මට්ටමේ සිට මීටර් 300-900

c. උඩරට - (U) (Up Country )

මුහුදු මට්ටමේ සිට මීටර් 900 ට වැඩි

🔴කෘෂි දේශගුණ කලාප

1.පහතරට තෙත් කලාපය (WL)

2.මැදරට තෙත් කලාපය (WM)

3.උඩරට තෙත් කලාපය (WU)

4.පහතරට අතරමැදි කලාපය (IL)

5.මැදරට අතරමැදි කලාපය (IM)

6.උඩරට අතරමැදි කලාපය (IU)

7.පහතරට වියලි කලාපය (DL)

🔴 කෘෂි පාරිසරික කළාප

දේශගුණික ලක්ෂණ ,පාංශු ලක්ෂණ ,භූ විශමතාවය එකිනෙක සුසංයෝජනය වූ විට ඇතිවන සමාකාරී පරිසර ලක්ෂණ වලින් යුතු ප්‍රදේශයක් කෘෂි පාරිසරික කලාපයක් ලෙස හඳුන්වයි. ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික කලාප 46 කි.

⏺️තෙත් කලාපය කෘෂි පාරිසරික කළාප 15කට පහත පරිදි බෙදා වෙන කරනු ලබනවා.

1. WL1a කෘෂි- පාරිසරික කලාපය

2. WL1b කෘෂි- පාරිසරික කලාපය

3. WL2a කෘෂි- පාරිසරික කලාපය

4. WL2b කෘෂි- පාරිසරික කලාපය

5. WL3 කෘෂි- පාරිසරික කලාපය

6. WM1a කෘෂි- පාරිසරික කලාපය

7. WM1b කෘෂි- පාරිසරික කලාපය

8. WM2a කෘෂි- පාරිසරික කලාපය

9. WM2b කෘෂි- පාරිසරික කලාපය

10. WM3a කෘෂි- පාරිසරික කලාපය

11. WM3b කෘෂි- පාරිසරික කලාපය

12. WU1 කෘෂි- පාරිසරික කලාපය

13. WU2a කෘෂි- පාරිසරික කලාපය

14.WU2b කෘෂි- පාරිසරික කලාපය

15. WU3 කෘෂි- පාරිසරික කලාපය

⏺️අතරමැදි කලාපය කෘෂි පාරිසරික කළාප 20 කට පහත පරිදි බෙදා වෙන කරනු ලබනවා.

1. IL1a කෘෂි- පාරිසරික කලාපය

2. IL1bකෘෂි- පාරිසරික කලාපය

3. IL1c කෘෂි- පාරිසරික කලාපය

4. IL2 කෘෂි- පාරිසරික කලාපය

5. IL3 කෘෂි- පාරිසරික කලාපය

6. IM1a කෘෂි- පාරිසරික කලාපය

7. IM1b කෘෂි- පාරිසරික කලාපය

8. IM1c කෘෂි- පාරිසරික කලාපය

9. IM2a කෘෂි- පාරිසරික කලාපය

10. IM2b කෘෂි- පාරිසරික කලාපය

11. IM3a කෘෂි- පාරිසරික කලාපය

12. IM3b කෘෂි- පාරිසරික කලාපය

13. IM3c කෘෂි- පාරිසරික කලාපය

14. IU1 කෘෂි- පාරිසරික කලාපය

15. IU2 කෘෂි- පාරිසරික කලාපය

16. IU3a කෘෂි- පාරිසරික කලාපය

17. IU3bකෘෂි- පාරිසරික කලාපය

18. IU3c කෘෂි- පාරිසරික කලාපය

19. IU3d කෘෂි- පාරිසරික කලාපය

20. IU3e කෘෂි- පාරිසරික කලාපය

⏺️වියලි කලාපය කෘෂි පාරිසරික කළාප 11 කට පහත පරිදි බෙදා වෙන කරනු ලබනවා.

ශ‍්‍රී ලංකාවේ මුලූ බිම් ප‍්‍රමාණයෙන් ⅔ ක් පමණ වියලි කලාපයට අයත් වේ. වියලි කලාපයේදී ලැබෙන වර්ෂාව ඒකාකාරිව ලැබීම සිදු නොවන අතර සමහරක් මාස වලදී අධික වියලි කාලගුණයක් පවතී.

1. DL1a කෘෂි - පාරිසරික කලාපය

2. DL1b කෘෂි - පාරිසරික කලාපය

3. DL1c කෘෂි - පාරිසරික කලාපය

4. DL1d කෘෂි - පාරිසරික කලාපය

5. DL1e කෘෂි - පාරිසරික කලාපය

6. DL1f කෘෂි - පාරිසරික කලාපය

7. DL2a කෘෂි - පාරිසරික කලාපය

8. DL2b කෘෂි - පාරිසරික කලාපය

9. DL3 කෘෂි - පාරිසරික කලාපය

10. DL4 කෘෂි - පාරිසරික කලාපය

11. DL5 කෘෂි - පාරිසරික කලාපය

🔴කෘෂි - පාරිසරික කලාප වල වැදගත්කම

🔸ඒ ඒ කලාපවල දේශගුණික තත්ව වලට ගැලපෙන භෝග නිර්දේශ කල හැකි වීම හා විවිධ භෝහ නුසුදුසු ප්‍රදේශවල වල වගා කිරීමෙන් සිදුවන අනවශ්‍ය අපහසුතා වලක්වා ගතහැකි වීම.

🔸වර්ශාපතන රටාව හා අනෙකුත් වැදගත් පාරිසරික සාධක අනුව වගා කාල සටහන් නිර්නය කලහැකි වීම.

🔸සමාකාර දේශගුණ තත්ව තුල වුවත් ප්‍රදේශයන් අනුව ඒවායේ පාංශු ලක්ෂණ වල ව්‍යාප්තිය හා විචලනය හදුනාගත හැකි වීම.

🔸විවිධාංගීකරණයකින් යුත් කෘෂි ව්‍යාපෘති සැළසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ පහසුව.

🔸ඉඩම් සංවර්ධය හා ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවයන් හදුනාගත හැකි වීම.

🔸ඉදිරි කාළගුණික විපර්යාස අනුව තව දුරටත් කලාපීයකරණය අද්‍යයනය පහසු වීම.

ප්‍රධාන දේශගුණික කලාප, කෘෂි දේශගුණික කලාප

හා කෘෂි පාරිසරික කලාප වල පිහිටීම මේ සමග ඇති සිතියම් මගින් අද්‍යයනය කල හැකියි.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Irosha_Dewmina&oldid=529209" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි