Chintha rox
ශ්‍රී සුමංගල ජාතික පාසල,නිල්දණ්ඩාහින්න-නුවර එළිය.
ඉතා ඈත ඉතිහාසයකට උරුමකම් කියන වර්ථමාන ශ්‍රී සුමංගල ජාතික පාසල ක්‍රි.ව 1864 වර්ෂයේ දී ආරම්භ වූ අතර ප්‍රථම විදුහල්පතිවරයා වූයේ ඒ.ඩි ඉෂෙඩ් සිරිවර්ධන මහතා ය.ආරම්භයේ දී ඉතා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවකින් ආරම්භ වූ මෙම විදුහල මිශ්‍ර පාසලක්ව පැවති මුල් යුගයේ "නිල්දණ්ඩාහින්න රජයේ පාසල" යනුවෙන් නම් කෙරුණු අතර,මෙම පාසල සතුව එවකට තිබුනේ එක් ගොඩනැගිල්ලක් පමණි.පසුකාලීනව මෙම විදුහල පිරිමි හා ගැහැණු වශයෙන් කොටස් දෙකකට වෙන්කර පවත්වාගෙන යන ලදී.පිරිමි පාසල වර්ථමාන මෙම විද්‍යාලයේ ආනන්ද ශාලාව පිහිටි ස්ථානයේ පවත්වාගෙන ගිය අතර ගැහණු පාසල නිල්දණ්ඩාහින්න නගරයේ සමූපකාර ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ පවත්වාගෙන යන ලදි.ගැහණු පාසලේ ආරම්භක විදුහල්පතිනිය වූයේ මීගස්දෙණිය මහත්මිය වූ අතර,පසුකාලීනව වැරැල්ලගම මහත්මිය විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරන ලදි.
ඉන් පසු නැවතත් මෙම විදුහල මිශ්‍ර පාසලක් බවට පත් කෙරුණු අතර ක්‍රමයෙන් දියුණුව කරා පිය නගන්නට විය.රජයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය මෙම පාසල සදහා එවකට පැවති රජයෙන් ගොඩනැගිලි කිහිපයක් හා විද්‍යාගාරයක් ලබා දෙන ලදි.ශ්‍රී සුමංගල යන නාමය මෙම පාසලට ලබා දීමට හේතු වූයේ එවකට මල්වතු පාර්ශ්වයේ මහානායක පදවිය හෙබ වූ මෙම පාසලේ ආදි ශිෂ්‍යයකු වූ "අඹන් ඇල්ලේ ශ්‍රී සුමංගල" නායක ස්වාමින්වහන්සේට උපහාර පිදීම සදහා ය.මෙම කාර්යයේ දී පුරෝගාමී ව කටයුතු කරණ ලද්දේ එවකට වලපනේ පාර්ලිමේන්තුමා වශයෙන් කටයුතු කළ ටි.බි.එම් හේරත් මැතිතුමා ය.
රමික විකාශනයක් පෙන්නුම් කරන මෙම පාසල පසු කාලීනව 'මහා විද්‍යාලයක් බවට පත් වූ අතර '1982 දී මධ්‍ය මහා විද්‍යාලයක්' බවට පත් කරණු ලැබීය. "1993 වර්ෂයේ දී මෙම පාසල ජාතික පාසලක්" දක්වා දියුණු වූ මෙම පාසලේ ප්‍රගතිය වෙනුවෙන් අතීතයේ සිට වර්ථමානය දක්වා උරදුන් විදුහල්පතිවරුන් ගණන 28ක් පමණ විය.
අතීතයේ සිට මේ දක්වා රටට දැයට විශාල සේවයක් කර ඇති විදුහල අප රටට අවශ්‍ය උගතුන් හා බුද්ධිමතුන් රාශියක් බිහිකර ඇත.ඒ අතර දොස්තරවරුන්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්,පරිපාලන නිලධාරීන්,දක්ෂ කලා ශිල්පීන්,ගුරුවරුන්,ගෞරවණීය සංඝයා වහන්සේලා ආදීන් වේ.එදා මෙදා තුර විදුහල් පියසේ සෙවන ලැබූ සැමගේ ගෞරවයට පාත්‍ර වූ පැරණි පාසල් බුදු මැදුර ඉදිකරණ ලද්දේ එවකට විදුහල්පති තුමා වූ එදිරිසූරිය මහත්මා විසිනි.
වර්ථමානයේ භෞතික සම්පත් හා මානව සම්පත් වලින් පෝෂණය වූ ශ්‍රී සුමංගල ජාතික පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව මේ වන විට 2500ක් පමණ වන අතර ආචාර්ය මණ්ඩලය වශයෙන් 85ක් පමණ කටයුතු කරණු ලැබේ.රටට දැයට උගතුන් බිහිකිරීමෙහිලා මුලික පරමාර්තය ඇති මෙම පාසල "නොනැවතී ඉදිරියට" යන තේමා පාඨය මුල් කරගෙන කලාපයේ මෙන්ම මුලු රටේ ම ඉතා කීර්තිමත් පාසලක් බවට ද පත්ව ඇති බව ඉතා සතුටින් ප්‍රකාශ කර සිටින්නෙමු.
තොරතුරු සම්පාදනය: විශ්‍රාමලත් පාඨශාලාරිණී සුමනා නානායක්කාර මහත්මිය සමගින් උපුල බී දසනායක.
සැකසුම : W.M නිලන්ත චින්තක ( 2012 AL )