Anusha Jayatissa
== නුර්ති නාට්‍ය සම්ප්‍රදාය =
සංස්කරණයනුර්ති බිහි වන්නේ නාඩගම් කලාවේ පිරිහීමත් සමකාලීනව සමාඡ පරිසරයේ ඇතිවන වෙනස්කම්ද පාදක වීමෙනි. 1850 පසු මෙරට පාලන භාෂාව ඉංශ්‍රීසි වීමත් ,ඉංශ්‍රීසි පාසල් වලට සමාන ඉංග්‍රීසි පාසල් මෙරට ස්ථාපිත වීමත්,ඉංශ්‍රීසි පාලන නිළධාරීන් හා ඔවුන්ගේ හමුදා පිරිස ව්‍යාප්ත වී තිබීමත් යන කැරණු නිසා මෙම පිරිස් වල ආශ්වාදය උදෙසා විවිධ විදෙස් රටවල නාට්‍ය සර්කස් සංගීත කණ්ඩායම් වරින්වර මෙරටට ගෙන් වීම සිදුවිය. 1877 දී බලිවාලා නම් පාර්සි ඡාතික සංගීතඥයා ඇතුළුඑල්පින්ස්ටන් ඩ්‍රැමටික් කම්පැනි නම් වූ කණ්ඩායම එලෙස මෙරටට පැමිණි නාට්‍ය කණ්ඩායම් වලින් ඉදිරියට ගිය අතර අපේ රටේ පැවති එවකට රසිකයා වඩා ආකර්ෂණයට පත් කල නාට්‍ය කණ්ඩායමද විය. මෙම තත්ත්වය මත 1870 සිට පිරිහෙමින් තිබූ නාඩගම් සම්ප්‍රධායත් ඉංග්‍රීසි යුගයේ ඇති වූ ආර්ථික සමාඡික හා සංස්කෘතික වෙනස්කම් වලට ගැලපෙන උචිත නාට්‍ය ක්‍රමයක් සකස් කර ගැනීමේ සමාඡ අවශ්‍යතාවක් උදා වී තිබුණි. ඒ සදහා ගත හැකි ක්‍රීයාමාර්ග දෙකක් විය.
1 විවිධ දුෂිත ලක්ෂණ නිසා එවකට පිරිහෙමින් තිබූ දේශීය නාඩගම් ක්‍රමය කාලානුරූපීව ප්‍රතිසංස්කරණය කර ගැනීම
2 මේ වන විට බිහිවෙමින් පැවති විවිධ රංගන විලාස ඇසුරෙන් කාලයට උචිත වෙනත් නාට්‍ය වර්ගයක් සම්පාදනය කර ගැනීම
නූර්ති කලාවේ පුරෝගාමියා වූ සී .දොන් බසිතියන් ජයවීරයන් බිහි වන්නේ මෙම අභියෝගය හමුවේය. ඔහු ව්සින් තෝරාගනු ලැබූ මාර්ගය වූයේ මෙහි දෙවන ක්‍රමයයි.
සංගීත ආරෙන් පමණක් නොව නාට්‍ය සම්ප්‍රදාය වෙනස් කිරීම මගින් නාට්‍ය කලාවේ ඉදිරියට යාමක් සිදු නොවන බව අවබෝධ කරගත් දොන් බස්තියන් නාට්‍යකරුවා නාඩගමෙහි සමස්ත ආකෘතිය පමණක් නොව අන්තර්ගතයේ පුළුල් වෙනස්කම් ඇති කිරීමට පියවර ගත් බව පෙනීයයි. පාර්සි නාට්‍ය අනුගමනය කල යුරෝපීය නාට්‍ය රීතිය නිසා නූර්ති වලද එම බලපෑම ඇති වීම නොවැලැක්විය හැකි විය. මේ නිසා වන නාට්‍ය ලක්ෂණ රාශියක් නූර්ති සමග වැඩෙන්නට විය.
1 රැයක් පුරා හෝ දින කීපයක් පෙන්වූ නාඩගම් ආකෘතිය වෙනස් කොට නූර්තිය පැය 03කට සීමා කිරීම.
2 නාඩගම් වල ස්ථාවර පාත්‍රයන් වූ පොතේගරු, සෙල්ලම් ළමා , හා බහුබූතයා යන චරිත ඉවත් කර ඒ වෙනුවට කවටයෙත් යොදා ගැනීම.
3 නාට්‍යෙයේ ජවනිකා වෙන් කිරීමට චිත්‍ර ඇදි තිර භාවිතා කිරීම.
4 හින්දුස්ථානී රාග තාල වලට සම්පාදනය වූ සින්දු ශෛලියක් අනුගමනය කිරීම .
5 ගෘහස්ත රගමඩලක් මත අවස්ථා නිරූපනයට අවශ්‍ය යාන්ත්‍රික උපකරණ යොදාගැනීම .
නූර්ති රංග සම්ප්‍රධදායේ පුරෝගාමියා වූ දොන් බස්තියන් ජයවීරයන්ගේ ප්‍රථම නූර්තිය වූ කලී "රොලීනා "ය. කෙසේ උවද "රොලීනා "හි ඉහත දක්වන ලද සියළු වෙනස්කම් නොතිබුණි .
ප්‍රථම නූර්තියක් ලෙසට එහි නාඩගම් හෝ නූර්ති යන නාට්‍ය වර්ග දෙකම සම්මිශ්‍රණ කොටගත් රංග ශෛලියක් යොදාගත් බව පෙනේ. කතෘවරයාම පවසන පරිදි රොලීනා නාටකයේ කථා වස්තුවද ඉංශ්‍රීසි සාහිත්‍යයෙන් උපුටාගත් එකකි. බස්තියන් ජයවීරයන් අතින් නිෂ්පාදනය වූ නූර්ති අතර පහත සදහන් නූර්ති වැදගත් වේ.
නූර්තිය | නිර්මාණය වූ වර්ෂය |
---|---|
රොම්ලින් | 1884 |
රෝමියෝ සහ ජුලියට් | 1884 |
ප්‍රෑන්ක්ලෝ සහ ඉංගර්ලි | 1884 |
පෝටියස් සහ වැලන්ටයින් | 1884 |
ලියොනයින් සහ එම්ලින් | 1885 |
සිංහබා | 1888 |
ෂූලා හෙවත් කපටි බෑනා | 1888 |
ස්වර්ණතිලකා | 1898 |
සුදාස සහ ශාලනී | 1888 |
දිනතර |
බස්තියන් ජයවීරයන්ගේ නූර්ති දෙස සමස්තයක් ලෙස බලන කල සමකාලීනව ජනප්‍රිය වූ ශේක්ෂ්පියර් ප්‍රමුඛ යුරෝපීය නාට්‍යකරුවන්ගේ නිර්මාණවල මෙන්ම ඉන්දීය කථා වල ආභාෂය ලබා ගනිමින් තරුණ තරුණියන් මෙන්ම විවාහ ගිවිසගත් පුරුෂයන් හා කාන්තාවන් අතර ඇති වන්නාවූ විවිධ ප්‍රේම කථා හා ඒවා සමග බැදුණු, විරුද්ධ බලවේග , අනපේක්ෂිත සිදුවීම් ආදියෙන් යුත් රොමෑන්ටික් නාට්‍ය රචනා කිරීමට ඔහු යොමු වූ බව පෙනේ. මේ වන විට උඩරට නාගරික සිංහලයන් අතර මෙම ප්‍රවනතාව ජනප්‍රියව පැවතීම නූර්ති කලාව ව්‍යාප්ත වීමට හේතු විය. මුල් නූර්ති වලින් ලාංකික සංස්කෘතිය පිළිබිඔු නොකරන බවටත් සංකර දුර්වල නාට්‍ය වර්ගයක් ලෙසටත් විවේචන එල්ල විය.
ජෝන් ද සිල්වා
දොන් බස්තියන් ජයවීර නාට්‍ය ශිල්පියාගේ පසුව නූර්ති කලාව සමග වැඩුණු සිංහල නාට්‍ය සංස්කෘතියේ ප්‍රවර්ධනය සදහා කැප වූ ප්‍රධාන ශිල්පියා වන්නේ ජෝන් ද සිල්වා මහතාය. නූර්ති කලාව සිංහල නාට්‍ය කලාවේ නාට්‍ය ආකෘතිය මෙන්ම සංගීත කලාවක් පිළිබද බලපෑමක් ඇති කිරීමට මුල් වූයේ ජෝන් ද සිල්වාගේ නූර්ති නාට්‍ය නිෂ්පාදනවල ප්‍රබෝධයයි.
ඔහුගේ නූර්ති රංග සම්ප්‍රදායෙහි සුවිශේෂී ලක්ෂණ රාශියකි.
1 සංස්කෘත රංග කලාවේ ආවේනික ලක්ෂණ යොදා ගැනීම.
2 පාරම්පරික දේශීය සංස්කෘතික උරුමයන් පාදක කොටගැනීම.
3 සිංහල භාෂාව, සාහිත්‍ය පෝෂණය මගින් දේශීය චින්තනයක් දැල්වීම
4 මනෝ ලෝකයෙන් ඈත් කරවන්නාවූත් , පියවි ප්‍රේක්ෂක කුතුහලය හා රසය ජනනය කරන්නාවූත්, කථා පුවත් තෝරා ගැනීම.
5 ප්‍රබල චරිත නිරූපන ආදර්ශ කොට ගැනීම.
මෙබදු ලක්ෂණ වලින් හෙබි ජෝන් ද සිල්වාගේ නාට්‍ය නිර්මාණ මහාචාර්ය විමල් දිසානායකයන් විසින් කොටස් පහකට වර්ග කොට දක්වයි.
1 ලංකා ඉතිහාසය පදනම් කොටගත් නාට්‍ය
I. දස්කොන්
II. පරංගි හටන
III. සිරිසගබෝ චරිතය
IV. දුටුගැමුණු චරිතය
V. අලකේශ්වර චරිතය
2 සාම්ප්‍දායික බෞද්ධ කථා ඇසුරු කරගත් නාට්‍ය
I. වෙස්සන්තර ජාතකය දෘෂ්‍ය කාව්‍ය
II. කුස ජාතක දෘෂ්‍ය කාව්‍ය
III. විධුර ජාතක දෘෂ්‍ය කාව්‍ය
3 චිරන්තන සංස්කෘත සාහිත්‍ය ඇසුරු කරගත් නාට්‍ය
I. සීතාභරණ
II. ශකුන්තලා නාට්‍යය
III. රත්නාවලී නාට්‍යය
IV. නාගානන්ද නාට්‍යය
V. උත්තරරාම චරිතය
4 ඉංශ්‍රීසි නාට්‍ය වල අනුවාද
I. ඔතැලෝ
II. හැම්ලට්
III. වැනිසියේ වෙළෙන්දා
4 කාලීන සමාජ අත්දැකීම් පදනම් කොටගත් නාට්‍ය
I. පරාභව නාටකය
II. මරණානුස්මති ප්‍රකරණය
III. සිංහල භාෂා ප්‍රකරණය
නූර්ති යුගයේ නළු කලාව
සිංහල නාට්‍ය වංශයේ රංගන ශිල්පීන් පිළිබද නාඩගම් කලාවෙන් ලැබෙන තොරතුරු අල්පය. නාට්‍ය රචකයන් මිස නළු කලාවන් පිළිබද මේ සමයේ විශේෂ අවධානයක් යොමුවූ බව නොපෙනේ. සිංහල නාට්‍ය කලාවේ නළු කලාවක් ඉස්මතු වන්නට පටන් ගනු ලැබුවේ නූර්ති යුගයේදීය. එදා පිරිසිදු ලිඛිත සාක්ෂි සහිතව නාට්‍ය පිටපත් සමග ඉදිරිපත් වූ නළු නාම ලේඛන පිළිබද තොරතුරු අප්‍රකටය. කෙසේ උවද සමකාලීන නූර්ති රචකයන් හා රංග ශිල්පීන් පිළිබද වෙනත් වාරතා වල තොරතුරු දක්නට ඇත. මෙකල විසූ ප්‍රධාන නළුවන් අතර ,
I. වී.තී.ජී. මර්තේලිස් ප්‍රේරා
II. එම්. ඩබ්. ජේමිස් ප්‍රේරා
III. ලෝරන්ස් ප්‍රේරා
IV. ඩී. බර්තොලොමියුස්
V. ආර් එඩ්වින් ප්‍රේරා
VI. ඕදිරිස් අප්පුහාමි
VII. ජෝගි පෑලිස්
විකට නළුවන් ලෙස
I. ජෝන් ප්‍රේරා
II. මාටිනස් ප්‍රේරා
III. රොමානිස් ප්‍රේරා
IV. මයිකල් පෙරේරා
V. අර්නෝලිස් අප්පුහාමි
කාන්තා චරිත නිරූපණය කල නළුවන් අතර
I. ඇන්ඩෘ පෙරේරා
II. පර්සි පෙරේරා
III. එච්. ඒ මාර්ෂල් පෙරේරා
IV. ඩබ්. සිල්වෙස්ටර්
V. එස්. බී රෙජිනෝල්ඩ් පෙරේරා
අවසාන අවධියේ එනම් 1911 පසු කෙලින්ම කාන්තා චරිත නිරූපණය කල නිළියන් අතර,
I. ලක්ෂ්මි බායි
II. සෝම කාන්තා
III. නෝනා සුබේයි
IV. ඇනී බොතේජු
V. සරස්වතී බායි
VI. පර්ල් දිසානායක
ආදී නූර්ති නළු නිළියන් වැදගත් තැනක් උසුලයි.
නූර්ති සංගීතය
ගී රසය අතින් අතිශයින්ම කන්කළු උවද නූර්ති සංගීතය නාඩගම් සංගීතය තරම් නාට්‍යෝචිත නොවේ."නූර්ති සංගීතය නාට්‍ය කලාව කෙරෙහි ආරෝපණය කරන ලද්දකි. එය බොහෝවිට නාට්‍ය රසය වෙනුවට නාට්‍ය සිරුරට පළදන ලද භාහිර ආභරණයක් සේ පැවතුනක් මිස ,මුඛ්‍ය වූ නාට්‍ය රසයක් උද්දීපනය කරනු පිණිස යොදන ලද්දක් නොවේ. නූර්තිය නරඔන්නට ගිය ප්‍රේක්ෂකයින්ගේ සිත් ගත්තේ නූර්තිය බලා ආපසු ගියවිට ඔවුන්ගේ සිහියෙහි රදා තිබුනේ නාට්‍යමය අවස්ථාවන් නොව නළුවෙක් හෝ නළියක් ගැයූ ගීතයකි." මුල් කාලයේදී නූර්ති සංගීතය සපයනු ලැබුවේ රව්කිඤ්ඤ හා ඩෝල් වලිනි. ඇතැම්විට තාලම්පට හා ලෝහමය ත්‍රිකෝණයක්ද තාල තැබීමට පරිහරණයට ගන්නා ලදි. ශ්‍රැතිය නාද කිරීමට මුලදී පාවිච්චි කරන ලද්දේ එළු බොක්කෙන් සාදන ලද කළා වෙසෙසකි. පසුව මේ සදහා හාර්මෝනියම හෙවත් සර්පිනාට යොදාගනු ලැබිණ. තියටරු යුගයෙහිදී ප්‍රධාන තූර්ය භාණ්ඩය සර්පිනාවයි. ඩෝලය වෙනුවට තබ්ලාව භාවිතා කෙරුණි. මන්ද්‍ර සප්තකයෙහි ෂඩ්ජ ස්වරය ශ්‍රැතිය වශයෙන් නිතරම නාද කරන ලදි. වයලීනය නාද කරනු ලැබුවේ උච්ච සප්තකයෙහිය.
නූර්තියේ පිරිහීම
නූර්ති ප්‍රථම සිංහල නාට්‍ය කලාවක් ලෙස ආරම්භ වී කාලීන ජාතික ප්‍රබෝධය දැල්වීම සදහා උපයෝගී කරගත් මෙවලමක් ලෙස වටිනාකමක් ඇතත්, කෙටි කාලයකින් එය පිරිහී යාමට එම සම්ප්‍රදායෙහි පැවති දුර්වලතාම හේතු වූ බව කිව හැක. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් නුර්ති පිළිබද ගුණදොස් විමසමින් කරුණු කිහිපයක් දක්වා ඇත. ඒවා මෙසේ සාරාංශ කල හැකිය.
1 භාරතයේ නූතන නගරවල විසූ භින්න රුචික ප්‍රේක්ෂකයින්ගේ විනෝද මාර්ගයක් ලෙස වැඩුනු සංකර කලාවක් ආදර්ශ කොට හැඩ ගැසීමට සිදුවීම සිංහල නූර්තියේ ප්‍රථම අභාග්‍ය විය.
2 නූර්ති ක්ෂේත්‍රෙයේ ලේඛකයන් අතර නාට්‍ය සන්දර්භය පිළිබද හසල බුද්ධියකින් යුත් රචකයන් දුර්ලභ වීම.
3එතෙක් නාඩගමෙහි තිබූ සුවිශේෂි නාට්‍ය ධර්මී රංග ශෛලිය ඉවත් කර සියල්ල තත්වාකාරයෙන් නිරූපණයට සැලසුම් කිරීම.
4 ගද්‍ය සංවාද මෙන්ම ගීත ගායනයේදී කිසිදු රීතියක් අනුගමනය නොකොට දෙවර්ගයේම සංකලනයෙන් අසංවිහිතව ඉදිරිපත් කිරීම
5 කථාව ඉදිරිපත් කිරීමට මිස මනා වූ නාට්‍යමය අවස්ථා ඉස්මතු වන ආකාරයට පෙළ රචනා නොවීම . 6 නාට්‍ය රසය විසිරී යන අයුරින් අනවශ්‍ය ලෙස ජවනිකා යොදා ගැනීම
7 අනුවිත ලෙස ගී සින්දු බහුලව යොදා ගැනීම සහ නාට්‍ය රසයට වඩා ගීත රසය ඉස්මතු වීම
8 සමකාලීනව විචාරවත් රසික පිරිසක් නොසිටීම.
මීට අමතරව
I. අනවශ්‍ය ග්‍රාම්‍ය විහිළු යොදා ගැනීම.
II. නූර්ති නිර්මාණය කිරීම, එක් එක් සමාගම් යටතේ තරගකාරීව සහ වාණිජ පරමාර්ථයේ සිදුවීම නිසා ප්‍රධාන නාට්‍යකරුවන් අතර ඇතිවූ භේදකාරී තත්වය නිසා එය ඉදිරියට පවත්වාගෙන යා නොහැකි වීම.
III. ද්වී භාෂිත මධ්‍යම පන්තියක් විසින් පවත්වාගෙන ගියත් මෙම නාට්‍ය කලාව ඔවුන් වීසින්ම ප්‍රතික්ෂේප කිරීම.
IV. ඉංශ්‍රීසි පාලකයන්ගෙන් මෙම නාට්‍ය කලාවට කිසිදු අනුග්‍රහයක් නොලැබීම.
යන සාධක නූර්ති කලාව පිරිහීම කෙරෙහි බලපෑ සාධක ලෙස හදුනාගත හැකිය.
ආශ්‍රිත ග්‍රන්ථ
1 සිංහල නාට්‍ය වංශය, ප්‍රථම භාගය, විජේරත්න පතිරාජ , 2007
2 ජෝන් ද සිල්වා සහ සිංහල නාට්‍ය , මහාචාර්ය විමල් දිසානායක
3 සිංහල ගැමි නාටකය , මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ,1968
4 ජෝන් ද සිල්වා නාට්‍ය එකතුව , ප්‍රථම භාගය , මහාචාර්ය සුනිල් ආරියරත්න