කෑගල්ල සිංහල වෙළඳ සංගමය
අංක 328, ප්‍රධාන වීදිය, කෑගල්ල, 71000, ශ්‍රී ලංකාව
කෑගලු සිංහල වෙළෙඳ බල මණ්ඩලය
කෑගල්ල නගරයේ ව්‍යාපාරිකයින්ගේ සංවිධානයේ නොමැති වීමත්, එවැනි සංවිධානයක වැදගත්කම අදාල වකවානුවේ තදින් දැනීමත් හේතු කොට ගෙන කෑගල්ල නගරයේ ව්‍යාපාරිකයන්ගේ එකමුතුවෙන් සංවිධානයක් අරම්භ කිරීමේ අදහස එවකට කෑගල්ල මහජන බැංකුවේ කළමනාකාරතුමා වූ ආර්.එම් නවරත්න මහතා විසින් යෝජනා කරන ලදි. ඒ අනුව 1990 ජූනි මස 15 වැනි දින කෑගලු නගරයේ ව්‍යාපාරිකයන් කිහිපපලක් සහ කෑගල්ල මහජන බැංකුවේ නිලධාරි මහතුන් කිහිප පලක් ද එක්ව කරගත් සාකච්ඡාවක් අනුව කිසිදු ව්‍යාපාරිකයකු පෞද්ගලිකව හමු නොවී හමුවන අය මාර්ගයෙන් කරන ලද දැනුම්දීම මත 1990 ජුනි මස 16 වැනි දින මෙම සමිතියේ ආරම්භක රැස්වීම් වාරය පවත්වන ලදී. එදින මෙම රැස්වීම සඳහා 54 දෙනෙකු පමණ සහභාගි විය. මෙය සංවිධානය කිරීමේ සම්පුර්ණ ගෞරවය කෑගල්ල මහජන බැංකුවේ කළමණාකාර ආර්. එම්. නවරත්න මහතාට හිමි වෙයි. ඒ මහතා මෙම කෑගලු සිංහල වෙළඳ බල මණ්ඩලයේ නිර්මාතෘවරයා වශයෙන් හැඳින්විය හැක.
කෑගල්ල දිස්ත්‍රික්කය තුල ව්‍යාපාරිකයන්ගේ සංවිධානයන් නොමැති වීමත් එවැනි සංවිධානයන් ඇතිකර ගතහොත් ඉටකරගත හැකි කාර්යය භාරය පිළිබඳවත් පැමින සිටි අයට ආර්. එම්. නවරත්න මහතා විසින් පැහැදිලි කරදෙන ලදී. දේශීය වශයෙන්ද, විදේශීය වශයෙන්ද, ප්‍රාදේශීය වශයෙන්ද ඉටුකරගත හැකි සේවාව පිළිබඳව පැහැදිලි කරදෙන ලදී. දේශපාලන හෝ ජාති භේදයකින් තොරව හෝ මෙය පිහිටුවීමට කටයුතු කිරීම හෝ වෙනත් අයුරකින් පිහිටුවීම පිළිබඳව අදහස් ඉදිරිපත් කොට තීරණයක් ගැනීම පැමිණ සිටි සැමට බැරවීය. ඒ අනුව ජාතීන් අතර සුහදතාවය වැඩිදියුණු කර අප සිංහල ව්‍යාපාරිකයන් සංවිධානය විය යුතු බවට වැඩි දෙනාගේ අදහස විය. මහනුවර, කුරුණෑගල, කොළඹ වැනි ප්‍රදේශවල සිංහල වෙළඳ සංවිධාන පිහිටුවා ඇති බවත් එම නිසා කෑගල්ලේ සිංහල වෙළඳ මහතුන්ගේ සංවිධානයක් ඉහත සඳහන් මෙම නාමයෙන් ආරම්භ කිරීම සිදු විය.
තවද, මෙම සමිති සංවිධානයේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා අවශ්‍ය අරමුදල් වෙනුවෙන් පැමිණ සිටි පහත සඳහන් මහතුන්ගේ පරිත්‍යාග එක්වීය. 1990.06.16 වැනි දින ආරම්භ වූ මෙම සංවිධානයේ ප්‍රථම සභාපතිවරයා වශයෙන් ජී. ඩබ්ලිව්. සෝමරත්න මහතා පත්කර ගන්නට යෙදුන අතර, ආරම්භක භාණ්ඩාගාරික වරයා වශයෙන් ජී. කේ. සමරසිංහ මහතා කටයුතු කලේය. මහනුවර සිංහල වෙළඳ පෙරමුනේ කටයුතු පිළිබඳව අධ්‍යයනය කරන ලදුව එහි ව්‍යවස්ථාව අනුව කෑගල්ලට ගැලපෙන අයුරු සැකසූ ව්‍යවස්ථාවන් ඉතා කෙටි කාලයකදී සම්පාදනය කර ගැනීමෙන් අනතුරුව කම්කරු දෙපාර්තමේන්තුවේ අංක 5410 යටතේ 1991.02.07 වැනි දින ලියාපදිංචි කර ඇත.
- ආරම්භය - 1990 ජූනි මස 16 (පසුව "සී/ස කෑගලු සිංහල වෙළඳ සංගමය" යනුවෙන් ලියාපදිංචි කරන ලදි)
- ආරම්භක කැඳවුම්කරු - කෑගල්ල මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේ කළමණාකාර ආර්.එම්. නවරත්න මහතා
- ආරම්භක ස්ථානය - කෑගල්ල මහජන බැංකු ප්‍රධාන කාර්යාලය
- ආරම්භක සාමාජිකයින් සංඛ්‍යාව - 54
- මුල් දින එකතු වූ අරමුදල - රු.69500.00
- මුල් දසවසර තුළ එක් වූ සාමාජික සංඛ්‍යාව - 231
_____________________________________________________________________________________________________________________
සංවිධානයක් ලෙස තම යුතුකම් සහ වගකීම් අනුව යමින් සාමාජික ව්‍යාපාරිකයින්ගේ සුභ සිද්ධිය උදෙසා නිතරම කැප වී සිටින අප, විවිධ අවස්ථාවන් හමුවේ අප සාමාජික ව්‍යාපාරිකයින් පමනක් නොව ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහ ව්යාපාරස්ථානයේ සේවකයින් වෙනුවෙන් පවා විවිධ වැඩසටහන් සහ හමුවීම් රාශියක් මේ වන විට සිදු කොට ඇත.
තවද කෑගල්ල නගරයට සහ නගරයට පැමිනෙන පාරිභෝගික ජනතාවගේත් පොදු යහපත තකා විවිධ කටයුතු රශියක් මේ වන විට සිදුකොට ඇත.
දසක ගනනාවක් මුලුල්ලේ අප ආ ගමන විවිධ බාධක සහ ගැටලු විසඳාගනිමින් අද වන විට කෑගල්ල නගරයේ සිව්මහල් ගොඩනැඟිල්ලකට හිමිකම් කීමට සහ එම ගොඩනෑගිල්ලේ සිව් වන මහලේ අප සංගම් කාර්යාලය පිහිටුවා ගැනීමට හැකිවීම අපට ඉමහත් ආඩම්බරයකි. ගොඩනැගිල්ලේ අනෙක් මහල් සියල්ලම කුලී ආදායමක් ලබාගන්නා තැනට පත්කොට අප මාසිකව සැලකිය යුතු ආදායමක් ලබාගන්නා සංගමයක් බවට පත්වීමද ඉමහත් සවියකි.
තම ව්‍යාපාරික කටයුතු පවා පසෙකලා අද දක්වා අප සංගමයේ අහිවෘද්ධිය වෙනුවෙන් ඇපකැප වී කටුයුතු කල ව්‍යාපාරික මහතුන් සිටීමද අපට සම්පතකි.
අදවන විට ඉතා සාර් ථක සංගමයක් වශයෙන් ඉදිරියට යන අප හා එක්වන්නට කෑගල්ල නගරය හා අවට ව්‍යාපාරික මහතුන් හට අවස්ථාව ඇත.
_____________________________________________________________________________________________________________________
සංවිධානයක් වශයෙන් අප ඉටුකල මෙහෙයන්:
* ගං වතුර සහ වෙනත් ආපදා සහනාධාර බෙදාදීම්
* ශිෂ්‍යාධාර ලබාදීම්
* සෞඛ්‍ය කඳවුරු පැවැත්වීම්
* ව්‍යාපාර උපදේශන වැඩසටහන් පැවැත්වීම
* නගරයේ ආරක්ෂාව සඳහා කෑගල්ල පොලීසිය හා එක්ව "ආරක්ෂක ඇස" නමින් ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම
* ව්‍යාපාරිකයින් සහ සේවකයින් සඳහා පුහුණු වැඩ සටහන් පැවත්වීම්
* පොසොන් පෙරහැර සඳහා දායකත්වය සැපයීම
* සාමාජිකයින්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය
* ආහාර-පාන දන්සැල් පැවැත්වීම්
* නගරයේ ඩෙංගු මර් ධන වැඩසටහන්
* සාමාජිකයින් සහ පවුලේ අය සඳහා විනෝද චාරිකා, අවුරුදු උත්සව පැවැත්වීම
සහ තවත් බොහෝ සේවාවන් රැසක් අප සංගමය මඟින් සිදුකොට ඇත.
_____________________________________________________________________________________________________________________
ආරම්භයේ සිට නිලතල දැරූ අය
1990-06-12 සිට 1991-06-30 දක්වා -1වන වසර
සංස්කරණයගරු සභාපති: ජී.ඩබ්. සෝමරත්න මහතා
ගරු ලේකම්: ඩබ්.එම්. අජිත් විජේතුංග මහතා
ගරු භාණ්ඩාගාරික: ජී.කේ. සමරසිංහ මහතා
ගරු උප සභාපති - ආර්.ඒ ගාමිනී රණසිංහ මහතා
ගරු උප ලේකම් - ආනන්ද දසනායක මහතා
ගරු කාරක සභිකවරුන්
එස්. ගුරුසිංහ මහතා, ඇම්. ඇම්. දිසානායක මහතා, සිරිසේන නිලවීර මහතා, රුක්මල් ක්‍රිස්ටි මහතා, ආර්. ඒ. ජේ. රණවීර මහතා
එම්. ආර්. පී. ජයසේන මහතා, තිලක් ජයමාන්න මහතා, උපාලි අරුණශාන්ත මහතා, ඩී. පී. ඒ. විජේසිංහ මහතා
නිමල් සිටුගේ මහතා, එච්. ආර්. එස්. යූ. නිශ්ශංක මහතා, ඇම්. බී. රාජනායක මහතා, පී. එම්. එස් ද සිල්වා මහතා
යූ. හේවාගනිගේ මහතා, ඇල්. බී. ධර්මසේන මහතා, ග්‍රේටන් ධර්ම සිරි මහතා, පී. ලේකම්ගේ මහතා
අදාල කාලය සඳහා පත්කර ගන්නා ලද අනුශාසක මහතුන්
වෛද්‍ය කේ. ජී. සිරිසේන මහතා
කේ. ජී. පියතිස්ස මහතා
ඩෙස්මන් පෙරේරා මහතා
වෛද්යාචාර්ය එච්. එම්. කිරිබණ්ඩා මහතා
කේ. ඒ. චන්ද්‍රදාස මහතා
- මෙම සමිතිය සඳහා නිරීක්ෂකවරයෙකු වශයෙන් මෙහි ආරම්භය සංවිධානය කරන ලද
මහජන බැංකුවේ කළමණාකාර ආර්. එම්. නවරත්න මහතා ක්‍රියා කරනු ලැබීය.
1991 - 06 - 30 සිට 1992 - 05 - 30 දක්වා
සංස්කරණය2 වන වසර තනතුරු ඉහත පරිදිමයි.
1992-05-30 සිට 1993 - 06 - 28 - 3 වන වසර තනතුරු ඉහත පරිදිය.
සංස්කරණය1993-06-28 සිට 1994 -06-28 - 4 වන වසර
සංස්කරණයගරු සභාපති :ඩබ්. සෝමදාස මහතා
ගරු ලේකම් :ඩබ්.එම්. අජිත් විජේතුංග මහතා
ගරු භාණ්ඩාගාරික: සුනිල් ගුරුසිංහ මහතා
1994-06-28 සිට 1995 -06 -11- 5 වන වසර තනතුරු ඉහත පරිදිය.
සංස්කරණය1995-06-11 සිට 1996 - 07 -07 - 6 වන වසර
සංස්කරණයසභාපති, ලේකම් තනතුරු ඉහත පරිදිය
ගරු භාණ්ඩාගාරික: කේ.එස් පණ්ඩිතරත්න මහතා
1996-07-07 සිට 1997 - 07 - 29 - 7 වන වසර
සංස්කරණයගරු සභාපති: ඩබ්.එම්. අජිත් විජේතුංග මහතා
ගරු ලේකම්: නෙල්සන් සිරිවර්ධන මහතා
ගරු භාණ්ඩාගාරික: ඩී.ජී. දයාරත්න මහතා
1997-06-29 සිට 1998 -07 - 19 - 8 වන වසර
ගරු සභාපති: ආර්.ඒ.ගාමිණි රණසිංහ මහතා
ගරු ලේකම්: ආර්.ජී.ඩබ්ලිව්.එම්. රාජපක්ෂ මහතා
ගරු භාණ්ඩාගාරික: ඒ.ඩී. ගුණසේකර මහතා
1998-07-19 සිට 1999 - 06 - 21 - 9 වන වසර
ගරු සභාපති: ඩබ්.එම්. අජිත් විජේතුංග මහතා
ගරු ලේකම්: නෙල්සන් සිරිවර්ධන මහතා
ගරු භාණ්ඩාගාරික: ඒ.ඩී. ගුණසේකර මහතා
1999-06-21 සිට 2000 -06-29 - 10 වන වසර
ගරු සභාපති: ඩබ්.එම්.අජිත් විජේතුංග මහතා
ගරු ලේකම්: ඩී.එම්. ආනන්ද බණ්ඩාර මහතා
ගරු භාණ්ඩාගාරික: ඒ.ඩී. ගුණසේකර මහතා
2000-09-29 සිට 2001 - 07 - 27 - 11 වන වසර
ගරු සභාපති: වෛද්‍ය ඩබ්.එම්.එස් වික්‍රමාරච්චි මයා
ගරු ලේකම්: කේ.එස්.කේ. වලිසිංහ මහතා
ගරු භාණ්ඩාගාරික: එච්.කේ.ජී. ජයමාන්න මහතා
2001-07-27 සිට 2002 - 08 - 24 - 12 වන වසර ඉහත පරිදිය
2002-08-24 සිට 2003 -09-20 - 13 වන වසර ගරු සභාපති ඉහත පරිදිය
ගරු සභාපති: වෛද්‍ය ඩබ්.එම්.එස් වික්‍රමාරච්චි මයා
ගරු ලේකම්: පී. බෝපාගමගේ මහතා
ගරු භාණ්ඩාගාරික: එච්.කේ.ජී. ජයමාන්න මහතා
2020 සිට 2021 වසර ඉහත පරිදිය
ගරු සභාපති: ආනන්ද දසනායක බණ්ඩාර මහතා
ගරු ලේකම්: ඉන්දික මල්ලිකා ආරච්චි මහතා
භාණ්ඩාගාරික: කෝසල විදාන ආරච්චි මහතා
උප සභාපති: රොහාන් පුෂ්ප කුමාර මහතා
උපලේකම්: එම්.ඒ. තිලකරත්න මහතා
චමිල ලියනගේ මහතා
කාරක සභාව: සමන් ගොපුර මහතා, එම්. විජේරත්න මහතා, නිරෝෂන් පතිරගේ මහතා, එම්.කේ පෙරේරා මහතා,
එච්.පී.එන්. ලියනගේ මහතා, රත්නසිරි ගනේගොඩ මහතා, ධනුක වර්ණසිංහ මහතා,
ඩී.එම්. දිසානායක මහතා, ජානක අමරසිංහ මහතා
ගරු අනුශාසක: එස්.බී. අමරසේකර මහතා
සරත් චන්ද්‍රතිලක මහතා
නිමල් ප්‍රේමතිලක මහතා
ගිණුම් පරීක්ෂක: කමල් වලිසිංහ මහතා
නිරීක්ෂක: කළමනාකරු, මහජන බැංකුව, කෑගල්ල ශාඛාව
2023-2024 වසර නිළතල
ගරු සභාපති: චමිල ලියනගේ මහතා - සීවලී පොත්හල
ගරු ලේකම්: රොහාන් පුෂ්පකුමාර - ඩයිනමික් ප්‍රින්ටර් ස්
ගරු භාණ්ඩාගාරික: කමල් වලිසිංහ මහතා - සුවිනි ග්‍රොසරීස්
උප සභාපති: ඩග්ලස් රත්නසිරි - රත්නසිරි මෝටර් ස්
උපලේකම්: ඉන්දික මල්ලිකාරච්චි - ඉස්කොම් ප්‍රින්ටර් ස්
අනුශාසක - සරත් චන්ද්‍රතිලක මහතා - පීරිස් මෝටර් ස් ආයතනය
සංවිධායක - ඩී.එම් ආනන්ද දසනායක මහතා - මයුර ආරක්ෂක සේවය
කාරක සභාව:
කේ.ටී.මැණිකේ මහත්මිය - කේ.ටී.එම්.ටයිල්ස්
අජිත් ගුණසේකර මහතා - රේන්බෝ කම්පියුටර් ස්
කෝසල විදානාරච්චි මහතා - ලංකා ඔටෝෆිලින්
විජිත ඒකනායක මහතා - විජිත ර්ගැෆික්ස්
එස්.ඩී.අමරසේකර මහතා - අමර ටෙක්ස්ටයිල්ස්
යූ.කේ.පෙරේරා මහතා - සුවසෙත ෆාමසි
යූ.කේ.ටී.ඉඳුනිල් නවරත්න මහතා - නවරත්න කන්ස්ට්‍රක්ෂන්ස්
කේ.පී.ඩී.ඒ.අමරසේන මහතා - ආසිරි හාඩ්වෙයාර්
දර් ශින් වේරගොඩ මහතා - විෂන් අධ්‍යාපන ආයතනය
නිමල් ප්‍රේමතිලක මහතා - තිලක් එන්ට්රප්රයිසස්
එස්.ඩී.ප්‍රියන්ත මහතා - රැන්ග්ලර් ටේලර් ස්
ඩී.බී.ඒ.අත්තනායක මහතා - නිරෝෂන් ට්‍රේඩ් සෙන්ටර්
කේ.ඒ. ගාමිනී වසන්ත කුමාර මහතා - ගාමිනී පොල්තෙල්
ඒ.ඩී කුමාරසිංහ මහතා - රසරැස රසකැවිලි
විධායක සභික:
සමන් ගොපුර මහතා - ගොපුර ලී බඩු ආයතනය
එම්. විජේරත්න මහතා - ෂෙහානි ටෙක්ස්ටයිල්
එච්.පී.එන්. ලියනගේ මහතා - ලිනයගේ පොත්හල
එම්.ඒ.තිලකරත්න මහතා - පී.ටී ලැබ්
ගිණුම් පරීක්ෂක: ඩබ්.ඒ.ඩී.වර් ණසිංහ - ගයානි අඹැරුම්හල
දැනට තොරතුරු ඇතුලත් කරමින් පවතින පිටුවකි. සංශෝධනයක් වීමට ඇත්නම් දැනුම් දෙන්න.
අජිත් ගුණසේකර - ( රේන්බෝ කම්පියුටර් ස් - 077 974 88 42 )