පර්සියානු භාෂාව පිළිබඳ යුරෝපීය අධ්‍යයනය

නවීකරණය වීම , 20 ශත වර්ෂය

ඛජර් රජ පෙළපත රාජ්‍ය කරන සමයේ, බටහිර ජාතීන්ගේ නැගී සිටීම සමග බටහිර ජාතීන් හා ඉරානය අතර පළමුවරට සම්බන්ධතා ඇති විය. 1798 දී නැපෝලියන් ඊජිප්තුවට පැමිණීම මුස්ලිම් ජනතාව විසූ මැද පෙරදිග කලාපයට කෙරුනු පළමු යුරෝපීය ඇතුලු වීමයි. එසේම එය එම කලාපයට ඉදිරියේදී එල්ල විය හැකි අවුල් තත්වයන් පිළිබඳ පෙර නිමිත්තක්ද විය. බ්‍රිතාන්‍යය සහ රුසියාව සමග පැවති යුද්ධ වලදී ඉරානයට ඔවුන්ගේ බිම් පෙදෙස් අහිමි විය. යුරෝපීය මුහුදු මාර්ග විසින් සාම්ප්‍රදායික සේද මාවත මග හැර යාම කෙරුනු බැවින් එය ඉරාන ආර්ථිකයට තදින් බල පෑවේය. නව කර්මාන්ත නිෂ්පාදන හේතුවෙන් ඉරානයේ සාම්ප්‍රදායික ජීවන ක්‍රම වලට පහර වැදුනේය. මෙම කාලයේ ජපානය, චීනය සහ තුර්කිය වැනි වෙනත් රටවල් මෙන්ම ඉරානයද ජාතික වශයෙන් ප්‍රතික්‍රියා දැක්වීය. බටහිර ජාතීන්ගේ අනවශ්‍ය මැදිහත් වීම් වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් තමන්ද, ඉතා ඉක්මණින් නවීකරණය විය යුතු යයි ඉරානය කල්පනා කළේය. බටහිර ආර අනුගමනය කරමින් පළමු නවීන අධ්‍යාපන ආයතන ඉරානය තුළ ආරම්භ වූයේ මෙම කාල සීමාවේදීය. ඉරානය සැමදා එක සේ නොවීය. භාෂා අධ්‍යයනය යුරෝපීය සම්ප්‍රදායයන් සමග මිශ්‍ර විය.

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Persian_Studies#Modernization.2C_20th_century