සමන් ජයසිංහ
විනාශ වී යන මිරිස්ස සමුද්රලගිරි විහාරයේ බිතු සිතුවම්
ගාල්ල මාතර පරිරිධාන මාර්ගයේ මිරිස්ස රජයේ රෝහල අසලින් දිවෙන අතුරු මාර්ගය දිගේ මීටර් දෙසීයයක් පමණ ගිය විට දර්ශනීය පොල් වත්තක පිහිටි මෙම පුරාණ රජමහා විහාරය හමුවේ.
භූමි භාගයේ උසම ස්ථානයේ පරාසී කාරයෙන් වටකොට ඉදි වූ ඓතිහාසික බිතුසිතුවම් රැගත් විහාර මන්දිරය ද චෛත්ය හා බෝධීන් වහන්සේ ආදී පූජණීය ස්ථාන ද එහි පහත බිම් කඩෙහි සංඝාවාස, පොත්ගුල, ධර්ම ශාලාව හා සීමා මාලකය ආදී ගොඩනැගිලි ද වේ. අතීතයේ සිට මහනුවර අවධිය තෙක් පහත රට පරචෛතධානත්වයේ පැවති පූජණීය ආගමික ගොඩනැගිලි ඇති ස්ථාන වශයෙන් පරවධිසිද්ධ වැලිගම අගරොොලබෝධි විහාරය හා දෙවුන්දර අතර ස්ථානයක පිහිටි මෙම විහාරය ආගමික ගොඩනැගිලි සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක ලිඛිත සාධක හමුනොවූවත් එකළ ගිහි සමාජයට වටිනාකමක් නොතිබූ සමුද්රා සන්නයේ වූ කැලෑ හා කඳු පෙදෙසක ජීවත් වූ භූමියේ ආගමික කටයුතු ඉටුකිරීමට හා වාසස්ථාන වශයෙන් භාවිතය උදෙසා භික්ෂූන් වහන්සේලා විසින් පවත්වාගෙන ආ කුඩා විහාරයක් තිබූ බවට ව්යෙවහාරයේ එන කථා පිළිගත හැක. මෙම බිම් කඩෙහි වූ වෙහෙර වහන්සේ නමක් මුහුදු ඛාදනයට හසුව විනාශ වූ බවත් ඒ නිසා වෙහෙර + ගිල්ල වෙහෙරගල්ල වශයෙන් පසුකාලීනව ව්යදවහාරයට පැමිණි බවත් පිළිගත හැකි ජනපර ිවාදකි.
1882 වසර සටහන් විහාර භූමියේ පිඹුරුපත් ද 1848 ඔක්තෝබර් 10 වන දින හා එම කාලයට සමීප තවත් පුස්කොළ පොත් ලේඛන ද ඒවායේ සඳහන් ගරා`ඩුවේ එදෝසිත්තරේ සහ දෙනිපිටියේ සිත්තරේගේ නම් සටහන් ද බුදු මැදුරේ දොරටුවක සඳහන් 1891 වසර ද එම බුදු මැදුර යට තට්ටුවක පෙර සිතුවම් කොටස් ද බිම් සකස් කිරීමේ දී පෙර තිබූ බුදු මැදුරක පාදම සහ වර්ණ සහිත සිතුවම් බදාම කොටස්ද ඕලන්ද ආදී කාසි ද විහාරය වටා ඉදිකර තිබූ පරාාදමකාර බැම්ම දිරාපත් වීමෙන් නැවත සකස් කිරීමට කැණීමේදී හමු වූ ලෝහමය පිළිමය ද ගරා වැටුණු චෛත්යයක නටඹුන් ද අතීතයේ සිට ව්යෙවහාර වන වෙහෙරගල්ල යන නම ද අනුව 18 වන සියවසේදී මෙම ස්ථානයේ විහාරයක් තිබූ බව තහවුරු වේ.
වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගෙන් උපසම්පදාව ලැබූ තිලානගම බුද්ධරක්ඛිත හාමුදුරුවන් තිස්සමහාරාම වන්දනාවේ යන අතර මිරිස්ස අම්බලමේ රාතරීඅ නවාතැන් ගත් බවත් එහිදී පරහා දේශවාසීන් උපස්ථාන කර නටඹුන් වූ විහාරයක් තිබූ වෙහෙරගල්ලේ වැඩවසන ලෙස කරන ලද ආරාධනාව පිළිගෙන එහි වැඩ විසූ බව එතැන් සිට වර්තමානය දක්වා සඝ පරපුර අඛණ්ඩව දිව යමින් පවතී.
යුරෝපීය පාලනය උකහා ගත් ගෘහනිර්මාන ඇතුළු සංස්කෘතික අංගයන්ද තමන්ට ගැලපෙන පරිදි සකස් කර ගැනීමෙන් අනන්යතතාවයක් නිර්මාණය කළ පහතරට බෞද්ධයෝ නුවර සම්පරසකසදායේ ආභාසය ලබමින් තම ස්වාධීන කලා ලක්ෂණ ඇතුළත් නිර්මාණ බිහිකිරීමට සමත් වූහ. මිරිස්ස වෙහෙරගල්ල විහාරයේද 18වන සියවසේ අගභාගයේ ගොඩනගා ගත් ගෘහ නිර්මාණ ශිල්ප චිතර ග කලා ලක්ෂණ ඇතුළත් වූ පහතරට විහාරස්ථානවලින් එකකි. සදෙව් ලෝකයේ සිට සෑයට ගිනි තැබීම දක්වා බුදු සිරිත තුළ චිතර ඇත දැක්වේ. සිතුවම් සඳහා රූප ලක්ෂණ ඇතුළත් වීමට පර ග ථම ආසන්න යුරෝපයේ යුරෝපීය සංස්කෘතිය තුළ තිබූ ලක්ෂණ අතුළත් ගෘහ නිර්මාණ, ඇඳුම් පැළඳුම්, නැටුම්, නක්ෂස්තරතිබ, විවිධ රසවර්ග ද, 19 වන සියවසේ පහතරට සංස්කෘතික ලක්ෂණ ඇතුළත්ව නුවර යුගයේ බන්ධනයන්ට වෙනස් විශාලත්වයෙන් වැඩි වූ වර්ණයන්ගෙන් ගහණ වූ පැතිලි රූප රේඛා සම්පරයන්ධායක් මෙහි ඇත.
සමුද්ර්ගිරි විහාරයේ චිතරරේ කරුණු දෙකක් නිසා විශේෂ අගයකින් යුක්ත වන බව මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා පවසයි. පළමුවැන්න 18, 19 වන සියවස්වලට අයත් වෙනත් බොහෝ විහාරස්ථානවල මෙන්ම මෙම චිතරපර නවීකරණය කර නොමැති වීමයි. දෙවැන්න රුහුණේ මාතර සම්පර්ථාදායට අයත් බිතුසිතුවම් සමූහයක් මෙහි හොඳ තත්වයෙන් ආරක්ෂා වී තිබීමයි. මිරිස්ස සමුද්ර්ගිරි විහාරයේ විහාර මන්දිරය තුළ බිතුසිතුවම් ඇතුල් ගර්භයේ සහ පිට ගර්භය තුළ චිතරගිරණය කොට තිබේ. විහාර මන්දිරයේ ඇතුල් ගර්භය තුළ සිතුවම් දැනටමත් හොඳ තත්වයේ තිබේ. එහෙත් එම විහාරයේ පිට ගර්භයේ ඇතුල් පැත්තේ තිබෙන සිතුවම් මුලූමනින්ම හදුනාගත නොහැකි අන්දමින් විනාශයට පත්වී තිබේ. පිටත ගර්භයේ බිත්ති හතරේ සිතුවම් තව නොබෝ කලකින් මුලූමනින් හානිවී යාමට ඉඩ තිබේ. මෙම විහාරයේ සිතුවම්වල පරතු තිසංස්කරණයක් දක්නට නොමැත. එම හේතුව මෙම විහාරයේ සිතුවම් හායනයවීමට බලපාන ලද එක් හේතුවකි. වසරෙන් වසර හෝ හායනය වන සිතුවම් දෙස විමසා බලා පරිත තිසංස්කරණය කටයුතු සිදු කළේ නම් එතරම් හානියක් සිදු නොවේ.
විහාරස්ථානය තුළ බිතුසිතුවම් බොහොමයක් හානි වී තිබෙන්නේ පතුරුගැලවීම හේතු කොටගෙනය. සෑම සිතුවම් සහිත කොටසක්ම පතුරු ගැලවීමට භාජනය වී සුදු පිරියම් බිත්ති පමණක් දක්නට ලැබේ. බිත්තිය මත යාන්තමින් හෝ අතපය ගෑවීමකින් පතුරු ගැලවී යන ස්වභාවයක් දක්නට ලැබේ. පතුරු ගැලවීමට අමතරව සිතුවම් ආලෝකයට හෝ වෙනයම් කරිස යාවකට මැකීයන ස්වභාවයක් දක්නට ලැබේ. පිටත ගර්භයේ බිත්ති මත බොහෝ තැන්වල සිතුවම් සම්පූර්ණයෙන්ම මැකී ගොස් ඇත. මෙය පරවම්භල හායනකාරකයකි. ඒ කෙසේද කිවහොත් මැකීයාම, සිතුවම් හඳුනාගැනීමට පරක් භල තර්ජනයක් වේ. බිත්ති පිපිරීම ද සිතුවම්වලට හානි ගෙනදෙන ස්වරූපයක් දක්නට ලැබේ. බොහෝ ස්ථානවල බිත්තියේ විශාල පිපිරුම් ලක්ෂණ දක්නට ලැබේ. මෙම පිපුරුම් සහිත පර ාරදේශ පරහෝ තිසංස්කරණය කළ බවක් දක්නට ලැබෙන අතර මෙය පුරාවිද්යාප දෙපාර්තමේන්තුව මගින් කර තිබේ. එහෙත් එම පර පිතිසංස්කරණය කරන ලද බිත්ති පිපුරුම හොඳින් කැපී පෙනෙයි. එම පරබේ තිසංස්කරණ වල නිමාවක් දක්නට නොමැත. බිත්තියේ බොහෝතැන් සිතුවම් සමඟ කැඞීගොස් තිබේ. සමහර ස්ථානවල සිමෙන්තියෙන් කුස්තුර පිරවීම් දක්නට ලැබෙන අතර සිතුවම්වලට කිසිසේත් ගරු සැලකිල්ලක් දක්වා නොමැත. එපමණක් නොව බිත්තියේ බොහෝ කැඞී බිඳී ගිය ස්ථාන සංරක්ෂණ උපදෙස්වලින් තොරව සිමෙ න්ති බදාමයෙන් බැඳ සිතුවම්වලට හානිකර තිබෙන අයුරු දක්නට ලැබේ.
පෙර පරදක තිසංස්කරණ කටයුතු සඳහා බිත්තියේ සමහර කොටස් කැඞී බිඳී ගිය තැන් බදාම යොදා සකස් කර ඇති අතර එහෙත් ඒ මත සිතුවම් චිතරබැ ණය කර නොමැත. එම පරය තිසංස්කරණ කටයුතුද පුරාවිද්යා දෙපාර්තමේන්තුව මගින් කර ඇති අතර එය ද අතරමඟ නවතා දමා තිබේ. විහාරස්ථානයේ බිත්ති මත රන්කුඹලූන් ගෙවල් බැඳීම නිසා ඔවුන්ගේ ඉටි වැනි ස්වභාවය සිතුවම් මත පතිත වීමෙන් එම සිතුවම් විනාශයට ලක්වන අයුරු දැක ගත හැකිවේ.
පිටත ගර්භයේ බිත්ති මත තිබෙන හායන කාරකවලට අමතරව සිවිලිමෙහි සිතුවම් ඇඳ තිබෙන ලී පටි ගැලවීයාමෙන් එම සිතුවම්වලට විශාල හානියක් සිදු වී තිබේ. සිතුවම් සහිත සිවිලිමෙහි විශාල සිදුරු දක්නට ලැබේ.
ඉහත දක්වන ලද ආකාරයට මෙම විහාරස්ථානයේ සිතුවම්වලට හායන කාරක බොහොමයක් බලපා ඇති අතර එම හායනකාරකයන්ගෙන් මෙහ සිතුවම් ආරක්ෂා කර ගැනීම අප සතු යුතුකමකි.
විශේෂ ස්තූතිය:- විහාරාධිපති පූජ්යු තාරපේරියේ සරණසිරි හිමි, වෙහෙරගල්ල සමුද්ර:ගිරි විහාරය, මිරිස්ස. සටහන:- සමන් ඉන්දික ජයසිංහ ශාස්ත්රෙදව්දී (විශේෂ) දෙවන වසර පුරාවිද්යාක අධ්යකන අංශය කැලණිය විශ්වවිද්යා ලය